බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    මෙතන තියෙන්නේ හදුනා ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි මචන්. මට තේරෙන විදිහට, හදුනා ගැනීමේ වෙනසක්.
    රහත් ඵලයට පත් නොවුන කෙනෙක් අම්මව දැක්කම, මේ මගේ අම්මා කියල තණ්හාවක් ඇති කරගන්නවා. නමුත් රහත් උන කෙනෙක් අදුනගන්නවා, මේ මගේ අම්මා, නමුත් ඇය මේ සසරේ අසරණ උන තවත් එක් තැනැත්තියක් විතරයි කියලා. එහෙම නැතුව මගේ අම්මා කියල තව තව සිත් පහල කරගන්නේ නෑ...

    ඔව් මේක ඇත්ත වෙන්න පුලුවන්. ඒ උනාට නලීන් කාරය කියන දේට මේක පරස් පරයිනෙ. හඳුනා ගන්නවා කියන එකේ අවුලක් තියෙනවනෙ මචන්. හඳුනා ගන්නවා කියන්නෙම සංකල්පයක් එතන තියෙනවා කියන එකනෙ. එතකොට අම්ම කියන්නෙත් සම්පූර්‍ණ බොරුවක්. මනස නැති උනාම කිසිම දෙයකට නමක් දෙන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ගහක් වෙගේ කිසිම දෙයක් දැනෙන්න, හැඟෙන්න බැරි වෙන්න ඕනේ.
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    ත්‍රේඩ් එක උදේ දැකල කියෙව්ව, reply එකක් දාන්න දැන් තමා වෙලාව ආවෙ.

    මම නම් දන්නේ නැහැ ඇයි මේ මාතෘකාවට මෙච්චර ගැටුම් ඇති කරගන්නේ කියල. බුදුදහම කෙනෙක් සම්පූර්ණයෙන්ම පිළිගන්නවනම්, එය විතරයි පරම සත්‍යය කියල සලකන්න ඕනෙ.

    දැන් මෙතන ලොකුම අවුල වෙලා තියෙන්නෙ, "බටහිර" විද්‍යාව කියන එක. විද්‍යාත්මක කරුණක් කියන්නෙ, පරීක්ෂණ -> නිරීක්ෂන -> නිගමන කියන පියවර තුනෙන් සමන්විත විද්‍යාත්මක ක්‍රමය තුලින් ඔප්පු කරපු දෙයකට. විද්‍යාව කියන්නේ, යම් කිසි ජීව කොට්ටාශයක් ඔය කියපු පියවර තුනෙන් ලබා ගත් කරුණු පාරම්පරිකව නැවත එම පියවර තුනෙන්ම යාවත්කාලීන කිරීමේන් ලබාගත්තු සාමූහික දැනුම. එය තුලින් තමා ශිෂ්ටාචාරයක් ගොඩනැගෙන්නෙ. ඒකට "බටහිර","උතුර","දකුණ" කියල දිශාවක් දෙන එක මෝඩ කතාවක්. මොකද සුමේරියානුවන්ගෙ රෝදය්ත්, චීන්නුන්ගෙ වෙඩිබෙහෙතුත් විද්‍යාවෙම කොටස්.

    දැන් කෙනෙක්, "විද්‍යාව පට්ටපල් බොරු" කියලා ගහලා post කලාම, HTML FORM එකේ ඩේටා අරගෙන, networking ලේයර් 7ක් ඇතුලෙන් ගිහින් binary ඉලෙක්ට්‍රොනික් සිග්නල් වෙලා, ISP හරහ ගිහින්, අදාල server එකට ගිහින්, හැමෝටම පේන්න පේජ් එක හදලා, ආයේ ගියපු පාර හරහම අනිත් පැත්තට "ආ හරි පේජ් එක මං හැදුවා" කියල එන මෙසේජ් එක චෙක් කරල රීලෝඩ් කරන්න අද පුලුවන් කරල තියෙන්නෙ විද්‍යාව. කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද? මං ඒ මදිවට මොනිටර්, කීබෝඩ් සහ ඔය ඔක්කොම ගෙනියන වයර්, වයර්ලස් සිග්නල් වල කෑලි අත ඇරල කිවුවෙ. මේ දේවල් අද පුලුවන් කරල තියෙන්නේ භෞතික, රසායනික සහ පරිගණක විද්‍යාවට මිනිස්සු ලක්ෂ ගානක්, පරම්පරා ගානක් විද්‍යාත්මව සොයාගත්තු දැනුම.

