බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

hpalpola

Well-known member
  • බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

    මේ වන විට සිංහල රටේ පවතින එක්තරා වාදයක් වන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නේ ද නැද්ද යන වාදය යි. ඒ වාදය තුළ බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේයැයි කියන අය වෙනුවෙන් මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි.

    බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි යන ස්ථාවරය සඳහා ජම්බුදීපය ඉන්දියාව නොව ලංකාව ය යන මතය ද සමාජගත කිරීමට සිදු ව තිබේ. මෙය ඉතා සිහිබුද්ධියෙන් ඉදිරිපත් කරන මතයකි. ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි, සාධක මේ වන විට ඉදිරිපත් කර ඇත. කෙසේවෙතත් ජම්බුදීපය යන රට කුමක්දැයි ස්ථිරව සනාථ කර ගැනීමට නොහැකි වී තිබේ.

    ඇත්තටම ජම්බුදීපය ඉන්දියාව ද ලංකාවද? මේ වාදය තුළ ඇවිලෙන එක් අඟුරු කැබැල්ලකි. බහුතරයකගේ නැත්නම් ලෝකවාසීන්ගේ විශ්වාසය අනුව (ලංකාවේ එක්තරා කොටසකගේ හැර) ජම්බුදීපය යනු ඉන්දියාවයි. නමුත් ඉන්දියාවට ජම්බුදීපය යැයි කීවේ කව්ද? මේ පිළිබඳව විමසීමේ දී ඉන්දියාව හැඳින්වූ නම් මොනවාද යන්න හඳුනා ගත යුතු ව තිබේ.

    ඊට පෙර ලංකාවේ දී ඉන්දියාව හැඳින්වූ පැරණි නාමය කුමක් ද යන්න දැක්විය යුතු ය. දැනට අප සතුව ඇති පැරණි ඉතිහාස මූලාශ්‍රයක් වන (එහි දැක්වෙන සමහරක් කරුණු පුරාවිද්‍යාත්මකව සනාථ ව තිබේ) මහාවංශයේ දී අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා ඇති ආකාරය දක්නට ලැබේ. මහාවංශය ක්‍රි.ව. 5 වන සියවසේ දී රචනා වන විට ක්‍රි.ව.4 වන සියවසේ රචනා වී තිබූ දීපවංශය ලංකාවේ තිබිණි. අදත් එය ඇත. ඒ අනුව ද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. මේ වංශ කථා ලියැවෙන්නේ ඒ වන විට ලංකාවේ තිබුණු හෙළ අටුවාව ආශ්‍රයෙනි. ඒ අනුව ඒ අටුවාවේදීද අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට අමතරව ඉන් ඉදිරියට ලියැවුණු බොහෝ ග්‍රන්ථවල ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. පූජාවලිය ඊට හොඳම නිදසුනකි. දඹදෙණි යුගයේ රචනා වූ එහි ධර්මාශෝක රජු ගැන සඳහන් කරන විට දඹදිව පාටලීපුත්‍රය ගැන සඳහන් කර තිබේ. මීට අමතරව අවස්ථා කීපයකදී ම දඹදිව ගැන පූජාවලියේ සඳහන් වේ. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී සාහිත්‍ය ග්‍රන්ථවලද එසේමැයි. සද්ධර්මාලංකාරයේ දී ලංකාවේ සිට දඹදිව බෝධිමණ්ඩලයට වැඩි භික්ෂූන්වහන්සේලා ගැන පවා සඳහන් වේ. මේ ලංකාවේ සාහිත්‍යයෙන් කොටසක් පමණි. මහාවංශය ඇතුළු ග්‍රන්ථවලදී ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වීමට හේතුවක් ඇත. එය හඳුනාගත යුතුව තිබේ. ඒ සඳහා ජම්බුදීපය යන නම භාවිතා කළ තැනැත්තා හඳුනාගැනීමට අවශ්‍යය.

    ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්දියාව හඳුන්වන ව්‍යවස්ථානුකූලව පිළිගත් නම් දෙකකි. ඒ ඉන්දියාව සහ භාරතය යි. මීට අමතරව හින්දුස්ථාන් යන නමද ඉන්දියාවට භාවිතා කරයි. එහෙත් එය ව්‍යවහාරයේ මිස ව්‍යවස්ථාපිතව පිළිගෙන ඇති නමක් නොවේ.
    ඉන්දියාව යන නම ක්‍රි.පූ.5 පමණ සිට ඉන්දියාවට භාවිතා වී ඇති බවට සාධක ඇත. නමුත් ඒ ඉන්දියාව යනු අද ඉන්දියාව නොව පාකිස්ථානය ද ඇතුලු විශාල භූමි ප්‍රමාණයකි. ඉන්දියා යන නම ග්‍රීක භාෂාවෙන් බිඳී පැමිණියක් වේ. මෙගැස්තීනියස් එය ප්‍රථමයෙන් ම භාවිතා කරන්නට ඇති බව පෙනී යයි. එය ග්‍රීක භාෂාවට යොමු වන්නේ සින්දු යන සංස්කෘත පාඨයෙනි. ඒ සින්දු ගංගාව හේතුවෙනි. අද සින්ද් ප්‍රදේශය පාකිස්ථානයේ ය. මේ සින්දු යන්න පැරණි පර්සියානුවන් හඳුන්වනු ලැබූයේ හින්දු ලෙසිනි. ක්‍රි.පූ. 516 දී 1 වන ඩේරියස් රජු සින්දු ප්‍රදේශයේ කොටසක් ආක්‍රමණය කරනු ලැබුවේ ය. එතැන් පටන් හින්දු ලෙසින් ඒ කොටස හඳුන්වන ලදි. පර්සියානු අධිරාජ්‍යයා වෙනුවෙන් ඉන්දු ගඟ දිගේ පහලට පැමිණි යාත්‍රිකයෝ ඒ නම ග්‍රීකයන්ට දැනුම් දෙන්නට ඇති බව සිතීමට කිසිඳු බාධාවක් නැත. හෙරඩෝටස්ගේ ජියෝග්‍රෆි කෘතියේ දී ඉන්දුස් පාඨය භාවිතා වී තිබේ.
    සිහි තබා ගන්න. මේ කාලය වන විට ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පවතින භූමියකි. එය ඉන්දියානු භූමියේ කොටසක් නොවේ.

    එසේම හෙරඩෝටස් මේ කලාපයේ භූ ලක්ෂණ ගැන නිශ්චිතව නොදැන සිටියේ වුවත් ඒ කොටසේ ජීවත්වන පුද්ගලයන් හැඳින්වීම සඳහා ඉන්දියානු නම භාවිතා කර ඇත.

    ඇලෙක්සැඩර්ගේ කාලයේ දී ද ඉන්දියාව හැඳින්වූයේ ඉන්දියාව ලෙසින්ම ය. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූතයෝ ගංගා ගඟ දිගේ උතුරු ඉන්දියාවේ සංචාරයේ ද යෙදිනි.

    ඇල්ප්‍රඩ් රජුගේ පවුලස් ඔරෝසියස් පරිවර්තනයේ දී ද ඉන්දියාව නම භාවිතා වූ අතර මධ්‍යතන ඉංග්‍රීසියේ දී ප්‍රංශ උරුවට යමින් ඉන්දෙ නම භාවිතා විනි. පසුව 17 වන සියවසේ පමණ සිට වත්මන් ඉංග්‍රීසි භාවිතාවේදී ඉන්දියා යන නම භාවිතා වෙයි. මේ ඉන්දියාවේ කතාවයි. දැන් අපි හින්දුස්ථානයට යොමු වෙමු.

    පෙර කී ලෙස 1 වන ඩේරියස් ක්‍රි.පූ. 516 දී පමණ ඉන්දු නිම්නය ආක්‍රමණය කරනු ලැබූ අතර එතැන් පටන් සින්දු යන්නෙහි පර්සියානු භාවිතාව වන හින්දු යන්න භාවිතා විය. මේ නම ඊජිප්තුවේ ආකිමිඩියානු යටත් ප්‍රදේශයේ පවා භාවිතා ඇති බවට ක්‍රි.පූ. 500 පමණ ලියැවුණු 1 වන ඩාරියස්ගේ ව්‍යවස්ථාව සාක්ෂි දරයි. පර්සියානුවන් විසින් ම ස්ථාන් යන්න ද ක්‍රි.පූ. 1 වන සියවසේ පමණ සිට හින්දු යන්නට එකතු කර භාවිතා කරන්නට ඇතැයි සිතීමේ බාධාවක් නැත. ඒ අනුව ක්‍රි.පූ. 262 සිටි 1 වන ශපූර්ගේ Naqsh-e-Rustam පුවරු ලිපියේ දී සින්ද් යන්නට හින්දුස්ථාන් යන්න භාවිතා කර තිබේ. බාබුර් අධිරාජ්‍යයා එය විස්තර කර ඇත්තේ ‘එය නැගෙනහිරින්, දකුණින් සහ බටහිරින් මහා මුහුදෙන් වට වී ඇත‘ ලෙසිනි.
    අරාබියානුවන් විසින් ද හින්දු යන්න භාවිතා කර ඇති අතර ඔවුන් පසුව ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබූ විට භාවිතා කර ඇත්තේ හින්දුස්ථාන් යන නමයි. ක්‍රි.ව.17 වන සියවසේ දී හින්දුස්ථාන් නම ද ඉංග්‍රීසියට ඇතුල් විනි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    බුදු හාමුදුරුවො අපේ කරගන්නනෙ ඕනෙ.....

    හරි මම පිලිගන්නංකො... "බුදුහාමුදුරැවො අපේ තමයි... සිදුහත් කුමාරය කියන්නෙ හෙල යක්ඛ පුතෙක්..."
    හරි, දැං ඊලඟට මොකද කියන්නෙ...
    නටන්නද ඕනෙ....
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    Oi owage boru danna epa 🤣🤣
     
    • Like
    Reactions: Computerbuddy

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඕකේ බන් කල්ෆ්ලික්ට් තොගයක් තියෙයිනේ. මගේ තියරිය නම් මේක. පොඩ්ඩක් ජෙනරල් නොලේජ් එක දාල කල්පනා කෙරුවොත් එහෙම. බුදුන්වහන්සේගේ පාත්‍රයේ ඉදන් ධාතූන් වහන්සේලා සහ අනෙකුත් පාරිභෝගික ධාතූන් 90%ක් තියෙන්නේ ලංකාවේ. ජම්බුද්වීප කියන එකේම ද්වීප කියන කෑල්ලක් තියෙනවා ඉන්දියාව දූපතක් නෙමේ. අනික ඔය ජම්බුද්වීම කියන නම තියෙන්නෙත් ලංකාවේ ලියපු පොත් වල. අනික ඉන්දියාවේත් අතීතයේ ඉදන් පොත් පත් ලියවෙලා තියෙනවා වේද ග්‍රන්ත වගේ ඒවා. බුදු කෙනෙක් බුදු දහමක් ගෑවිච්ච තැනක්වත් ඒවේ නෑ. අනික ඔය බුද්ධ ඉතිහාසේ එන නම් ගම් උනත් සිංහලට සමාන ගතියක් තියෙනවනේ. කොටින්ම ගොඩක් නම් අදටත් ව්‍යවහාරයේ පාවිච්චි වෙනවනේ. වෙන කව්රුත් කියපුවා ගනන් ගන්ඩ ඕන නෑ, බුදුහාමුදුරුවෝම තමන් ඉන්න ප්‍රදේශය විස්තර කරලා තියෙනවා ත්‍රිපිටකයේ. තියෙනවා ගංගා පෙය්‍යාලය කියලා ඒකේ බුදු හාමුදුරුවෝ කියනව නැගෙනහිරින් පටන් ඇරන් නැගෙනහිරටම ගලා බැහැලා නැගෙනහිරින්ම මුහුදට වැටෙන ගංගා 5ක් ගැන. ලංකාවේ මැප් එකක් ඇරන් බැලුවම බඩු තක්කෙටම තියෙනවා.
     
    hpalpola

    Well-known member
  • පෙර කී ලෙස ඉන්දියාව ව්‍යවස්ථාපිතව භාරතය ලෙසින් ද හැඳින් වේ. සමහරුන් කියන්නේ රිෂභගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බවයි. තවත් අය දුෂ්‍යන්තගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බව කියයි. ත්‍රිපිටකයේ මහා ගෝවින්ද සූත්‍රයේද භරත රජු ගැන සඳහන් වේ. මහාභාරතය දුෂ්‍යන්තගේ පුත් භරත ගැන සඳහන් කරයි. ක්‍රි.පූ.1 වන සියවසේ කාරවේල රජුගේ හත්ථිගුම්පා සෙල්ලිපියේදී භාරතවර්ෂය යන පාඨය යොදා ගෙන ඇත. නමුත් ඒ උතුරු ඉන්දියාවේ කොටසක් සඳහා පමණි. මහාභාරතය ලියැවුණු ක්‍රි.පූ.200-300 අතර කාලයේ දී ඊට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඒ සඳහා ඇතුල් වී තිබේ. විෂ්ණු පුරාන, වායු පුරාන, ලිංග පුරාන, බ්‍රහ්මන්ද පුරාන, අග්නි පුරාන, ස්කන්ධ පුරාන, කන්ධ පුරාන, මර්කන්ධ්‍ය පුරාන යන පුරාන ග්‍රන්ථ වල භාරතවර්ෂය පෙන්වා දී තිබේ.

    එසේම වේදග්‍රන්ථ, මහාභාරතය, රාමායණය ආදී ග්‍රන්ථවලදී භාරත කන්ධ ලෙසින් ද භාවිතා වී තිබේ. නමුත් භාරත කන්ධය තුළදී දකුණු ආසියාවම ඇතුළත්වන ආකාරයක් දක්නට ඇත.

    ජම්බුදීප
    අශෝකගේ Sahasram ගල් ලිපියේ දැක්වෙන ජම්බුදීප නම

    ඉන්දියාව සඳහා ජම්බුදීපය යන නම ප්‍රථමයෙන් භාවිතා කල බවට සැලකිය හැක්කේ අශෝක අධිරාජ්‍යයා වේ. භාරත යන නම රාජ්‍ය නාමයක් ලෙසින් පිළිගැනීමට පෙර ඉන්දියාව හැඳින්වීමට භාවිතා වූ ප්‍රමුඛ නාමය එය විය. දඹ පිරුණු දූපත යන්න එහි සාමාන්‍ය අර්ථය වේ. අශෝක අධිරාජ්‍යයා විසින් බුදු දහම රට රටවලට ව්‍යාප්ත කිරීමේ දී ජම්බුදීපය යන නාමය ද ව්‍යාප්ත විනි. නිදසුනකට ලංකාවට පැමිණි මහින්ද අර්හත් තෙරණුවෝ දෙවනපෑතිස් රජුට කියන්නේ අප ජම්බුදීපයේ සිට පැමිණි බවයි (ජම්බුදීපා ඉධා ගතා).

    එසේම ප්‍රථමයෙන් ත්‍රිපිටකය ලිඛිතව සංග්‍රහ වන්නේ ලංකාවේ ය. ඒ ගැන සැකයක් නැත. ත්‍රිපිටකය තුළ අවස්ථා කීපයකදී ම ජම්බුදීපය යන නම සඳහන්ව තිබේ. කෙසේවෙතත් මහා ගෝවින්ද සූත්‍රයේදී භාරත ගැන සඳහන් වේ. ත්‍රිපිටකය තුළ ජම්බුදීපය සඳහන්ව තිබීමට ප්‍රධාන හේතුව වන්නේ තෙවැනි සංගායනාවේදී ඉන්දියාව සඳහා භාවිතා කළ නම එය වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවට මහින්ද අර්හත් තෙරණුවෝ විසින් දේශනා කලේ මේ තෙවැනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ කළ ධර්මය යි. එසේම පැමිණියේ ඉන්දියාවේ සිට නිසා එකල්හි ඉන්දියාවට භාවිතා වූ දඹදිව යන නම ම භාවිතා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙසින් ත්‍රිපිටකය තුළ අද අපිට ඉන්දියාව හෝ භාරතය වෙනුවට හමුවන්නේ ජම්බුදීප යන පාඨය යි.

    අශෝක රජු විසින් දඹදිවත් ලංකාවත් එකිනෙකට වෙනස් රාජ්‍යයන් ලෙසින් දක්වා ඇති බව ආපසු සඳහන් කිරීම අවශ්‍ය නොවේ. මෙහි ආරම්භයේදී ම මා විසින් ඉන්දියාවට ජම්බුදීපය යැයි කීවේ කව්ද යන්න හඳුනාගැනීම අවශ්‍ය බව සඳහන් කළෙමි. ඒ අනුව අශෝක රජු විසින් ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා ඇත. ඒ හැඳින්වීම තුළින් ලංකාවේ දී ද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා තිබේ. තායිලන්තය, මලයාසියාව අදටත් ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වයි.

    ඉංග්‍රීසීහු විසින් ප්‍රථමයෙන් ඉන්දියාව අල්ලා ගත් අතර පසුව ලංකාව ද අල්ලා ගත්හ. ඔවුන් ඉන්දියාව ඉන්දියාව ලෙසින් හැඳින්වූ අතර ලංකාවේදී ද ඉන්දියාව සඳහා යොදාගත් නම වූයේ ජම්බුදීපය හෝ ඉන්දියාවයි. සිංහල සාහිත්‍යයේදී මෙනිසා ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී ජම්බුදීපය මෙන්ම ඉන්දියාව යන නාම ඉන්දියාව හැඳින්වීම සඳහා යොදා ගෙන තිබේ. නමුත් ඊට පෙර ලියැවුණු මහාවංශය, පූජාවලිය ආදී සාහිත්‍ය ග්‍රන්ථවලදී ජම්බුදීපය යන නම යොදාගෙන තිබේ.

    මේ අනුව ජම්බුදීපය යන නම අද ඉන්දියාව ලෙසින් හඳුන්වන රටටත් ලංකාව යන නම අද අපි ලංකාව ලෙසින් හඳුන්වන රටටත් යොදාගෙන ඇති බව පැහැදිලි වේ.

    මහාවංශය, පූජාවලිය ආදි ග්‍රන්ථවලදී බුදුරජාණන්වහන්සේව හඳුන්වා ඇත්තේ ලංකාවෙන් පිටත වැඩ විසූ අයෙකු ලෙසිනි. එසේ නොවන්නට ලංකාවට වැඩම කිරීමේ අවශ්‍යතාවක් බුදුරජාණන්වහන්සේට මතු වන්නේ නැත. මෙනිසා බුදුන් උපන්නේ ලංකාවේ නොවන අයට සාධාරණ සහ විශ්වාස කළ හැකි, පිළිගත හැකි මතයක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැක.