මෙතන තියෙන්නේ හදුනා ගැනීමේ ප්රශ්නයක් නෙමෙයි මචන්. මට තේරෙන විදිහට, හදුනා ගැනීමේ වෙනසක්.
රහත් ඵලයට පත් නොවුන කෙනෙක් අම්මව දැක්කම, මේ මගේ අම්මා කියල තණ්හාවක් ඇති කරගන්නවා. නමුත් රහත් උන කෙනෙක් අදුනගන්නවා, මේ මගේ අම්මා, නමුත් ඇය මේ සසරේ අසරණ උන තවත් එක් තැනැත්තියක් විතරයි කියලා. එහෙම නැතුව මගේ අම්මා කියල තව තව සිත් පහල කරගන්නේ නෑ...
ඔව් මේක ඇත්ත වෙන්න පුලුවන්. ඒ උනාට නලීන් කාරය කියන දේට මේක පරස් පරයිනෙ. හඳුනා ගන්නවා කියන එකේ අවුලක් තියෙනවනෙ මචන්. හඳුනා ගන්නවා කියන්නෙම සංකල්පයක් එතන තියෙනවා කියන එකනෙ. එතකොට අම්ම කියන්නෙත් සම්පූර්ණ බොරුවක්. මනස නැති උනාම කිසිම දෙයකට නමක් දෙන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ගහක් වෙගේ කිසිම දෙයක් දැනෙන්න, හැඟෙන්න බැරි වෙන්න ඕනේ.

භාවිතා කරල, මිනිස් සංහතියට සෙතක් සලසන දේවල් ටිකක් කරලා, බුදුදහමට අනුව ගිහි ජීවිතය ගතකරලා සතුටින් මැරෙන්න.
