බුදුරජාණන්වහන්සේ හමු වූ පළමු තැනැත්තා.
සාමාන්‍ය ඉගැන්වීමට අනුව අප දන්නේ බුදුරජාණන්වහන්සේ හමු වූ මුල් අයවලුන් වන්නේ තපස්සු භල්ලුක දෙදෙනා බවයි. නමුත් විනය පිටකයේදී මේ දෙදෙනාට පෙර බුදුරජාණන්වහන්සේ හමු වූ කෙනෙක් පිළිබඳව සඳහන්ව තිබේ. ඒ බ්‍රාහ්මණයෙකි. කෙසේවෙතත් ඔහුගේ නාම ගෝත්‍රය එහි සඳහන් ව නැත. එහිදී මෙසේ සඳහන් වේ.
"1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට බෝරුක්මුලින් නික්ම අජපල්නුගරුක වෙතට වැඩි සේක. වැඩ අජපල්නුගරුක්මුල් හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත් සුව විඳින සේක් එක ම පර්ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.
2. ඉක්බිති (මාන වශයෙන්) “හූම්! හූම්!” ය යි ශබ්ද කරණ ස්වභාවය* ඇති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූයේ ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා එකත්පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය. “පින්වත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණෙක් වේ ද? බමුණකු කරන්නාවූ ධර්‍මයෝ කවරහු ද?”
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“පව් බැහැර කළ, හුහුංකාරයන්ගේ පහ කිරීමෙන් හුහුංකාර (මාන) රහිත වූ රාගාදිකසට නැත්තා වූ සංසුන් සිත් ඇත්තා වූ චතුර්විධමාර්ගඥාන නම් වෙදයෙහි කෙළවරට පැමිණියා වූ වැස නිමවූ මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය ඇති යම් ක්ෂීණාශ්‍රවබ්‍රාහ්මණයෙක් වේ ද, යමකුට ලොකයෙහි කිසි තැනක රාගාදි උත්සදයෝ* නැත්තාහු ද, ඒ පුද්ගල තෙමේ ‘මම බ්‍රාහ්මණ වෙමි’ යි ධර්‍මයෙන් (=නිවැරදි ලෙස) කියන්නේ ය.”
මේ බ්‍රාහ්මණයා පිළිබඳව දන්නා අය අල්පය. නමුත් ඒ පිළිබඳව ද දැන සිටීම වැදගත් ය. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන්වහන්සේ හමුවන්නේ මුචලින්ද නා රජු, බුදුරජාණන්වහන්සේ හමු වීමටත් පෙරදී වේ. කෙසේවෙතත් මොහු බුදු සරණ ගිය බවක් සඳහන් නොවේ.