බුදුන් වහන්සේ

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    යාලුවනේ.. බුදු රජාණන් වහන්සේ හෝ අනෙක් රහතන් වහන්සේ ලා ඒ කලේ පාවහන් පැලදුවද?

    අද බුකියේ තිබුන පොස්ට් එකක් දැකල අහන්න හිතුනේ..මොකද මම නම් අහල නෑ බුදුහාමුදුරුවෝ පාවහන් පැළදුව කියල..
    අහල තියෙන්නේ උන් වහන්සේ ගේ සිරි පතුලේ ලක්‍ෂණ ,, තව ගමන් කරනකොට පොලවේ වලක් සැදෙන්නේ නැති බව... වගේ විස්තර.. පා වහන් ගැන අහල නෑ..


    දනන් කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    Jbhasura

    Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    යාලුවනේ.. බුදු රජාණන් වහන්සේ හෝ අනෙක් රහතන් වහන්සේ ලා ඒ කලේ පාවහන් පැලදුවද?

    අද බුකියේ තිබුන පොස්ට් එකක් දැකල අහන්න හිතුනේ..මොකද මම නම් අහල නෑ බුදුහාමුදුරුවෝ පාවහන් පැළදුව කියල..
    අහල තියෙන්නේ උන් වහන්සේ ගේ සිරි පතුලේ ලක්‍ෂණ ,, තව ගමන් කරනකොට පොලවේ වලක් සැදෙන්නේ නැති බව... වගේ විස්තර.. පා වහන් ගැන අහල නෑ..


    දනන් කෙනෙක් ඉන්නවනම් කියන්න

    මං දන්න විදියටනම් පාවහන් පැලඳුවේ නෑ.
    ගමන් කරද්දි වලවල් හැදෙන්නේ නෑ වගේ ඒවනම් අහලා නෑ. බුදුහාමුදුරුවෝ එර්දියෙන් වඩිනවා වගේ ප්‍රාතිහාර්ය පෑම සිදු කළා කියන්නෙත් අත්‍යවශ්‍යයම වෙලවල් වලදි විතරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    බුදු හාමුදුරුවො වඩිනකොට පොළවෙ උස් තැන් සම වෙනවා, මිටි තැන් පිරිලා සමතලා වෙනවා කියලා තමයි තියෙන්නෙ. සිරි පතුල පොළවෙ ස්පර්ශ වෙලා ආයිත් ඉස්සෙනවත් එක්කම පොළවෙ අඩි සලකුණ මැකෙනවා කියලත් තියෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    උබ බුදු සාදු පාවහන් පැළඳුවද නැද්ද කියන එක හොයාගෙන මොනාද කරන්න යන්නෙ ? උන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන හොයල බලන්න. අනිත් අයට උබේ මනස කිළිටි කරන්න විකෘති කරන්න ඉඩ දෙන්න එපා. :yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යාලුවනේ.. බුදු රජාණන් වහන්සේ හෝ අනෙක් රහතන් වහන්සේ ලා ඒ කලේ පාවහන් පැලදුවද?

    අද බුකියේ තිබුන පොස්ට් එකක් දැකල අහන්න හිතුනේ..මොකද මම නම් අහල නෑ බුදුහාමුදුරුවෝ පාවහන් පැළදුව කියල..
    අහල තියෙන්නේ උන් වහන්සේ ගේ සිරි පතුලේ ලක්‍ෂණ ,, තව ගමන් කරනකොට පොලවේ වලක් සැදෙන්නේ නැති බව... වගේ විස්තර.. පා වහන් ගැන අහල නෑ..


    දනන් කෙනෙක් ඉන්නවනම් කියන්න


    23. කොණාගමන බුද්ධවංශය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » බුද්ධවංස පාළි » 23. කොණාගමන බුද්ධවංශය

    11. බුදුන්ට ද ශ්‍රාවකයන්ට ද පත්තුණ්ණ දෙශයෙහි වස්ත්‍ර ද චීනපට ද කොසෙය්‍ය වස්ත්‍ර ද කම්බල ද රන්මිරිවැඩි ද දින්මි,
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    4. මහාසුදස්සන චරියාව
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චරියාපිටක පාළි » 1. දාන පාරමිතාව

    5006. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන්නේ ය.

    5007. මම මැනවින් කරණ ලද පාවහන් (යුවලක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනොඥවූ දර්ශන ඇති පාගමනින් වඩින්නා වූ සම්බුදු රජුන් දුටුයෙමි.

    5008. සිය සිත පහදවා පාවහන් (යුවල) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මේ වචනය කීමි:

    5009. විනායකයාණන් වහන්ස, සුගතෙන්ද්‍ර‍යාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන්යුවලට) නැංග මැනැව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම් ද, (ඉන්) මාගේ යම් අභිමතාර්‍ත්‍ථයෙක් වේ නම් එය සමෘද්ධ වේ වා.

    5010. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජ තෙම වහන්සඟළෙහි නැඟ සිට මේ වචනය වදාළේ ය.

    5011. “යමෙක් තෙම පහන් සිත් ඇත්තේ මට සියතින් ම වහන් සඟලක් දුන්නේ ද, ඔහු පිළිබඳ වූ ඒ විපාකය මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.“

    5012. බුදුරජානන් වහන්සේ ගේ හඬ අසා ඔද වැඩි සිත් ඇති සොම්නස් වූ ප්‍රීතිමත් වූ බඳැදිලි ඇති සියලු දෙවිවරු රැස් වූහ.

    5013. “මේ තෙමේ වහන්සඟළ පිදීම හේතුකොට ගෙන සුව ඇත්තෙක් වන්නේ ය. පස්පනස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.

    5014. දහස්වරක් සක්විතිරජ වන්නේ ය. ලබන්නා වූ මහත් වූ ප්‍රදෙශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැ යි ගිණිය නො හැකි ය.

    5015. මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේ ය.

    5016. උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ගත් ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර‍ වූ (මෙ තෙමේ) සියලු ආස්‍ර‍වයන් (ප්‍ර‍හාණපරිඥාවශයෙන්) දැන ආස්‍ර‍ව රහිත ව පිරිනිවන් පාන්නේ ය.

    5017. පින්වත් වූ (මෙ තෙමේ) දෙව්ලොව හෝ මිනිස් ලොව හෝ උපදින්නේ නම් දිව්‍යයානයක් වැනි යානයක් ලබන්නේ ය.“

    5018. මාගේ ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද මැනැවින් සැරසූ ඇත්තු ද ආජානෙය අශ්වයන් යෙදූ රථ ද හැමකල්හි මට පහළ වෙත්.

    5019. මම ගිහිගෙන් නික්මෙන්නෙම් ද රථයෙන් නික්මුනෙමි. කෙස් සිඳින (හිසකේ බාන) කල්හි රහත් බවට පැමිණියෙමි.

    5020. මට ලාභයෝ ය. මවිසින් මොනොවට ලද ලාභය. මැනැවින් යෙදු වෙළඳාමක් වැනි ය. එක වහන්සඟළක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.

    5021. මම මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි යම් වහන්සඟළක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පානධිදානයාගේ මේ විපාකයි.

    5022. මා විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍ර‍ව රහිත ව වෙසෙමි.

    5023. බුදුරජානන් වහන්සේ වෙත පැමිණිම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.

    5024. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමොක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

    මෙසෙයින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    23. කොණාගමන බුද්ධවංශය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » බුද්ධවංස පාළි » 23. කොණාගමන බුද්ධවංශය

    11. බුදුන්ට ද ශ්‍රාවකයන්ට ද පත්තුණ්ණ දෙශයෙහි වස්ත්‍ර ද චීනපට ද කොසෙය්‍ය වස්ත්‍ර ද කම්බල ද රන්මිරිවැඩි ද දින්මි,

    :shocked: උබ ත්‍රිපිටකය පරිහරණය කරනවද ? එල කොල්ලෙක්නේ.:cool:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මටත් කියන්න තියෙන්නේ බුදුන්ගේ , රහතුන්ගේ පුද්ගලික
    විස්තර ඕනවට වඩා හොයන්න එපා.. ජෙනරල් නොලේජ්
    එකට ආගිය විස්තර ටිකක් දැනගත්තට කමක් නැහැ..

    එතනින් එහාට හොයන්න ගියොත් වෙන්නේ නිවන් පිණිස
    දේශනා කරපු ධර්මය මග හැරෙනවා....
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹ හොයපන්. අනිත් එවුන් නිවන හොයන්නෙත් නැහැ. දහම හොයනෙත් නැහැ..