බුද්ධාගම හා භෞතික විද්‍යාව

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔයා ඔයාගේ මෝඩ, විහිලුකාර පද නිරුක්ති කොට්ටේ අස්සේ දාලා මල් පහන් තියා වඳින්න. නමුත් බොරුවට අනිත් අයගේ ඇස් වලට වැලි ගහන්න එපා. මෙතන මතු කරලා තියෙන කාරනාව මග හරින්න එපා. අභය කියන මෝග මහනා කියනවා සබ්බං දුක්ඛං කියලා එකක් නැතිලු ත්‍රිපිටකයේ! හැබැයි විඩියෝ එකේ පෙන්නනවා තියෙන තැන. ඒක තියෙන්නේ දුක්ඛ සූත්‍රයේ. ඔන්න ඔය අනිත් අයට "සැඟ වුන ධර්මය" කියල දෙන මෝඩයගේ තරම. නැහැයි කියපු දේ ඇත්තටම ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් නුවනැත්තෝ සිතා ගනිත්වා මේ මෝඩ මහණාගේ ත්‍රිපිටක දැනුමේ, ධර්ම ඥානයේ තරම!

ඒකෙ තියෙන්නේ "සබ්බං දුක්ඛං" කියලා නෙවෙයි. "සබ්බං භික්ඛවේ දුක්ඛං" කියලා. :P:rofl::rofl::rofl:
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
රොජර් පෙන්රෝස් ගැන දන්නෙත් නැති, ශ්‍රෝඩින්ගර් ගේ බලලා ගැන දන්නෙත් නැති, හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය ගැන දන්නෙත් නැති, පෝල් ෆයිරාබෙන්ඩ් කියවලත් නැති, තෝමස් කූන් කියවලත් නැති ගොබ්බසේනලට අභයගේ ගොන් කතා මැජික් තමයි!:D:D:D
ඇයි , ෆ්‍රිට්ජොෆ් කැප්රා කියවලත් නැති, එඩ් විට්න් ගැන අහලවත් නැති, එම්-තියරි ගැන දන්නෙත් නැති අය ඉතිං අභය ස්වාමීන් වගේ අයට අහුවෙන එක අහන්නත් දෙයක්ද? පව තමා.
මම නැවතත් අවධාරණය කරන්න කැමතියි , ඔය "කොන්ටම්" බණ කියන අය දන්න විද්‍යාව ඉතාම නොගැඹුරු එකක්, එහෙමත් නැත්තම් "හොර-විද්‍යාවක්" (pseudo science).
උදාහරණයකට ඔය කියන ඕරා එක සහ කිරිලියන් ඡායා රූප ගැන හොද විස්තරයක් තියෙනවා විකි එකේ. ඔය කියන කිරිලියන් ඡායාරූපවත් ඕරා එකවත් පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙලා තිබේද යන්න සැක සහිතයි. ඒක නිසා සීරියස් සයන්ස් කරන අය ඔවාට කියන්නේ "pseudo science " කියලා තමයි. ඒ pseudo science වලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වැලිඩේට් කරන්න යන අය කරන විනාශය මොකක්ද කියලා තේරුම් ගැනීමට අබ ඇටයක් තරම්වත් මොලයක් ඔනේ නෑ.

දම්සක්පැවතුම් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විද්‍යාව කියන එක පැහැදිලිව දේශනා කළා, ඒ විද්‍යාවත් එක්ක බැලුවොත් "පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙන්නෙත්" අවිද්‍යාව විතරයි. ෆ්‍රිට්ජොෆ් කැප්රා, එඩ් විට්න්, එම්-තියරි කියන දේවල් ගැඹුරුයි/science වෙන අතරේ ආසිරි වනිගරත්න කියන දේ නොගැඹුරුයි/pseudo science කියන්න පදනමක් බුදු දහමෙන් නම් ලැබෙන්නේ නැහැ.

බුදු රැස් කියන්නෙත් ඇහැට පෙනෙන ඕරා එකක්, ඉතින් රොජර් පෙන්රෝස්/ශ්‍රෝඩින්ගර් ගේ බලලා/හයිසන්බර්ග්/පෝල් ෆයිරාබෙන්ඩ්/තෝමස් කූන් වගේ කට්ටිය සීරියස් සයන්ස් වලින් බුදු රැස් වැලිඩේට් කරලා නැති නිසා බුදු රැස් ගැන කෙනෙකුට සැක සහිත වෙන්න පුළුවන්. නමුත් ඒ සීරියස් සයන්ස් වලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වැලිඩේට් කරන්න යන අය කරන විනාශය මොකක්ද කියලා අබ ඇටයක් තරම් මොලයක් තියන අය‍ට තේරුම් ගන්න අමාරුයි.
 
:yes::yes: ඔව්. විද්‍යාව කියන්නේ පරම සත්‍යක් නෙවෙයි. නමුත් පැහැදිලි කිරීමේ පහසුවට සමහර විට ඒවත් පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයකට බුදුහාමුදුරුවෝ ශුද්‍ර ජීවීන් ගැන කිව්වේ අන්වීක්ෂ සොයාගන්නට පෙර, මන්දාකිණි ගැන කිව්වේ දුරේක්ෂ හොයාගන්නට පෙර. මේවා ඒකාලේ මිනිස්සු සැක කරන්න ඇති කොහොමද එහෙම කියන්නේ කියලාa. නමුත් අද වෙනකොට මේවා ඇත්ත බව අපිටම ප්‍රත්‍යක්ෂව බලාගන්න පුළුවන්.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
මෙතන පැහැදිලි කරන්නේ විද්‍යාව බුදුදහමට වඩා උසස් කියන එක නෙවෙයි. බුදුදහම විද්‍යාවෙන් වැරදියි කියලා පෙන්වා දෙන්න බැරි බව.

Agreed
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බොලව්, භෞතික විද්‍යාව තියෙන්නේ භෞතික ලෝකයේ සංසිද්ධි තේරුම් ගැනීමට. බුදු දහම තියෙන්නේ සියලු දුක් කෙළවර කොට නිවන පිණිස. ඉතින් ඇයි මේ දෙක පටලවගෙන පිස්සෝ වගේ දඟලන්නේ. භෞතික ලෝකය ගැන අධ්‍යයනය කරනු කැමති අය භෞතික විද්‍යාව ඉගෙන ගනිත්වා! නිවන් දැකීමට කැමති අය ඒ ධර්ම මාර්ගය අනුගමනය කරත්වා!

භෞතික විද්‍යාව කියන්නේ පරම සත්‍යක් නෙවෙයි. අතරමැද එකක්. ඒක කවදාවත් පරම සත්‍ය කරා යන්නේ නෑ මේ යන වේගයට. හැබැයි කවුරු හරි එහෙම සියල්ල අවබෝධ කරොත් ඔහු බුදුකෙනෙක් මං දකින විදියට.
 
pubchi

Member
Nov 5, 2009
120
7
0
මම දැන් දෙපාරක් ඇහුවා. අවාසනාවකට වගේ පිළිතුරක් නැහැ තවමත්.

කමක් නෑ මචන්. Let it go.
බොහොම ස්තුතියි උත්සහ කලාට.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මට තේරෙන විදියට පැහැදිලි කරන්නම්.

මේ හාවඩ්බයෝ කියන්නේ, යමක් තිබේ කියන නිත්‍ය සඥාව තුලයි විද්‍යාව ගොඩ නගා තියෙන්නේ කියන එකයි. ලෝකය බඹයක් පමණ වූ සරීරය තුල පනවන්නයි අප මහා බුදු පියාණන් දේශනා කලේ. විද්‍යාවෙන් කියන්නේ අපෙන් පරිබාහිර ලෝකයක් "ඇති" බවයි කියන නිත්‍ය සඥාවෙන් ගැනීමයි.

ඔබතුමා දන්නවා ඇති "ලෝක විදූ" නම් බුදු ගුණය ගැන. එයින් කියන්නේ සියලු ලෝක ගැන දන්නා නමුත් ඒ සියල්ලෙන් මිදුන කියන විශේෂ ලක්ෂණය. එනම් රහතුන් වහන්සේලා "ලෝකයට අයත්" අය නොවේ, "ලෝකයෙන් මිදුන" එනම්, ලෝකෝත්තර ගණයට වැටෙන විශේෂ පිරිසක්.

බුදුන් වහන්සේගේ ධර්මය හරි විශේෂයි, ගාම්භීරයි, අසම-සමයි. ඒකේ අන්ත දෙකම අත් හරිනවා. ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඇයි? ඒ දෙකම දෘශ්ටි පමණයි, යතා ස්වභාවය නොවෙයි. ඇත්ත මොකක්ද?

"යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.

එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.

ඔබට ඔබේ "තේ කෝප්පය හිස් කරලා" සිත සමාධිමත් කරගෙන මේ ධර්ම දේශනය අහන්න පුලුවන් නම් තවත් තේරයි, මම මේ කියන කාරනාව.

බුදු සරණයි!.

ඔබ සෝතාපන්නද?
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

dunno if this will help
https://encrypted.google.com/search?hl=en&q=පකප්‌පනං‌
 
rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    මම හිතන්නේ මේක හොද තැනක් මේ ගැටලුව විසදන්න.

    දැන් අත්ත දණ්ඩ සුත්‍රුයේ වැකියක් අරගෙන පකප්පනං කියන වචන අර්ථය හොයන්න ලෙහෙසි වෙන්න ඕනේ.

    ගේධං බ්‍රෑමි මහෝඝෝති ආජවං බ්‍රෑමි ජප්පනං
    ආරම්මණං පකප්පනං කාමපංකෝ දුරච්චයෝ

    මාගධී භාෂාව කියවන්නේ දකුණ -> වම් පැත්තට. එමනිසා.

    [දුරච්චයෝ] [කාමපංකෝ] [පකප්පනං] අරමුණක [ජප්පනං] සැබෑම [ආජවං] [මහෝඝෝති] සැබෑම ගිජු වීමක්.

    [වරහන] තියෙන මාගධී වචන තේරුම හොයා ගතහොත් ප්‍රශ්නය විසදන්න පුළුවන්.

    එතන තියෙන පරිවර්තනය.

    කාමෙට ඇති වන ගිජු බව - බලවත් වේගයකින් යුතු සැඩ පහරක් බව පවසමි - දුවනා විට එය පසු පස යළි යළි එයි ආශා කාමය යන මඩ ගොහොරුව - තරණය සුළුපටු නොවේ ය හිතෙන් ම සැකසෙමින් තිබෙන - බලවත් අරමුණක් ය එය

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    Thank you very much.

    I wondered for a long time why Pali texts and Gathas have their words jumbled in a way compared to the sequence of Sinhalese words in their meanings. I think Ven. Meewanapalane Siridhammalankara Thero's explanation makes everything clear. Thanks again for pointing out.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මම දැන් දෙපාරක් ඇහුවා. අවාසනාවකට වගේ පිළිතුරක් නැහැ තවමත්.

    තාම මේක ඇදෙන නිසා, අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි වෙන්න ඔන්න ස්වාමින් වහන්සේ කියපු විදියටම දැම්ම. හොඳට කියවන්න. බාගෙට කියවල "යන්නේ කොහෙද මල්ලේ පොල් " උත්තර නම් දෙන්න එපා.

    සබ්බං ප්‍රකම්පනං කියලමයි තියනවා කියන්නේ. ඒ නිසා වචන දෙක වෙන වෙනම හොයල වැඩක් නෑ.

    අද ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා "Whole world is vibration". ලෝකේ තියෙන සියලුම දේවල් තියෙන්නේ "vibrations".
    ඒක ත්‍රිපිටකයේ එහෙම දැකල තියෙනවද? දැකල තියෙන කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න.
    සබ්බං...මොකද්ද තියෙන වචනේ...සබ්බං... අහල නෑ... සබ්බං ප්‍රකම්පනං.
    ඒක පෙළ දහමේ තියෙනවා.
    ත්‍රිපිටකයේ පුරාම තියෙනවා, සබ්බං ප්‍රකම්පනං.
    ප්‍රකම්පන කියන්නෙ, කම්පන කියන්නෙ මොනවද ? ඇ.. vibrations මේවා vibrations..
    මුළු විශ්වයම, සබ්බං කිව්වම සියලු දේවල්.. vibrate වෙනවා.
    ඒක ඒ විදියටම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා "Whole world is vibration". ඕක ත්‍රිපිටකයේ තියෙනවා ඔය විදියටම.

    දැන් මේක ගැන මට හිතෙන දේ කියන්නම්.

    මුලින්ම මේක අහපු වෙලාවේම මට හිතුන මේකේ තේරුම ඔය කියන ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරන දේ වෙන්න බෑ කියල. ඉතින් මට ඕන උනා මේක ත්‍රිපිටකයේ තියෙන තැන හොයල ඒක පැහැදිලි කර ගන්න. මම video එක බැලුව, තිපිටක site එකේ search කළා. හොයා ගන්නම බැරි උනා. ඊට පස්සේ මේකේ thread එකේම දාල ඇහුව. කවුරුවත් දන්නේ නෑ.

    ඉතින් මට දැන් හිතෙන්නේ ස්වාමින් වහන්සේ මෙතන බොරුවක් කියන්නේ.
    හැබැයි ඒක ලෙසටම කියනවා බොරුවක් කියල තේරෙන්නේ නැති වෙන්නම. (හරියටම ත්‍රිපිටක reference එක ලැබෙනකම් එහෙම තමයි හිතන්න වෙන්නේ.)
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11

    http://tipitaka.org/sinh/cscd/e0401n.nrf7.xml

    මේ ලින්ක් එක බලන්න.

    ප්‍රකම්පනය වෙනව කියන්නෙ චිත්ත වීති වල සිදුවෙන ක්‍රියාවලියක්. එක් භවාංග සිතක් ඇවිත් ගට්ටනය උනගම 17 වතාවක් නැවත නැවත කම්පනය වෙමින් ගට්ටනය වෙනව. ඒක තමයි මූලිකම අවස්ථාව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ලෝකෙ භෞතික සියල්ලම කම්පනය වෙන්නෙ.

    හරියටම උත්තර ඕන නම් අභය හාමුදුරුවො හම්බෙන්න. මෙතන තර්ක විතර්ක දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ. අනික ඕව නිවනට අදාල ඒව නෙවෙයිනෙ. දහම් පැහැදීම පිනිස හොඳයි.