බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප

    සකල ලෝක සත්වයා සංසාරගත දුකින් සදහටම මුදා උතුම් වූ නිවන් සුව අවබෝධ කරවීම පරමාර්ථය කරගනිමින් උතුම්වූ බුදු පදවියට පත්වීම පිණිස සම්බුදුරජාණන් වහන්සේලා දීර්ඝ කාලයක පටන් පහළවීම ලෝක ධර්මතාවක්‌ වේ. මෙම ලිපිය තුළින් සාරාංශ වශයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ නියත විවරණ ලැබීම, බුදුවරුන් ලොව පහළවන කල්ප, එක්‌ එක්‌ බුදුරජාණන් වහන්සේලා පුරන ලද පාරමිතා කාලවකවානු ආදිය තේරුම් ගැනීම සඳහා සංක්‍ෂිප්ත ලෙස දක්‌වනු ලැබේ.
    .
    ▬▬▬▬▬▬▬▬
    .
    01. බුදුපියාණන් වහන්සේලා පාරමිතා පිරීමේ කාලය
    .
    ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පිණිස පෙරුම් පුරන බෝසතුන් වහන්සේ විසින් තමන් ප්‍රගුණ කරනු ලබන පාරමී ශක්‌තිය වන 'ප්‍රඥව, වීර්යය, ශ්‍රද්ධාව' යන කරුණු මුල් කර ගනිමින්,
    .
    - පාරමිතා
    - උප පාරමිතා
    - පරමත්ත පාරමිතා
    වශයෙන් දාන, සීල, නෛෂක්‍රම්‍ය ප්‍රඥ, වීර්යය, ක්‌ෂාන්ති, සත්‍ය, අධිෂ්Aඨාන, මෛත්‍රී හා උපේක්‌ෂා, සමතිස්‌ (30) පෙරුම් පිරිය යුතුය. පාරමී බලයට අනුව ප්‍රඥ අධික, ශ්‍රද්ධා අධික හා වීර්යය අධික වශයෙන් බුදුවරු තිදෙනකි.
    .
    - සම්මා සම්බුදුබව (ප්‍රඥ අධික) සඳහා පිරිය යුතු පාරමි කාලය 'අසංක්‍ය කල්ප ලක්‌ෂ හතරයි'. (සාරා සංඛ්‍ය කල්පලක්‌ෂයක්‌)
    .
    - සම්මා සම්බුදු බව (ශ්‍රද්ධා අධික) සඳහා පිරිය යුතු පාරමිතා කාලය 'අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 8 යි' (අටා සංඛ්‍යා කල්ප ලක්‌ෂයක්‌)
    .
    - සම්මා සම්බුදු බව (විර්යය අධික) අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 16 යි. (සොලොසා සංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌) පාරමිතා ශක්‌තිය අනුව බුදුවරු ලබන පාරමි කාලය වේ.
    .
    - පාරමිතා යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ තම වස්‌තුව පිළිබඳව නිරපේක්‌ෂාව පාරමී පිරීම වේ.
    .
    - උප පාරමිතා නම් තම ශරීරයේ අංගයන් පිළිබඳව නිර්පේක්‌ෂාව පාරමී පිරීම වේ. තම ශරීරයේ කොටස්‌ දන්දීම. (ලේ, වකුගඩු, මාංශ, ඇස්‌, පටක කොටස්‌, නහර ආදී ශරීරාංග වේ.)
    .
    - පරමත්ත පාරමිතා යනු - තම ජීවිත පූජාවෙන් පාරමී පිරීම වේ. තම ශරීරය මරණයෙන් පසු වෛද්‍ය විද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනවලට පරිත්‍යාග කිරීම ද මේ පාරමිතාවේ අංගයක්‌ වශයෙන් සඳහන් කළ හැකිය.
    .
    ▬▬▬▬▬▬▬▬
    .
    පාරමී පුරන කල්ප සංකල්පය
    .
    'අන්තඃකල්පය - සද්ධර්ම රත්නාවලියෙහි විග්‍රහ කරන ආකාරයට ගුණ ධර්මවලින් පිරිහෙන මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය වසර 10 කින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ආයුෂයට විත් යළි එතැන් පටන් ආයුෂය පිරිහී ගොස්‌ නැවත වසර 10 දක්‌වා අඩුවන තෙක්‌ අතර වූ කාලය අන්තඃකල්පය ලෙස සඳහන්ව ඇත. (පරි. 9 වන 207 වැනි පිට) මෙය ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථ පද විවරණයේද එලෙසින්ම සඳහන්ව ඇත. (ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථිපදය - පිට - 119)
    .
    උපමා ලෙස දක්‌වා ඇත්තේ මහා පොළොවෙහි අඟලක්‌ වැඩීමට ගත වන කාලය වසර '1000' ක්‌ වේ. එලෙස වර්ධනය වන පොළොව එක්‌ යොදුන් (සැතපුම් හතරක්‌ යොදුනක්‌ වේ) තුන් ගව්වක්‌ සැදීමට ගතවන කාලය අන්තඃකල්පයක්‌ බවය.
    .
    - අන්තඃකල්පය විවිධ විපර්යාසයන්ට ලක්‌වනු ලබයි.
    .
    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ලෝභයට පත්වීම හේතුකොට ගෙන රෝගපීඩාදියෙන් විනාශයට පත්වෙයි. එය රොගාන්තඃකල්පය වෙයි.
    .
    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ද්වේශයෙන් පෙළෙන්නේ නම් ආයුධ මගින් විනාශවෙයි. එය ශස්‌ත්‍රාන්තඃකල්පය වෙයි.
    .
    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික මෝහයෙන් මුලාවූයේ නම් එය දුර්භික්‍ෂාන්තඃකල්පය වෙයි.
    .
    - අසංඛ්‍ය කල්පය - 1. සද්ධර්මරත්නාවලියට අනුව අන්තඃකල්ප 20 ක එකතුවකින් සෑදෙන කාලය එක්‌ අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ ලෙස දැක්‌වෙයි. (ධ.ර. 9 වැනි පරි. 208 පිටුව)
    .
    2. සද්ධර්මලංකාර දක්‌වන්නේ අන්තඃකල්ප 64 ක එකතුවෙන් අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ සැදෙන බවයය. (ධ.ලං. 2 වැනි පරි. 64 වැනි පිට)
    .
    අසංඛ්‍ය කල්පය වෙනස්‌වන ආකාරය අනුව ප්‍රභේද හතරකි.
    .
    1. කල්පය නස්‌සා කාලය - ස්‌වභාවික හේතූන් පදනම් කරගනිමින් හටගත් විශ්වය ස්‌වභාවික හේතූන්ගේම විවිධ විපර්යාස නිසා විනාශයට පත්වෙන අතර එය සිදුවන්නේ,
    .
    අ. ගින්නෙන් දැවී විනාශවීම
    .
    ආ. ජලයෙන් විනාශ වීම
    .
    ඇ. සුළඟින් විනාශ වී යැම සිදුවේ.
    .
    එවිට කෙළ ලක්‌ෂයක්‌ පමණ වූ මුලු සක්‌වල ප්‍රාණීන්ගෙන් තොරව ඒක ඝනාන්ධකාරය පැතිර පවතී. මෙසේ පැවතී යළි සම්පත් මේඝය ආරම්භ වන තෙක්‌ පවත්නා යුගය එක්‌ අසංඛ්‍ය කල්පයක්‌ වෙයි.
    .
    2. කල්පය නැසී සිටින කාලය, සමස්‌ථ විශ්වයම ගින්නෙන්, ජලයෙන් වායුවෙන් නැසී ගොස්‌ යළි සම්පත් මේඝය ආරම්භ වන කාලය දක්‌වාවූ කාලය අසංඛ්‍ය කල්පයක්‌ වේ.
    .
