බුදුගුණ අනන්තයි..අත්දුටුවෙමි.......!!!!!!
මචං මම මේ කියන එක බොරු නම් මට හෙන හතම වදින්ඩ ඕනෙ.
මම සෑහෙන්ඩ බෞද්ධ ධර්මයට නැඹුරු කෙනෙක්.බොරුවට ෂෝ එකට එහෙම නැත්තන් ස්ටයිල් එකට ආගම දර්මය අදහනව නෙමේ.හදපිරි භක්තියෙන්ම අදහන ධර්මයක්.මම හැමදාම හවසට තෙල් මල් පහන් පූජ කරල ඝන දෙවියන්ට පහන තියල තමා හවස වැඩ කටයුතු පටන් ගන්නේ.මට මේකට මග පෙන්නුවේ එක්තරා ගුරුවරයෙක්.එයා කවුද කියන එක පස්සේ වෙලාවක කියන්නම්.මම පන්සිල් පද පහ පුලුවන් උපරිමෙන්ම රකිනව.අඩුමතරමින් මම මස් මාලු කන එක පවා නතර කරල තියෙන්නේ.දැන් උඹල බලයි මූ පිස්සෙක් මූ අපිට බයිල ගහනව කියල.
මෙතනින් එහාට මේක කියවන උන් බුදුගුණ දේවබල (Invisible powers) ගැන විශ්වාශ නැත්තන් කියවන්ඩ එපා.තේරුමක් නෑ.
බුදුගුණ සහ දේවබල ගැණ විශ්වාශ තියෙන අය මේ ටික කියෙව්වට වරදක් නෑ.අපි දිහා දෙවියොවත් බලන්නේ නෑනේ.දේවියෝ කියල ජාතියක් ඉන්නවද බන් කියන අය ඕගොල්ලෝ ඕන තරම් අහල ඇති.නමුත් ඇත්ත කතන්දරේ දෙවියෝ කියල කොට්ටාශයක් ඉන්නව.අපි ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වෙන්ඩ නම් යම් ක්‍රමවේදයක් තියෙනව.ඒ ගැන පස්සේ වෙලාවක කියන්නම්.ඒ දෙවිවරු අපිව පිලිගත්තෝත් අපිට ඕනෑම සුබ කටයුත්තකදි අපිට පිහිට වෙනවා වෙනවාමයි.
දැන් බලයි යකෝ කොහොමද දෙවිවරු කතා කරන්නේ මොන බොරුද මූ කියන්නේ කියල.අපිට වඩා දියුණු පිටිසක්වල ජීවීන් ඔවුනොවුන් අතර සම්බන්ධතා ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ඒරියා 51 ගැන අද්‍යනය කලොත් ඔබට තේරේවි.අපි විද්‍යාවේදී මෙම ක්‍රමය හඳුන්වනුයේ ටෙලිපති ක්‍රමය යන නමින්.
මම දැන් කියන්නම් ඔවුන් මට පිහිට වෙච්ච අවස්තාවක්.මට මේ ගැන ලියන්ඩ හිතුනේ මේ සිද්ධිය නිසාමයි
මගෙ ඇහැට ඊයෙ රෑ රොඩ්ඩක් ගිහින් ඉවසන්ඩ බැරි වේදනාවක් ආව.ඇහැට පිම්බා,වතුරට හේදුවා මෙලෝ සෙල්ලමක් දම්මත් හරි ගියේ නෑ.පස්සේ බැරිම තන වේදනාව උහුලගෙනම රෑ නින්දට ගියා.මොන නිදාගන්නවද ඇහැ කෙවෙනව.පැය එකහමාරක් විතර ඇඳේ ඒ මේ අත පෙරලි පෙරලි හිටියා.මම හිතුවේ හෙට බේත්ගේන්ඩ යන්ඩ වෙයිද කියල.
පස්සේ මට හිතුන බලමූ මේක චිත්ත ශක්තියෙන් නැති කරන්ඩ පුලුවන්ද කියල.මම වේදනාව පිටින්ම ඇස් දෙක පියාගෙන මෙන්න මෙහෙම ප්‍රාර්තනා කලා.
"අප ලොව්තුරු අමාමෑණී බුදුපියානන් වහන්සේගේ බුදුගුණ සත්‍ය නම්ද ඝණදෙවි ඔබ වහන්සේගේ දෙවිබලය සත්‍ය නම් මගේ මේ ඇසේ වේදනාව සුව අතට පත්වේවා."
උඹල විශ්වාශ කරපල්ල එක පාරටම ඇඟ වෙව්ලල ගියා.පස්සේ මම හෙමින් සැරේ ඇස්දෙක ඇරියා.ඇස්දෙකේ තිබ්බේ කඳුලු බින්දු තුනයි.අර වේදනාව කොහෙන් ගියාද නෑ.
මේ මට පිහිට වෙච්ච එක අවස්තාවක් විතරයි.මේ හැබැයි මගේ ශරීරයේ වේදනාවකට පිහිට වුන මුල්ම අවස්තාව.මට ඒකේන් තවත් බුදුගුණ සහ දෙව්බලය චිත්ත ශක්තිය ගැන පැහැදුනා.
මම මේකෙන් කියන්ඩ ගියේ මම කෙරුමෙක් කියන එක නෙමේ.බුදුගුණ බලය සහ පංචශීලය හැකි ඉහලින් ආරක්ශා කරන ම්නිහෙක් දිහා දෙවියන් නොබල ඉන්නේ නෑ.
මේ සඳහා මට මග පෙන්වූ මාගේ ගුරුවරයාටත්,මාගේ ගුරුවරයාගේ ගුරුවරයා වූ පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනා හිමියන්ටත් මේ පින් අනුමෝදන් වේවා...