බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
….සර්වබලධාරීත්වය….
කිතුණු දහමේ දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.
ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.


…මහා කරුණාව…
“මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.
පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්‍රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්‍රත්‍යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.
මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, ‍යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?
ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?
ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?
නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…

ගහක් යට ඉදගෙන නම් මෙක තෙරුම් ගන්න බැ ඉතින් :D:P:lol:
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [/SIZE] එතකොට මිනිස්සු වානරයන්ගෙන් පැවත එනවා කියලා බෞද්ධ ඔයගොල්ලො කියන්නෙ කොහොමද...:baffled:

    ඔබ තුමාට ඕනෙ නම් ඒ පිළිබද පිළිතුරැ සහිත දීර්ඝ ලිපියක් මම ඔබට PM කරන්නම්.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ai eka aluth giwisume nadda? dewiyan wahanse system eka update karapu nisada aluth giwisumak awe?
    dewiyan wahanseta eka parama aluth giwisumama mawanna thibbane, ai kalin parana ekak mawwe.
    8.gif

    another tree sitter :)
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ai eka aluth giwisume nadda? dewiyan wahanse system eka update karapu nisada aluth giwisumak awe?
    dewiyan wahanseta eka parama aluth giwisumama mawanna thibbane, ai kalin parana ekak mawwe.
    8.gif

    ඔව system ඒක update කරපු නිසා තමයි ... මොකද පරණ ගිවිසුමේ දේවල් ලෝකය අලුත් වෙද්දී ගැලපෙන්නේ නැත උන... එ‍ක නිසා තම ජේසුස් වහන්සේ මුල් කරගෙන අලුත් ගිවිසුමක් අවේ ...
     

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඔබ තුමාට ඕනෙ නම් ඒ පිළිබද පිළිතුරැ සහිත දීර්ඝ ලිපියක් මම ඔබට PM කරන්නම්.
    ඔබගේ පරම්පරාව වදුරු පරම්පරාවක් වීම ගැන කනගාටුව පළ කරමි:sorry:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "I will ascend above the tops of the clouds; I will make myself like the Most High." :confused:

    කෙනෙක් මෙහෙම කියනවා ? කව්ද මේයා?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගහක් යට ඉදගෙන නම් මෙක තෙරුම් ගන්න බැ ඉතින් :D:P:lol:

    ගහක් යට නෙවෙයි තොට දෙවියන් වහන්සේ එක්ක එකතු වුනත් ඕක තේරැම් ගන්න බෑ කොන්ද පන නැති මන්ද බුද්ධික සූකරයො.
     

    thanujaka

    Well-known member
  • [/SIZE] එතකොට මිනිස්සු වානරයන්ගෙන් පැවත එනවා කියලා බෞද්ධ ඔයගොල්ලො කියන්නෙ කොහොමද...:baffled:
    විද්‍යාත්මකව පරිණාමවාදය කියන්නෙ ඒක තමයි මචං............ඒව සාධක ඇතුව ඔප්පු කරපුව.....නැතුව අන්ධ විශ්වාස නෙමෙයි.....එත් උඹල කියන ඔය කිසි දෙයක් සාධක ඇතුව ඔප්පු කරන්න පුලුවන් දෙවල් නෙමෙයි නෙ.........!!!!
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබගේ පරම්පරාව වදුරු පරම්පරාවක් වීම ගැන කනගාටුව පළ කරමි:sorry:

    මචන් යක්ශයා හිනා වෙනවා ඇති මොකද වු මෙයාව දෙකෙ කොලෙට දාලා අද? කලින් වදුරෙක් කිව්වා..... විටක "මම" කියා කෙනෙක් නැත කියලා කිව්වා

    අනෙ මන්දා
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබගේ පරම්පරාව වදුරු පරම්පරාවක් වීම ගැන කනගාටුව පළ කරමි:sorry:

    ඔබගේ පරම්පරාව සහ ඔබ අවජාතක පරම්පරාවක් වීම පිළිබදව මට ඇත්තේ කණගාටුවක් නොව උපහාසයකි
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    විද්‍යාත්මකව පරිණාමවාදය කියන්නෙ ඒක තමයි මචං............ඒව සාධක ඇතුව ඔප්පු කරපුව.....නැතුව අන්ධ විශ්වාස නෙමෙයි.....එත් උඹල කියන ඔය කිසි දෙයක් සාධක ඇතුව ඔප්පු කරන්න පුලුවන් දෙවල් නෙමෙයි නෙ.........!!!!