    3. කල්පය හටගන්නා කාලය, සම්පත් මේඝය ආරම්භවී හිරු-සඳු පහළවන තෙක්‌ ගතවන කාලය අසංඛ්‍ය කල්පයක්‌ වෙයි. මෙම අසංඛ්‍ය කල්පය තුළදී යළිත් මනුෂ්‍ය, සදිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදිය පෙර තිබූ අයුරින් පහළ වෙයි.
    .
    4. කල්පය හටගෙන සිටින කාලය සමස්‌ථ විශ්වය යථා පරිදි යළි හටගත් පසු කාලයක්‌ ගතවී යලිත් කල්ප විනාශයක්‌ එනම් විපත් මේඝය උදාවනතෙක්‌ අතර කාලය අසංඛ්‍ය කල්පයක්‌ වෙයි.
    .
    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ කල්ප සංකල්පය දේවවාදීන් සුරංගනා නිර්මාණවාදයට වඩා නූතන නවීන විද්‍යාව පවා මවිතයට පත්කරන ලද සත්‍ය සංකල්පයකි. ඉහත කී අසංඛ්‍ය කල්ප හතරක එකතුවෙන් මහා කල්පයක්‌ වේ. මේ ක්‌ප සංක්‌පය තුළින් අප තේරුම්ගත යුත්තේ ලොව පහළවන්නාවූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ දීර්ඝ කාලයක්‌ සංසාර සාගරය තුළ පාරමිතා පුරමින් ලෝක සත්වයාට උතුම්වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරලීම පිණිස මොන තරම් වෙහෙසක්‌ දරා කැපකිරීමක්‌ කරන්නේද යන්නය.
    .
    මෙම අතිදීර්ඝ කල්ප තුළ පෙරුම් පුරන බෝධි සත්ත්ව උතුමෝ පහළ වන අසංඛ්‍ය කල්ප, අශුන්‍ය කල්ප' නමිනුත් බුදුවරුන්, පසේ බුදුවරුන්, මහරහතුන් වහන්සේලා හා සක්‌විති රජදරුවන් පහ නොවන කල්ප 'ශුන්‍ය කල්ප' නමිනුත් ප්‍රභේද කර දක්‌වයි.
    .
    අප ගෞතම අමාමෑණියන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 7 ක්‌ තිස්‌සේ 125,000 ක්‌වූ (එක්‌ ලක්‌ෂ විසිපන්දහසක්‌) බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 9 ක්‌ තිස්‌සේ 387,000 ක්‌ වූ බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 4 ක්‌ 'තණ්‌හංකර බුදුපියාණන් වහන්සේගේ' පටන් කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දක්‌වා වූ 27 නමක්‌ බුදුවරුන් හමුවෙත් පෙරුම් දම් පුරා ඇත.
    .
    ▬▬▬▬▬▬▬▬
    .
    බුදුපියාණන් වහන්සේගේ පහළවීම අනුවද කල්පය විග්‍රහ කළ හැකිය.
    .
    1- ශුන්‍යකල්පය තුළ බුදුවරු පහල නොවේ.
    .
    2- සාරකල්පය තුළ එක් බුදු කෙනෙකුන් පහළ වේ.
    .
    3- මණ්‌ඩ කල්පය තුළ බුදුවරු දෙනමක් පහළ වේ.
    .
    4- වර කල්පය තුළ තුන් නමක්නමක්‌ බුදුවරු පහළ වේ.
    .
    5- සාර මණ්‌ඩ කල්පය තුළ බුදුවරු සතර නමක් නමක්‌ පහළ වේ.
    .
    6- මහා භද්‍ර කල්පය තුළ බුදුවරු පස්‌නමක්‌ පහළ වේ. 'මේ මහා භද්‍ර කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රීය (මතු බුදුවන බුදුපියාණෝ) යන බුදුපියාණන් වහන්සේලා'.
    .
    ▬▬▬▬▬▬▬▬
    .
    ගෞතම බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය පිණිස විවරණ ලැබීම -
    .
    අප ගෞතම අමා මෑණියෝ බුද්ධත්වයට පත්වීමට පෙර ඒ සඳහා අසංඛ්‍ය කල්ප ලක්‌ෂ හතරක්‌ (සාරා සංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌) කාලය ලොව පහළ වූ බුදුවරුන් විසිහත් නම ඇතුළත්ව බුදුවරුන් හමුවේ විවරන ලැබූවද ගෞතම බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබුවේ 'දීපංකර බුදුපියාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දක්‌වාවූ විසිහතර නමකගෙන් පමණක්‌ බව සඳහන් වේ. 'තණ්‌හංකර, මේධංකර, සරණංකර යන බුදුපියාණන් වහන්සේ ඊට ඉහතින් වූ කාලයේ 'අනියත විවරණ' ලැබූ බුදුපියාණන් වහන්සේය.
    .
    ▬▬▬▬▬▬▬▬

    බුදුබව පැතූ ක්‍රමයන් අනුව ගතවූ කල්ප සංඛ්‍යාව
    - 'මනෝ ප්‍රණිධානය' -සිතින් පමණක්‌ බුදුබව පැතීම අසංක්‍ය කල්ප ලක්‌ෂ හතකි. බුදුවරු සංඛ්‍යාව එක්‌ලක්‌ෂ විසිපන්දහසකි.
    - වාක්‌ ප්‍රණිධානය - වචනයෙන් ද බුදුබව පැතීම) අසංඛ්‍ය කල්ප ලක්‌ෂ නවයකි. බුදුවරු සංඛ්‍යාව තුන්ලක්‌ෂ අසූහත් දහසකි.
    - කාය ප්‍රණිධානය - කයින්ද බුදුබව පැතීම. අසංඛය කල්ප ලක්‌ෂ හතරකි. (සාරා සංඛ්‍ය කල්ප ලක්‌ෂයකි) බුදුවරු සංඛ්‍යාව විසිහතර නමකි. (දීපංකර බුදුපියාණන් වහන්සේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තෙක්‌ වූ බුද්ධංකුර පිරීම.
    ලොව්තුරා බුදුවරු පාරමිතා ධර්ම බුද්ධත්වය පිණිස මේ ආකාරයෙන් සංසාර සාගරයේ අති විශාල කාල සංඛ්‍යාවක්‌ දානාදි වශයෙන් පුරනු ලබයි. ඒසා විශාල කැපකිරීමක්‌ තුළින් ලබන උතුම් බුදු පදවි ලබාගත් බුදුවරයෙක්‌ගේ ශාසනය පවතින කාල පරාසය මිනිස්‌ සත්වභවයක ඉපදීම ද ඒ බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයේ සරණ යැමද මහත්වූ කුසලානුබවයක්‌ බව නිතර නිතර සිහිකර කුසල් වැඩිය යුතු වේ.
    .

    උපුටා ගැනීම -> මුදුන (Muduna)
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    අට විසි බුදුවරු අතරින් ප්‍රඥ අධික, ශ්‍රද්ධා අධික ,විර්යය අධික වශයෙන් පාරමිතා පිරුවෙ මොන බුදුවරුද කියල කොහේ හරි සඳහන් වෙලා තියෙනවද?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අට විසි බුදුවරු අතරින් ප්‍රඥ අධික, ශ්‍රද්ධා අධික ,විර්යය අධික වශයෙන් පාරමිතා පිරුවෙ මොන බුදුවරුද කියල කොහේ හරි සඳහන් වෙලා තියෙනවද?

    mama nam ahala thiyenne gauthama budhuhamudhuruwo wirya adhika budu keneklu... maithri budu hamuduruwo prachna adika budu keneklu...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    mama nam ahala thiyenne gauthama budhuhamudhuruwo wirya adhika budu keneklu... maithri budu hamuduruwo prachna adika budu keneklu...

    Naa naa..gauthama budu haamuduruwoi prachna adika.. maithri budu hamuduruwo wirya adhika kenek..