බුද්ධාගමේ සියල්ල කර්මය මත සිදු නොවේ ගැන ‍පූරශ්නයක්

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,383
    2,251
    113
    ඔතන රෝෂ් අපේ අටුවා සම්ප්‍රදායානුකූල ථේරවාද මතය වෙන්නෙ "දැනගත හැකි සියල්ල (දැනගත හැකි ධර්ම?) බුදුන්ට දැනගන්න පුලුවන්" කියන එක නේද ? ඔය ආකාරයෙන් තමා තථාගතයන් වහන්සේ සර්වඥ වෙන්නෙ. ප්‍රවේශමෙන් දකින්න ඕනෙ තැනක් ? ඔතන කියවෙන්නෙ නැහැ බුදුහාමුදුරුවන්ට ඕනෙම දෙයක් දැනගන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ දැනගත හැකි සියල්ල කියන එකට ඕනෑම දෙයක් අයිතියි කියලා ගන්න එක නිවැරදි නැහැ. අන්න එහෙම ගත්තම බුදුවරයෙකුට අතීතානගත වශයෙන් දැනගත හැකි වපසරියකුත් ඒ වපසරියට අයත් නොවෙන ප්‍රමාණයකුත් තියනවා. ඕක ග්‍රීන්තන්ඩර් තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි.

    බුදුදහම තුලදි මනුෂ්‍යයෙකුට ආධ්‍යාත්මික සිත දියුණු කිරීම් වලින් යන්න පුලුවන් ඉහළටම යාම තුල ලැබෙන හැකියාවට සර්වඥ කීවා විනා මේ භවයේදී අත් දකින්න බැරි (දෙවියන් වහන්සේ සතු/මනුශ්‍ය ක්‍රියේටිවිටිය මගින් හිතන ලද) සර්වඥ බවක් බුදුදහම තුල නැහැ.

    හැබැයි අද කාලය වෙනකොට සමහරක් බුදුහාමුදුරුවන්ව ඉහත මුල් මතයෙන් බැහැරට අරගෙන දෙවනි මතය තුල තැන්පත් කරනවා. ඒ කියන්නෙ බුදුන්ගේ සර්වඥතාවය දෙවියන් වහන්සේගෙ සර්වඥතාවයටම ඔසවා තබල තියනවා. මේක ග්‍රීන්තන්ඩර් පිලිගන්න අකමැති මතයක්. ඔතනදි අහන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමා බුදුන් උන්වහන්සේගේ හැකියාවන් ලෝකය ඉදිරියේ කියාපු මහා සීහනාද සූත්‍රයේදී ඇයි ඔය දෙවියන් වහන්සේ සතු යැයි ඉටාගන්න ආකාරයේ සර්වඥතා ඥානයක් උන්වහන්සේ සතුයි යැයි ලෝකයාට ප්‍රසිද්ධියේ නොකීවෙ කියන එක.

    පූජ්‍ය මග්ගවිහාරී හිමියන්ගෙ ඔය ගැන දේශනාවක් තිබුනා කියලා මතකයක් තියනව. හමුවුනොත් කැමති අයට අහලා බලන්න අලවන්නම්.

    ඔව් මේක තමයි මගෙත් තේරුම් ගැනීම...අපි කතාකරන සම්මුතික ලෝකය තුල සැම දෙයක් දැන ගැනීමෙ අවශ්යතාවයක් මට පේන්නෙත් නැ..

    දැන් මෙහෙම නේ.
    හිතපන් හෙට වහිනවා. ඔය වැස්ස නිසා මිනිස්සුන්ට විවිද දේවල වලට මුහුණ දෙන්න වෙනවා. වැස්සට ලිස්සල කර්මයක් පල දෙන්නත් පුලුවන්.
    දැන් එතකොට කාට හරි ඕක මිට අවුරුදු දාස් ගානකට කලින් කියන්න පුලුවන් කියන්නේ,
    හෙට වහින එක වෙන්න තියන දෙයක්. ඕක අහම්බෙන් වෙන සෘතු කතාවක් නිසා වෙලා , ඒක නිසා අර ලිස්සන එකා ලිස්සන්වම නෙවයි..

    දැන් හිතපන් කවුරු හරි ඊලග භාවයේ උපදින්න චුති සිත බලපානවා කියල කියනව නේ..
    දැන් ඌ ඊලග ට ඉපදෙන්නේ හරකෙක් වෙලා නම් , ඒ දේ මිට අවුරුදු දාස් ගානකට කලිනුත් කාටහරි හරියටම කියන්න පුලුවන් කියන එකේ තේරුම තමයි, අරූගේ චුති සිත කියන දේත ඒ වෙලේ එන එකක් නෙවෙයි. එක තමයි එන්න සෙට් වෙලා තියෙන්නේ එන්න... ඉතින් ඌ මැරෙන්න ලං වෙලා හොද දේවල් හිතනවා ද නැද්ද කියන එක අමුතුවෙන් උගේ චුති සිත වෙනස් කරන්න හේතු නෙවෙයි. හැම දේම සෙට් වෙලා කලින්ම උගේ චුති සිතේ ඉදල. අපේ control එකක් නෑ .

    අනාගතේ ගැන කීමේ හැකියාව තියන තාක් , ලෝකේ දේවල් script එකකට වෙනව කියන එකෙන් අයින් වෙන්න බෑ .
    හෙට වහින එක එක වෙන්න තියනව නම් වෙන්ව. එක ට ලිස්සලා එකෙක් වැටෙන්න තියනව නම් ඌ වැටෙන්න තියනව වැස්ස වැහැල වගේ තැනකට යනවා.


    අවසාන චිත්ත කලින් තීරණය වෙලා ඉවරයි .
    ------ Post added on Mar 8, 2024 at 11:06 AM

    සරලව ගත්තනම්, ඌට වැස්සෙන් විපාකයක් ලැබෙන්න නැතිනම්, වැස්ස නැති තැනට එන්නෙ නැති වෙන්න තිබ්බ...ඒකෙන් වැස්ස ඇති වෙන්නෙ හරි නැති වෙන්න හරි හේතුව මොකක්ද?...අනිති දෙක, ගහක් පැලවෙන්නෙ, රිතු 4?.. ඒවට කොහොමද කර්මය සෙට් වෙන්නෙ?
    ------ Post added on Mar 11, 2024 at 11:06 PM
     
    • Like
    Reactions: greenthunder

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?

    'පුරාණ කර්ම' කියන්නේ මොකක්ද?
     

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    තාම ඒ ප්‍රශ්නය තියෙනවද?

    ඒගැන හිතෙන්නේ මේ වගේ දෙයක්.

    ඒකට වඩා මේක කරන එක හොදයි

    අපේ තීරණ ඔක්කොම දුවන්නේ ඔය ලොජික් එක උඩ.
    ඇදුමක් ගන්නේ සල්ලි වලට වැඩ ඇදුම හොදයි හිතුනම
    ට්‍රිප් එකක් යන්නේ සල්ලි හා කාලයට වඩා ට්‍රිප් එකක් හොදයි හිතුනම
    රස්සාවට යන්නේ , කාලයට වඩා සල්ලි හොදයි හිතුනම
    රට යන්නේ මෙහෙට වඩා එහෙ හොදයි හිතුනම
    අරකට වඩා මේක හොදයි කියලා හිතෙන්නේම එකතු වෙලා තියෙන දත්ත ටික උඩ..

    එහෙම නම් ලෝභ මිනිස්සු ඉන්නවද ?


    එක මනුස්සයෙක් පසේ බුදුන් කෙනෙක් දැකල දානයක් දෙනවා . දුන්නට පස්සේ දුන්න කැවුමකට ලෝභ හිතෙනවා . දුන්න දානෙට සල්ලි , දේපල හම්බෙනවා . ලෝභකම නිසා සල්ලි වියදම් කරන්න හිතෙන්නේ නෑ .
    අපිට වියදම් කරන්න හිතෙන්නේ නැත්තේ අපේ දත්ත හා එකෙන් හදාගත්ත වටිනාකම් හින්ද නම් එකට කියන්න පුළුවන් නමක් තියෙනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Matanan penne blueprint ekak tiyenawa monawa kivath change karanna puluwan poddai will eken.ekath final result eka apita one widiyata wenne ne ekath fathers will
     
    • Like
    Reactions: WristBand

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    හැවිටම කර්මය නෙවෙයි, තර්මය ඇතුලු තවත් ප්‍රත්‍යය 24ක් (මතකහැටියට) තියෙනවා. ඒකෙන් තමයි හැමරෙද්දම වෙන්නෙ


    ප්‍රශ්නවිසර්ජනය

    ත්‍රිපිටකය » විනය පිටකය » පරිවාරපාළි 2 » 10. කඨිනභේදය

    (සත් වැදෑරුම් පුර්ව කරණය පිණිස පැන් එළවීම් ආදි) ප්‍රයෝගයට කවර ධර්මයෝ අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුර්ව කරණයට කවර ධර්ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද ... ප්‍රත්‍යුද්ධාරයට (අධිෂ්ඨානය ඉවත් කිරීමට) කවර ධර්ම කෙනෙක් ... අධිෂ්ඨානයට කවර ධර්ම කෙනෙක් ... අත්ථාරයට (ඇතිරීමට) කවර ධර්ම කෙනෙක් ... මාතෘකාවන්ට හා පළිබොධයන්ට කවර ධර්ම කෙනෙක් ... කඨින වස්තුවට කවර ධර්ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරෙජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද යත්:
     
    • Like
    Reactions: WristBand

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    තර්මය ඇතුලු තවත් ප්‍රත්‍යය 24ක් (මතකහැටියට) තියෙනවා. ඒකෙන් තමයි හැමරෙද්දම වෙන්නෙ

    ඔය වගේ තව පොතක 32 තියෙනවා.. කියලා ලියලා තිබ්බොත්, දැන් ප්‍රත්‍ය 32 තියෙනවද?
     
    • Like
    Reactions: WristBand

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    IMG-4303.jpg
     
    • Like
    Reactions: WristBand