තාම මේක ඇදෙන නිසා, අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි වෙන්න ඔන්න ස්වාමින් වහන්සේ කියපු විදියටම දැම්ම. හොඳට කියවන්න. බාගෙට කියවල "යන්නේ කොහෙද මල්ලේ පොල් " උත්තර නම් දෙන්න එපා.
සබ්බං ප්‍රකම්පනං කියලමයි තියනවා කියන්නේ. ඒ නිසා වචන දෙක වෙන වෙනම හොයල වැඩක් නෑ.
අද ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා "Whole world is vibration". ලෝකේ තියෙන සියලුම දේවල් තියෙන්නේ "vibrations".
ඒක ත්‍රිපිටකයේ එහෙම දැකල තියෙනවද? දැකල තියෙන කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න.
සබ්බං...මොකද්ද තියෙන වචනේ...සබ්බං... අහල නෑ... සබ්බං ප්‍රකම්පනං.
ඒක පෙළ දහමේ තියෙනවා.
ත්‍රිපිටකයේ පුරාම තියෙනවා, සබ්බං ප්‍රකම්පනං.
ප්‍රකම්පන කියන්නෙ, කම්පන කියන්නෙ මොනවද ? ඇ.. vibrations මේවා vibrations..
මුළු විශ්වයම, සබ්බං කිව්වම සියලු දේවල්.. vibrate වෙනවා.
ඒක ඒ විදියටම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා "Whole world is vibration". ඕක ත්‍රිපිටකයේ තියෙනවා ඔය විදියටම.
දැන් මේක ගැන මට හිතෙන දේ කියන්නම්.
මුලින්ම මේක අහපු වෙලාවේම මට හිතුන මේකේ තේරුම ඔය කියන ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරන දේ වෙන්න බෑ කියල. ඉතින් මට ඕන උනා මේක ත්‍රිපිටකයේ තියෙන තැන හොයල ඒක පැහැදිලි කර ගන්න. මම video එක බැලුව, තිපිටක site එකේ search කළා. හොයා ගන්නම බැරි උනා. ඊට පස්සේ මේකේ thread එකේම දාල ඇහුව. කවුරුවත් දන්නේ නෑ.
ඉතින් මට දැන් හිතෙන්නේ ස්වාමින් වහන්සේ මෙතන බොරුවක් කියන්නේ.
හැබැයි ඒක ලෙසටම කියනවා බොරුවක් කියල තේරෙන්නේ නැති වෙන්නම. (හරියටම ත්‍රිපිටක reference එක ලැබෙනකම් එහෙම තමයි හිතන්න වෙන්නේ.)