The Beginning of Life on Earth
In the second part of the Sutta, Buddha tells the story of how the human beings came to dwell on Earth.
The Buddha told that sooner or later, after a very long time, there would be a time when the world shrinks. As the universe shrinks, many of its inhabitants would die. Of these deceased creatures, some were born again (due to good karma) in the Heavenly realm of Abbhasara (Lucid Light). මෙක අර ලොක 31 කට සම්බන්ධයක් නැද්ද දන්නෙ නැ නෙ? There, they floated for a very - very long time, as a bodiless, radiating extreme light. They don't eat or drink, as they nourish themselves from pure spiritual joy. spiritual joyකලා ජවිත වෙනවා? කරුනා කර මෙක පොඩ්ඩක් විදාත්මකව පැහදිලි කරන්න පුලුවන්ද?
Then, after some very long time, when the World began to expand again, many of these Abbhasara creatures were born to the newly formed Earth. ඉබෙ පහල වෙලා ද කොහෙද? They floated above and around the Earth. At this time, there were not yet seen the Moon and the Sun, there were not yet Night and Day, there were not yet names and identity or female or male. The creatures were only known for creatures.
By this time, the body of the creatures had been finely evolved. There was already the distinction between male and female. අප්පටසිරි පුදුමයි හරියටම ගැහැනු පිරිමි වෙලා..... අර වෙන කට්ටිය බිහිවුනෙ නැද්ද දන්නෙ නැ නෙ? The man became preoccupied with women and vice versa. Then, as they were deeply attracted to one another, passion and desire aroused, and they engaged in sexual relationships. ගැහැනිය මුලින්ම පිරිමියා දුශනය කරා ද දන්නෙ නැ නෙබලනකොට මේ ලින්ගිකත්වයත් ඉබේ පහල වුන දෙයක් එහෙනම් The people who saw a couple engaged in sexual activity scolded them, and usually the couple were forbidden from entering the village for a certain period of time. Owing to this, the indulgent couples built closed dwellings where they indulged in sexual activity. එ කාලත් ලින්ගිකත්වයට මිනිස්සු බැනලා තියෙන්වා එහෙනම්
මි
සූකරයො මෙන්න නිවැරදි විග්‍රහය නිකන් Internet එකේ තියෙන දේවල් copy paste කරලා අසූචි නාගන්න එපා
සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල් වරට ලෝකාරම්භය හා එනයින් මානව පරිණාමය ගැන වෙන් කොට අදහසක් ඉදිරිපත් කළේ, දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙනි..එනිසා, මෙලෙසින් අපගේ ප්‍රස්තුතයට අදාළ වන පරිදි, දීඝ නිකායේ, පටික වග්ගියෙහි, 27 වැනි සූත්‍රය ලෙස එන අග්ගඤ්ඤ සූත්‍රයෙහි දෙවැනි කොටස හුවා දක්වමි…මෙම සූත්‍ර දේශනාව උන් වහන්සේ මහා කරුණාවෙන් දෙසා වදාළේ, ශ්‍රාවස්ථියෙහි පූර්වාරාමයේ බුදු පාමොක් මහ සඟ ගණ සමඟ එක්ව, පරිව්‍රාජකත්වය අපේක්ෂාවෙන් සිටි භාරද්වාජ, හා වාසෙඨ්ට නම් බමුණු කුල පුතුන් දෙපළ අමතමිනි..
