අලුතෙන් දැනුමක් නිර්මාණය කරන්න ඕනේ කියල, හැම දැනුමක්ම පට්ටපල් බොරු කියල කියන එක පරස්පර විරෝදී බව ඇත්ත. හැබැයි බටහිර දැනුමට වඩා මිනිසුන්ට යහපත් දැනුමක් හරි සමාජ ක්‍රමයක් හරි බුද්ධාගමේ කියල තියන දේවල් උදව් කරගෙන හදාගන්න පුළුවන් නම් එක හොඳයි නේද? උදාහරණයක් විදියට කෘමිනාශක වෙනුවට පරිසරයට/මිනිසුන්ට හිතකර කෘමින් පලවාහැරීමේ ක්‍රම භාවිතා කිරීම වගේ එකක්. මේ උදාහරනේ සරල එකක් මීට වඩා ගොඩක් දුරට යන්න පුළුවන් මට හිතෙන්නේ.
මේ අදහස හරි, නමුත් නලින්ද සිල්වා මහත්මය කතා කරන්නේ බුදුදහම සාමාන්‍ය මනුස්ස ජිවිතයට ඈදාගැනීමෙන් ඔබ්බට ගිය දෙයක්. ඔය ලිපි වල බුදුදහම තේරුම් ගැනීමට උපකාර වන දේවල් පවතින්නේ අල්ප වශයෙන් , එහෙම වෙන්නේ එතුමා බුදුදහම අවියක් විදියට භාවිත කරනවා බටහිර සංකල්ප වලට, සාමාන්‍ය පෘතග්ජනයට පහර දෙන්න. ඔය ලිපියේ සාරාංශය වන්නේ තමන් (නලින්ද සිල්වා මහත්මය) නිවන, බුදුදහමේ සංකල්ප වලට ඔහුගේ මමත්වය ආරෝපණය කිරීම පමණි.
ඔහුගේ මමත්වය, ලිපිය කියවගෙන යනකොට නිරායාසයෙන්ම අවබෝධ වෙන්න ඕනි , මොකද බුදුදහමේ විද්‍යාව , අවිද්‍යාව ලෙස දක්වන දේවල් නිලින්ද සිල්වාගේ වැදී බන වලින් , සත්‍ය , බොරුව සහ පට්ටපල් බොරුව විදියට තවත් විශ්ලේෂණය කරන්න යනවා.





