බුදුන් දකින්නට ගිය පින් ඇත්තෝ..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදුන් දකින්නට ගිය පින් ඇත්තෝ..

    බුදුන් දකින්නට ගිය පින් ඇත්තෝ..



    3YzG7sx.jpg



    දිනකර නැගෙද්දී හදවත සැලෙන බියෙන් තැනිගත් මිනිස්සු මෙලාව වෙසයි. ඒ තමන්ගේ මරණය දිනෙන් දින ළංවන බව හැ‍ඟෙන බැවිනි. මිනිසුන් හා සත්ත්වයින් කොයි කාට වුව ද මරනය හිමි වීම පොදුය. ඒහෙත් මරණය කොයි කවදා තමා වෙත ඒනු ඇත් දැයි ඔවුහු නොදනිති. නිදහස් විම සදහා මරණය ඒනතුරු බලා සිටින්නෝ වෙති. ඒ මරණ දන්ඩනයට නියම වූවන් ය. ජීව්තාන්තය දක්වා සිර දඩුවම් හිමි වූවන් ය. තමන් වරදක් කළද, නොකළ ද විනිස්චයකාරවරයකු ඉදිරියේ වරදකරුවකු බවට සාක්ෂි සහිතව ඔප්පු වු මේ උදවිය සැබැවින්ම පව් කළ තැනැත්තන්ය. සිය ලේ නෑයින්ගෙන්, හිතෛයිෂීන්ගෙන් වෙන්ව හුදකලා වු ඒ ජීවිතයේ නිමාව බොහෝ විට මරණය ය.
    ඒ දිනය තමන් වෙත එන තෙක් බලා සිටින මේ පිරිස දැන් දැන් තිසරණ සරණගත වන්නට අපේක්ෂාවෙන් සිටිති. එහි පළමු පියවර ඉකුත් දා දළදා මාළිගයේ දී තැබුයේ තිලෝගුරු මෙලක වැඩ සිටිනුයේ එහිම බව දන්නා නිසාම විය යුතුය.



    2I3ISRv.jpg



    මරණ දඬුවම නියම වූ කාන්තාවන් ඇතුළු හැත්තෑ හත් දෙනෙකු ද ජිවිතාන්තය දක්වා සිර දඪුවම් හිමි හත් දෙනෙකුම, සාමාන්‍ය සිර දඬුවම් හිමි වූ සිරකරුවන් දස දෙනෙකුද ඇතුළු දුම්බර බෝගම්බර රැඳවියන් අනූ හත් දෙනෙකුම දළදා හිමි වඳින්නට ආවේය.
    සිරකරු දිනය නිමිත්තෙන් මෙවැන්නක් කළ යුතු යැයි යෝජනා කළේ චන්දසිරි ගජධීර ඇමති වරයාය. ඊට අවැසි පහසුකම් සැපවූයේ දුම්බර බෝගම්බර බන්ධනාගාර සහකාර අධිකාරී සෙනරත් සේනානායක මහතාය.
    රැඳවියන් අතර වසර දාහතරක් පුරා සිරබත් බුදින අයවලුන් ද වසර දෙකක් හෝ තුනක් සිරබත් බුදින උදවියද වූහ. සියල්ලෝම පීඩාවට පත්ව සිටියේ තම දූ දරු නෑදෑ හිතමිතුරන්ගේ සෙනෙහසින් ඈත් වීමට සිදු වීම පිළිබඳවය.
    දඬුවම් ලැද්දෝ එක් ක්ෂත්‍රයකට පමණක් සීමා වී නොසිටියහ. ඒ අතර විශ්ව විද්‍යාල ආචාර්ය්‍ය ද වූහ, ගුරුවරුද වූහ, පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන් ද විය. සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ අයද විය. සැබැවින්ම ඒ මනුෂ්‍යයෝය.
    ඔවුහු අද වන විට වරද පිළි ගත්තෝ ද වූහ. ඒ හෙයින්ම දළදා වඳින්න පවු කමා කර ගැනීමටය. මතු උපදින උපදින ආත්මයක මෙවන් විපතක් නොවේවා යන්න සියල්ලෝම පැතූහ.
    ඒ අතරේ හුන් කාන්ථාවෝ ගණ්ධ කුටියේ දී දොහොත් මුඳුන් දී ප්‍රාර්ථනා ගාථා කියැවූහ. දළදා හිමි සෙවණට කැටුව හා නිල දරු මඬුල්ලට පින්පෙත් අනුමොදන් කළහ.
    පවු කරන තැනැත්තා මෙය පවක් බව නොදැන සිදු කළද, පව පටිසන් දෙන විට එසේ වූයේ තමා කවර දා හෝ කළ පවක් නිසාවෙනැයි තැවෙයි. දඬුවම් නියම වූ මේ සියක් දෙනාද තැවෙන්නේ ඒ පරිද්දෙනි. සම්‍යක් සම්බුද්ධ බලය කාටත් එක සේ විහිදුවාලන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නිහඬව නිසළව සිට ඔවුන්ගේ දුක්ක දෝමනස්නයක් ශ්‍රවණය කළහ. හදවතේ තෙරපාහුන් මහත් වූ පීඩාවයෙන් මුදාලන්නට මේ පිරිස හඬ නගා ගාථා කියූහ. ඒ සාධු නඳින දළදා මැඳුර දෝංකාර දුන්නේය. මෙය නම් පවු කමා කරගැනීමට පැමිණි පිරිසක්මැයි සෙස්සන්ට ද ඒත්තු ගන්වමිණි. හදවත් සහෘදත්වයෙන් ජනිතවන බොහෝ පිරිස් ඒ සැණයේ කඳුලු පිරි දෙනෙතින් වික්ශිප්තයෙන් බලාහුන්ය.
    එසේ වුව කුමක් කරමුද. මෙය මහා නඳින් සාධු කියමින් දළදා හිමි වැඩහුන් කරඬුව මත හිස තබා පිහිට පතන්නේ සාක්ෂිමත වරද කරුවන් වූ පිරිස්ය. කළකට පෙර දිනක කිසියම් සංසිද්ධයක් තවත් මිනිසෙකුගේ හෝ මිනිසුන්ගේ සිත් වේදනාවෙන් පෙලා අසරණකොට දැමීමට උරදුන් පිරිසක්.. ඔවුන්ව අද දැකීමෙනි. අප හද තැවුලෙන් හඬා වැටෙන්නේ මිනිස් හැඟීමක හැටි එසේය. බුදු සරණ කා හටත් පොදුය. වරද කරුවන්ද බුදු හිමි අසලදී වරද පිළි ගනී. එවිට උන් වහන්සේ වරද කරුවාට යහ මඟ පෙන්වා දෙයි. විය යුත්තේ ද එයැයි. මෙයද එවැන්නකී.
    මතු සමාජය යහපත් කරවාලන්න තරම් යහපත් අරමුණක් ඇතිව මේ මොහෝතේ මෙවන් සද් කාර්ය්‍යක් කරවාලූ සැබෑ මිනිසුන් අගය කළ යුතුමය.


    Pv4O7wa.jpg


    උපුටා ගැනීම ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව. සුබද්‍ර කේ විජේරත්න මහතාගේ ලිපියකි. මෙහි ගෞරවය ඒ මහාතට හිම්විය යුතුය

    https://www.facebook.com/sridaladamaligawa
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    බෙදාගත්තට ස්තූතියි මචන් , මේ වගේ ඒව නිතර අහන්න දකින්න හම්බෙන් නෑ නෙ​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මතු සමාජය යහපත් කරවාලන්න තරම් යහපත් අරමුණක් ඇතිව මේ මොහෝතේ මෙවන් සද් කාර්ය්‍යක් කරවාලූ සැබෑ මිනිසුන් අගය කළ යුතුමය.
     

    blue_in_rio

    Well-known member
  • දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා.....
    කල පව් මතක් වී, දෑසම තෙත් වෙනවා.....
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා....
    තිබහට වතුර වෙනුවට, කඳුලැලි බොනවා..... :(:(

    මට සුනිල් එදිරිසිංහ මහත්තයගේ මේ සින්දුව මතක් උනා......
    :) :)
     
    • Like
    Reactions: maxboysl

    Similar threads