මෙකී වාසෙඨ්ඨ හා භාරද්වාජ නම් බමුණු කුළ සාමනේර දෙපළ, “බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සදහම් අප කෙසේ නම් සෘජුවම අසා දැන ගම් දෝහෝයි” සිතමින් සිටින මොහොතක, අළුයම් හි කෙසරු සලා නැඟී සිට, රන්වන් අයෝමය බාහු බෙලෙන් සිය ගුහායෙහි සක්මනෙහි යෙදෙන මහා සිංහ රාජයෙකු සේ, ධ්‍යාන සමාපත්තියෙන් ඉකුත් වී ගඳ කිලියෙන් නික්ම, වැලි තලයෙහි සක්මනෙහි යෙදෙන මහා විශ්ව සියපත දැක, ” මේ නම් අප ගුරු උතුමන්ගෙන් යමක් සෘජුවම අසා ගන්නට කදිම අවස්ථාවකැයි” දැන, සම්මා සම්බුදු සෙවණැල්ලේ සක්මනට එක්විය..තමා පසු පස්සේ එන සාමනේර දෙපළ විමසූ තථාගතයෝ “නුඹලාගේ පැවිද්ද නිසා, නුඹලාගේ වංශ නෑයන් වන බමුණන් නුඹලාට අපහාස කරනවාදැයි” ඇසූ සේක..ඔවුහුද එය ඒක මතිකව අනුමත කළහ..ඒ අපහාස වල ස්වරූපය දක්වන්නැයි බුදු පියාණන් කළ විමසුමට පිළිතුරු දුන් වාසෙට්ඨයෝ, බමුණන් තුමූ මහා බ්‍රහ්මයෙකුගේ මුඛයෙන් උපන්නා යැයි සිතා සිටින්නෝ වන හෙයින්ද, ඒ බඹුට නෑ කම් ඇතැයි සිතන හෙයින්ද, රන්වන් පැහැ සිරුරැති, සුපේශල පාරිශුද්ධ ජනනයන් ඇතැයි සිතන හෙයින්ද, ඒ සා ශ්‍රීමත් කුලයක් හැර දමා මේ මහණ කමකට බැස හෑල්ලූ වූයේ කුමක් නිසාදැයි කියමින් තමන්ට නින්දා අපහාස වැඩි වශයෙන් කරන බව කීහ..මෙවිට මිනිසා කුල සතරකට බෙදා, මේ මහ පොළව මත උප්පත්තියක් ලද බව කියන බමුණන් ගේ හින්දු වෛද නිකායික මත වාදයන්, හිරු දුටු බොල් පිණි සේ දුරලන්නට, ශාක්‍ය කුල සූර්යයාණෝ “අග්ගඤ්ඤ” රැස් මාලාව විදහා ලූ සේක..
දැඩි අවධානයෙන් බලන්න..බුදු පියාණන් වහන්සේ ලෝකාරම්භය හා එහි හටගත් “පෘතුවි මූලික” ජීවය මෙලෙස විග්රහ කරන සේක…
….ආභස්සර බ්‍රහ්ම ලෝක….
ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )
….කල්ප විනාශයෙන් පසුව….
දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..
( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )
මෙවැනි පෘතුවි විනාශයකදී එහි සිටින ජීවින් කොහේ උපත ලබනාවද? මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ විමසීම් කළෙමි..මෙයට ලැබුණු පිළිතුරු බොහෝය..නමුත් ඒ පිළිතුරු අතරේ වඩාත්ම බුදු දහම නිවැරදිව පහදා දෙන පිළිතුරු අඩංගු වූයේ “අජාන් බ්‍රහ්මවංසෝ” නම් බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේගේ හා අපේම කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවන්හීය..උන් වහන්සේලා දෙපළම බුදු දහමේ ඒ ගැන ඇති දැක්ම ඉතා නිරවුල්ව දෙසන සේක..ඒ අනුව, එලෙස පෘතුවිය විනාශ වී යද්දී එහි වෙසෙන යහපතෙහි නියැළුණු, යහපත් දැකුම් ඇති පිරිස් මෙවැනි ආභස්සර බඹ ලෝ තලයන්හි උපත ලබන අතර, මිසදිටුව නිසා නොමඟ ගියෝ “අන්තරීක්ෂ කල්පාන්ත නිරයන්හි” ගිනි දැල් මැද උපත ලබති..මේ හැර, මේ අතර මඟ, එනම් ඉතාම යහ පැවැත්මක් නැත්තා වූද, එහෙත් බොහෝ පව් කම් කොට නැත්තාවූද, ඒ, ඒ පව් පින් තලයන්හි සිටින ජීවිහු, මිනිසාට ඇතැම් අංශ වලින් සමාන යැයි සැළකෙන ජීවින් සිටින ග්‍රහ ලෝක වල,හෝ දෙව් ලෝක ආදියෙහි උපත ලබනු ඇත….උදාහරණ ලෙස ගතහොත් : එක සූර්යයෙකුගෙන් හා එක සඳකින් ආලෝකය ලබන “චූලනිකා” ලෝක ධාතුව නොහොත් ලෝක 31 ක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහස්සී ලෝක ධාතුව ( චුලනිකා ලෝක ධාතූන් 1000 ක් එක්වීමෙන් තැනෙන ), ද්වී සහස්සී ලෝක ධාතුව ( එමෙන් දෙගුණයක් එක්වීමෙන් තැනෙන ), ත්‍රී සහස්සී ලෝක ධාතුව ( එමෙන් තෙගුණයක් එක්වීමෙන් තැනෙන ) යනාදී වශයෙන් බුදු දහමේ විශ්ව විග්රහයේ එන විශ්ව වස්තු මණ්ඩල ඇති හෙයින් මේවායේ මිනිස් ලොවට සමාන, මිනිසුන්ට හැඩ හුරුවෙන් සමාන ජීවින් වෙසෙන වෙනත් ග්‍රහ ලෝක දහස් ගණනක් තිබේ..මේ හැර දිව්‍ය ලෝක, අසුර ලෝක, ප්‍රේත ලෝක ආදී තවත් ලෝකද දහස් ගණනකි..එනිසා මේ පෘතුවි තලය විනාශ වී යන දවසක මිනිසා ඇතුළු ජීවින් පුනුරුප්පතිය ලබන්නේ කොහේදැයි? මහා විශාරද ගැටළුවක් ලෙස ශාස්වථවාදීන් අපෙන් අසන විට දෙන්නට පිළිතුරු ඕනෑ තරම් තිබේ..මේ පිළිතුරු දීඝ නිකාය හොඳින් කියවන අයෙකුට ඇති තරම් සොයා ගත හැකියි..එවිට ” අපි නැවත, නැවතත් උපදිනවා නම් මේ ලෝකය විනාස උනාම අපි යන්නේ කොහේටද? යන ගැටළුවට කදිම පිළිතුරක් එයින් බුදු දහම සපයා ඇත..
