බුද්ධි අංශ පාවාදීම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බුද්ධි අංශ පාවාදීම

ආයෙත් බුද්ධි අංශ පාවාදීමට පිරිසක් සුදානමින් ඉන්නවා


සාම ගිවිසුමට පෙර මිලෙනියම් සිටි පාවාදී මෙරට බුද්ධී අංශ නිලධාරීන් ගැන තොරතුරු ත්‍රස්තවාදීන් අතට පත් කිරීම හා සමාන පාවාදීමකට පිරිසක් සුදානමින් සිටින්නේ යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වූ බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී එම පිරිස පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අද හෙටම විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එසේ දැන ගන්නට ලැබී ඇතැයි හෙතෙම අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අලුත්ගම හා බේරුවල සිද්ධීන් පාදක කරගනිමින් මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔවුන් එකී හෙළිදරව්ව කිරීමට සුදානමින් සිටින්නේ යැයි රුවන් වනිගසූරිය මහතා එහිදී පැවසීය.

මාධ්‍ය හමුවේදී රුවන් වනිගසූරිය මහතා එම ප්‍රකාශය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී එවැනි ප්‍රකාශයක් කිරීමට සුදානමින් සිටින්නේ කවුදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේය.

දේශද්‍රෝහින් අතර දේශප්‍රේමීන්ද සිටින බවත් ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණය වූ බවත් පැවසු වනිගසූරිය මහතා ඒ ගැන අද හෙටම දැන ගන්නට ලැබෙනු ඇතැයි පැවසීය.

මේ නිසා පාර්ලිමේන්තුවේදී එවන් ප්‍රකාශයක් කිරීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තරයට රට පිළිබඳව වැරදි තොරතුරු යාම බව ඔහු පෙන්වාදුන්නේය.

අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධීන් දිවයිනේ වෙනත් පළාත්වලට ද ව්‍යාප්ත කිරීමට පිරිසක් උත්සාහ කළ බවත් බුද්ධි අංශවල මැදිහත්වීම මත එය වැළකී ගිය නිසා ඔවුන්ගේ එම උත්සාහය කඩාකප්පල් වූ බවත් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

මේ නිසා අදාළ පිරිස මිලෙනියම් සිටි සිද්ධිය හා සමානවම බුද්ධි අංශ නිලධාරීන් ගැන හෙළිදරව්වක් කිරීමට සුදානමින් සිටින බවත් මෙය රටට අහිතකර තත්ත්වයක් බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

(අද‍දෙරන)
 
Last edited:

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
lankawe secret service agents lawa reveal karanawa kiyanne maha balu wadak! kawru kalath. mehema unama kochchara paduwakda ratak widihata!
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඈ මoගලයද මේ බලු වැඩේ කරන්න යන්නෙ? :growl:
uge video eka youtube eke tiyenawa.
ponna hutt+ek wage katha karana widiya .ubalama bapalan tv eke dakke nathnam.
me paaharyonwa issella shariya neethiyata anuwa ata deka kapala gal gahala maranna ona .