බුදුරජාණන්වහන්සේ-මෙරට-උපන්බව-විශ්වාසකර&#

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බුදුරජාණන්වහන්සේ-මෙරට-උපන්බව-විශ්වාසකර

    බුදුරජාණන්වහන්සේ මෙරට උපන්බව විශ්වාසකරන පිරිසට ගවයෝ පින් දෙති සහ ශ්‍රාවස්තිපුර
    කලක බුදුරජාණන්වහන්සේ මෙරට උපන් බව විශ්වාස කරන පිරිසක් බිහි වී ඇත. සියලු පුරාවිද්‍යා සහ සාහිත්‍ය ග්‍රන්ථවල සාධක කණපිට හරවමින් සහ රිසි සේ විකෘති කරමින් තම මතයම ස්ථාපිත කිරීමට තමන් ඕනෑම පවක් කිරීමට ලැජ්ජා නැති පිරිසක් බව ඔප්පු කළහ. ඔවුන්ගේ එක මතයක් වන්නේ සැවැත්නුවර පිහිටියේ වර්තමාන අනුරාධපුර ශ්‍රාවස්තිපුර බවය. ප්‍රසාද් කුමාර මහතා එය රිටිගලබව කියතත් ඔහුම දැමූ සිතියම එය වර්තමාන ශ්‍රාවස්තියම බව පවසයි, ඊට ඉල්ලු පැහැදිලි කිරීම නොදී ඔහු මග හැර ගිය නමුත් සිරි පෙරේරා මහතා ස්ථීරවම එය වර්තමාන ශ්‍රාවස්තිපුර බව කීය. එපමණක් නොව බුඩ්ඪපබ්බජිත අලජ්ජි භික්ෂුවක් විසින් කරන ලද යූ ටියුබ් වීඩියෝවක ලින්ක් එකක් ද ලබා දෙන ලදී. මේ ගොන්වහන්සේ පිරිස අවම වශයෙන් මේ රටෙහි වසර 150 කවත් ඉතිහාසයවත් නොදැන වසර දස දහස්ගණනක ඉතිහාසය ( ඇතැම්විට කල්ප ගණනක) ඉතිහාසය කතා කරන බව ඉන් පැහැදිලි විය.
    අනුරාධපුර ශ්‍රාවස්තිපුරයට ඒ නම ලැබීම පිළිබඳව අපුරු කථාවක් ඇත. ඩබ් ආත‍ර් ද සිල්වා මහතානෝ අප රට නිදහස් සටනේ නියමුවෙක් වූහ: පසු කලෙක ඔහු සෞඛ්‍ය අමාත්‍ය පදවියටද පත්විය. ඔහු තම පෞද්ගලික වාසස්ථානය ලෙස කොළඹ දෙමහල් මන්දිරයක් ඉදි කොට එය "ශ්‍රාවස්ති" ලෙස නම් කළේය. දරුවන් ද නොසිටි එතුමා අවසානයේ තමන් දිළින්දෙකු වන තුරුම සිය ධනය රටේ සුභ සාධනය වෙනුවෙන් යෙදවීය. 1918 දී අනුරාධපුර රත්මලේ ප්‍රදේශයේ අක්කර දෙදහසක පමණ විශාල භූමි ප්‍රමාණයක ගොවි පවුල් සිය ගණනක් පදිංචි කර ඔවුන්ට අවශ්‍ය බිත්තර වී කෘෂි උපකරණ ආදිය සපයා ගොවි ජනපදයක් සිය පෞද්ගලික ධනයෙන් ඇති කළේය.ඉන් ලාභයක් නොලැබෙන බව පෙන්වා දුන් හිතවතුන්ට ඔහු පැවසුයේ ලාභය මැනිය යුත්තේ මුදලින් නොව ඉන් ප්‍රතිලාභ ලැබෙන පවුල් ගණනින් බවය. සමාජ සුභ සාධන කටයුතු වෙනුවෙන් මුදල් ලබා ගැනීමට උකස්කරයක් ලෙස තැබුණු ශ්‍රාවස්ති මන්දිරයද ඔහුට අහිමි වූ අතර පසු කලෙක එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාරය බවට ද දැන් බස්නාහිර පළාත් මහ ඇමති කාර්‍යාලය බවට ද පත්ව ඇත. ඔහු ඇති කළ ර ගොවි ජනපදය ශ්‍රාවස්තිපුර ලෙස ඔහුට ගෞරවයක් ලෙස පසු කලෙක නම් කරන ලදී.( ශ්‍රාවස්තිපුර ක්‍රීඩාංගණය නම් කොට ඇත්තේ ආතර් ද සිල්වා ක්‍රීඩාංගණය ලෙසය). මෙවැනි අවම අවශයෙන් අවුරුදු 150 ක ඉතිහාසයක්වත් නොමැති ශ්‍රාවස්තිපුර නාමය ඇසුරෙන් සැවැත්නුවර මෙරටට පිහිටුවීමට උත්සාහ කරන පිරිස් තණ කොළ නොකෑම පිළිබඳව සියලු ගවයන් පින්දෙන බව වන බව මට විශ්වාසය.( බුඩ්ඪපබ්බජිත අල්ලජි භික්ෂුවගේ යූ ටියුබ් වීඩියෝව පළමු කමෙන්ටුවේ ඇත)

    Shanaka Iroshana Peiris ගෙ මුණුපොතෙන් උපුටාගන්නා ලදී

    25in245.jpg

    10fe0c4.jpg

    2q0vl20.jpg

    28tgn4g.jpg
     
    Last edited: