බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් සතිය

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් සතිය

    බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය ...

    එකක්වත් නෙමෙයි,
    බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය. තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්‍ය.

    අද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවා.
    ඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලාද...
    අපි හිතා බැලිය යුතුමයි.

    එන්න ඇති කරමු සමාජ කතිකාවතක්.

    මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර කියලා දෙන ලෝකයේ පහළවෙන ශ්‍රේෂ්ඨතම පිරිසක්
    ඒකත් හරි කියමුකො දැන් අපි ඒ කාලාන්තරයකට වරක් පහළ වන අවස්ථාවෙන් ලබාගත්තු දේවල් මොනාද?
    ඔබ මේ ගැන හිතලා තියෙනවද බලන්න

    උදාහරණයක්,

    බුදුන් දේශනා කළ සසර්‍රින් එතෙර වීමේ ක්‍රමවේදය
    ඒ ක්‍රමවේදය හොයාගත්තු දවස සමරන්න අද අපි කරන්නෙ මොනාද?
    ඒ ක්‍රමවේදයේ නිර්මාතෘවරයාට පූජා පවත්වනවා
    දාන මාන ආදිය දෙනවා
    ඒ නමින් කූඩු හදනවා
    ලයිට් වැල් දානවා කොඩි එල්ලනවා
    නිර්මාතෘ ගැන තොරන් හදනවා
    බුදුන් දේශනා නොකල සිල් රකිනවා
    මල් ලක්ෂ ගණනින් මහා පූජා පවත්වනවා
    දන්සල් දෙනවා ඒවගේ රෑට බයිලා දාගෙන නටනවා
    වෙස් මූණු දාගෙන කෙල්ලො බය කරනවා
    වෙසක් බලන්න ට්‍රිප් යනවා

    ළඟදි ටීවි එකෙත් කිවුවා හැමෝම ගෙදර වාහනේ කොඩියක් දාන්න කියලා
    එතකොට බුදු ධහම රැකෙනවලුනෙ
    බුදුන් දේශනා කල ධර්මය යනු ආභරණයක් නොවේ
    ඒය පැළඳිමෙන් පමණක් පලක් වෙන්නෙ නෑ
    ඒ ධර්මය පිළිපදින්න

    පිළිවෙතින් පෙළ ගැහෙන්න
    (ඒකෙත් කලේ බෝඩ් ගැහුව මිසක් කවුරුත් පෙළගැහුනෙ නම් නෑ)

    ඇත්ත ඉහත සමහරක් යහපත් පූජා කරද්දි ඔබට යම් සහනයක් ලැබෙයි සැපසම්පත් ලැබෙයි ඒත් ඒ බුදුන් වදාළ මාර්ගය නෙමෙයි ලැබෙනව නම් ලැබෙන්නේ මේ ලෝකි එතෙක් මෙතෙක් පහළ උන ශ්‍රේෂ්ඨතමයාගේ තියෙන කරුණා ගුණයට කරන පූජාවක් නිසයි

    මදක් හිතන්න
    ඔබ එගොඩට යන්න තියෙන පාලම දිහා බලාගෙන
    ඒකට මල් තියලා වඳිනවා පහන් පත්තු කරනවා
    පාලමේ කූඩු එල්ලනවා ලයිට් දානවා

    ඔබ කවදාවත් ඒ පාලමේ යන්න හිතුවේ නෑ නේද?

    ගොඩනගමු සමාජ කතිකාවතක්
    පාලමට වැඳිමෙන් පාලමෙන් එගොඩවිය නොහැක
    අපි දැන්වත් පාලමෙන් ගොඩවෙන්නට පටන් ගනිමු!

    කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
    කිච්ඡං මච්චාන ජීවිතං
    කිච්ඡං සද්ධංම්ම සවණං
    කිච්ඡෝ බුද්ධානං උප්පාදො

    මිනිසත් බව ලැබීම දුෂ්කරය.
    මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.
    බණ ඇසීම දුර්ලභ ය.
    බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ ය
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mm

    Ada poya th media walin market karanawa...Hiru TV eke udey yanawa Daham sakachchawak..eka meheyawanne night club yana ekek..Man kalin Sirasa eke hitiye,,,me wadasatahaney karanne Astrologers la,gurukan karana aya gennala buddhism walata challenge wena dewal katha karawana eka.

    Poyata Megabite ekak wage karanne un..

    Lankawe sinhala paththarayak baluwama penawa wena dewal,,public place ekeka,,pansalaka giyama penawa sinhala gahanu bageta heluwen adinne kiyala kothanatath dan...

    Bana ahanna edaganne hamuduruwo essarahin breast bageta eliye dagena...hamuduruwarunta dane piligannana "upasaka ammalage" breast eliye dane piligannana welawata...samanya minissu newei pavidi ayath mewa dakinakota moko wenne...

    Hariyata panasalata wath adinna hasirenna nodanna aya baudda da??
     
    හිරු එකේ අරමුණ හරිම පැහැදිලියි.
    ඔය ‍වැඩසටහනේ ආකෘතිය ඇත්තටම මිනිස්සු ගොඩක් කැමති එකක් ගුප්ත දේ දැනගන්න මිනිස්සු ස්වභාවයෙන්ම
    කැමතියිනෙ. අන්න ඒ දේ ප්‍රයෝජනයට අරන් ‍මිනිස්සු ගෙනල්ලා කුකුල්ලු කොටවනවා වගේ කොටවලා ඒක මාකට්
    කරන එකයි ඕකෙ කරන්නෙ. කවදාවත් ප්‍රශ්ණයක් ඉවර කරන්නෙ නෑ හෝද හෝද මඩේ දානවා. ඒකට
    හාමුදුරුකෙනෙකුත් එකතු වෙලා ඉන්න එකයි කණගාටුව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වානිජකරනය වෙලා.. දැන් ටිකකට කලින් ස්වර්නවාහිනියෙ, සන්ලයිට් එකෙන් පහන් පූජවක් කරනවා.. ඒකෙදි උන් කිව්වෙම ජනතාව හදුනන සන්ලයිට් වෙලද නාමයේ වැඩක් කියන එක. කලකිරෙනවා මේවා දැක්කම.