    දැන් සමහර කටිටිය මට හිනාවෙයි, ඔය ඔක්කොම පෘතග්ජන ලෝකයේ පන්චේන්ද්‍රියන් තුලින් ලබාගත්ත අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වලට වැටෙන දේවල්, පුනර්භවය සහ නිවන ගැන විශ්වාස කරන්න කියල. මම පෞද්ගලිකව එකඟයි වර්තමාන ජිවිතයට බුදුදහමේ කරුනු (ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය, සීලය ) 100%ක් අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියල. බොහෝ දෙනෙක් එයත් සමඟ එකඟ වේවි. නමුත් එයින් ඔබ්බට තිබෙන කරුණු පිලිබඳ නම් මට සැකයි.

    කෙනෙක් සියල්ල අත හැරලා, බුදුදහම පරම සත්‍ය යනුවෙන් පිලිගෙන, මනස ප්‍රගුණ කර, පන්චේන්ද්‍රියන්ගෙන් ඔබ්බට ගොස් සංසාරයේ ලෝක ධර්මතා දැක පරම සත්‍ය අවබෝධ කරගත්තොත් එය විශිෂ්ටයි. නමුත් නලින් ද සිල්වා ඇතුලු පිරිසෙන් කී දෙනෙක් එම තත්වයට හෝ එය ආසන්නයට ගොස් තිබෙනවද? එසේ ගොස් ඇත්නම් එම පුද්ගලයින්ය්ට "විද්‍යාව පට්ටපල් බොරුවක්" යන තර්කය ඉදිරිපත් කිරීමට අයිතිය ඇත. ඔන්න ඕක තමයි මගේ මතය නම්.

    නමුත් බොහෝ දෙනෙක් කරන්නේ, පන්චේන්ද්‍රියන්වන ඇස් සහ කන් තුලින් ධර්මය කියවලා හෝ බණ අසා එය කෙරෙහි විශ්වාසයක් තැබීම විතරයි. එහෙම ලබාගත් විශ්වාසය, උසස් කියල හිතාගෙන "විද්‍යාව බොරු" කියලා බ්ලොග් ලියන අය, ෆේස්බුක් එකේ "Evolution is a Lie, The world is only 2000 years old." කියලා දාන ඇමරිකන් කතොලික අයගෙන් වැඩිවෙනසක් නැහැ. අන්තිමේදි විද්‍යාවටවත්, ධර්මයටවත් හෝ මිනිස්සුන්ටවත් ඒකෙන් ඇති පලක් නැහැ.

    මගේ අරමුන නම් මේ ජීවිතයේදි නම් විද්‍යාත්මක මෙවලම් :D භාවිතා කරල, මිනිස් සංහතියට සෙතක් සලසන දේවල් ටිකක් කරලා, බුදුදහමට අනුව ගිහි ජීවිතය ගතකරලා සතුටින් මැරෙන්න.

    ’’ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ’මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි."
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    "බටහිර විද්‍යාව බොරුවක්" කියන දේ අර්ථය ඔයාට වැටහිලා තියෙන්නේ වැරදියට... ඉන්ටනෙට් තියෙන්නෙත් බටහිර විද්‍යාව නිසා, මිනිස්සු හදට ගියෙත් බටහිර විද්‍යාව නිසා...එහෙනම් ඒක බොරුවක් වෙන්නේ කොහොමද කියල සරලව අහන තැන තමයි ඔයා ඇතුළු නලින් ද සිල්වා විවේචනය කරන අය ඉන්නේ.. (ඒ විවේචනයට සමහර විට පෞද්ගලික කාරණාත් ඇති, ඒක මෙතනට අදාළ නෑ)
    නලින් ද සිල්වා මහාචාර්යතුමා මූලිකවම කියන්න හදන්නේ, බටහිර විද්‍යාවෙන් බුදු දහම ඇත්ත කියල ඔප්පු කරන්න යන එක තරම් අද බාල දෙයක් නෑ කියන එක..ඒක හරියට මහාචාර්යවරයෙක්ගේ දැනුම තක්සේරු කරන්න පහේ පන්තියේ ළමයෙක්ව යොදා ගන්නවටත් වඩා මෝඩයි...
    මං මේ ගැන ගොඩක් දේවල් ලියල තියෙන නිසා ඔයා පහල තියෙන ත්‍රෙඩ් එකට ගිහින් බලන්න, ඔයා කියන්න හදපු දේවල් වලට උත්තරයක් ලැබෙනවද කියලා.

    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කතා කරයි...

    video එක බලලා, මේ ත්‍රෙඩ් එකේ හැම කමෙන්ට් එකක්ම මුලින් කියවල ඉන්න.., මේකට reply කරන්න කලින්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිවන ගැන

    නිවන් අවබෝධ නොකළ අයට නිවන යන්න ප්‍රශ්නයක්. නිවන් අවබෝධ කරන තෙක් නිවන විස්තර කිරීමට අප කිසිවකුට බැහැ. මටත් එසේමයි. එහෙත් පුහුදුන් අප නිවන ගැන යමක් කීමට පෙළඹෙනවා. සුද්දන්ට නිවන් අවබෝධ කළ හැකි ද ආදී ප්‍රශ්න අසනවා. එසේ ප්‍රශ්න ඇසීමේ කිසි වරදක් නැහැ. ප්‍රශ්න කළ පමණින් නිවන් අවබෝධ කරගන්නත් බැහැ. මතක තබා ගත යුතු කරුණක් නම් විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථ සැපයූ, අටුවා ලියූ බුද්ධඝෝෂ හාමුදුරුවනුත් පොත පතේ සඳහන් අන්දමට නම් අටුවා ලියන අවස්ථාවෙහි නිවන් අවබෝධ කරගෙන සිටියේ නැහැ. මා මෙයින් කියන්නේ ඕනෑම කෙනකුට අටුවා ලියන්න පුළුවන් කියන එක නෙවෙයි. එහෙත් ඕනෑම කෙනකුට තමන්ට තේරෙන ආකාරයට නිවන ගැන කියන්නත් බාධාවක් නැහැ. එහෙත් එය බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමේ අර්ථයෙන් කෙරෙන්නේ නම් ඒ දේශපාලන ප්‍රශ්නයක් වෙනවා.

    මා මෙහි සඳහන් කරන්නේ මට තේරෙන නිවන. මට අවබෝධ නොවූ නිවන. මට එතරම් යහපත් ශීලයක් නැහැ. ඒ බව මා ගැන දන්නා බොහෝ අය දන්නවා. එහෙත් එය ඇතැම් දේශපාලනඥයන්ගේ සිල් බිඳගත් අර්ථයෙන් නම් නෙවෙයි. මා පන්සිල් රකිනවා. එහෙත් ශීලය යහපත් නොවන බැවින් සමාධි, ප්‍රඥා මට කොහොමටත් නැහැ. ඒ වුනත් මගේ මෝඩකමට, මා නිවන ගැන කියනවා. කිසිවකු නිවන ගැන මා කියන දේ පිළිගත යුතු නැහැ.

    නිවන කියා කීවත්, නිවන නාම පදයකින් කියන්න බැහැ. අප නාම පද යොදන්නේ පවත්නා දෙයක්, පැවතුන දෙයක්, ප්‍රාණියකු ආදිය ගැන කීමටයි. අඳුර, අපාය, අගමැති ආදිය අප නාම පදවලින් හඳුන්වනවා. නාම පද විවිධ වර්ගවලට බෙදන්න පුළුවන්, වර නගන්න පුළුවන් බව අප පාසලේ දී ඉගෙන ගන්නවා. නිවන නාම පදයකින් හඳුන්වන්න බැහැ. එහෙත් අප නාම පදයක් යොදා නිවන කියා කියනවා. ඒ මදිවාට නිවන වර නගනවා. අප නිවනට පිය නගනවා. නිවනෙන් බැහැර වෙන දේ කරනවා. කරන්න දෙයක් නැහැ. පෘථග්ජන අප නාම පද යොදාගත යුතුයි.

    අපට යොදා ගැනීමට සිදුවන්නේ අපේ ලෝකයෙන් අප තනාගත් නාම පද. අප දන්නා ලෝකයේ නාම පද වලින් දැක්වෙන දේ ක්‍රියාකරන ආකාරය, හැසිරෙන ආකාරය ආදිය අනුව අප යම් යම් දේ කියනවා. අප දැනටමත් කියා තිබෙනවා පවතින දේ ගැන. පවතිනවා කියන්නේ මොකක් ද? මා ඉදිරියේ පරිගණකයක් තිබෙනවා. ඒ පරිගණකය තිබෙන්නේ එක තැනක. පරිගණකය එකවිට තැන් දෙකක තිබෙන්න බැහැ. ඒත් වෙන වෙලාවක පරිගණකයට වෙනත් තැනක තිබෙන්න පුළුවන්. මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා. එකවිට කියන්නෙ මොකක් ද? මගේ එකවිට ඔබේත් එකවිට ද? මා එකවිට සිදුවන්නේ යැයි කියන සිද්ධි ඔබට එකවිට සිද්ධවන්නේ නැහැ. සිද්ධි යනු මොනවා ද? ප්‍රශ්නය තවත් අවුල් වෙනවා.

    පරිගණකයකටවත් ඔබටවත් මටවත් එකවිට දොරවල් දෙකකින් යන්න බැහැ. ඒ අපේ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම. අපේ සාමාන්‍ය ලෝකය කියන්නෙ අපේ අත්දැකීම්වලින් හා වැඩිහිටියන්ගේ අත්දැකීම්වලින් අප තනාගත් ලෝකයක්. අප එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. සුද්දන්ගේ ලෝක මගේ ලෝකයෙන් වෙනස් වෙනවා. අප එකිනෙකාගේ ලෝකවල වෙනස් අර්ථ තිබෙන සංකල්පවලින් කතාකරන විට ප්‍රශ්න ඇති වෙනවා. අපට එකවිට දොර දෙකකින් යන්න බැරිවුනාට ඉලෙක්ට්‍රෝන වැනි ක්වොන්ටම් අංශුවලට එකවිට සිදුරු දෙකකින් ගමන් කරන්න පුළුවන්. ඒක තමන්ගෙ අත්දැකීමට පරිබාහිර නිසා සමහරු ඒ බව පිළිගන්න කැමති නැහැ. ඔවුන් පිළිගන්නෙ තම ද්විකෝටික අත්දැකීම්වලින් ගොඩ නගාගත් ලෝකයක්. නාථ දෙවියන්ට එකවිට තැන් හයක ඉන්න පුළුවන් කියා මා අසා තිබෙනවා.

    ද්විකෝටික න්‍යාය (සමහරු තර්කය කියලා කියනවා. ඒක වැරදියි. අප තර්ක කරන්නේ යම්කිසි න්‍යායක් මත පදනම් වෙලා) ගොඩනගලා තියෙන්නෙ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම්වලින්. ඒ න්‍යායෙ කෝටි, ඒ කියන්නෙ අන්ත තිබෙන්නෙ දෙකයි. යමක් එක්කෝ පවතිනවා නැත්නම් නැහැ. යමක් පවතිනව කියන ප්‍රකාශය නිවැරදි නම් ඒ පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය වැරදියි. පවතින්නෙ නැහැයි කියන ප්‍රකාශය නිවැරදි නම් පවතිනවා කියන ප්‍රකාශය වැරදියි. මේ න්‍යායේ යමකට පැවතිය හැක්කේ එක් තැනක පමණයි. ඒත් මේ න්‍යායට ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ න්‍යායෙන් චලිතය තේරුම් ගන්න බැහැ. වක්‍රයකට ස්පර්ශක අඳින්න බැහැ. පසුව පිටත්වන හාවාට ඉබ්බා පසුකර යන්න බැහැ. ඒත් අප ස්පර්ශක අඳිනවා. චලනයෙහි යෙදෙනවා. හාවා නිදාගත්තෙ නැත්තන් ඉබ්බා පසුකර යනවා. දේවානම්පිය තිස්ස රජුට තමාගෙ නෑයකුත් නොවන නොනෑයකුත් නොවන අයකු සිටියා. ද්විකෝටික න්‍යාය අනුව නම් එහෙම බැහැ.

