බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
    මස්‌ මාංශ අනුභවය – 1

    වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද?

    එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක් කැබැල්ලක්, කට්ලට් එකක් අනුභව කරන්න පුළුවන් බියෙන් සැකෙන් තොරව. ඒ වගේම රටේ සිටින හරක්, එළුවෝ, ඌරෝ, කුකුලෝ ගහණය වැඩිවෙලා ඒ හේතුවෙන් හටගත් රෝග කාරක වසංගතයන් මිනිස් ප්‍රජාව විනාශකොට දමන්නත් පුළුවන්. මෙවැනි සමාජයක් සිහිනයක් මිස යථාර්ථයක්නම් වෙන්න බෑ.

    ලෝකය ගොඩනැගිලා තිබෙන්නේ හේතු ධර්මතාවයන් අනුව. ඒ නිසා පැවැත්ම සකස්වෙන්නේ මෝහමූලික ලෝකය තව තවත් පුළුල් වෙන දිශාවටමය. අවිද්‍යාව තුළම උපන් අධ්‍යාපනය තම සුවච කීකරු ගෝලයන් හැඩගස්වන්නේද අවිද්‍යා ගුරුකුලයේ ස්ථීර පැවැත්ම උදෙසාය. මෙතැනදි තිරිසන් සත්ත්වයාද, මනුෂ්‍යයාද යන්න ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ තම ගුරුකුලයේ පැවැත්මයි. සංවර්ධනයයි. අවිද්‍යා ගුරුකුලයේ ඉලක්කය, අරමුණ යනු උපදින හැම මනුෂ්‍යයෙකුම මරණින් මතු මිථ්‍යාදෘෂඨික මනුෂ්‍යයෙක්, ප්‍රේතයෙක් තිරිසන් සතෙක් නිරිසතෙක් අසුරයෙක් කිරීමය. මෙතෙක් ඔවුන්ගේ ප්‍රගති වාර්තාව, ඉලක්ක ඉක්මවා අනපේක්ෂිත ප්‍රගතියක් වාර්තාකොට ඇත.

    සැබෑ ධර්ම මාර්ගය කොන්වී යන අනාගතයේදී අවිද්‍යා ගුරුකුලයේ සැලසුම්කරුවන්, ලෝකය සැලසුම් කරන්නේ මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් සත්වයින් දෙදෙනෙක් වශයෙන් සිතා නොව, එක සත්වයෙක් වශයෙන් සලකමින්ය. බුද්ධෝපත්ති කාලයක ලබන මනුෂ්‍යයත් ජීවිතයත්, තිරිසන් සත්වයාත් අතර වෙනස ඔවුන් නොහඳුනයි. එහෙයින් අනාගත ලෝකයේ උපදින මනුෂ්‍යයා තිරිසන් සතා සේම, තම අම්මා, තාත්තා, පුතා, දුව නොහඳුනන පිරිසක් වනු ඇත. කර්මය, කර්මඵල හඳුනන්නේ නැති පිරිසක් වනු ඇත. ධර්මය අධර්මය නොහඳුනන පිරිසක් වනු ඇත. ඔවුන් හඳුනනු ඇත්තේ තිරිසන් සත්වයා සේම කාමය, ආහාර සහ ආරක්ෂාව පමණක්ම වනු ඇත. මේ බිහිවන ලෝකයා අවිද්‍යා ගුරු කුලයේ ඉලක්කගත ලෝකයයි. ඔවුන් එම ලෝකයට ‘නිදහස් ලෝකය’ යන නම්බුනාමයද පටබඳිනු ඇත.

