බුද්ධීමතුන් සදහා පමණි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බුද්ධීමතුන් සදහා පමණි

    භික්ෂු අධ්‍යාපනයේ පිරිහීම මේ වගේ සිදුවීම් ඇතිවීමට හේතුවයි.

    medananda-himi.png

    සියලුම බෞද්ධ භික්ෂුන් එකට රැස්වී සිය දිවි නසා ගත්තත් මේ සත්ව ඝාතන සිදුවනඑක වළක්වන්න බැහැ. - එල්ලාවල මේධානන්ද හිමි

    ගව ඝාතනය අහෝසි කළ යුතුය යන පරමාර්ථයෙන් සිය දිවි නසා ගත් භික්ෂුන් වහන්සේගේ ක්‍රියාව ‍කොතෙක් දුරට බුදුදහමට එකඟද යන්න ගැන හා එහි ප්‍රතිවිපාක ගැනත්, ඉදිරියේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා මැතිවරණය ගැනත් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් දැක්වූ අදහස් මෙසේය.

    * ගව ඝාතනය අහෝසි කළ යුතුය යන මතය ඔබ වහන්සේ පිළිගන්නවාද?
    ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුය කියන මතයේ මම ඉන්නවා. නමුත් එය ප්‍රායෝගිකව කළ හැකි වැඩක් නෙමෙයි.

    * ඔබ වහන්සේ එහෙම කියන්නේ ඇයි?
    බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ අල්ලපු වත්තේ හිටපු චුන්දසුකර අවුරුදු පනස් හතරක් ඌරන් මැරුවා. බුදු හාමුදුරුවෝ කොසොල් රජ්ජුරුවන් ගෙන් ගව ඝාතනය නවත්වන්න නීති පනවන්න කියලා ඉල්ලීමක් කළේ නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේ චුන්දසුකරට ගව ඝාතනයේ ආදීනව කියලා දෙන්න උත්සාහ කළේ නැහැ. එහෙම නොකළේ ඔහු‍ට එහි ආදීනව කියා දීමෙන් පලක් නොවන නිසයි.

    සත්ව ඝාතනය ලෝකය ආරම්භයේ සිටම තිබූ දෙයක්. නීතියක් මඟින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ කවදාවත් සත්ත්ව ඝාතනය මුළුමනින්ම අහෝසි කිරීමට හැකියාවක් ලැබී නැහැ. ඒ වගේම සත්ව ඝාතනය මුළුමනින්ම නවත්වන්න කිසිම ආගමකට බැරිවෙලා තිබෙනවා. මෙවැනි නීතියක් ගෙන ඒම ප්‍රායෝගික නැහැයි කියන්නෙ ඒ නිසයි.

    * ලංකා ඉතිහාසයේ සමහර කාලවල ගව ඝාතනය තහනම් කර තිබූ බව සඳහන් වෙනවා නේද?
    අනුරාධපුර යුගයේ මුල් කාලේ ආමන්ත ගාමිණී රජු ‘මාඝාතය’ නමින් නීතියක් පනවා සත්ව ඝාතනය තහනම් කළා. නමුත් එය ඔහුගේ පාලන කාලයේ දීම යථාර්ථයක් වුණේ නැහැ. සියයට සියයක්ම බෞද්ධයන් සිටියේ යැයි කිව හැකි ඒ යුගයේත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි වූ නීතියක් වර්තමානයේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම තේරුමක් නැහැ. අනෙක් අතට එදා පැවතියේ රාජාණ්ඩු ක්‍රමයක්. නමුත් වර්තමානයේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්. ඒ යටතේ නිර්මාංශ ක්‍රමයක් නීතියක් යටතේ ඇති කිරීමට උත්සාහ කිරීම මානව හිමිකම් කැඩීමක්. අපිට කරන්න පුළුවන් සත්ව ඝාතනයේ ආදීනව කියා දීමෙන් හා සතර අපායේ දුක කියාදීමෙන් මස් ආහාරයට ගැනීමට යොමුවීම වැළැක්වීමයි. මේක සියදිවි නසා ගැනීමෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සත්ව ඝාතනයට එරෙහි සියලුම බෞද්ධ භික්ෂුන් එකට රැස්වී සිය දිවි නසා ගත්තත් මේ සත්ව ඝාතන සිදුවනඑක වළක්වන්න බැහැ.

    එසේ වුවත් ගව ඝාතනය අහෝසි කිරීමේ ඉල්ලීම 1956 සිට වරින්වර මතුව තිබෙනවා නේද?

    නීතියක් ගෙනැවිත් ගව ඝාතනය තහනම් කිරීම වර්තමාන ලෝක රටාවට ගැළපෙන්නේ නැහැ. හරක් මස් ආහාරයට ගැනීම මුස්ලිම් ජනතාවගේ සමාජ චාරිත්‍රයක්. අනෙක් පැත්තෙන් හරක් මස් ආහාරයට ගන්නේ අන්‍යාගමිකයන් පමණක් නොවෙයි, සිංහල බෞද්ධයොත් හරක් මස් කනවා. 56 දී මේ ඉල්ලීම ආපු මොහොතේ බණ්ඩාරනායක මහත්තයා කිව්වෙත් ‘මස් කන එක නවත්වන්න, එවිට මස් මැරීම ඉබේම නවතීවි කියලයි’ මේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම එය යි.

    එහෙම නැතිව නීතියක් ගෙනැවිත් ගව ඝාතනය නැවැත්වීමට උත්සාහ කළොත් වෙනත් රටවල් එය මූලධර්මවාදී ක්‍රියාවක් විදිහට දකීවි. මේක නැති ප්‍රශ්න ඇති කර ගැනීමක්.

    * මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සත්ව අවිහිංසා පනත නැවත ගෙන ඒම ගැන සාකච්ඡාවක් ඇතිව තිබෙනවා. ඒ ගැන ඔබ වහන්සේගේ මතය කුමක් ද?
    සත්ව අවිහිංසාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවෙදි සාකච්ඡාවට ගැනුණේ නැත්තෙ පක්‍ෂ අතර පොදු සම්මුතියක් ඇතිවුණේ නැති නිසයි. පෞද්ගලික ජනප්‍රියත්වය තකා සමහරු එවැනි යෝජනා ගෙනෙනවා.

    නමුත් නීතියක් ගෙන ඒමේදී සමස්ත රට වැසියන් ගැන සිතිය යුතුයි. පොදුවේ සියලු දෙනාටම පිළිගත නොහැකි යෝජනාවක් ගෙන ඒමෙන් කාටවත් සෙතක් වෙන්නේ නැහැ. අනිත් අතට ජනතාව කන, නොකන දේවල් තීරණය කිරීම ඒ ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් හා ඔවුන්ගේ විශ්වාසයන් මත සිදුවන දෙයක්. එය නීතියකින් කළ හැක්කක් නෙවෙයි.

    * ඔබ වහන්සේ එසේ පැවසුවත් විවිධ ජාතීන් හා ආගමිකයන් ජීවත් වන ඉන්දියාවේ ගව ඝාතනය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා නේද?
    ඔව්. ඉන්දියාවේ ගව ඝාතනය තහනම් කෙරෙන නීතියක් නම් තිබෙනවා. නමුත් එහෙ හරක් මරන එක නම් නැවතිලා නැහැ.

    * ගව ඝාතනය අහෝසි කිරීම ගැන සමාජ අවධානය යොමු කරන්න භික්ෂුන් වහන්සේ නමක් සියදිවි නසා ගැනීම ගැන ඔබ වහන්සේගේ මතය කුමක්ද?
    බුදු දහමට අනුව කුසල් ක්‍රියාවක් සඳහා වූවත් අකුසලයක් කළ නොහැකියි. සත්ව ඝාතනය පාපයක්. එය සිදුවීම සඳහා පණ ඇති සතෙක් වීම, පණ තිබෙන බව දැන ගැනීම, මරණ චේතනාවක් තිබීම, ඒ සඳහා උපායක් යෙදීම හා එයින් මරණය සිදුවීම සිදු කළ යුතුයි.

