බුදුරදුන්ට ලේ අතීසාරය හැදුණු කර්මය මෙන්න

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
බුදුරදුන්ට ලේ අතීසාරය හැදුණු කර්මය මෙන්න

මෙම ලිපිය උපුටා ගත්තේ මවුබිමේ "ගංගොඩ සුමනරංසි හාමුදුරුවෝ" කියන ලිපි පෙලින් .. යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුනා.. Re post නම් සමාවෙන්න ....
........................................................................................................
Mawbima, 2015-07-11

සුමනරංසි හිමියන්ගේ ලිපිපෙළ පොතක් කරන්න කියලා මං දන්න කීපදෙනෙක්ම කියනවා... එහෙම කියන්න හේතු වුණේ අපි මේ කතා කළ දේවල් සාමාන්‍ය සමාජයේ ඒ හැටි කතා කරන්නේ නැති හින්ද කියලයි ඒ අය කිව්වේ... කොහොම වුණත් ඒ ගැන තව හිතන්න ඕනේ... ඒ තවම මේ ලිපි පෙළ ඉවර නැති හින්දා... කොහොම වුණත් අති සරලව මේ දේවල් දැන ගන්න අපට වෙන ක්‍රමයකුත් නෑ... පටන් ගත්ත සීත හිමේ සිරිපා මාතෘකාවෙන් ගොඩක් අෑත දේවල් කතාකරපු මේ ලිපි පෙළ මගේ ජීවිතේට නම් පුදුම සම්බන්ධයක් තියෙන්නේ...

සුමනරංසි හිමියන්ගේ ලිපිපෙළ පොතක් කරන්න කියලා මං දන්න කීපදෙනෙක්ම කියනවා... එහෙම කියන්න හේතු වුණේ අපි මේ කතා කළ දේවල් සාමාන්‍ය සමාජයේ ඒ හැටි කතා කරන්නේ නැති හින්ද කියලයි ඒ අය කිව්වේ... කොහොම වුණත් ඒ ගැන තව හිතන්න ඕනේ... ඒ තවම මේ ලිපි පෙළ ඉවර නැති හින්දා... කොහොම වුණත් අති සරලව මේ දේවල් දැන ගන්න අපට වෙන ක්‍රමයකුත් නෑ... පටන් ගත්ත සීත හිමේ සිරිපා මාතෘකාවෙන් ගොඩක් අෑත දේවල් කතාකරපු මේ ලිපි පෙළ මගේ ජීවිතේට නම් පුදුම සම්බන්ධයක් තියෙන්නේ...

කාලය හිමින් හිමින් වුණත් අපි නොදන්න ඉසව්වකට අපව රැගෙන යන්නේ සොබා දහමේ ලොකු පරීක්ෂණයකට අපිව යොමු කරලා... මට හිතෙන්නේ මේ හැම දෙයක්ම හරියට අනාවරණය නොවන අටවක් මැණිකක් වගේ... එක එක කෝණයෙන් වැටෙන එළියෙන් විවිධ හැඩතල පාට පැහැ ගන්වන එවන් නොදත් නිර්මාණයක් සංසාරේ අපිත්... ගංගොඩ සුමනරංසි හාමුදුරුවෝ පොතක් බලමින් උන්නේ මං යද්දී...
සිරිපතුලේ ලාංඡන ගැන ලියන්නේ නැද්ද මහත්තයෝ...
වෙනදා වගේම උන්නාන්සේ හිනා වෙලා ඇහුවා...


මොනවා කරන්නද හාමුදුරුවනේ මේ ලියන්න ලිපි පෙළටත් හුඟක් අය කැමැතියි... මේක ඉවර වෙලා ඊළඟට පටන් ගම්මු ඒක...
හොදයි... අපි එදා කතා කළේ බුදුන් වහන්සේට ලේ අතීසාරය කර්මයෙන් ගෙනාව හැටි ගැන... එතකොට... බුදුන් වහන්සේ වුණත් මනුස්සයෙක්නේ... ලේ අතීසාරය කියන්නේ තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රයේ පවා කැත කිලුටු යන රෝගයක්... මේ වගේ රෝගයක් හැදුණ කෙනෙක්ගේ මරණයෙන් පස්සේ ඒ සිරුර හෝදන්න ඕනේනේ... ඒක අපි කාටත් තේරෙන දෙයක්නේ... ඒ නිසා බුදු සිරුර හෝදන්නත් ඇති කියලා හිතන්න පුළුවන්... ඒ වගේම මහත්තයා මේ දරුණු රෝගේ හැදිලා බොහෝම කල් විඳවන්න උන්නාන්සේට හේතු වුණේ පෙර ආත්මයක කළ අකුසලයක් හින්දා...
ඒ මොකක්ද හාමුදුරුවනේ...


ඇයි දන්නේ නැද්ද... එක ආත්මෙක බුදුන් වහන්සේ ජීවක කියලා වෛද්‍යවරයෙක්ව ඉපදුණා... හැබැයි ගොවියෙක්... දවසක් මෙයා කුඹුරේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා ආවා ගෙදර... ඇවිත් බත් ටික කන්න ගත්තා විතරයි... වෙද ගෙදරට කොයි වෙලේද නෑනේ රෝගියෝ එන වෙලාවක්... හැම මොහොතකම වෙද ගෙදරට කවුරු හරි එන්න පුළුවන් රෝගයක් තියෙන අසාධ්‍ය ඉන්න කෙනෙක් ගැන කියාගෙන... මේ වගේ මේ ජීවක කියන වෛද්‍යවරයගේ ගෙදරට ඒවෙලාවෙම කෙනෙක් ආව එයාගේ අම්මට බොහෝම අසාධ්‍යයි කියාගෙන... ඒ ගමන මේ ජීවක බඩගින්නේ බොහොම මහන්සියෙන් ඉන්නේ... මං කාලා එනකම් ඉන්න කියන්නත් බෑ... පොඩ්ඩක් වෙලා හිතලා මේ ලෙඩා ගැන කියන්න ආව කෙනාට කිව්වා කොහෙන් හරි හොයාගෙන හත් අවුරුදු පරණ වී පිටියි... හත් අවුරුදු පරණ මී පැණියි දෙක එකට කවලම් කරලා දෙන්න කිව්වා...


හොයා ගන්න අමාරුයි...
ඒක තමයි එහෙම කිව්වේ... ඒත් කරුමේ කියන්නේ ඒ ලෙඩා හිටිය ගෙදර ඒ දෙකම තිබුණා... මේ දෙක කවලම් කරලා අර මනුස්සගේ අම්මට දුන්නා... මේ ජීවක කළේ පුංචි දෙයක් කියලා වෙලාව පොඩ්ඩක් ගන්න බලපු එක... ඒක ඒ විදියටම සිද්ධ වෙලා අර අම්මා බඩ ගිහිල්ලා මැරුණා... ලෙඩා මළත් බඩ සුද්දයි කියලා ආප්තෝපදේශයක් තියෙන්නේ... අන්න ඒ වගේ... මේ දෙක එකට කවලම් කරලා දුන්නා විතරයි ඒ අම්මා සයනයිඩ් කෑවා වගේ මැරුණා...
ඒක නම් මාර දෙයක් නේද...


ඒක තමයි කියන්නේ... මේ ජීවක කළේ තමන් එන එක චුට්ටක් පමා කරවලා එන්න... ඒකට ගත්ත ක්‍රියාමාර්ගයෙන් ලෙඩා මැරුණා... ජීවක ඒ ගෙදරට යනකොට ලෙඩා මියදිලා... ජීවකට බොහොම ලොකු කම්පාවක් ඉපදුණා... අන්න ඒ කම්පාව තමයි ආත්ම සිය දහස් ගණනක් ගෙවලා තමාගේ අන්තිම ආත්මේදීත් පඩිසන් දුන්නේ... මේ මුළු ලෝකෙටම උත්තම වෙච්ච දහම දෙසුව පුරුෂයා... නමුත් සංසාරේ ගෙනා දේවල් එහෙමයි...
ඒවා අමතක කරවන්න එහෙම නැත්නම් අහෝසි කරගන්න බැරිද...


එහෙම දෙයක් අමතක කරවන්නේ කොහොමද... සරල බුදු දහම කියන්නේ ඒ තියෙන තැන බී තියෙනවා... ඒ නැතිවෙන්නේ යම් දවසකද බීත් නැති වෙනවා... එච්චරයි... ඒ නිසා තමන් මෙතැනින් මැරිලා යද්දි තමන් අරගෙන යනවා අතීතයේ කරුණු පහක්... ඒ වගේම මේ භවයේදී කරපු කරුණු පහක්... ඒකට තමයි භව චක්‍රය කියන්නේ...
අපේ හාමුදුරුවනේ බුදුන් වහන්සේගේ පිරිනිවීමත් එක්කම පළමුවැනි සංගායනාව තිබුණානේ...


ඔව්...
එතකොට ඒ සංගායනාවට හේතු වුණේ විනය පිරිහීම...
ඒ සංගායනාවට විතරක් නෙවෙයි මහත්තයා පැවැත්තුව හැම ධර්ම සංගායනාවකටම මූලික හේතුව වෙන්නේ විනය... දැන් වුණත් යම් රටක ධර්ම සංගායනාවක් පැවැත්වෙනවා නම් පැවැත්වෙන්න ඕනේ විනය පදනම් කරගෙන... විනය සංගායනා කියලා තමයි කියන්නේ... අපිත් මේ කතා කළේ විනය සම්බන්ධව බුදු දහමේ හරය ගැන...


කාලය හුඟක් දුර දිග ගියා... මේ සඟ විනය සම්බන්ධ ලිපි පෙළට සමුදෙන්නයි මට අද හිතෙන්නේ... අපි නොදැන හිටිය සංඝ සමාජේ බොහෝ තැන් අපි අපට පුළුවන් සීමාවේ අනාවරණය කළා... මේ ලිපි පෙළට ප්‍රස්තුත වුණේ සිරිපා ලකුණු... ඒ ලකුණු ගැන ලියන ඊළඟ ලිපි පෙළෙන් හමුවෙන්න හිතාගෙන මං ගංගොඩ සුමනරංසි හිමියන්ගෙන් සමු ගන්න උන්නාන්සෙගෙ දෙපා නමැද්දා... (ගංගොඩ සුමනරංසි හාමුදුරුවෝ 0724722229, 0453452908)

ඔබ සැමට තෙරුවන් සරණයි !!!
 
Last edited: