බුද්ධිමත්ම සත්තු
10. බූවල්ලා.
මුහුදේ ජීවත්වෙන බුද්ධිමත්ම සතෙක් වෙන බූවල්ලා ගැන දිනෙන් දින අලුත් තොරතුරු මතු වෙනවා. දැනට සිදුකරලා තියන පරීක්ෂණ වලට අනුව බූවල්ලන්ට ගැටලු විසඳීම, සෙල්ලම් කිරීම, මාර්ගයක් සොයාගෙන ගමන් කිරීම වගේ හැකියා සමග සාමාන්‍යය දුරට දියුණු කෙටි කාලීන මතකයක් තියනවා.
9. පරවියා.
පරවියන්ට කන්නාඩියකින් තමන්ව හඳුනාගැනීමේ හැකියාව වගේම පින්තූර සීයකට වඩා මතක තියාගැනීමට තරම් වර්ධනය වුන බුද්ධියක් තියනවා. ගොඩක් දුර තැනක සිට තමන්ගේ ගෙදරට තියන පාර හොයාගන්නත් පරවියන්ට පුලුවන්.
8. ඌරා.
ඌරන් හැඟීම් තියන ගොඩක් සංවේදී සත්තු ජාතියක්. ඉක්මනට හිත රිදෙන තරමට මේ අය සංවේදී. ඌරන්ට සිහින දැකීමට පුලුවන් වගේම තමන්ගේ නම හඳුනාගන්නත් හැකියාව තියනවා. බල්ලන්ටත් වඩා හොඳට හීලෑ කරගන්න පුලුවන් කියලත් සමහර අය විශ්වාස කරනවා. විද්‍යාගාර වල ඌරන් ප්රයිමේට් සතුන්ටත් වඩා හොඳින් වීඩියෝ ගේම් සෙල්ලම් කරනවා.
7. බල්ලා.
මිනිසාගේ හොඳම යාලුවා වෙන බල්ලා හොඳින් හීලෑ කල හැකි, පුරුදු කල හැකි සතෙක්. මිනිස් මුහුණවල්, සතුන්ගේ මුහුණවල්, තමන්ගේ නම වගේම රූපවාහිනිය හා රේඩියෝව වගේ උපකරණත් බල්ලන්ට මතකයි. ගොඩක් සංවේදී සත්තු වන බල්ලන්ට තමන්ව රිදවපු කෙනෙක් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
6. ගිරවා.
බුද්ධිමත්ම කුරුලු විශේෂය හැටියට පිළිගැනෙන ගිරවුන්ට කතාකරන්න, මිනිස් වචන තේරුම් ගන්න වගේම ඒ වචන වලින් වාක්‍යය හදලා කියන්නත් හැකියාව තියනවා.
5. මීයා.
ගොඩක් වැඩුන බුද්ධියක් තියන සතෙක් වෙන මීයාට සැළසුම් හදන්න, උගුල් වලින් ගැලවෙන්න අලුත් ක්‍රම හොයන්න වගේ අපූරු හැකියා තියනවා.
4. බැටළුවා.
බැටළුවන්ට මිනිස් මෙන්ම සත්ව මුහුණු හදුනාගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම අනතුරු හදුනාගන්න ඉහළ හැකියාවක් තියන මේ සත්තු වෙනත් සතුන්ගෙන් බේරෙන්න රංචු හැටියට ක්‍රියා කරනවා.
3. ඩොල්ෆින්.
ගොඩක් හීලෑ සතුන් වෙන ඩොල්ෆින්ලට ඒ අයටම ආවේණික වූ භාෂාවක් තියනවා. සැතපුම් ගානක් වෙන්වෙලා ඉන්න ඒ අයගේ නෑදෑයන් හොයාගැනීමේ හැකියාවත් මේ සතුන්ට තියනවා. ඩොල්ෆින්ලගේ ඉහළ මානසික ක්‍රියාකාරිත්වය නිසා ඒ අය කවදාවත් සම්පූර්ණයෙන් නිදාගන්නේ නැහැ.
2. අලියා.
අලියන්ගේ මොළේ කිලෝ 5ක් විතර බරයි. නිරමාණාත්මක හැකියා වගේම ආයුධ පාවිච්චි කරන්නත් තමන් ඉන්න තැන සුද්ද කරන්නත් අලියන්ට පුලුවන්.
1.ගෝරිල්ලන් හා චිම්පන්සියන්.
ගැටලු විසදීම, දඩයම් කිරීම, ආයුධ බාවිතා කිරීම, අංග චලන වලින් කතා කිරීම වගේ ගොඩක් දියුණු හැකියා මේ සත්තුන්ට තියනවා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

TFS 