….යළි ඇතිවීම….
දැන් ක්‍රමයෙන් පෘතුවි තලය යළි වෙනත් අයුරකින් හෝ ඒ ධූලි වලායන්ගෙන් ඒක රාශි වී ඇති වීම ඇරඹේ..මෙය සම්බන්ධව විවිධ බොදු උගතුන්, විවිධ මත පළ කරති. ඇතැම් අය පවසන අන්දමට මේ හට ගැනම සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයේම හට ගැන්මක් වන අතර, ඇතැම් අය ඊට රැහැණිව යමින්, මේ පෘතුවියට පමණක් සීමා වූ හට ගැන්මක් ලෙස අරුත් දක්වයි..මේ නිසා, අප මෙතැනදී පෘතුවියට පමණක් සීමාවූ හට ගැන්ම ( අග්ගඤ්ඤ සූත්‍රය ගැන කථා කරන හෙයින් ) ගෙන හැර දක්වමු..
පෘතුවි ගෝලය මෙසේ හට ගනී..අනතුරුව අකුණු සහිත බිහිසුණු වැසි හට ගනී..මේ වැසි, මෙකළ අප දකින සුළු වූ වැසි නොවේ..මහා සාගර හට ගන්නට තරම් බල සම්පන්න ජල ධාරිතාවයන් සහිත වැසි වේ..මේ වැනි වැසි මඟින් සමස්ථ පෘතුවියම වසා පැතිරෙන ජල පෘෂ්ඨයක් සෑදේ..
“වාසෙට්ඨයෙනි, මෙවිට පෘතුවි තලය සහ මුලින්ම ජලයෙන් වැසී පවතී, ඇත්තේ ඉතාම ඝණ අන්ධකාරයකි..චන්ද්‍ර, සූර්යයෝ නොදකිති..තාරකාවෝද නොදකිති..දිනයෙහි, රැයෙහිය කියා වෙනසක් නොමැත..මාස, සති, වර්ෂ, සෘතු යනාදි කාල ප්‍රභේද නැත…” ..
මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය…
මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත )
” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…”
මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි…
“වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..”
මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය..
තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය..
“ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..”
මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය..
….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය….
ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි..
“ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..”
මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි…
මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය…
මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..
මා මෙම ලිපියේ පළමු වැනි කොටසෙන් ඔබට සඳහන් කළ, චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදයට එරෙහිව දැන් ලොව ගොඩ නැඟී ඇති ප්‍රධානතම තර්ක ත්‍රිත්වය දැන් නැවතත් ගෙන බලන්න…
මේ තර්ක ත්‍රිත්වයටම බුදු දහමෙන් කදිම පිළිතුරු ඉහත අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලැබෙනවා නේද? ඉතාම පැහැදිලිව ලැබෙනවා..නමුත් මේ තර්ක හමුවේ ඩාර්වින් වාදය අන්ත අසරණයි..බුදු දහම සනාථයි..බලන්න, කාලානුරූපීව වඩා සංකීර්ණ දේ පරිණාමයට අඩු කාළයක් ගොස් ඇත්තේ ඇයිදැයි අසන පැනයට ලබා දිය හැකි විසඳුම වන්නේ, එය ඩාර්වින් වාදයේ සාවද්‍යතාවය මනාව ඔප්පු කරන වැරදීමක් බවය..
