☸ මේ අබුද්ධස්ස කාලේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැද්ද ! ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,965
    1
    6,830
    113


    1. ශාසන තුන හඳුන්වා දීම

    "මේ අටුවාවල ශාසන අන්තර්ධානය පිළිබඳ විස්තර කරනවා. මේ ශාසනය කියලා කියනවා පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය ලෙසින්.
    මොකක්ද මේ පරියාප්ති ශාසනය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුද්ධ වචනයට තමයි පරියාප්තිය කියන්නේ.
    ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා මාර්ගයට.
    ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල අවබෝධයට."

    2. ප්‍රතිවේද ශාසනය පිරිහී යන අනුපිළිවෙළ [18:55 - 20:45]

    "බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහසක් යනකන් සිව් පිළිසිඹියාපත් ලාභී, අෂ්ඨ සමාපත්ති ලාභී, ත්‍රිවිද්‍යා සහිත මහරහතන් වහන්සේලා පහළ වෙනවා. ඒකේ අඩුවක් වෙන්නේ නැහැ."

    "හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහසක් ඉක්මවලා අවුරුදු දෙදහසක් යනකොට, සිව් පිළිසිඹියාපත් ඥානලාභී රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. හැබැයි අෂ්ඨ සමාපත්ති ලාභී, ත්‍රිවිද්‍යා ඥානලාභී රහතන් වහන්සේලා පහළ වෙනවා."

    "අවුරුදු දෙදහසක් ඉක්මුණාට පස්සේ, රහතන් වහන්සේලා පහළ වෙනවා, හැබැයි අෂ්ඨ සමාපත්ති ලාභී රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ත්‍රිවිද්‍යා පමණක් ඇති රහතන් වහන්සේලා පහළ වෙනවා."

    "අවුරුදු තුන් දහසක් ඉක්මුණාට පස්සේ පහළ වෙන්නේ ශුෂ්ක විපස්සක ලාභී, ශුෂ්ක විදර්ශනා සහිත රහතන් වහන්සේලා පමණයි."
    "ඒ අවුරුදු තුන් දහසත් ඉක්මවලා අවුරුදු හතර දහසක් යනකොට රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. අනාගාමී උත්තමයෝ, සකෘදාගාමී උත්තමයෝ, සෝවාන් උත්තමයෝ පමණක් පහළ වෙනවා."

    "අවුරුදු හතර දහසත් ඉක්මවනාට පස්සේ අනාගාමී උත්තමයොත් පහළ වෙන්නේ නැහැ, සකෘදාගාමී උත්තමයොත් පහළ වෙන්නේ නැහැ, සෝවාන් උත්තමයොත් පහළ වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ලෝකයාගේ පරමායුෂ අවුරුදු 50ක් තියෙන්නේ."

    3. ආයුෂය හා ප්‍රඥාව අතර සම්බන්ධය [17:16 - 18:17]

    "බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ අවුරුදු සියයකට එක අවුරුද්දක් මනුෂ්‍යයාට ජීවත් වෙන්න තියෙන ආයුෂ පිරිහිලා යනවා. අද මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන්න තියෙන පරමායුෂ අවුරුදු 75යි. ඔහොම අඩු කරගෙන ගිහින් බලන්න, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් යනකොට මනුෂ්‍ය ලෝකයට ඉතිරි වෙන්නේ අවුරුදු 50යි."

    "අවුරුදු 50ක් ආයුෂ ඇති මනුෂ්‍යයාට රහත් වෙන්න තරම් ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ. ඒක එසේ මෙසේ කියපු කතාවක් නෙමෙයි, ඒක මහරහත් තෙරුන් වහන්සේලාගේ ඒ ගාම්භීර ප්‍රඥාවෙන් දැනගෙන දැකගෙන ලෝකයට විවර කරපු සත්‍යතාවයක්."

    4. පරියාප්තිය සහ ප්‍රතිපත්තිය විකෘති වීම [26:13 - 27:15]

    "ධර්මය සහ විනය පිළිබඳ අකුරක්වත් ඉගෙන ගන්නේ නැතුව, ඒ අය ධර්මයට නිරුක්ති දෙන්න ගන්නවා. අන්න ධර්මය නැමති පරියාප්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. ඔන්න ඔය වගේ ධර්මයට විකෘති අදහස් ඇති කරනවා. ඒකෙන් නිවැරදි ධර්මය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා යනවා. ඔන්න ඕකට තමයි කියන්නේ පරියාප්ති අතුරුදහන් වීම කියලා."

    උන්වහන්සේ අවසානයේදී පෙන්වා දෙන්නේ, ශාසනය මෙසේ පිරිහී යන බැවින් ප්‍රාර්ථනා කරමින් නොසිට, මේ ලැබී ඇති කෙටි කාලය තුළ අප්‍රමාදීව ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙස විය යුතු බවයි.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    4. පරියාප්තිය සහ ප්‍රතිපත්තිය විකෘති වීම [26:13 - 27:15]

    "ධර්මය සහ විනය පිළිබඳ අකුරක්වත් ඉගෙන ගන්නේ නැතුව, ඒ අය ධර්මයට නිරුක්ති දෙන්න ගන්නවා. අන්න ධර්මය නැමති පරියාප්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. ඔන්න ඔය වගේ ධර්මයට විකෘති අදහස් ඇති කරනවා. ඒකෙන් නිවැරදි ධර්මය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙලා යනවා. ඔන්න ඕකට තමයි කියන්නේ පරියාප්ති අතුරුදහන් වීම කියලා."

    එක දවසක් අභය හාමුදුරුවො ඇතුලුව තව හාමුදුරුවන් කීප දෙනෙකුට ඇයි දර්මය විකුර්ති කරනව කියන්නෙ කියල ඇහුව නේද?.. මෙන්න මේක තමයි එයාලට එල්ල උන චෝදනාව
     
    • Like
    Reactions: Udee KJ and Yeezus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    පහළ වෙනවා 🙏🙏🙏🙏
    Siri-Samantha-Badra-Himi.jpg
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    "අවුරුදු හතර දහසත් ඉක්මවනාට පස්සේ අනාගාමී උත්තමයොත් පහළ වෙන්නේ නැහැ, සකෘදාගාමී උත්තමයොත් පහළ වෙන්නේ නැහැ, සෝවාන් උත්තමයොත් පහළ වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ලෝකයාගේ පරමායුෂ අවුරුදු 50ක් තියෙන්නේ
    කොහෙද මේක තියෙන්නෙ ත්‍රිපිටකයෙ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,965
    1
    6,830
    113
    FCB Brah, if you never encountered an old person, would you believe they exist..?
    What if there are solid evidence .... Just forget evidence...

    What if there is an urban legend ;
    There was an old wise man many many years ago ;
    And he has claimed that there is an obscured place where a massive treasure exists and I found it and devoured that generational of wealth ;

    At his death bed; he made a choice
    He issued a proclamation

    If anyone wish to have this treasure ; Here is a map how to get to there ; It's hard but it's doable; I've done it ; So do you ....

    At the first glance; it may feel absurd ; people may neglect it saying it's just old man's bullshit

    But those who Believes him
    Who got the balls to follow this harrowing expedition
    Will inevitably find the treasure; at least see there is treasure to be dig out

    Imagine this happens thousands of years after that old man's decease;
    When everyone claiming that " FOLK TALE " is just a myth ;

    But someone who is radical and " crazy " gave it a shot and after immense of pain and suffering; discovers that hidden treasure; as the old man has said thousands of years ago

    Thus he will be the ONLY man who " BELIEVES " there was an actual real person and his claims are TRUE as he followed his map and found out it's a " TRUTH "

    To believe something you got only 2 ways

    1. Believe it on faith
    2. Follow; Investigate & scrutinize the belief and prove it to yourself whether it's Real or not

    And the second path is the "GREATEST" among.
     
    Last edited: