බුද්ධාගම සම්බන්ධව ගැටළු

dot.Net

Well-known member
  • Nov 16, 2017
    628
    476
    63
    බුදුදහමේ ඉගැන්වීම් ගැන ගැඹුරට ඉගෙනගන්න ආසවක් ආව. 30 ලබන්නත් ඔන්න මෙන්න නිසා දැන් මානසික සැපත ගැන හිතන්නත් කාලේ හරි.

    එත් කොහොමද හරිම ඉගැන්වීම තෝරා ගන්නේ? මන් සම්පුර්ණයෙන්ම ත්‍රිපිටකය හදාරලා නැහැ, එත් බලපු සමහර තැන් ප්‍රායෝගිකද කියලත් ආපහු ප්‍රශ්න එනවා. කොහොම උනත් ත්‍රිපිටකය ලංකාවේ ලියවුනු නිසාත්, බුද්ධ පරිනිර්වාණයෙන් බර කාලෙකට පස්සේ සිද්ධ උන නිසාත්ඔය අතරේ වෙනස්කම් තියෙන්න ඕන තරම් ඉඩ තියෙනවනේ.

    අන්ධ භක්තියෙන් මේ ඔක්කොම ඇත්ත කියල පිලි අරන් සාදු කියන්න නෙවෙයි මට ඕන. සැබෑ ඉගැන්වීම සහ මානසික නිදහස. (මරණින් පස්සේ දේවල් හිතන්න කලින්, මේ ලෝකෙදි සැබෑ සතුට හොයන විදියයි අවශ්‍ය)
    මං ඔය ප්‍රසිද්ධයි කියන හාමුදුරුවරු කීප දෙනෙක් එක්කම කතා කරලා තියෙනවා. එයාලත් කිසිම අවබෝදෙකින් නෙවෙයි කියල පැහැදිලිව තේරුණා.

    මොකක්ද ථෙරවාද සහ මහායාන අතර වෙනස්කම්? මේ දෙකෙන් නිවැරදිම මාර්ගය මොකක්ද?

    fig3-10-1.png


    slide_7.jpg



    නෙට් එකේ තියෙන හැම දෙයක්මයි, පොත් වල අච්චු ගහල තියෙන හැම දෙයක්මයි සම්පුර්ණයෙන් ඇත්ත වෙන්නේ නැහැනේ. උඹල කවුරුවත් නැද්ද මේ ගැන හදාරපු?
    ථේරවාදය විතරක් නෙවෙයි, මහායාන සහ ටිබෙට් ආගම් ගැන? (නිකාය තියෙන්නේ ථෙරවාදයේ)

    කියවන්න හොඳ රෙෆෙරන්ස් තියේ නම් දීලා යන්න, තව හමුවෙන්න පුළුවන් හොඳ ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා නම් එත් කමක් නැහැ, නමුත් මේ ටික කටපාඩමින් කියන කෙනෙක් වත්, සමන්තබ්ද්‍ර හෝ කිරිබත්ගොඩ හාමුදුරුවෝ වගේ අය නම් එපා. ඒ දෙගොල්ලෝ ගැනම පැහැදීමක් නැහැ, (ඔක්කොම වගේ බණ අහල තියෙනවා YouTube එකෙන්, තර්ක වලින් වාද කරාට යන්න ඕන මාර්ගය මේකයි කියල කවදාවත් කියන්නේ නැහැ)
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    822
    738
    93
    Sri Lanka
    100% සැබෑ බුද්ධ දර්ශනය හොයාගන්න පුළුවන් වෙයිද?
    සිත සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා !
     
    • Like
    Reactions: hodakolla

    Answer

    Member
    Mar 11, 2021
    15
    24
    3
    මේ පොත් දෙක කියවන්න මුලින්ම, තෙරුවන් සරණයි !!! රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ යනු මෙරට පහළ වු විශිෂ්ටතම ධර්ම විග්‍රහයන් සරලව කළ හැකි ස්වාමීන් වහන්සේ නමකි. බොහෝ ධර්ම කතික ස්වාමීන් වහන්සේලාගේ මුල් අඩිතාලමද රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ පොත්මය. ඔබේ ධර්ම දැනුම දුර්වල නම් බෞද්ධයාගේ අත්පොත මුලින් කියවා සිටින්න. මේ පොත් දෙක ඔබට කියා දෙනු ඇත ඔබ බෞද්ධයකු විය යුත්තේ ඇයි සහ එහි වටිනාකම සත්‍යය වශයෙන්ම
    https://srivinayalankara.lk/publication/Files/chathurarya_sathyaya.pdf

    https://srivinayalankara.lk/publication/Files/Bauddhayage_Athpotha.pdf
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,703
    8,877
    113
    මගේ දැනුමේ හැටියට නම් මෙහෙමයි.
    ඔය ථේරවාද, මහායාන, තන්ත්‍රයාන කියන සම්ප්‍රදායවලින් පරණම ථේරවාදය. මහායානය සම්ප්‍රදායක් විදිහට උඩට එන්නේ පස්සේ. මහායාන මතවාදවලින්ම තමයි තන්ත්‍රයානය බිහිවෙන්නෙත්. ඉතින් ඉපරණිම ශුද්ධ බුද්ධ වචනය හොදටම දකින්න පුළුවන් ථේරවාදී පිටකයෙන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. අනෙක් සම්ප්‍රදායන් පවා පිළිගන්න දෙයක් තමයි පාලි ත්‍රිපිටකය වැදගත් මූලාශ්‍රයක් කියන එක. මහායානය වගේ සම්ප්‍රදායන් පසුකාලීනව නාගර්ජුන වගේ දර්ශනිකයන්ගේ දාර්ශනික මතවාද වලින් පෝෂණය වෙලා තියෙන්නේ.
    හැබැයි මෙහෙමයි. ථේරවාදය පැරණිම සම්ප්‍රදාය නිසා සමස්ත ථේරවාද ඉගැන්වීමම ශුද්ධ බුද්ධ වචනය කියන්න බෑ. ථේරවාදය තුළ බුද්ධ වචනය තියෙනවා. නමුත් ථෙරවාදයේ සියල්ල බුද්ධවචනය නෙවෙයි. ඕක මගේම මතයක් නෙවෙයි. අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ බහුතරයක් උගත් තෙරවරුන්ගේ මතයක්. මොකද ථේරවාද ත්‍රිපිටකයේ ගොඩක් දේවල් විග්‍රහ වෙන්නේ අටුවාවෙන්. ඉතින් අටුවාවල තියෙන සමහර දේවල් ගැන නැවත විමසා බලන්න ඕනි.

    මහයානයේ හා ථේරවාදයේ වෙනස්කම් ගොඩක් තියෙනවා. නෙට් එකෙන්ම හොයා ගන්න පුලුවන් ඒ දේවල්.
    ප්‍රධානම දේ තමයි මහායානය පරාර්ථකාමිත්වයේ අන්තයටම ගිහින් තියෙන්නේ. තමන් කරන පිනක් උනත් මුලින්ම අනුන්ට අනුමෝදන් කරලා තමන්ට පෙර ඔවුන්ට නිවන් දකින්න ලැබේවා කියලා පාර්ථනා කරන්න තරම් පරාර්ථකාමියි. බුද්ධත්වයට පත්වෙලා බොහෝ දෙනාට සුවසෙත සැලසීම වෙනුවට පසේ බුදු වී හෝ අර්හත්වයට පත්වී තමන්ගේ යහපත පමණක් සලසා ගැනීම හීනක්‍රියාවක් ලෙස තමයි ඔවුන් දකින්නේ. ඉතින් ඔවුන් මහායානයෙන්ම (බුද්ධත්වයෙන්ම) නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඔය වගේ ථෙරවාදයේ නැති ගොඩක් දේවල් තියෙනවා. සමහර මිනිස්සු මහායානේ එන දේවල් ථේරවාදේ කියලා හිතන් ඉන්නවා. ඔය "මනෝකාය" පිළිබද තියෙන විශ්වාස එහෙම ගොඩක් මහායානයෙන් ආපු දේවල්.

    කොහොම උනත් ථේරවාදය ඉගෙන ගන්න එකේ අවැඩක් නම් නෑ. ඒවගේම ඒක වඩාත් උචිතයි කියන එක තමයි මගේ විස්වාසය. මහායානය ද ථේරවාදය ද වඩා නිවැරදි කියන්න පුළුවන් සම්‍යක් ප්‍රත්‍යක්ෂ‍ය ලැබූ කෙනෙක්ටම තමයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,131
    8,808
    113
    Gotham City
    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?
    මන් ත්‍රෙඩක් දැම්මා මෙහෙම කාලෙකට කලින් .
    කියන්න සතුටුයි වලියක් නොගිහින් හොඳ අදහස් එකෙ පල උනා.

    දැන් උඹවත් නිරාගමික ,එන්ජීඕ ලෙබල් අලවලා සමහරු හංවඩු ගහන්න ගනිවි.
    මාත් ප්‍රශ්න කරන තැන් තියෙනවා බුද්ධාගමෙ .
    ඒ මම බුද්ධ ධර්මයට විරුද්ධ නිසා නෙමෙ.
     
    • Like
    Reactions: hodakolla