බුද්ධදාස රජුගේ දස්කම්..!!
අනුරාධපුර රාජධානියේ මුල් භාගයේදී මෙරට පාලකයා බවට පත්වූ බුද්ධදාස රජු සිරිලක පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතීන් අතර ඉතා සුවිශේෂී ස්‌ථානයක් හිමිකරගන්නා පාලකයෙකි. දෙවන දෙටුතිස් රජුගේ පුත් වූ බුද්ධදාස කුමරු සිය පියරජුගෙන් පසුව අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්විය. (ක්‍රි.ව. 340-368)
මෙතුමාගේ කාර්ය සංසිද්ධිය පිළිබඳව තොරතුරු විමසීමේදී මෙරට ප්‍රධාන වංසකතාව වන මහාවංසය ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව්කර ඇත.
ඒ අනුව මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා ඉමහත් සේවයක් ඉටුකරන්නට ඇතැයි සිතිය හැකි, එනමුත් මූලාශ්‍රගත තොරතුරු සවිස්‌තරව සඳහන් නොවූ තවත් එක් ශ්‍රේෂ්ට නරපතියෙක් ලෙස බුද්ධදාස රජතුමා හැදින්විය හැකිය.
ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ බුජස්‌රජ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාල බව පෙනේ. වෙසමුණි රජු අලකාව සුරකින්නා සේ තම නුවර රකිමින් ලක්‌වැසි ජනයා හට සැපත ළගාකර දීම පිණිස මෙම රජු කැපවී කටයුතු කළ බව මහාවංසයේ සඳහන් වේ.
පාලකයා ධර්මචර්යාවෙහි නොහැසිරෙන කල ජනතාව පිරිහෙති. පාලකයා නිරතුරුව ධර්මචර්යාවෙහි හැසිරෙන්නේ ද එමගින් ජනතාව ගේ ආරක්‍ෂාව ද වඩාත් තහවුරු වේ. ධාර්මිකව රට පාලනය කිරීම බෞද්ධ රාෂ්ට්‍ර පාලන මූලධර්මයයි. මෙම ප්‍රතිපත්තියේ සිට රට පාලනය කළ පාලකයෙක් ලෙස බුද්ධදාස රජු හඳුන්වා දිය හැකිය.
කාරුණික පාලකයෙක් වූ මෙතුමා සිව් සඟරාවකින් (සතර සංග්‍රහ වස්‌තු) රට පාලනය කළ බව සඳහන් වේ.
ඒ අනුව මෙතුමාගේ පාලන අවධිය ඉතා සාමකාමී සමෘධිමත් අවධියක් වූවා නිසැකය.
ලාංකික රජ දරුවන්ගේ අධ්‍යාත්මය බුදු දහම විසින් මනා ලෙස හික්‌මවා තිබිණි. ඒ නිසාම බුදු දහමේ ඉගැන්වෙන බෞද්ධ පාලන මූලධර්මයන් මත පිහිටා රට පාලනය කිරීමට නිතරම පාහේ මෙරට පාලකයෝ උත්සුක වූහ. බුද්ධදාස රජු ද එවන් පාලකයෙකි.
මෙතුමා "අවවාදයට වඩා ආදර්ශය උතුම්ය" යන්නට අනුව කටයුතු කළ පාලකයෙකි. අශෝක රජු මෙන් ම මිනිසුන්ට හා සතුන්ට එක සේ දයාව කරුණාව දක්‌වමින් සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් සිතින් බැලූ පාලකයෙකි. මෙම රජු තිරිසන් සතුන්ට සිය පුතුන්ට මෙන් අනුකම්පා කළේය.
මෙම රජු සෑමවිටම පාහේ දුකට පත් වූවන් සු�තමුදිත කිරීමට පෙළඹුණු පාලකයෙකි. එසේම මෙතුමා දක්‍ෂ වෛද්‍යවරයෙක් විය. රටේ පාලකයා වශයෙන් සිය වගකීම්, භාරදුර පාලන කටයුතු හැරුණුකොට මෙතුමා වෛද්‍ය වෘත්තියෙහි ද නියෑලී ඇත. සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපරිමිත දයාව, කරුණාව හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන් ද සුවපත් කිරීමට රජු කටයුතු කළේය.
මෙම රජුගේ රාජ්‍ය කාලය හා සම්බන්ධ රසවත් කතා පුවත් කීපයකි. ඒවායින් පිළිඹිබුවන්නේ බුජස්‌රජුගේ සමාජ සත්කාරක සේවාවයි.
දිනක් රජු මගුල් ඇතා පිට නැගී ස්‌නානය පිණිස තිසා වැවට නික්‌ම යන අතර මග පුත්තාභය නම් විහාරය සමීපයෙහි වූ විශාල තුඹසක් මත උදර රෝගයකින් පෙළෙන නාගයෙක් සිටිනු දුටුවේය. එම රෝගාතුර නාගයා පිළිබඳව අනුකම්පා කොට මගුලැතු පිටින් බැසි රජු හට එම නාගයාගේ උදරයෙහි හටගත් ගෙඩියක් නිසා වේදනාවෙන් සිටින බව පෙනී ගියේය. නාගයාට පිහිට වීමට සිතා බුද්ධදාස රජු නාගයා සමීපයට විත් මෙසේ කීය.
"... මහා නාගය තොපගේ ඊමෙහි කරුණ මා විසින් දන්නා ලද්දේය. මහ තේජස් ඇති තෙපි වූ කලී වහා කිපෙන සුල්ලභ එහෙයින් තා ස්‌පර්ශකොට තාගේ පිළිවස කරන්නට නොහැක්‌කෙමි....."
රජුගේ මෙම වදන් ඇසූ නාගයා සිය පෙනය තුඹස තුළට ගෙන සඟවා ගත් අතර රජු නයා වෙත එළඹ තම "හිත තුබූ සැත" ගෙන නාගයාගේ උදරයෙහි වූ ගෙඩිය පලා සැරව ඉවත්කොට බෙහෙත් ගල්වා නාගයා සුවපත් කළේය. සුවය ලැබූ නාගය තමන් සතු නාග මාණික්‍යය රජු හට තෑගි කළ බව සඳහන් වේ.
මෙසේ නාගයා සුවපත් කළ රජු තමන් විසින්ම "මා මහ කුළුණු ඇති බව තිරිසන්නු ද දතුය. මා විසින් මොනවට රජය කරන ලද" යනුවෙන් පැසසුමට ලක් කළ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව තමන්ගේ යහපත් පාලන ප්‍රතිපත්තීන් පිළිබඳව රජු සෑහීමකට පත්ව සිටි බව පෙනේ.
මෙමගින් එතුමා සියලු සත්වයන්ගේ යහපත උදෙසා කැපවී කටයුතුවල යෙදුනු බව පැහැදිලි වේ. කොතැනක හෝ තමන්ගේ පිහිටක් බලාපොරොත්තු වන්නෙකු සිටිය හැකි බැවින් රජුඣ් ඊට නිතරම සූදානම් වී සිටි බව පෙනේ.
"මහා කරුණා ඇති ඒ රජ තෙමෙ සැත්කමිටිය ඉණ තබාගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝ දුකින් මිදී" (සිංහල මහාවංසය - 169 පිටුව)
මෙහිදී මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක සේ සේවය සැලසීමට රජු කැපවී සිටින්නට ඇත. රෝගාතුර වී සිටි නාගයා රජුට හමුවන්නේ ස්‌නානය කිරීමට යමින් සිටිය දී වූවද ඒ අවස්‌ථාවේ සැත්කමක් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ ආදිය රජු සතුව තිබී ඇත. එම නිසාම නාගයා සුවපත් කිරීමට රජුට හැකි විය
තවත් අවස්‌ථාවක උදරාබාධයකින් පෙළුණු භික්‍ෂූන් වහන්සේ නමක් සුවපත් කළ ආකාරය පිළිබඳව තොරතුරු මහාවංසයේ සඳහන් වේ. පණුවන් සහිත වූ කිරි වැළදීම නිසා එහි සිටි පණුවන් කුස තුළ වර්ධනය වී එමගින් ඇතිවන වේදනාව නිසා එම හිමියන් ඒ බව බුද්ධදාස රජුට දන්වා ඇත. එම අවස්‌ථාවේ රජු අශ්වයෙකුට ප්‍රතිකාර කරමින් සිටි අතර එම අශ්වයාගේ පාදයෙන් ඉවත් කළ කුණු ලේ භික්‍ෂූන් වහන්සේට නොදැනෙන සේ පානය කිරීමට සලස්‌වා ඇත.
පසුව සුළු මොහොතකින් රජු එම භික්‍ෂුව අමතා උන් වහන්සේ පානය කළේ අශ්වයාගේ පාදයෙන් ඉවත් කළ ලේ බව පවසා සිටියේය. එහිදී ඇතිවූ අප්‍රසන්න බව නිසා භික්‍ෂූන් වහන්සේ වමනය කළ අතර එමගින් කුසෙහි සිටි පණුවන් ද වමනය සමඟ ඉවත් විය. එයින් එම භික්‍ෂුව සුවපත් විය. ඒ අනුව මෙම රජු රෝගීන් සුවපත් කිරීමේ ද ඖෂධ පමණක් නොව විවිධ උපක්‍රමද භාවිත කළ බව පෙනේ.
එසේම තවත් අවස්‌ථාවක එක් මිනිසෙකු දිය බොන විට දියබරණ බිජුවක් (දිය බරිය/දියනයා) ගිලී ඇත. පසුව එම බිජුවට පිපිරී කුස තුළම දියබරණයෙක් ඇතිවී එම මිනිසාගේ කුස විටින් විට සපා කන්නට විය.
බත් ඇති වූ වේදනාව නිසා මෙම මිනිසා බුද්ධදාස රජු හමුවී ඒ බව කියා සිටි අතර රජු එකවිටම "ඇතුළත සර්පයෙකැයි" දැනගෙන එම මිනිසා හට සතියක් පමණ රාජ භෝජනයෙන් සන්තප්පනය කොට මනා සේ නහවා විලවුන් ගල්වා නිදා ගැනීමට සැලැස්‌වීය. නින්දේ සිටි ඔහු මුඛය විවෘත කරගෙන නිදන්නට විය. මෙහිදී උපක්‍රමශීලි වූ රජු විසින් ඔහුගේ මුඛය වෙත නූලක බැදි මස් වැදැල්ලක් තබා ඇත.
උදරයේ සිටි සර්පයාට එම මස් වැදැල්ලේ සුවඳ ආග්‍රහණය වී එය ගිල දැමීමට මුඛයෙන් පිටතට එත්ම රජු විසින් සර්පයාව ඉවතට ඇද දමා ඇත. එයින් එම මිනිසා සුවපත් විය.
මෙම පුවතෙහි පවතින පුදුම සහගත බව නිසා එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ඇතැමෙක් තුළ කුතුහලයක් පැන නගිනු ඇත. සැබවින්ම මේ ආකාරයට සිදුවූයේද යන්න සැක සහිතය. මෙම රජු වෙදකමේ දක්‍ෂයෙකු බව පෙන්වීමට මහානාම හිමියන් විසින් අතිශයෝක්‌තියෙන් යුතුව කරුණු ගෙනහැර දැක්‌වූවා විය හැකිය. කෙසේ නමුත් මෙවන් තොරතුරු මගින් බුද්ධදාස රජු ඉතා දක්‍ෂ වෛද්‍යවරයෙක් බව අපට අනුමාන කළ හැකිය.
බුද්ධදාස රජු විසින් හෙල්ලොලිය නම් ගමේ සිටි ගර්භනී සැඩොල කාන්තාවක්‌ද සුවපත් කළ බව මහාවංසයේ සඳහන් වේ. සමාජයේ උස් පහත්කම් නොසලකා රජු හැමදෙනාටම එකාකාරව පිහිට වූ බව පෙනේ. එමගින් බුද්ධදාස රජු තුළ පැවැති මෘදු බව මෙන්ම මෛත්‍රී ගුණය ද ස්‌ථුට වේ.