බුද්ධානුස්සති භාවනාවේ ආනිසංස

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුද්ධානුස්සති මෙත්තා ච - අසුභං මරණස්සති,

    ඉති ඉමා චතුරාරක්ඛා - භික්ඛුභාවෙය්ය සීලවා.

    .

    2. අනන්ත විත්ථාර ගුණං - ගුණතෝනුස්සරං මුනිං,

    භාවෙය්ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතෝ.

    .

    3. සවාසනේකිලේසේ සෝ - ඒකෝ සබ්බේ නිඝාතිය,

    අහු සුසුද්ධසන්තානෝ - පූජානඤ්ච සදාරහෝ.

    ඕකෙ ඕඩියෝ එක හොයලා දියන්කො
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Mama ada mind eka diha balan hitiya.ado sahenna thoughts winadiyen winadiya mawa grab karanawa.ekata ahuwenawa
     
    • Like
    Reactions: asliyanage

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    01 අනුස්සති භාවණා 6ක් විස්තර කරනවා. ඒවා නැවත නැවත මෙනෙහි කල යුතු තැන්.
    ලෞකික අර්ථයෙන් මෙනෙහි කළොත් පුණ්‍යාභිසංඛාරයක්. දිව්‍යලෝකයේ යන්න පුළුවන්. සසර ගෙනියන මඟක්. ඒත් ලෝකෝත්තර අර්ථයෙන් මෙනෙහි කළොත් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙනවා

    (අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, ආහුනෙය්‍ය වර්ගය, අනුස්‌සතිට්‌ඨාන සූත්‍රය )
    https://pitaka.lk/main/?n=31100

    02 ඔය කලින් කිව්ව අනුස්සති භාවණා 6 ම බුදුරජානන්වහන්සේ දේශනා කලේ "ආර්‍ය ශ්‍රාවකයාට" යි. අසෘතවත් පෘතජනයා ඔය පුණ්‍යාභිසංඛාරය වලින් සසර ගෙනියනවා
    (අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, අනුත්‌තරිය වර්ගය , අනුස්‌සතිට්‌ඨාන සූත්‍රය)
    https://pitaka.lk/main/?n=31120

    03 බුද්ධානුස්සතිය වඩපුවහම සසර කලකිරෙනවා... අන්තිමේ චතුරාර්‍ය සත්‍යයත් අවබෝධ වෙනවා. ඒත් අද ලෞකිකව වඩන එක පුණ්‍යාභිසංඛාරයක් විතරයි. ඒකෙන් සසර ගෙනියනවා.

    අද කාලයේ වඩන බුද්ධානුස්සතියෙන් සසර කලකිරුණු කෙනෙක් ඉන්නවද? බලාගන ඉන්නේ දිව්‍යලෝකේ නම් ෂුවර් කියලා. එහෙනම් ඕක බුදුන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු බුද්ධානුස්සතිය නෙවෙයි


    (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, එකධම්ම පාළිය)
    https://pitaka.lk/main/?n=26251

    anussathi 04.JPG



    04) "යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකියි, යමෙක් ධර්මය දකීද, ඔහු බුදුන් දකියි"
    ( "යෝ පටිච්ඡ සමුප්පාදං පස්සති - සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති")

    ඔය කිව්ව කතාව තියෙන්නේ මේ සූත්‍ර වල

    i) ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම ධර්‍මය දකියි’
    (‘යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති')

    (මජ්ඣිම නිකාය, මූලපණ්ණාසක, ඔපම්ම වර්ගය, මහාහත්ථිපදෝපම සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/39?s=127

    ii) "වක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද?
    වක්කලි යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි
    "

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, වක්‌කලි සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/114?s=1142

    iii) ඒ මහණ තෙමේ නව ලොවුතුරා දහම් දකී. දහම් දක්නේ මා ද දකී (එහෙයිනි).
    (ධම්‌මං හි සො, භික්‌ඛවෙ, භික්‌ඛු පස්‌සති; ධම්‌මං පස්‌සන්‌තො මං පස්‌සතී’’ති)

    (ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, තික නිපාතය, පඤ්‌චම වර්ගය, සඞ්‌ඝාටිකර්ණ සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/661?s=21397


    බුදුන් දකින්න කරන්න තියෙන්නේ පටිච්චසමුප්පාදය දකින එකයි
    නිවන් දකින බුද්ධානුස්සතිය කියන්නේ පටිච්චසමුප්පාදය නුවනින් මෙනෙහි කිරීමයි


    ඔන්න නිවන් දකින බුද්ධානුස්සතිය