බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචරියාව
භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචර්යාව දැනගැනීමට ඔබත් කැමතිද?
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතාගන්නවත් බැරි තරම් සුන්දර වූ මේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම ගත කළ ආකාරය සැබැවින්ම විස්මය ජනකයි.
බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒවා නම්,
උදෑසනම අවදි වී මුව සෝදා ගෙන පිණ්ඩපාතයට වඩින්නට කාලය පැමිණෙන තෙක් භාවනානුයෝගීව කල්ගත කරනවා. පිණ්ඩපාතය පිණිස කල් පැමිණි විට පාත්‍ර සිවුරු රැගෙන ඇතැම් විට තනියම පිණ්ඩපාතයේ වඩිනවා. සමහර විට පිණ්ඩපාතයේ වඩින්නේ භික්ෂූන් වහන්සේලා සමඟයි. ගොඩක් දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ සාමාන්‍ය භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා වගේ සාමාන්‍ය ආකාරයටයි.
ඒත් සමහර දවස්වලට පිණ්ඩපාතේ වඩින විට මෙන්න මේ වගේ මහා ආශ්චර්යවත් දේ සිදුවෙනවා.
ඒ වගේ දවස්වලට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද්දී මේ වගේ හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පෙරමඟට හමනවා. එ් සිහිල් සුළං රැුළි වලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙනවා. අහසේ වළාකුලූ වලින් වැසි බිඳු එක දෙක ඇදහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නෑ. ශාන්තව, පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහළින් ගමන් කරනවා.
ඒ වගේ සිහිල් සුළං රැල්ලේ පාවී ගෙන එන ලස්සන ම ලස්සන මල් උන්වහන්සේ වඩින මාර්ගයේ විසිරෙනවා. අමුතුම සුවඳක් ඒ මුළු පළාත පුරාම පැතිරිලා යනවා. පොළොවේ තියෙන විෂම තැන්, ඒ කියන්නේ වළ ගොඩැලි ආදිය නැතිවෙලා පොළොව සම වෙනවා. උස් තැන් පහත් වෙනවා. පහත් තැන් උස් වෙනවා. මාර්ගය හරියටම සමතලා වෙනවා. එතකොට උන්වහන්සේ පා තබා වඩිද්දී මුළු පාදයම ඒ සමතල පොළොවේ මනාව ස්පර්ශ වෙනවා. සමහර වෙලාවට උන්වහන්සේ වඩිද්දී ඒ ශ්‍රී පාදයන් පිළිගන්නට පොළොවෙන් අලංකාර මල් පවා මතුවෙනවා.
සමහර දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමට පිවිසෙද්දී, ඒ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස් වලින් මාර්ගය දෙපස මැදුරු, මාළිඟා ආදිය රන්වන් පැහැයෙන් දීප්තියෙන් බබලනවා. ඇතුන්, අශ්වයන්, කුරුල්ලන් ඒ ඒ තැන්වලම සිටිමින් මිහිරි නාදයන් පවත්වනවා. ඒ වගේම බෙර, වීණා ආදී පඤ්ච තූර්ය භාණ්ඩයන්ගෙන් මිහිරි නාදයන් නිකුත් වෙනවා. මිනිසුන් පැළඳගෙන ඉන්නා ආභරණ පවා මිහිරි හඬින් නද දෙනවා.
ඔය ලකුණු මඟ දෙපස ඇතිවෙද්දී ඒ ප්‍රදේශයේ මිනිස්සු ‘අද නම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස මේ ප්‍රදේශයට වඩින සේක’ කියලා දැනගන්නවා. ඒ අය පිරිසිදු ඇඳුමින් සැරසිලා, සුවඳ මල් ආදිය අරගෙන සැදැහැ සිත පෙරට අරගෙන තම තමන්ගේ ගෙවල් වලින් නික්මිලා පෙරමඟට එනවා. තමන් රැගෙන ආ මල් සුවඳ විලවුන් ආදිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා අප්‍රමාණ විදිහට පින් රැස් කරගන්නවා.
බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම සිත් පහන් වෙන ඒ උපාසක, උපාසිකාවෝ ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අපේ ගෙදරට දානයට ස්වාමීන් වහන්සේලා දස නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා විසි නමක් වඩම්මවා දෙන්න. ස්වාමීන් වහන්සේලා සියක් නමක් වඩම්මලා දෙන්න’ කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් තම තමන්ගේ කැමැත්ත පරිදි ස්වාමීන් වහන්සේලා තමන්ගේ නිවෙස් වලට වඩම්මවාගෙන දානය පූජා කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් බොහෝම ගරුසරු ඇතිව පිළිගෙන, ආසන පණවලා පිණ්ඩපාත දානය පිළිගන්වනවා. බුදුරජාණන් වහන්සේට දානෙ හැන්දක් පූජා කරගන්න ලැබෙනවා නම් ඒක ජීවිතයකට කොයිතරම් වාසනාවක්ද?
බුදුරජාණන් වහන්සේ කිසිම කලබලයක් නැතුව ඒ දානය පිළිඅරගෙන වළඳනවා. දානය වැළඳුවායින් පස්සේ අනුමෝදනා බණ දේශනා කරනවා. ඒ ධර්ම දේශනය අසන පින්වත් උදවිය එක්කො තෙරුවන් සරණ යනවා. එහෙම නැත්නම් සෝවාන් වෙනවා. එහෙමත් නැත්නම් සකදාගාමී වෙනවා. එහෙමත් නැත්නම් අනාගාමී වෙනවා. සමහර උදවිය මේ බුදු සසුන ගැන පැහැදිලා ගිහි ජීවිතය අත්හැර දමලා උතුම් පැවිදි ජීවිතයට පත්වෙනවා. ඒ අයට මේ සසර දුකින් සදහටම නිදහස් වෙන්න පවා වාසනාව උදාවෙනවා.
මේ විදිහට තමන් වහන්සේට දන් පිළිගැන්වූ පිරිසට අනුමෝදනා කරලා, ආසනයෙන් නැගිටලා ආපසු විහාරයට වඩිනවා. විහාරයට වැඩම කරලා අනෙත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය අවසන් කර නැවත විහාරයට වඩින තුරු ශාලාවේ පණවා ඇති ආසනයේ වාඩි වී සිටිනවා. ස්වාමීන් වහන්සේලා වළඳා අවසන් කළ බව උපස්ථායක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැනුම් දීමෙන් පසුව උන්වහන්සේ ගන්ධ කුටියට පිවිසෙනවා.
මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පෙර බත්කිස අවසන් වෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත සළසමින්.
පෙර බත් කිසෙන් අනතුරුව පා දෝවනය කරගෙන ගන්ධ කුටියේ පණවන ලද අසුනේ වැඩසිටින ලෝකනාථ වූ ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට අනුශාසනා කරනවා.
”පින්වත් මහණෙනි, බුදුකෙනෙකුගේ උපත අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. පැවිදි ජීවිතයක් ගතකරන්නට ලැබීමත් දුර්ලභයි. සද්ධර්මය අසන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. එනිසා පින්වත් මහණෙනි, අප්‍රමාදීව මේ ශාසනයේ යෙදෙන්න.”
ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා තම තමන්ට විසඳා ගන්න තියෙන ධර්ම කාරණා, භාවනා කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට ධර්ම මාර්ගය දියුණු කරගන්න ඕන විදිහට අනුශාසනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාත් ගෞරව සම්ප්රයුක්තව, පැදකුණු කරමින් ඒ අවවාද, අනුශාසනා පිළිගන්නවා.
බුදුරජාණන් වහන්සේගෙන් අවවාද, අනුශාසනා ලබාගැනීමෙන් පසුව ඒ ස්වාමීන් වහන්සේලා තම තමන් සිටින ස්ථානවලට වඩිනවා. සමහර ස්වාමීන් වහන්සේලා කැලයට වඩිනවා. තව සමහර ස්වාමීන් වහන්සේලා රුක් සෙවණකට වඩිනවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලා ගල් ලෙනකට වඩිනවා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලා වඩින්නේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට. සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න පරමනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයටත් වඩිනවා.
මේ විදිහට පිණ්ඩපාතයෙන් පස්සේ දවසේ පළමු කොටස අවසන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාව උතුම් ධර්ම මාර්ගය තුළ හික්මවීමෙනුයි.
භික්ෂූන් වහන්සේලා වැඩමවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කැමති නම් මනා සිහියෙන් යුතුව සිංහ සෙය්යාවෙන් මඳක් වෙලා සැතපී විවේක ගන්නවා. ඉන්පසු නැවත වරක් සමාධි සුවයෙන් යුක්තව මහා කරුණාවෙන් මුළු ලෝකය දෙසම විමසා බලනවා.
හවස් කාලයේ ඒ ප්‍රදේශයේ සිටින සැදැහැවත් උපාසක, උපාසිකාවන් සුවඳ මල් ආදිය රැගෙන විහාරයට පැමිණෙනවා. දම් සභා මණ්ඩපයට රැස්වෙනවා. ඒ පිරිසට සුදුසු වෙන ධර්ම දේශනයක් කාල වේලා ඉක්මවා නොයන විදිහට බුදුරජාණන් වහන්සේ පවත්වනවා. කුසලයෙහි පිහිටුවනවා. පිනෙහි යොදවනවා. මේ විදිහට තමන්ගේ ශ්‍රාවක වූ ගිහි පිරිසටත් ධර්මය කියා දෙන්නට ඒ කාලය බුදුරජාණන් වහන්සේ යොදවනවා.
ඉන් අනතුරුව තමන් වහන්සේගේ ශ්‍රී දේහය සිසිල් කිරීමට කැමැති සේක් නම් එසේ කරනවා. ඉන්පසුව මොහොතක් විවේකීව ගත කරනවා. ඉන් පස්සේ ස්වාමීන් වහන්සේලාට තම තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය දහම් කාරණා වදාරණවා. ඒ වගේම භාවනා ආදියත් කියා දෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ දෛනික දිනචරියාවේ රැයේ මුල් කොටසත් ලෝකයාටම හිත සුව පිණිසම යොදනවා.
ඉන්පසුව එළැඹෙන්නේ රාත්‍රියේ මධ්‍යම යාමයි. දස දහසක් සක්වලින් පැමිණෙන දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් කාරණා විමසන්නේ මේ වෙලාවටයි. උන්වහන්සේත් ඒ දෙවියන් හට දහම් දෙසනවා. අඩු ගණනේ සතර පද ගාථාවකින් හෝ දහම් දෙසනවා. ඒ ධර්මය ශ්‍රවණය කරන දෙවිවරු මඟපල, නිවන් අවබෝධ කරනවා. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙවියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් තමන්වහන්සේගේ කාලය කැප කරනවා.
රාත්‍රියේ අවසන් කාලය කොටස් හතරකට බෙදාගන්නා උන්වහන්සේ එක් කොටසක් සක්මනින් ගත කරනවා. දෙවෙනි කොටස ගන්ධ කුටියට පිවිස සිහි නුවණින් යුතුව සිංහ සෙය්යාවෙන් සැතපෙනවා. තුන් වෙනි කොටසේදී සමාධි සුවයෙන් ගත කරනවා. දවසේ අළුයම කාලය ගත කරන්නේ මහා කරුණා සමාපත්තියට සමවැදී පිහිට විය යුතු ලෝක සත්වයන් දෙස බලමිනුයි. මෙය ලෝකාවලෝකනය නමින් හැඳින්වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දින චරියාවේ පසුබත් කිස මේ විදිහට ගතවෙනවා.
සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පිරිනිවන් පානා තෙක් වසර හතළිස් පහක කාලයක් පුරාවට දෙව් මිනිසුන්ගේ යහපත උදෙසාම කැපකළ මහෝත්තම චරිතාපදානයක දිනචරියාව සැබැවින්ම අසිරිමත් නොවේද?

- පෙරබත්කිස
- පසු බත්කිස.

අන්තර්ජාලය ඇසුරෙණි.
අනිත් අයටත් බලන්න කරුණාකරලා බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.