    උතුම් අරමුණක් සඳහා වූවත් සියදිවි නසා ගැනීමෙන් භික්ෂුන් වහන්සේ පාපයක් සිදු කර ගෙන තිබෙනවා. උන්වහන්සේ වෙනත් කෙනෙකුගේ දිවි තොර කරනවා වෙනුවට තමන්ගේම දිවි නැති කරගෙන තිබෙනවා. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු කරුණු පහෙන් සතරක්ම සියදිවි නසා ගැනීමේදි සිදු වෙනවා එය සැලකෙන්නේ අත්ථඝාතක පාපයක් ලෙසයි. ප්‍රාණඝාතයේ ප්‍රතිඵලයක් හැටියට සතර අපායේ වැටී දුක් විඳීමට සිදුවෙනවා. එය ගිහියන්ට මෙන්ම භික්ෂුන්ටත් අදාළයි.

    නීතිය අනුව බැලුවත් මනුෂ්‍ය ඝාතනය මෙන්ම සියදිවි නසා ගැනීමත් වරදක්. සියදිවි නසා ගැනීමට උත්සාහ කරන්නන් නීතියේ ක්‍රියාමාර්ගයන්ට යටත් කරන්නේ ඒ නිසයි. සත්ව ඝාතනයට විරුද්ධ වීම හොඳ දෙයක්. එහෙත් ඒ සඳහා සියදිවි නසා ගැනීම අනුවණ ක්‍රියාවක්.

    * එම භික්ෂුව සියදිවි නසා ගත්තේ සමාජීය අරමුණක් වෙනුවෙන්. මෙයට පෙර වියට්නාමය වැනි රටවල එලෙස පොදු අරමුණක් වෙනුවෙන් සියදිවි නසාගත් අවස්ථා දකින්න ලැබෙනවා නේද?
    වියට්නාමයේ ක්වෑන්ග් ඩක් භික්ෂුව සියදිවි නසා ගැනීමෙන් පසු ඒ අනුව යමින් ඒ රටේ හා ටිබෙටය ආදි වෙනත් රටවල භික්ෂුන් හැත්තෑවක් පමණ සියදිවි හානි කරගෙන තිබෙනවා. මේ හැම රටක්ම මහායානික බෞද්ධාගමික රටවල්. අපේ රටේ පවතින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ආරම්භව මිහිඳු හිමියන්ගෙන් පැවැත එන නිර්මල ථේරවාදී සංඝ පරපුරක්. ජතික හා ආගමික ප්‍රශ්නවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළේ බුද්ධිමත් මහා සංඝ රත්නයයි. ඒනිසා සංඝරත්නය ආරක්ෂා කිරීම වැදගත්. ජාතික හා ශාසනික වශයෙන් රැඩිකල් භික්ෂු පරපුර යටි උගුල් අටවන්නන්ට හසු නොවියුතුයි. මෙතෙක් කලක් මේ රටේ කිසිම භික්ෂුවක් සියදිවි හානි කර ගත්තේ නැහැ. අපේ සම්ප්‍රදාය අනුව එය වැරැදි ක්‍රියාවක්. භික්ෂුත්වයට නිග්‍රහයක්.

    අපේ භික්ෂු පරපුර අභියෝග ජය ගත්තේ ශාන්තියේ හා අධිෂ්ඨානයේ බලයෙන්. මෙවැනි ක්‍රියාවන්ට වීරත්වයක් ආරෝපණය කිරීම කිසි ලෙසකින් බුදු දහමට ගැළපෙන්නේ නෑ. ඒ වගේම සියදිවි නසා ගැනීම දාන පාරමිතාවක් ලෙස දැක්වීමත් වැරදියි.

    * කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා නිසා අනාගත භික්ෂු පරපුරට වැරැදි ආදර්ශයක් ලැබී තිබෙනවා. එය නිවැරැදි කළ යුත්තේ කෙසේද?
    මේක නරක ආදර්ශයක්. අනුවණ ක්‍රියාවක්. මේ වගේ සිදුවීම් ඇතිවීමට හේතුව භික්ෂු අධ්‍යාපනයේ පිරිහීමයි. අද භික්ෂුන්ට ලැබෙන්නේ ගිහියන්ට ලැබෙන අධ්‍යාපනයමයි. පැරැණි ආරාමගත අධ්‍යාපනය කඩා වැටී තිබෙනවා. භික්ෂුන් ගිහියන් කරන දේවල් කරන්න යනවා.

    මේ නිසා භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් හැටියට සිදුවිය යුතුයි. එතැනදි ගිහියන්ට අවශ්‍ය දේවල් භික්ෂුන්ට උගන්වනවා වෙනුවට භික්ෂුත්වයට අවශ්‍ය්‍ය දේවල් ඔවුන්ට කියා දිය යුතුයි. එවිට මෙවැනි ගැටලු ඇති වෙන්නේ නැහැ.

    සුද්දගේ කාලේ සිට භික්ෂු අධ්‍යාපනය විනාශ කිරීමට විවිධ ක්‍රියාමාර්ග දියත් වුණා. සමාජයේ භික්ෂුන්ට ඇති ගෞරවය නැති කරන්න ඔවුන් උත්සාහ කළා. එදා සුද්දාට කරන්න බැරිවූ සමහර දේවල් අපේ සමහර දෙනෙක්ගේ අභූත ශාසනික ක්‍රියා නිසා ඉබේම ඉටුවෙනවා. මෙවැනි ක්‍රියා නිසා පොදු මහජනයා අතර භික්ෂුන් වහන්සේට ඇති ගෞරවය ඈත්වීමක් සිදුවෙනවා. ඒ නිසා අපි මේ ගැන බුද්ධිමත්ව කල්පනා කර පිළියම් යෙදිය යුතුයි.

    සමහර දෙනෙක් ඒ සිදුවීම රජයට එරෙහිව භාවිතා කිරීමට උත්සාහ කරනවා. සමහරු බුද්ධ ශාසනයට විරුද්ධවත් පාවිච්චි කරනවා. ඒ එක්කම තවත් සමහරු ලාබ ජනප්‍රියත්වයටත් පාවිච්චි කරනවා. එය අප තේරුම්ගත යුතුයි.

    * ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ හා අන්තවාදය හිස ඔසවමින් සිටින බවට බටහිර රටවල් නඟන චෝදනාව ඇත්තක්ද?
    මේ රටේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් කිසි දවසක තිබුණේ නැහැ. තිබුණේ සුළු ජාතී අන්තවාදීන් පිරිසකගේ ත්‍රස්තවාදයක්. දැන් එය අවසන්. සිංහලයන් හා බෞද්ධ භික්ෂුන් සුළු ජාතීන්ට කරදර කරනවා කියන එක. අන්තර්ජාතිකව පතුරුවන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඒක ඔවුන් කරන්නේ දේශපාලන වුවමනාවක් මතයි.

    * පළාත් සභා ක්‍රමයට සංශෝධනයක් අවශ්‍යය යන මතයේ ඔබ වහන්සේ සිටිනවාද?
    මගේ මතය සංශෝධන නොවෙයි, පළාත් සභා ක්‍රමයම අහෝසි කළ යුතුය යන්නයි. මේක සූදු අලියෙක්.

    * දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් සභා ක්‍රමය පවතිද්දී විරුද්ධ නොවූ බොහෝදෙනා උතුරේ ඡන්දය කැඳවූ පසු විරුද්ධවීම අහේතුක නේද?
    මම පළාත් සභා ක්‍රමයට එදත්, අදත් විරුද්ධයි. පළාත් සභා කියන්නේ එක එක පැත්තට කඹ ඇද ඇද ඉන්න පාලන ක්‍රමයක්. අපිට ගැළපෙන්නේ කලින් තිබුණා වගේ දිස්ත්‍රික් ක්‍රමය මත පදනම් වෙච්ච දිසාපති පාලන ක්‍රමයක්.