    න්‍යායක් වුනත් අපේ නිර්මාණයක්. ඒක දෙවියො දීපු එකක්වත් අපෙන් ස්වායත්ත, ස්වාධීන වූ එකක්වත් නොවෙයි. බොහෝ දෙනා න්‍යාය ගැන හිතන්නෙ අපෙන් ස්වායත්ත දෙයක් හැටියට. අපේ ලෝකවල තිබෙන සෑම දෙයක් ම කාගේ හරි නිර්මාණයක්. බටහිරයන් නම් එහෙම හිතන්නෙ නැහැ. අපේ පඬියනුත් එහෙම හිතන්නෙ නැහැ. හැම සංකල්පයක් ම කාගෙ හරි නිර්මාණයක්. ඉලෙක්ට්‍රෝනය කියන්නෙත් බටහිර භෞතික විද්‍යාඥයන්ගෙ නිර්මාණයක්. සියළු් සංකල්ප නිර්මාණය කෙරෙන්නෙ මනසින්. එයින් කියන්නෙ ඉලෙක්ට්‍රොන තියෙන්නෙ මගේ මනසෙ කියන එක නෙවෙයි. මා කියන සංකල්පයත් මගේ, අප හැම දෙනාගෙම, නිර්මාණ. අපේ මා සුද්දන්ගෙ මාගෙන් වෙනස් වෙනවා. මනසත් නිර්මාණයක්. මනස මනසේ ම නිර්මාණයක්! මේ සියල්ල අප නිර්මාණය කර ගන්නෙ, එහෙමත් නැත්නම් සංස්කරණය කරගන්නෙ අපේ අනවබෝධය, අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙ කියන අවිද්‍යාව තමයි. මා හිතන්නෙ ඒ ත්‍රිලක්‍ෂණය පිළිබඳ අවිද්‍යාව කියායි. අනිච්ච දුක්ඛ අනත්ත.

    අපේ සංකල්ප බොරුය, සමහර සංකල්ප පට්ටපල් බොරුය, මේ එකක්වත් නැතිය, සියල්ල නිර්මාණ ය කියා අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය ලෙස මට හිතෙනවා. හැබැයි ඒක පෛතගරස් ප්‍රමේයය තේරුම් ගන්නව වගේ වැඩක් කියලා හිතන්න එපා. පෛතගරස් ප්‍රමේයයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. මා කියන සංකල්පයත් බොරු බව අවබෝධ කරගන්න වෙනවා. දැන් ප්‍රශ්න අහන්න. නිවනක් තියෙන වෙලාවක පිළිතුරු දෙන්නම්.

    (https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

    නලින් ද සිල්වා

    2016 ජූනි 18
     
    • Like
    Reactions: sidathsaumya

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බුදු දහම එක්ක එකම කලාපයේ බිහිඋන හින්දු ආගම නම් ඉතා හොද දැනුම් පද්දතියක්. ලෝකේ පවතින දැනුමෙන් විශාල ප්‍රමාණයක් හින්දු ආගමෙන් ලැබුන දැනුම. සාපේක්ෂව බැලුවම බුදු දහම දැනුම් පද්දතියකට වඩා ජිවන ක්‍රමයක්. ඒ වගේම බුදු දහමත් විශාල වශයෙන් හින්දු ආගම තුල තිබුන දැනුමෙන් පෝෂණය උනා කියලයි මට නම් හිතෙන්නේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදු දහම එක්ක එකම කලාපයේ බිහිඋන හින්දු ආගම නම් ඉතා හොද දැනුම් පද්දතියක්. ලෝකේ පවතින දැනුමෙන් විශාල ප්‍රමාණයක් හින්දු ආගමෙන් ලැබුන දැනුම. සාපේක්ෂව බැලුවම බුදු දහම දැනුම් පද්දතියකට වඩා ජිවන ක්‍රමයක්. ඒ වගේම බුදු දහමත් විශාල වශයෙන් හින්දු ආගම තුල තිබුන දැනුමෙන් පෝෂණය උනා කියලයි මට නම් හිතෙන්නේ.
    ඔයා කියන දේට එකග වෙන්න අමාරුයි යාළුවා... හින්දු ආගම දැනුම් පද්ධතියක් බව ඇත්ත.. නමුත් බුදු දහම ජීවන ක්‍රමයක් නෙමෙයි, එය මිනිසාට සත්‍යය වටහා දෙන ඉගැන්වීමක්.. ඔබ කියන හින්දු ආගම නම් ජීවන ක්‍රමයක් වෙනවා.. අනික හින්දු ආගමේ ඉගැන්වීමෙන් බුදු දහම නිර්මාණය උනා කියන කතාවට මං කිසිසේත් එකග වෙන්නේ නෑ...