නමුත් අපට බලපෑ යම් කිසි ස්වභාවික පරිණාමික ප්‍රතිරෝධයක් අනිත් සතුන්ට බල නොපෑවේ ඇයි? යනාදී වශයෙන්, අප මේ තාක් වැට කඩුළු පනින්නට සමත් වූ විට අනෙක් සත්ව කොට්ඨාශ අප මෙන් නොවන්නේ ඇයි?..මේ ග්‍රහ ලෝකයේ මේ වැනි, දියුණු, බුද්ධිමත්, චින්තන රටා හිමි ජීවින්ට “මිනිසුන්” වන අප පමණක් ඉතිරි වී සිටින්නේ ඇයිද? යනුවෙන් අසන ඕනෑම ගැටළුවකට දිය හැකි පිළිතුරු අග්ගඤ්ඤ සූත්‍රයෙහිම අන්තර් ගත නොවේද?..ඒ පිළිතුර වන්නේ
“අපි ආවේ පිටින්” යන්නය..
….අවපරිණාමය….
එසේ නම් හිතවතුනි! බුදු පියාණන්ට අනුව බලන්න..මේ අප යන්නේ “අධි පරිණාමී” මාවතකද? නො එසේ නම් අප පරිණාමයෙන් ඉදිරියට යනවාද? නැති නම් අප පරිණාමයෙන් යන්නේ ආපස්සටද?
මුලින්ම බ්‍රහ්ම තලයක අතිශය මනසින් දියුණු ජීවින් ලෙස අප සිටියෙමු..අනතුරුව ඒවා අහිමි කර ගෙන, එහෙත් පුෂ්ඨිමත් නිරෝගී මනුෂ්‍යයෝ වූහ..එහෙත් මානසික තලයෙන්, මානසික පරිණාමයෙන් බෙහෙවින් පහළට වැටී, කාමයෙහි ඇලුණු, අර නිරාමිස ප්‍රීතිය නැති කර ගත්, තෘෂ්ණාධික මනස් ඇති නොදියුණු ජීවිහු වූහ…බ්‍රහ්ම තලයේ තිබුණු ආයුෂද පිරිහී ගියේය..දැන් එන්න, එන්නම අප මිටි වේ..අපේ ශරීර කෘෂ වේ..උදා: ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පුරුෂයෙකුගේ උස පසු ගිය වසර 10 තුළ පමණක් අඟල් තුනකින් අඩුවී ඇත..අතීතයේ අපේ පැරැණ්නන්ට තිබූ නීරෝගී බව දැන් නැත..බුදු හිමියන්ගේ අනාගත වංශ දේශනාව පරිදි අනාගතයේ වසර 10 ක පරමායුෂ ඇති, තුත්තිරි ගසිනුත් සෙවන ලබන දේහ ඇත්තවුන් බිහි නොවිය හැකිද?..
දියුණුව හෝ ඉදිරි ගමන යනු මේ අද ලබා ගෙන ඇති ආකාරයේ කාම සුඛල්ලික “මැටීරියල් ඇසෙට්” පස්සේ හති දම, දමා දිවුම නොවේ..ඒ දුවන්නට, දුවන්නට අප මනසින්, මනෝ ශක්තියෙන් පිරිහී යයි..
“මිනිස් වර්ගයා ඒ, ඒ තලයන්ගෙන් පහළට, පහළට බැස යන හැටි ඔබට පේනවා නොවේද? මේ “අවපරිණාමයක්” නොවේ නම් වෙන කුමක්ද?”
ඔළුවෙන් හිටගෙන කිව්වත් ඉස්සරහට, පස්සට නිතර මතවාදීව දෝලනය වන බටහිර විද්‍යාව මේ සුපැහැදිලි බුද්ධ දේශණය හමුවේ නිෂ්ප්රභා වී යයි…මේ සංසිද්ධි වල ගැලපීම බටහිර විද්‍යාවට සිතා ගන්නටවත් නොහැක..
( එසේ නම් මේ ලෝකාරම්භයට මැවුම් කාරයෙක් රිංගා ගත්තේ කොහෙන්ද? සර්වබලධාරියෙක් කඩා වැටුණේ කොහි සිටද? මීළඟ කොටසින්, “බ්‍රහ්මජාල සූත්‍රය හා දක්ෂිණ විභංග සූත්‍රය ඇසුරෙන්….” )
පසුවදන:
මිනිසා පෘථිවියේ පළමු ජීවියාද?
මිනිසා යනු අග්ගඤ්ඤ සූත්‍රයෙහි පරිදි නම් මූලාරම්භයේ සිටම සිටි ජීවියෙක් තමයි..නමුත් ඒ මුල්ම, ඒ කියන්නේ පෘතුවිය මත ජීවය සූපය හට ගන්නාම අවදියෙදි මිනිසා නෙමෙයි හිටියෙ බ්‍රහ්මයෙක්..ඒ කියන්නේ පිරීහීමක් සහ මුලින්ම කායිකව ඇති වෙලා මානව කයක් බිහි වන්නට පෙර..ඒ නිසා ඒ තිබුණු බිහිසුණු තත්වයන්ට ඔරොත්තු දුන්නා වෙන්න පුළුවන්.
එසේනම් දැනට විද්‍යාවේ මිනිසා සිටියා යැයි නොකියවෙන pre-cambrian යුගයේ පටන් Tertiary යුගය දක්වාද මිනිසා ජීවත් වුනාද?
ලුණු හැදෙන්නෙත් වතුරෙන්, දිය වෙන්නෙත් වතුරෙන්..ඒ වගේ ඔය කියන යුග පිළිවෙල, ඔය කියන කාල රාමු, කාල සීමා ඔය පිළිවෙලට, ඔය විදියටම තිබුණාය කියන මතය හැදෙන්නෙත් බටහිර විද්‍යාවෙන්, ඕවා නිතර, නිතර කඩා බිඳ දමන්නෙත් බටහිර විද්‍යාව තමයි..ඔය කාළ සීමාවන් ගැන..ඔය යුගයන් ගැන බටහිරයන් සොයා ගත්තේ බුදු හිමියන් වගේ මනෝ අභ්‍යාස තුළින් අතීතය දෙස බලලා නෙමෙයි..මේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන, අපි වගේම වැරදි සහිත සාමාන්‍ය මිනිසුන් හදන සූත්‍ර, ප්‍රමේයයන් යොදා ගෙනමයි..ඒ නිසා අපි ඒවායේ නිරවද්‍යතාවය බුදු දහමේ මේ කියපු කොටසට සමපාත කරලා..ඒවා තුළිනුත් අග්ගඤ්ඤය නොදැක ඉමු..ඔය යුගයන් තිබුණේම නෑ කියලත් හෙට මේ බටහිර ඉන්න උගතුන් ඔබට කියාවි.. )
ප්‍රේත ලෝක ආදී විමාන වල සිටින් ජීවින්, වෙනත් ග්‍රහ ලෝක වල, ලෝක ධාතු වල, සහස්සිකා ලෝක ධාතුවල ආදී, බුද්ධ අණ පවතින විශ්වයේ පවා සිටින සත්ව විෂය අනන්තයි, අචින්ත්‍යයි මහණෙනි කියලා තමයි බුදු පියාණන් දේශනා කළේ..එක බුදු සසුනකට නිර්වාණාවබෝධය කරන්නේ ඔය මහා විශ්ව සත්ව ප්‍රජාවෙන් මොන තරම්ම සුළු තරයක්ද? ඒ නිසා ඒක ඒ තරම් විෂය ගෝචර නෑ..බුදු හිමියන් පවා වතාවකදී විශ්ව සත්ව විෂය සංඛ්‍යානය කිරීම හෝ සහ මුලින් අවබෝධ කර ගන්නට වෙර දැරීම ප්‍රතික්ෂේප කළා නේද?.. විශ්වය අනන්තයි..සත්ව විශය අනන්තයි..අචින්ත්‍යයි.. සංසාරයේ මුලක් සොයන්න බෑ..එයත් අනන්තයි..මේ කිසිවක් සංඛ්‍යානය කළ නොහැක…
මා මේ කරන්නේ මගේ සුළු දැනුමේ හැටියට පුංචි පැළයක් සිටුවීමේ අහිංසක ක්රියාදාමයකි..මට වඩා දැනුමින් බොහෝ බලසම්පන්න, ජීව, රසායනික, හා භෞතික විද්‍යාවෙන් උගත්, බොදු දහම ගැන දැනුමින් පිරිපුන් සැමට මා මේ කුඩා පැළය සිටවූ තැන මහා උද්‍යානයක් සකස් කළ හැකි බව මම දනිමි..ඒ අයට එලෙස සිත් පහළ වේවා! මේ කුඩා උත්සාහය එතුවක් පමණි! පුද්ගලික කීර්තියක් බුදු දහමට මුවා වී ගැනීමෙ කිසිදු වුවමනාවක් මට නැත..අදාළ අයට එය වැටහේවා!






