ඔව් සිරා මම ශිෂ්‍යත්වයට මාර iq පේපර්සස් සෙට් එකක් කලා දවසට පැය 6-7ක් වැඩ කලා එක දිගට ඒ කාලෙ 90 ගනන් ගත්තු පේපස් වලට අදටත් ඒ ලකුණු ගන්න බෑ ( මම 6න් පස්සෙ වැඩේ අත් ඇරිය නිසා අර හදාගෙන ආපු දේ නැති උනා
that's practice machan.
මට මතකයි මෙකෙ එකෙක් එකපාරක් ත්රෙඩ් එකක කීවා
එයා එක්සෑම් එකට දවසට පැය පහලව ගානෙ සති දෙකක් එකදිගට පාඩම්වැඩ කරා කියලා
සති දෙකකට වගෙ පස්සෙ ලොජිකල් තින්කින් , පොබ්ලම් සොලුෂන් වගෙ ස්කිල් සෑහෙන්න වැඩි උනාලු
මෙකෙ මොකක්හරි දෙයක් තියනවද??
ඇයි එහෙම වෙන්නෙ
ඕවා සේරම knowledge එකත් එක්ක එන්නේ. දන්නේ නැති ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරේ හොයා ගන්න හිතන්න ඕන විදිය ඉගෙන ගන්නවා කියන්නෙම තවත් දැනුමක්. ඒක බුද්ධිය නෙවෙයි.
මම දන්න විදියට හා කියවල තියෙන විදියට, ඉපදුනාට පස්සේ බුද්ධිය වැඩි හෝ අඩු වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ. ඒක තීරණය වෙන්නේ ප්‍රතිසන්ධි චිත්තයේ ස්වභාවය මත. ප්‍රතිසන්ධි සිත ගොඩාක් පැහැදිලි නම් ඒකට අරමුණු වෙන් කර හඳුනාගැනීමේ හැකියාව වැඩියි. රේරුකානේ හාමුදුරුවොන්ගේ පොතක තිබුන ලස්සන පැහැදිලි කිරීමක්.
හොඳ පැහැදිලි සිතකට පුළුවන්
1. මේ දෙක දෙකක් නොවේ, එකක් කියල අඳුරගන්න
2. මේක එකක් නොවේ දෙකක් කියල අඳුරගන්න
මේක තමයි බුද්ධිය කියල සරලවම කියන්නේ.
ඔතන ප්‍රශ්නේ එන්නේ, knowledge කියන එක ආවම. අපිට පලවෙනි පාරට IQ ටෙස්ට් එක බැරි වුනාම, අපි ඒ learning එක අපේ දැනුමට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ වගේම IQ ප්‍රශ්නයක් ආවම අර knowledge එක use කරලා පාස් වෙනවා. හැබැයි ඒ බුද්ධිය වැඩි වීමක් නෙවෙයි. දැනුම වැඩි කර ගන්න පුළුවන්. thinking එක වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි බුද්ධිය වැඩි කර ගන්න බැහැ.ඔය දැනට තියෙන IQ තියරි ගොඩක් ඒවායේ intelligence කියන එකට කවුරුත් එකඟ වෙන පැහැදිලි කිරීමක් නැහැ.
ඔය සමහර ටෙස්ට් තියෙනවා, ප්‍රශ්නෙට උත්තර හතරක් තියෙනවා. අහන්නේ, දීල තියෙන ප්‍රශ්නේ කියවෙන අදහසම දෙන උත්තරය මොකද්ද කියල. උඩින් බැලුවම උත්තර හතරම එකම වගේ. මේවායේදී බුද්ධිය වැඩි එකාට (මීටර් වලට ) ඒ වගේ ටෙස්ට් nothing.
තව මතක් වුන දෙයක්.
බුදු හාමුදුරුවෝ අභිදර්මයෙදී පරමාර්ථ ධර්ම 82 ප්‍රත්‍ය 24 කියල බෙදා ගෙන යන්නෙත් ඔය විදියටම තමයි. අපිට පේන්නේ (දැන්නේනේ ) සිත කියල එකක්. ඒත් ඒක එකක් නෙවෙයි සිත සහ චයිතසික කියල දෙකක් කියල උන් වහන්සේ දැක්ක. ඒ චෛතසිකත් සමානකම් වෙනස්කම් බල බල තව 52ක් වෙනකම් බෙදුව. එහෙම බෙදල තවත් එහාට බෙදන්න බැහැ කියලත් දැක්ක.