    එවිට ඔබ සීමා මායිම් නැති ‘නිදහස් ලෝකයේ’ නිදහසේ ජීවත්වන මිනිසුන්ය. සිරිත් විරිත්, චාරිත්‍ර අවශ්‍ය නැත. ඒවායින් නිදහස්ය. අවිද්‍යා ගුරුකුලයේ මේ ඊනියා නිදහස යනු ඔබව සතර අපායට වේගයෙන් පියමංකරවන නිදහසයි. දුක ත්‍රිව කරවන මාර්ගයේ නිදහසයි. අනාගත ලෝකයේ කවදාහරි දිනක සිදුවන කල්ප විනාශයන්, ලෝක විනාශයන් හා ඊට පෙර සිදුවන අතුරු විනාශයන් සඳහා මනුෂ්‍යයා විකෘතියක් විය යුතුය. විකෘතිය යනු ගුණධර්ම පිරිහී ගිය, එකිනෙකා ඇනකොටාගන්නා පිරිසක් විය යුතුය. තන්හා, මාන, දිට්ඨියෙන් පිරී ගිය පිරිසක් විය යුතුය. රාග, ද්වේෂ, මෝහයෙන් පිරීගිය පිරිසක් විය යුතුය. අවිද්‍යා ගුරුකුලය මේ ගොඩනගමින් පවතින්නේ එම සමාජ පසුබිමයි. අවිද්‍යා ගුරුකුලය යනු මෝහයෙන් බරිත ‘ලෝකය සැපය’ ‘ලෝකය නිත්‍යය’ යන මුලාවෙන් ඇතිවන මනුෂ්‍ය සිතමය. ඒ සිත නිසා අපි සැවොම මේ ගුරුකුලයේ ඒජන්තවරුය. සාමාජිකයෝය. එහෙයින් සද්ධර්මය පවතින වර්තමානය ඔබ කළ යුත්තේ අනාගතයේදී බිහිවන විෂම, දුක පිරි ලෝකයෙන් ඉක්මනින්ම නිදහස් වීමය. මේ මොහොතේ ඔබට විවරව ඇති ඒ නිදහස්වීම අහුරන එක් මාර්ගයකි මේ මාංශ නිර්මාංශ ප්‍රශ්නය.

    සැබැවින්ම මේ ප්‍රශ්නය සුන්දරය. ශීලය පැත්තෙන්, කැපී පෙනීමෙන් ඉහළය. ඉලක්කගත පිරිසේ ආකර්ශනය ප්‍රබලය. එහෙත් කනගාටුවෙන් වුවද කිව යුත්තේ ඔබ අල්ලාගෙන සිටිනුයේ සම්මා සම්බුද්ධ දේශනාවට පටහැනි අන්තයක් බවය. ආමගන්ධ යනු මස් මාළු වල පිළී ගඳ නොව, තම කෙළෙස්වල ගඳ බව ආමගන්ධ සූත්‍රයේදී ලොව්තුරා බුදු රජාණේ වහන්සේ පැහැදිළිව දේශනා කර ඇත. ඔබ තවමත් ලොව්තුරා බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් නොපිළිගන්නේ නම්, ඊට විරුද්ධ අර්ථයන් සපයන්නේ නම්, තවමත් ඔබ තෙරුවන් සරණ නොගිය අයෙකි.

    භික්ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩසිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුටියකයි. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හරක් ගාල් ඇත. එක් රංචුවක හරකුන් සියය දෙසීය සිටිනවා. මේ හරක් වැව් පිටිවල, වෙල් ලියැදිවල රංචු වශයෙන් හැසිරෙනකොට, එක රංචුවට වැතිරී ගිමන්හරිනකොට, මේ පාරේ එහා මෙහා යන දේශීය, විදේශීය සංචාරකයන් ඒ දර්ශනය දැකලා හරි තෘප්තියක් ලබනවා. ආශ්වාදයක් ලබනවා. වාහන නවතාගෙන බලා සිටිනවා. නමුත් ඔබ මේ දැකලා තෘප්තිමත් වන ආශ්වාදය ලබන දර්ශනය යටින්, ඔබට නොපෙනෙන ඛේදවාචකයක් තිබෙනවා. ඔය හරක් රංචුවල වයසට ගිය එළදෙනුන් සහ සාමාන්‍ය තරුණ වයස ඉක්මවූ පිරිමි සතුන් නැහැ. රංචුවේ බෝවීම උදෙසා පිරිමි සතුන් දෙතුන්දෙනෙක් විතරයි සිටින්නේ. ඔය හරක් රංචුවල ඔබ දකින්නේ තරුණ, මධ්‍යම වයසේ පසුවන එළදෙනුන් සහ පැටවුන් පමණයි. වැඩිහිටි, පැටවුන් නොලබන එළදෙනුන් සහ පිරිමි සතුන් මසට විකුණනවා. හැබැයි සමහර කෙනෙක් එහෙම නොකරනවාත් වෙන්න පුළුවන්.

    බලන්න ඔබ ආශ්වාදය ලබන දර්ශනය යට මොනතරම් දුක්ඛිත කථාවක් සැඟවිලා තිබෙනවාද කියලා. ඔබ ඔය දැකලා ආශ්වාදය ලබන හැම සතෙක්ම වගේ අනාගතයේ දවසක මසට විකිණෙනවා. මෙන්න මේ සිද්ධියට සමානයි ඔය මස් මාංශ ප්‍රශ්නයත්. බාහිරින් මේ ප්‍රශ්නය හොඳ ඉල්ලුමක් ඇති, ආකර්ශනීය, ජනප්‍රිය මාතෘකාවක් වුවද මේ මස් මාංශ ප්‍රශ්නය තුළ ඔබට නොපෙනෙන අති භයානක ඛේදවාචකයක් සැඟවී පවතිනවා. ඒ ඛේදවාචකය තමයි සතර අපායෙන් ඔබ නිදහස ලබන තීරණාත්මක ධර්මතාවය වන සක්කාය දිට්ටිය, මමත්වයේ දැඩිභාවය, මේ මස් මාංශ ප්‍රශ්නය නිසා ක්ෂය වීමේ පැත්තට නොගොස් වර්ධනය වීමේ ස්වභාවයට පත්වීමයි. ‘මම නිර්මාංශයි’ ‘අනෙක් අය දුසිල්වත්’ ‘මගේ කුස සුසානභූමියක් නොවේ’ මේ ආදී දෘශ්ඨීන් නිසා තන්හාවත්, මාන්නයත් තමා කෙරෙහි නිරතුරුවම වර්ධනය කරගන්නවා. මේවා තුළින් වැඩෙන්නේ මමත්වයේ දැඩිභාවයමයි. ඔබ නිහතමානීව හොඳින් සිතන්න. ඔබට තේරුම්ගන්න බැරිවෙන්නේ නැහැ. ඔබ දක්ෂයි.

    මතු සම්බන්ධයි!

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
    Timeline Photos · Sep 4, 2015 ·
    View Full Size · Report Photo

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
    මස්‌ මාංශ අනුභවය – 2

    එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?’ කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

    භික්‍ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස්‌ වුණා. මේ මොහොතේ මේ ප්‍රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්‌. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්‌වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්‌වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්‌. එහෙම ස්‌වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් ‘ඔබ මස්‌ මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි’ කියලා, අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්‌. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්‌මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක්‌ නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්‌වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්‌වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා.

    තමාට සිතෙනවා නම්, මස්‌ මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක්‌ යෑයි භික්‍ෂුව මොනව හේතුවක්‌ නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්‌ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක්‌ වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්‌තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්‌තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්‌ඨ§යයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක්‌ ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

    ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්‌වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්‌තිය, තන්හාව මාන්නය සහ දිට්‌ඨියට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ, මස්‌ මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස්‌ මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක්‌ දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස්‌ මාංශ අනුභව කරන මධ්‍යස්‌ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මතයි.

    පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස්‌ මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝධය ලැබීමත් අතර සම්බන්ධයක්‌ තිබෙනවා කියලා. භික්‍ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස්‌ මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්‌මන් වන බව පමණයි.

    පිංවත් ඔබ මස්‌ මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්‌තිමත් යමක්‌ අල්ලාගන්නේ නම්, මස්‌ මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්‍ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස්‌ මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්‍ෂුවට මේ සම්බන්ධව මතයක්‌ නැහැ. මතයක්‌ කියන්නේ දෘෂ්ටියක්‌. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක්‌ දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි.

    භික්‍ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්‌, ආහාරයක්‌ පූජා කළත් එය මස්‌, මාලු, එළවළු, බත් වශයෙන් භික්‍ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්‍ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක්‌ වශයෙනුයි භික්‍ෂුව දකින්නේ. භික්‍ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක්‌ වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක්‌ ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්‌වභාවයන් පසක්‌කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්‌ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්‍රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක්‌ ගැනීමට, අනුන්ගේ උපදෙස්‌ ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්‍රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්‌වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්‌තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්‌වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක්‌ නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක්‌ ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ.

    මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්‌මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස්‌ මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්‌ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක්‌ බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්‌සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස්‌ මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්‌වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.

    මතු සම්බන්ධයි!

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
    Timeline Photos · Sep 5, 2015 ·
    View Full Size · Report Photo

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
    මස්‌ මාංශ අනුභවය – 3

    පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

    භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

    පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

    එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

    පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

    පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා.

    පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌… එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

    ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

    ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

    කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

    ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.

    මතු සම්බන්ධයි!

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
    Timeline Photos · Sep 7, 2015 ·
    View Full Size · Report Photo
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
    මස්‌ මාංශ අනුභවය – 4

    මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය.

    මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි.

    පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි.

    කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්‌ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්‌මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්‌කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්‌කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්‍ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක්‌ සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්‌කොට ගන්න. කිසිම අවස්‌ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්‌සේරුවක්‌ දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්‌ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්‌ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක්‌ නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස්‌ මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ” අනිවර්යයෙන්ම මස්‌ මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස්‌ පීරිසයක්‌, මාලු පිරිසියක්‌ විකිණීමේදී, බුරියානි එකක්‌ කොත්තු රොටියක්‌ විකිණීමේදී පවා මිච්ඡා ආජීවයක්‌ සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්‍ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස්‌ මංශ වෙළඳාම කරන විට ශිල්පදයක්‌ බිඳගැනීමක්‌ වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක්‌ ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්‌. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක්‌ සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්‍රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.

    බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක්‌ කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්‌, ශීතකරණයක මස්‌ මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස්‌ මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්‌, ඔබ මහා දුස්‌ශීලයෙක්‌, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක්‌ වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක්‌ වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්ඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්‍ෂිතභාවයක්‌ ලබාගන්න. එතැන” ඔවුන් අතින් සිල්පදයක්‌ බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක්‌ වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්‌තිය තිබුණොත් මස්‌ මාංශ විකිණීම මිච්ජා ආජීවයක්‌ නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක්‌ ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්‌. එහෙම නොවුනා කියලා ඔහු දුස්‌ශීලයෙක්‌ නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක්‌ නිසා. ඔහුද ධර්මය තුළ සුරක්‍ෂිතභාවය ලැබූවෙක්‌. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්‌මවා ගොස්‌ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්‌ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා.

    අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. මස්‌ මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක්‌ නොවන නමුත් මස්‌ මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨි සකස්‌ කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක්‌ බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්‌, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස්‌ වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස්‌ මාංශ කෙරෙහි සකස්‌ වුවද, නිර්මාංශ කෙරෙහි සකස්‌ වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස්‌ ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්‌කාර කෙරෙහි සකස්‌කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න. තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශරීරය නැමැති ඔබේ මස්‌ ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න. එවිට මෙතැන ඇත්තේ මස්‌, මාළු, පරිප්පු ප්‍රශ්නයක්‌ නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක්‌ බව ඔබ දකිනු ඇත.

    ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස්‌ මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක්‌ තමන්ට පූජා කරන මස්‌ වැළඳුවාවේ, කැමති කෙනෙක්‌ නිර්මාංශව පිණ්‌ඩපාතය වැළඳුවාවේ යන්නයි.

    එතැනයි ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයෙන් මිදුණු උපේක්‍ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්‌මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. මස්‌ මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස්‌ ගොඩකට බැසගන්න, ඵස්‌ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක්‌ බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක්‌ වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි.

    මතු සම්බන්ධයි!

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
    Timeline Photos · Sep 8, 2015 ·
    View Full Size · Report Photo

     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    a wunata oaya dane gewal wala, upasaka danwala malu,mas, bittara denwa ne ban...a kiyanne api waradi wadak ne karanne
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft

    Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
    මස්‌ මාංශ අනුභවය – 1



    apo me hamuduruwa thamanta wasi wena widiyata boru kiyanawa:angry: mama me hamuduruwonge bana ahala tiyenawa:yes: samahara ewa hari:yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ආම ගන්ධ සූත්‍රය කියවන්න.

    බමුනෙක් බුදුන් වහන්සෙගේ පාත්තරේ තියෙන ලිහිණි මස් දැකලා බොහොම විස්සෝප වෙල ඇහුවා "ඔබ තුමා පිලී ගඳ මස් මාංශ වලඳනවාද කියා

    එවිට බුදු හාමුදුරුවෝ වදාල උත්තරය ඔය " නිර්මාංශ බහුබූතයන්ට" දුන්න කනේ පාරක්.
    :D

    සුත්ත නිපාතයේ එන අමගන්ධ සුත්‍රය කාශ්‍යප බුදු රජාණන් වහන්සේ හා බ්‍රාහ්මණයෙකු අතර ඇතිවු කතාවක් බව එම ග්‍රන්ථය සදහන් කරයි. කාශ්‍යප බ්‍රහ්මබන්ධුනි නමින් බුදු රජාණන් වහන්සේට අමතන ඒ ආමගන්ධ නම් බමුණා මෙසේ කියයි.


    බ්‍රහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍ර වු) බ්‍රහ්මබන්ධුනි, මොනවට පිළියෙළ කරන ලද ලිහිණි මස් හා සුවඳහැල් බත් වලඳනුවෝ මැ (තෙපි) "මට ආමගන්ධය නොසරුප් වේය යි " මෙසේ කියව. කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්ධය කවර ප්‍රකාර ඇත්තේද.?


    එවිට කාශ්‍යප බුදු රජාණන් වහන්සේ.-

    ප්‍රාණගාතය, හිංසාකිරීමය, අත්පා කෑපීමය, වද බන්ධනාදීය කිරීමය, සොර කම් කිරීම්ය, බොරු බස් කීමය, බොරු පොරොන්දු දීමය, වඤ්චාවෙන් රැවටවීමය, නිරර්ථක ග්‍රන්ථ පිරිවැහුම්ය, පරඹුන් සේවනයය, යන මේවා ආම ගන්ධය නම් වේ, මංස භෝජනය (ආමගන්ධය ‍)නොවේ. යනදී ලෙසින් නොයෙක් දුෂ්චරිතයන්ම ආමගන්ධය ලෙස සලකනු මිස මස් බොජුන් ගැන එසේ නොකියන ලද බව එම සුත්‍රයේ හෑම ගාථාවකම වාගේ සදහන් ව ඇත්තේ ය. එය එහි සදහන්ව ඇත්තේ එසාමගන්ධො නහි මංස භෝජනං කියාය. මේ සුත්‍රය මාංස අනුභවය ගැන කියැවෙන නිසා මංස ආහාරද අමා නිවන් මග අහුරන්නේ වෙන දෙයක්ද කියන බව දැන ගන්නට එය කියවා බලනු වටී.


    ආම ගන්ධ සුත්‍රය..සුත්ත නිපාත පාලි. 74-77 පිටු..බුද්ධ ජයන්ති මුද්‍රණය.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    තවද දිනක් බුදු රජාණන් වහන්සේ මුණ ගැසෙන ජීවක නම් තැනැත්තා. බුදු රජාණන් වහන්සේට මෙසේ කියා සිටියි. ස්වාමීනි මට මෙහෙම අහන්න ලැබුනා. ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරණවා ශ්‍රමණ ගෞතමයෝ දැන දැන තමන් උදෙසා කරන ලද මංස වළදති. ස්වාමීනි කව්රු හරි කෙනෙක් මෙහෙම කියත් නම්, එය සත්‍ය වු චෝදනාවක්ද නැත්නම් ඒක බොරුවක්ද ?


    එවිට බුදු රජාණන් වහන්සේ.

    ජිවකය, මේ සාසනයෙහි භික්ෂුව යම්කිසි ගමක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඔහු අට දිසාවටම මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. එසේම වෛර නැති සිතින්ද, තරහා නැති සිතින්ද යුතුව වාසය කරනවා. ඉතිං කව්රු හරි කෙනෙක් ඇවිත් උන්වහන්සේට පසුදා දා‍නයට ආරාධනා කරනවා. ඉතිං ඒ භික්ෂුව එම ආරාධනාව පිළිගන්නවා. පසුවදා ඒ නිවසට වැඩම කර විට පිලිගන්වන ප්‍රණීත වු දානය වළදනවා. හැබැයි ඒ භික්ෂුවට මේ දායකයන් මේ මේ අයුරින් ප්‍රනීත ප්‍රනීත ලෙසට මට දානය හදලා පුජා කරනවා නම් හොදයි කියලා සිතිවිල්ලක් ඇතිවෙන්නේ නෑ. එයා ‍බොහෝම නිවුනු සිතින් නොඇළුණු සිතින් ණුවනින් මෙනෙහි කරමින් තමයි එම ආහාරය වළදන්නේ එහෙම ආහාර වළදන භික්ෂුව ගැන දොසක් කිය හැකිද කියා අසා වදාරණ බුදු රජාණන් වහන්සේ


    යමෙක් බුද්ධ ශ්‍රාවක‍යන් උදෙසා. සතුන් මරා දන් දෙනවා නම් එවිට ඔහු විසින් පසු තැනකදී අකුසල් කර ගන්නා බව පැහැදිලි කරනවා. එහිදි මාංස ආහාරය අමානිවන් මගට බාධාවක් බවවත් බුදු සව්වන්ට මාංස ආහාර අකැප බවක්වත් කියා නම් නැත. ඒ සුත්‍ර දේශනාවේ අන්තර්ගතය මෙහිලා කෙටියෙන් ඇතුලත් කරන ලද බව කාරුණිකව සලකන්න. එම සුත්‍රයේ සදහන් පරිදි නම් භික්ෂුන් වහන්සේලා උදෙසා තමා විසින් සතුන් මරා හෝ මරවා දන් දෙන්නේ නම් එවිට පස් තැනකදී ඔහු විසින් පව් සිදු කර ගන්නා බවකි කියා ඇත්තේ .


    එම ජිවක සුත්‍රය සම්පුර්ණ කියවන්න. ජිවක සුත්‍රය. මජ්ඣිම නිකාය. මජ්ඣිම පණ්ණාසකය. 54-58 පිටු..බුද්ධ ජයන්ති. මුද්‍රණය.


    තවද අංගුත්ත නිකායේ අට්ඨක නිපාතයේ එන සීහ සෙනාපතී නම් සුත්‍ර දේශනාවේද මෙවැනි විස්තරයක් එයි. බුදු රජාණන් වහන්සේ කෙරෙහි බලවත් සේ පහදින සීහ සේනාපතී බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දෙයි. ඒ දානයට ආරාධනා කර නිවස බලා යන ඔහු විසින් ඔහුගේ සේවකයෙකු හට මෙසේ කියයි. එම්බා පුරුෂය. යන්න ප්‍රවෘත්ති මංසයක් එනම් විකිනීමට ඇති මාංසයක් ගෙන එන්න යයි කියා අණ කරන ලදි. පසුව දා දානයට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩමවා පිළිගන්වන ලදි. මෙහි ඇති පවත්ත මංසං යන වචනයින් අර්ථ ගන්වා ඇත්තේ ප්‍රවෘත්ති මංසය කියාය. එය කඩපිලෙහි විකිනීම පිණිස ඇති මාංසය ලෙසට හදුන්වනු ලැබේ. එය කැප මාංසය ලෙස ද හදුනා දී ඇත. කෙසේ නමුත් මෙහි මාංස ගැන පැහැදිලිවම සදහනක් ඇත.


    මෙහි අනිත් කරුණ ඇත්තේ එම සුත්‍ර දේශනාවේ අවසානයටය. එහි නිගන්ඨයන් විසින් ශ්‍රමණ ගෞතමයන් මහසතෙක් මරවා ශ්‍රාවකයන් සමග අනුභව කරනවාය යන කතාවක් හදා නගරයේ කෝලාහල කරන බවත් , එහි එක්තරා පුරුෂයෙක් ඒ බව සීහ සෙනාපති වෙත පැමිණ සැලකරන ලද බවත් හා එහිදි සීහ සෙනාපතීතුමන් ඒ සදහා දෙන පිළිතුරත් සදහන් වෙයි.


    සීහ සෙනාපතිගේ ප්‍රකාශය. අනේ කමක් නෑ ඔන්න ඔහේ කෑ ගහපුදෙන්. එයාලා හැමදාම බැලුවේ බුදුන්ටත් දර්මයටත් සංඝයාටත් මොකක් හරි චෝදනාවක් කරන්නමයි. එයාලා ඔය බුදු රජාණන් වහන්සේට බොරු චෝදනාවක්මයි කරන්නේ නිකම් තේරුමක් නැති වැඩ. අපිවත් ජිවිතය හේතුවෙන්වත් දැන දැන සතුන් මැරීමක් කරන්නේ නැත. යනුවෙනි.


    එම සුත්‍රය සම්පුර්ණයෙන්ම කියවා බලන්න. සීහ සෙනාපතී සුත්‍රය. අංගුත්තර අට්ඨක නිපාතය. 50-67 පිටු ..බුද්ධ ජයන්ති මුද්‍රණය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උත්ඵලවණ්ණා මහ රහත් ථෙරණිය බුදුන් වහන්සේට වැද්දෙක් ගෙන් ලැබුණු මස් මාංශ පිස-සකස්කරගෙන ගෙනැවිත් පූජා කල බව විනය පිටකයේ සඳහන්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ai danne na etakota buduhamuduruwo mas wikunanna epa kiyala tiyenne?:)


    ඔබ තුමා දන්නෙ නැතිවුනාට මම නම් දනිමි. ඒ බුදුන් වහන්සේගේ දර්මය අන්තවාදී එකක් නොව ප්‍රායෝගික එකක් නිසායි. දේවදත්ත හමුදුරුවන්ගේ "භික්ෂුන් ඒකාන්තයෙන්ම නිර්මාංශ විය යුතුයි" කියා විනය නීති පැනවීමට, බුදුන් වහන්සේවිරුද්ධ වුනේත්, මාංශ වර්ග 10ක් පමණක් භික්ශූන්ට තහනම් කලේත් අනෙක් මාංශ කැප නිසායි.


     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft
    ජිංතක ජිල්ලබකිට;19552464 said:

    ඔබ තුමා දන්නෙ නැතිවුනාට මම නම් දනිමි. ඒ බුදුන් වහන්සේගේ දර්මය අන්තවාදී එකක් නොව ප්‍රායෝගික එකක් නිසායි. දේවදත්ත හමුදුරුවන්ගේ "භික්ෂුන් ඒකාන්තයෙන්ම නිර්මාංශ විය යුතුයි" කියා විනය නීති පැනවීමට, බුදුන් වහන්සේවිරුද්ධ වුනේත්, මාංශ වර්ග 10ක් පමණක් භික්ශූන්ට තහනම් කලේත් අනෙක් මාංශ කැප නිසායි.



    hari itin mama danne nati nisai ahuwe. kiyala denna ba da?:sorry: ai mas wikunanna epa kiwwe?
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft
    dan etakota minissu lexus vehicles ganna eka nathra karoth lexus company eka wahenne nadda? :confused: lexus la modayo wage minissu vehicles ganne nati wunamath vehicles hadai da? :)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft
    dan etakota oya biscuit packet wala ehema dust bin ekak dala tiyenne eka kaala iwara wela dust bin ekakata daanna kiyala neh. e kiyala tiyenne eka kana kenata witharai. habai kana kenek biscuit packet eka hamathanama dammoth jara wenawa. oya widiyata 100denek karoth loku kunu kandak hadenawa. e wade nathara karoth ehema wenne na :)
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,585
    1,460
    113
    Sri Lanka
    බොහෝමත්ම පිං සහෝ
    මොකද මමත් හිතාගෙන හිටියේ වැරදි විදියට
    අද තමයි දැනගත්තේ ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය කියන්නෙ මොකක්ද කියලා
    ජාති ජාතිත් මේ පින ආනිසංස දෙයි වැරදි මතයෙන් මාව ගැලෙව්වාට
    සාදු! සාදු! සාදු!
    ++