    සාකච්ඡා කළේ
    චන්දන ජයවීර
    දිනමිණ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නීතියක් ගෙනැවිත් ගව ඝාතනය තහනම් කිරීම වර්තමාන ලෝක රටාවට ගැළපෙන්නේ නැහැ. හරක් මස් ආහාරයට ගැනීම මුස්ලිම් ජනතාවගේ සමාජ චාරිත්‍රයක්. අනෙක් පැත්තෙන් හරක් මස් ආහාරයට ගන්නේ අන්‍යාගමිකයන් පමණක් නොවෙයි, සිංහල බෞද්ධයොත් හරක් මස් කනවා. 56 දී මේ ඉල්ලීම ආපු මොහොතේ බණ්ඩාරනායක මහත්තයා කිව්වෙත් ‘මස් කන එක නවත්වන්න, එවිට මස් මැරීම ඉබේම නවතීවි කියලයි’ මේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම එය යි.

    :yes::yes:මම කියන්නෙත් නිති වලින් ඔක නවත්වන්න හොද නැහැ නොකා හිටියාම ඉබෙම නවතිනවා ඉස්සර අපෙ ටවුන් එකෙ හරක් මස් කඩයක් තිබුනා පස්සෙ මිනිස්සු කන එක ගොඩාක් අඩු කරා දැන් එක වැහිලා උන්ට බිස්නස් නැති නිසා
    ගැනුම් කරුවො නැත්නම් හරක් මරන්නෙ නැහැ එ නිසා කන එක නවත්වන්න ඔන මිනිස්සු ඔන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැතිව හරක් මරන එක 90%ක් නවතියි
     
    :yes::yes::yes::yes:100% agree
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රත්තරං;15047285 said:
    මොකෝ කියන්නේ අපි කරලා පෙන්නන්නද??
    බොලව් මේ ත්‍රෙඩ් දලා තියෙන්නේ යමක් කමක් තෙරුම් ගන්න ඔළුවක් තියන උන්දැලට , බයිසිකල් පිහිදාන මීමොන්ට මේවා තෙරෙන්නේ නෑ බොලව්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බයිසිකල් පිහිදාන ජොබ් කොරන එකා ෆෙක් එකෙකින් මේ දැන් ලොග් වුනා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නීතියක් ගෙනැවිත් ගව ඝාතනය තහනම් කිරීම වර්තමාන ලෝක රටාවට ගැළපෙන්නේ නැහැ. හරක් මස් ආහාරයට ගැනීම මුස්ලිම් ජනතාවගේ සමාජ චාරිත්‍රයක්. අනෙක් පැත්තෙන් හරක් මස් ආහාරයට ගන්නේ අන්‍යාගමිකයන් පමණක් නොවෙයි, සිංහල බෞද්ධයොත් හරක් මස් කනවා. 56 දී මේ ඉල්ලීම ආපු මොහොතේ බණ්ඩාරනායක මහත්තයා කිව්වෙත් ‘මස් කන එක නවත්වන්න, එවිට මස් මැරීම ඉබේම නවතීවි කියලයි’ මේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම එය යි.

    :yes::yes:මම කියන්නෙත් නිති වලින් ඔක නවත්වන්න හොද නැහැ නොකා හිටියාම ඉබෙම නවතිනවා ඉස්සර අපෙ ටවුන් එකෙ හරක් මස් කඩයක් තිබුනා පස්සෙ මිනිස්සු කන එක ගොඩාක් අඩු කරා දැන් එක වැහිලා උන්ට බිස්නස් නැති නිසා
    ගැනුම් කරුවො නැත්නම් හරක් මරන්නෙ නැහැ එ නිසා කන එක නවත්වන්න ඔන මිනිස්සු ඔන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැතිව හරක් මරන එක 90%ක් නවතියි

    100% agreed.. but shame on people who are unable to understand the utter truth
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බයිසිකල් පිහිදාන ජොබ් කොරන එකා ෆෙක් එකෙකින් මේ දැන් ලොග් වුනා

    බයිසිකල් පිහිදාන ජොබ් කොරන එකා ??????????
    machan job eka anuwa minissu pahath karala salakanna epa. Every job is important. :angry::angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    I am proud to be a Buddhist. Lord Buddha taught us guidelines for our life with understanding. But not strict rules that we MUST obey by force.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    නීතියක් ගෙනැවිත් ගව ඝාතනය තහනම් කිරීම වර්තමාන ලෝක රටාවට ගැළපෙන්නේ නැහැ. හරක් මස් ආහාරයට ගැනීම මුස්ලිම් ජනතාවගේ සමාජ චාරිත්‍රයක්. අනෙක් පැත්තෙන් හරක් මස් ආහාරයට ගන්නේ අන්‍යාගමිකයන් පමණක් නොවෙයි, සිංහල බෞද්ධයොත් හරක් මස් කනවා. 56 දී මේ ඉල්ලීම ආපු මොහොතේ බණ්ඩාරනායක මහත්තයා කිව්වෙත් ‘මස් කන එක නවත්වන්න, එවිට මස් මැරීම ඉබේම නවතීවි කියලයි’ මේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම එය යි.

    :yes::yes:මම කියන්නෙත් නිති වලින් ඔක නවත්වන්න හොද නැහැ නොකා හිටියාම ඉබෙම නවතිනවා ඉස්සර අපෙ ටවුන් එකෙ හරක් මස් කඩයක් තිබුනා පස්සෙ මිනිස්සු කන එක ගොඩාක් අඩු කරා දැන් එක වැහිලා උන්ට බිස්නස් නැති නිසා
    ගැනුම් කරුවො නැත්නම් හරක් මරන්නෙ නැහැ එ නිසා කන එක නවත්වන්න ඔන මිනිස්සු ඔන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැතිව හරක් මරන එක 90%ක් නවතියි

    :yes::yes: ow
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරකෙක්ව කන්නේ කොහොමද බන් මේ රටේ ඉන්න පො**න හුයන්නන්ට ඕක තේරෙන්නැද්ද,,..

    එතකොට මේ හාමුදුරුවොත් ඔය කියන ගොඩටද අයිති?

    රත්තරං;15047285 said:
    මොකෝ කියන්නේ අපි කරලා පෙන්නන්නද??
    අප්ෆ්ෆට දෙමඩගොඩ සින්හය ඇවිත් :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සම්පුර්ණ ඇත්ත සත්‍ය තියනවා මේ ලිපියේ. එත් මේ සත්‍ය තේරුම්ගන්න බුද්ධිය අවශ්‍යයි. බුද්ධිය නැති උදවියට මේවා තේරුම්ගන්න අමාරුයි. එකයි මේ අර්බුද මතුවෙන්නේ. මේ හරක් මරණ එක නවත්වන්න කියන උදවිය පුර්ණ නිර්මාංශික උදවියද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මහලොකු ඉතිහාසඥයා. ඒ වුණාට එයාගෙ ලෝක සිතියමේ මැද පෙරදිග හරියෙ මුහුදද කොහෙද තියන්නෙ. එනව මෙතන මානව හිමිකම් ගැන කතා කරන්න.:angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අපේ භික්ෂු පරපුර අභියෝග ජය ගත්තේ ශාන්තියේ හා අධිෂ්ඨානයේ බලයෙන්. මෙවැනි ක්‍රියාවන්ට වීරත්වයක් ආරෝපණය කිරීම කිසි ලෙසකින් බුදු දහමට ගැළපෙන්නේ නෑ. ඒ වගේම සියදිවි නසා ගැනීම දාන පාරමිතාවක් ලෙස දැක්වීමත් වැරදියි.
    පෝලිමට පො$#@Wයා කියමින් කඩේ ගිය බෞද්ධයැයි කියන අයට රෙදි නෑ. 6+ TFS
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහලොකු ඉතිහාසඥයා. ඒ වුණාට එයාගෙ ලෝක සිතියමේ මැද පෙරදිග හරියෙ මුහුදද කොහෙද තියන්නෙ. එනව මෙතන මානව හිමිකම් ගැන කතා කරන්න.:angry::angry:
    මානව හිමිකම් නැති නිසා තමයි උන්ට ඔය සැරින් සැරේ ටික ටික වදින්නෙ, තෙල් නැතිවුනා, මුන්ට වහ තමයි කන්න වෙන්නෙ.