    ඕබ තුමා මොනවාද විදාව ගැන දන්නෙ ? අද පරිනාමවාදය බිදවැටි අවසන්
     

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඔව system ඒක update කරපු නිසා තමයි ... මොකද පරණ ගිවිසුමේ දේවල් ලෝකය අලුත් වෙද්දී ගැලපෙන්නේ නැත උන... එ‍ක නිසා තම ජේසුස් වහන්සේ මුල් කරගෙන අලුත් ගිවිසුමක් අවේ ...
    sarwa baladari deviyanta ai hama kaletama galapena ekak denna bari une? ochchara amuthu wada karanna puluwan dewiyanta Auto update wana ekak denna thibbane,
    oya system eka update unama,aluthn hadapu bible eka minissune haduwe, ethakota minissu deviyan dipu eka wanas karala ehama karanna minissunta sarwa baladari deviyanata wadiya power eka thiyana one.
     

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මචන් යක්ශයා හිනා වෙනවා ඇති මොකද වු මෙයාව දෙකෙ කොලෙට දාලා අද? කලින් වදුරෙක් කිව්වා..... විටක "මම" කියා කෙනෙක් නැත කියලා කිව්වා

    අනෙ මන්දා
    ඔව් බන් ඌ මොකෙක්ද කියලා ඌටවත් හොයා ගන්න බැරුවයි ඉන්නෙ :lol::rofl:
     

    thanujaka

    Well-known member
  • ඕබ තුමා මොනවාද විදාව ගැන දන්නෙ ? අද පරිනාමවාදය බිදවැටි අවසන්
    ඔප්පු කරන්න පුලුවන් නම් වටිනව......:rofl:මං අහපු ප්‍රශ්නෙට තාම උත්තර නං ලැබිල නෑ හැබැයි.........කොහොමද ඔය කියන දෙයියො බිහි උනේ එතකොට....කව්ද එයාව මැව්වෙ......
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි දන්නවා කලින් කලට ලොකයට එක එක අය පහල වුනා සාතන් මල්ලි දැනගත්තා කවදාහරි ජෙසුස් වහන්සෙ මෙ ලොකයට එන බව ඉතින් ඉට කලින් පොර වැටේ සන්කීර්ණ කාරා ගොඩාක් අය එවලා සමහර අය සාන්ත විදිහට තමයි අවේ සමහර අය සන්ත වුනත් කටින් එක එක කැත් වචන පිටවි අනාගෙන තියෙන්වා ඉතින් ජෙසුස් වහන්සෙ මොනවාද මෙ ගැන කියන්නෙ ?


    “I tell you the truth, I am the gate for the sheep. 8 All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved.a He will come in and go out, and find pasture. 10 The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full. " John 10:9-10
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    sarwa baladari deviyanta ai hama kaletama galapena ekak denna bari une? ochchara amuthu wada karanna puluwan dewiyanta Auto update wana ekak denna thibbane,
    oya system eka update unama,aluthn hadapu bible eka minissune haduwe, ethakota minissu deviyan dipu eka wanas karala ehama karanna minissunta sarwa baladari deviyanata wadiya power eka thiyana one.


    කව්ද කියන්නේ බයිබලය ලිව්වේ දෙවියන් කියල... ඒක ලියල තියෙන්නේ මිනිස්සුම තමයි
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඕබ තුමා මොනවාද විදාව ගැන දන්නෙ ? අද පරිනාමවාදය බිදවැටි අවසන්

    ඔන්න මන්ද බුද්ධිකයා දන්න ටික බලපන් වටපිට පොඩ්ඩක්.

    චාර්ල්ස් ඩාර්වින්ගේ පරීක්ෂණ අනුසාරයෙන් බිහිවූ පරිණාමය පිළිබඳව ඩාර්වින් වාදයට පහර දී එය විනාශ කරන්නට වැර දරන්නෝ වත්මනේදී ප්‍රධාන කොට්ඨාශ දෙකක් ලෙස සැළකුව හොත් එහි වරදක් නැත..ඉන් පළමු කොටස වනුයේ, සර්ව මැවුම් වාදී මතවාදයන් වන “ක්‍රිස්තියානි හා ඉස්ලාම්” යන ඒක දේව වාදී දහම් ජය ග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වී සිටින උගතුන්ය.

    උක්ථ බටහිර මතයට එරෙහිව ගොඩ නැඟී ඇති තර්ක, විතර්ක වලින් බොහොමයක් මම ඔබ හමුවට නොගෙනෙමි…මක් නිසාද, ක්‍රිස්තියානි චින්තන හර පද්ධතියක් වටා පරිභ්‍රමණය වන විද්‍යාවකින් එය ගොඩ නැඟී තිබුණද, ඒ බටහිර විද්‍යාවේම පරිණාමවාදය පිළිබඳව මතයට වැඩි වශයෙන්ම අභියෝග කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය වෙනුවෙන් සෘජුව ඉදිරිපත් වන උගතුන් විසින් විරචිත පොත් පත් වීමය..උදාහරණයන් ලෙස ආචාර්ය ඩේවිඩ් බ්‍රැඩ්බරි, ආචාර්ය ජෝන් ග්‍රේබ්, හිටපු ඇමරිකානු ජනාධිපති හා වත්මන් පල්ලියේ ලේඛක ජිමී කාටර්,කෙවින් ලෝගන්, ස්ටීව් ෆුලර් ආදී විවිධ කිතුණු නිකායන්හි සුවච කීකරු බැතිමතුන් රාශියක් හැඳින්විය හැක..මේ උගතුන් විසින් රචිත ග්‍රන්ථ සහ සඟරා ලිපි ලේඛණ හා ඔවුන්ගේ බ්ලොග් අඩවි, ෆේස් බුක් පිටු වලින් ඔවුහුද ඩාර්වින්ගේ පරිණාම වාදයට පහර දීමට තැත් කරති..එහෙත් ඒ පහර දීම් වලට ඉතා සාර්ථකව පිළිතුරු දීමට ඩාර්වින් වාදී විද්‍යාර්ථීන් සමත් ව ඇත..ඒ මක් නිසාද? ඉහත කී උගතුන් සියළු දෙනාම ඩාර්වින් වාදයට පහර දෙන්නේ, එය බිඳ දමා “සර්ව මැවුම් වාදය” හෙවත් බයිබලයේ එන ලෝකය දේව නිර්මාණයකැයි කියන ශාස්වථ වාදී සංකල්පය මුදුන් පමුණුවන්නට බැවිනි…මේ ප්‍රහාර සඳහා ප්‍රති තර්ක, එසේ නැතිනම් න්‍යායාත්මක අවි වශයෙන් මොවුන් බොහෝ කොට යොදා ගන්නේද, ඉතාලියේ ගැන්ඩොල්ෆො බල කොටුවේ ඇති “වතිකානු ආකාශ වස්තු නිරීක්ෂණාගාරය” (“The Vatican Observatory”) හා එම ක්‍රිස්තියානි පරීක්ෂණාගාරයට පූර්ණ සහාය දක්වන තවත් කිතුණු විද්‍යාගාරයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපද විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, ටක්සන්හි ස්ටුවර්ඩ් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයන් ආශ්‍රිතව එළි දකින, උග්‍ර බයිබල් වාදී, ක්‍රිස්තියානිය සනාථ කරන්නට කළ “විද්‍යාත්මක” ගවේෂණයන්හි නිරීක්ෂණමය…

    මෙවැනි බයිබලික පරීක්ෂණයන්ට ලෙහෙසියෙන් පහර දී ඩාර්වින් වාදය ජයග්‍රහණය කරවන්නට, ඒ වෙනුවෙන් පෙනී සිටින ජීව විද්‍යාඥයන්ට හැකි වී තිබීම ඒ තරම් පුදුමයට කරුණක් නොවේ..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඩාර්වින් වාදය බිඳ හෙළන්නට ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් පිරිසක් විසින් දැරූ වෑයම නම් මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ..මක් නිසාද, ඔවුන් ඒ තැතෙහි, කිතුණු උත්සාහයට වඩා බෙහෙවින්ම දුබල වූ, ලෝකයා හිනස්සන, බොළඳ ප්‍රති තර්ක කළ එලි බස්සන්නට ගොස් අමාරුවේ වැටීම නිසාය..ක්‍රිස්තියානි ලෝකය අඩුම තරමේ නූතන විද්‍යාත්මක උපකරණ වන කාබන් විමෝචනය තුළින් පුරා වස්තු හා ෆොසිලයන්ගේ වයස මනින මාපක, විශ්ව නිරීක්ෂක නවීන දුරේක්ෂ, පරිගණක ආදිය යොදාගෙන තම බයිබලික ගවේෂණයන් කොට නිගමන ඉදිරිපත් කිරීමට සමත් වූහ..ඉස්ලාමයේ උගතුන් යැයි කියා ගත් කොටස පෙරට ආවේද මැද පෙරදිග ඔවුන්ගේ පූජනීය නගර වලින් බැවින් ඒ මොළ ගෙඩි වල තරම ඔබ සැමට සිතා ගන්නට පහසු වනවා නිසැකය..ඔවුන් ගෙන ආ තර්කද කිසිදු ප්‍රමේයයකින් තොර, යන එන මං නොදත් සුරංගනා කතාන්දරය..එනිසා ඒ වෑයම කල් නොගොස්ම ලෝකයාට විහිළු සපයා අවසන් වූයේ ඩාර්වින් වාදීන්ට විශිෂ්ඨ ජයක් අත් කර දෙමිනි..
     
    Status
    Not open for further replies.