බුදුදහමේ සදහන් අභිරහස් අසුර අපාය යනු දියකිදුරියෝම තමයි..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    75a10dd057854c9e9b82185cfd3a6be2.jpg

    වෙන මොක්කුන්ටද මේ අපාය ඉන්න අයව අපිට සමාන කරන්න පුලුවන් ? මගේ පර්යේක්ෂණ හැටියට දියකිදුරු ලෝකය බොරුවක් හෝ හිතලුවක් නෙමේ ..

    අසුරයෝ කිව්වම වර්ග කිහිපයක් ඉන්නවා..

    1) රාවණා යුගයේ ලංකාවේ සිටි ස්වදේශික මිනිසුන්
    2)ප්‍රේත අපායට අයත් කාලකන්ජික අසුරයෝ
    3)දෙව්ලොව වසන අසුරයෝ
    4) අසුර අපායට අයත් අසුරයෝ -මෙය දිය කිදුරු ලෝකය වීමට ඇති ඉඩකඩ වැඩියි

    පහාරාද සුත්‍රයේදී මුහුද ඇසුරු කරගනිමින් වෙසෙන අසුරයන් පිලිබදව ද විස්තර වෙයි.අපායක් කියන්නේ කීයටවත් මිනිස් ලෝකෙට අයිති දෙයක් නෙමේ .අනික දිය කිදුරියෝ කියන්නේ තිරිසන්නුනම් තිරිසන් අපායට දාන්න තිබ්බා.ඒත් එහෙම දාන්නත් බෑ මොකද කොටසක් මිනිස් ශරීරයකින් යුක්ත නිසා. අනික් අතින් අසුර අපායේ අසුරයෝ කියන්නේ ප්‍රේතයෝ වෙන්න බෑ. එහෙනම් බුදුහමුදුරුවන්ට තිබ්බා සතර අපායක් ගැන නොකියා තුන් අපායක් ගැන පමණක් කියන්න.. මගේ මතය නම් බුදු නුවණට මේ දිය කිදුරු ලෝකය ගෝචර උනා කියලයි...

    ඔගොල්ලොත් මේ ටීවි සීරිස් එක බලන්න.:yes::yes::yes:

    මේ දියකිදුරියෝ දැක්ක අයත් ගොඩක් ඉන්නවා..

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි පිටසක්වළක් පිළිබඳ අපට පැහැදිලිව හඳුනා ගත හැකි සුවිශේෂ තැනක් වන්නේ අසුර ලෝකයයි. එය සතර අපායෙන් (තිරිසන්, ප්‍රේත, අසුර, නිරය) එකකි. අපට නොපෙනෙන, බුද්ධ ඥානයෙන් ඇතැයි කියන මේ අසුර ලෝකය යනු කුමක්ද? සුර නොවන තැන අසුරයි. ධර්මයේ විස්තර වන හැටියට අසුරයෝ දෙවියන්ට වඩා බල සම්පන්න සත්ව කොට්ඨාසයකි. ඒ කෙසේද යත් දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් පැවැතියොත් නියත වශයෙන් අසුරයෝ දිනා ගති. ඔවුහු දෙවියන්ට වඩා දඩබ්බරය, චණ්ඩය, සැඩය. අසුරයන්ට විශ්වය පුරා වේගයෙන් ගමන් කළ හැකිය. ඔවුන්ට අපායේ සිට දිව්‍ය, බ්‍රහ්ම ලෝක කරා ක්ෂණයෙන් යා හැකිය.

    මේ අසුර ලෝකයේ කොටස් පහකි. එනම්,
    1. දේව අසුරය
    2. විනිපාතික අසුරය
    3. වේමාණික අසුරය
    4. ලෝකාන්තරික අසුරය
    5. ප්‍රේත අසුරය

    ඉහත කී අසුරයන් අතුරින් ප්‍රේත අසුරයන් පමණක් නිරෙයහි වාසස්ථාන ගනී.

    දේව අසුරයෝ තමන්ගේ සශ්‍රීකත්වයෙන් හා සම්පත්තියෙන් දෙවියන්ට සමාන කොටසක් බව කියැවේ. විනිපාතික අසුරයෝ ඉතා බලවත් කොටසක් වේ. නිරයෙහි ප්‍රධානියා වන යමරජා ද විනිපාතික අසුරයෙකි. යමපල්ලෝ ද අපායේ රජුගේ සේවකයෝ ද අසුරයෝමය.

    නිරා දුකට වැටෙන නිරි සතුන්ට දඬුවම් නියම කරන්නේ මේ යම රජු වන අසුරයාය. ලෝදිය පොවමින්, කටුගස්හි නංවමින්, අත් පා කපමින්, උල්වලින් අනිමින් නිරි සතුන්ට දැඩි දඬුවම් දෙන්නේ යම රජුගේ ගෝලයන් වන අසුර කොටස්ය.

    නමුත් විනිපාතික අසුරයන්ගෙන් වැඩි කොටස දිව්‍ය ලෝකයට අයත් වේ. ඒ අතර ප්‍රියංකර මාතු, උත්තර මාතු වැනි අසුර නායකයෝ ද ප්‍රමුඛය.

    ලෝකාන්තරික අසුරයෝ, ලෝකාන්තරික නිරයට අයත් වෙන්නාහ.

    මේ අනුව අසුරයන්ගෙන් එක කොටසක් නිරයේ බලවතුන් වන අතර අනෙක් කොටස දිව්‍ය ලෝකයේ බලවතුන් වෙති.

    අට්ඨ කථාවේ දක්වන පරිදි අසුර ප්‍රධානියා පාලියෙන් අසුරින්ද නම් ඔහුම සංස්කෘතයෙන් අසුරෙන්ද්‍ර වේ. බලවත් අසුරයන් කීප දෙනෙක් ගැන කතා කළොත් පහාරාද යන් ඉන් කෙනෙකි. ඔහු මහමුහුදේ සුමේරුගිරි පර්වතයේ වාසය කරන බව කියැවේ.

    සමහර බලවත් අසුරයන්ට ඉර - හඳ - තාරකාවල ගමන පවා වෙනස් කළ හැකිය. ඇතැමුන්ට රාත්‍රියක් දහවල කළ හැකිය. සමහරකුට දහවල රාත්‍රිය කළ හැකිය. විශ්වයේ එපමණට බලයක් අසුරයන්ට පැවැත්විය හැකිය.

    ගංගා මූදු ගොඩ ගැල්විය හැකිය. කඳු සමතලා කළ හැකිය. සමතලා බිම් මැටි පිඬක් සේ ගෙන කඳු කළ හැකිය. බණ පොතේ වේරෝචන අසුර නායකයා යනු රාහුට කියන නමකි. කේන්ද්‍රයේ රාහු බලවත් නම් එය වේරෝචන අසුරයා බලවත් වීමකි. එය තවත් දීර්ඝව යාහැකි මාතෘකාවකි.

    දෙදෙව් ලොවට අධිපති සක්‍ර දිව්‍ය රාජයා විවාහ වී සිටින්නේ අසුර කාන්තාවක සමඟය. ඇය වේමාණික අසුර ලෝකයේ සිටි සුන්දරම අසුරාංගනාවයි. සුජම්පතිකාව නමින් අෑ හඳුන්වයි.

    මේ සුජම්පතිකාවට ස්වයං වරයක් විය. ඒ තමන්ගේ විවාහයට තමාට කැමැති අසුරයකු තෝරා ගැනීමයි. මේ සඳහා බලවත් අසුර නායකයෝ ඉතා ලස්සනට හැඳ පැළඳ සුජම්පතිකාව හමුවට ආහ. මේ අසුරාංගනාවගේ සෝබාව දුටු තාවතිංස දෙව්ලොව වෙසෙන සක්‍ර දෙවියන්ට ද ඇයගේ අත ගැනීමේ උවමනාව ඇති විය.

    සක්‍රයා ද බලවත් අසුරයකු පරිද්දෙන් හැඳ පැළඳ මෙහි ආහ. ෙත්රීම අවසාන විය. සුජම්පතිකාව තෝරා ගත්තේ අසුර වෙස් ගත් සක්‍රයාය. සක්‍ර දෙවියන් මේ අසුරාංගනාව සමග තාවතිංස දිව්‍යා ලෝකයට ගියේය.

    තමන්ගේ අසුර ලියක් පැහැර ගත්තැයි අසුරයන් හා තාවතිංසේ දෙව්වරු තවමත් සටනකය.

    lankadeepa.lk
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දෙවියො කියන්නෙ නපුන්සක ජාතියක්නෙ. උන් ලින්ගික ප්‍රජනනය කරන්නෙ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    asuryo inne pretha loketath pallehen nan.ravanata asura kiyanne mokatada?asura loke idan apu kattiyda hindada?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    asuryo inne pretha loketath pallehen nan.ravanata asura kiyanne mokatada?asura loke idan apu kattiyda hindada?

    දැන් මචන් ඔය සුර අසුර landscape එක තනිකරම වෙනස් වෙලා තියෙන්නෙ.
    උඹ අහල තියෙනව නේද සුර අසුර යුද්දය ගැන?
    ඔය යුද්දය අවුරුදු ගානක තිස්සේ ගියා. මායිම් ගම්මාන වල හිටපු සුර අසුර පොරවල් වලට ගොඩක් අග හිඟකම් පිරුණු දුෂ්කර ජිවිතයක් තිබුනේ.
    ගොඩක් තරුණ අයට ඉස්කෝලෙකට යන්න ලැබිල නැති නිසා අද්යාපන මට්ටම බොහොම දුර්වලයි.
    යුද්දය ඉවර වෙනකං බලන් හිටපු NGO කාරයෝ යුද්දය ඉවර උන ගමන් දුවගෙන ගිහින් පැත්ත දියුණු කරනව කියල පල්ලි හදල අර සුර සහ අසුර කට්ටියව බොන් අගේන් කරා.
    දැන් එහෙ වෙනමම සීන් එකක් යන්නෙ. කට්ටිය පොන් චාර්ග් කරලා වොයිස් හදාගෙන ආතල් එකේ ඉන්නවලු.
     
    • Dislike
    Reactions: Elakiri Appachchi

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    asuryo inne pretha loketath pallehen nan.ravanata asura kiyanne mokatada?asura loke idan apu kattiyda hindada?
    පල්ලෙහා හිටපු අය යන්න සදහන් කරන්න රාවණාගේ කට්ටියට අසුර කියලා ඉන්දියානුවන් කියන්න ඇති.ඉන්දියාවෙන් පල්ලෙහනේ ලංකාව තියෙන්නේ
     
    • Dislike
    Reactions: RandomGuy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    පල්ලෙහා හිටපු අය යන්න සදහන් කරන්න රාවණාගේ කට්ටියට අසුර කියලා ඉන්දියානුවන් කියන්න ඇති.ඉන්දියාවෙන් පල්ලෙහනේ ලංකාව තියෙන්නේ
    Or owa okoma asura loke wetchara dewal da?