ඔයාට කට්ටකින් අනිනවා. දැනීමක් නැත්තම් සන්නාවක් ඇති වෙනවා. ඔය සන්නාව කෙලින්ම "දැනගත් බව ක්" වෙලා එහෙම නැත්තම් නිත්ය දැනගැනීමක් පටිච්ච වෙලා. ඒ කියන්නේ "unpleasant" දෙයක් විදිහට දැනෙන්නේ. ඕවා තමයි එකක් නිසා එකක් පවතින අන්ත.
pleasant/ unpleasant කියන දැනගැනීම නිත්යව ඉරක් ගහලා මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා බෙදන්න බැහැ. නිකන් දිවා, රෑ වගේ. කලුවර අඩු වෙද්දි, දිවා කාලය උදාවෙමින් රාත්‍රිය වැය වෙනවා. කලුවර වැඩි වෙද්දි, රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙනවා. මෙතනින් මෙන්න මේක තමයි දවල්, මේක රෑ කියලා වෙන් කරන්න බැහැ. ඒ වගේම තමයි. අර නිත්ය දැනගත් බව ඒ මොහොම තුල පටිච්ච වෙමින් දැනගත් බව ක් ඇති වෙනවා සහ දැනගත් බව ක් නිසා දැනගත් කෙනෙක් ඇති වෙනවා. ඒ නිසා තමයි "මට රිදෙන්නේ".
පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න බැහැ. එක එක මට්ටමුත් නැහැ.
කරන්න පුලුවන් එකම දේ මගඵල ලාබී ධහම් දෙසන කෙනෙක්ගෙන් බන අහලා, යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න උත්සහ කරන එක. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන තැන තමයි ධහම අවබෝධ වෙන්නේ. සෝවාන් මාර්ගඵලයට පත් වෙන්නේ.
------ Post added on Jul 7, 2025 at 7:51 PM
යෝනිසෝ මනසිකාරයෙදී පටිච්ච සමුප්පාදය තියනවා ද? නැත්නම් නැති දෙයක් මනසිකාර කරනවා ද?