බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා

Senaka1985

Member
Jul 7, 2014
9
2
0
බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා

බුදුරාජාණන් වහන්සේට එකඟ සිතින් නුවණ යොදා පහනක් පුජා කරන ඔබට ලැබෙන ආනිසංස දැනගැනීමට ඔබ කැමැති නම් මෙම ලිපිය ඔබටයි.......
අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක මීතෙල් පහනක් පිදු පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේය. සතිස් වතාවක් සක් දෙවි වුනා. වාර සත් සියයක් ප්‍රදේශ රජ වුනා. අවසානයේ නිවන් දැකීමටද ඒ කුසලය ම උපනිශ්‍රය වූ බව දැක්වේ.
(අපදාන පාලි: 400 වන අපදානය )
පංචදීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධීන් වහන්සේට පහන් පහක් පිදු පිනෙන් අසු වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්න්නා ය. දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුනාය. අප බුදුසසුනෙදී සත් ඖරුදු වියේදී නිවන් දකීමටද ඒ පින උපනිශ්‍රය වී ඇත.
(9 වන ථෙරී අපදානය)
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ චෛතයයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථෙරී අපදානයේ දක්වා ඇත.
* දිවස් ලැබීම.
* තීක්ෂණ නුවන ලබේ.
* යසසින් දිලිසේත්.
* ශ්‍රද්ධාව හා ප්‍රඥව මනාව පිහිටත්.
* උසු කුල සම්පත් ඇත්තෙකු වේ.
ඒකදීපිය හිමි සිද්ධාර්ථ බුදුරජුන් ගේ චිතකයට එක පහනක් පුදා එක් තිස් වරක් සක් දෙවිඳු විය. විසි ඇට වතාවක් සක්විති රජබව ද ලැබුවා. තව විශේෂ අනුසස් දෙකක් ද ලබුවා.
* විෂම ස්ථාන වලට යන විට සමවෙන්නාහ.
* විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් විය.
(416 වන ථේර අපදානය)
පින්වතුනි! විසිරුණු කැළඹුණු සිතින් කොපමන පහන් පිදුවත් මෙපමණ අනුසස් ගෙනනොදෙන අතර, පැහැදුන සිතින් බුද්ධිමත්ව එක පහනක් පිදුවත් මහත් අනුසස් ලැබෙන බව වටහා ගනිත්වා.
සබ්බ දානං ධම්ම දාන ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි.