දේශපාලනය සම්බන්ධව බුදුරජාණන් වහන්සේට වෙච්චි දෙයක් කියන්නම්.
දවසක් බුදුරජාණන් වහන්සේට හිතෙනවා,
‘‘සක්කා නු ඛො රජ්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’ති?
මේ රට කරන මිනිස්සුන්ට (දේශපාලකයන්ට) ධාර්මිකව දේශපාලනය කරන්න බැරිද? කියලා.
මාරයාට තේරෙනවා මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේට හිතුනා කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන බුදුරජාණන් වහන්සේව දේශපාලනය මඩගොහොරුවට ඇදලා දාන්න හිතිලා මාරයා බුදුරජාණන්වහන්සේට ඉල්ලීමක් කලා මෙහෙම.
‘‘කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු, සුගතො, රජ්ජං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනා’’
ඔබවහන්සේ විතරයි ධාර්මික රාජ්‍යයක් ගොඩනගන්න ඉන්න සුදුසුම කෙනා. අනේ ස්වාමීනී ඇවිත් රාජ්‍යය භාර ගෙන ධාර්මිකව දේශපාලනය කරන්න භාග්‍යවතුන් වහන්ස කියලා ආරාධනා කලා.
ඇයි මාරය මම ඒකට සුදුයි කියන්නේ කියලා උන්වහන්සේ අහද්දි මේකා කියාපී ඔබවහන්සේ සතර ඉර්දිපාද හොඳට වඩලා ඉන්න නිසා ඔබවහන්සේට බැරි දෙයක් නෑ. ඒ නිසා ඔබවහන්සේ තරම් සුදුස්සෙක් නෑ මේ රට කරන්න. ධාර්මික පාලනයක් උදෙසා දේශපාලනයට වඩිනු මැනවි කියලා ඉල්ලුවා.
ඔන්න ඔය පාපී මාරයාගේ අතේ හුරතල් වෙවී තමයි අද දේශපාලන පක්ෂ වලට බෙදිලා වේදිකා වල, මාධ්‍ය සාකච්ඡා වල පෙනී ඉන්න භික්ෂූන් ඔක්කොම සසුනම පිරිහෙන තැනට කටයුතු කරන්නේ. ඔබට මතක ඇතිනේ මුලින්ම භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගියෙත් ධාර්මික පාලනයක් උදෙසා කියන තේමාවෙන්නේ. ඒ තේමාවෙන්මයි මාරයා බුදුරජාණන් වහන්සේවත් අල්ලන්න හැදුවේ. හැබැයි මාරයාට විතරක් නෙමෙයි මාර වසඟයට වැටෙන සියලු දෙනාටම ඇස් ඇරෙන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දුන්නා ඒ වෙලාවේ.
‘‘පබ්බතස්ස සුවණ්ණස්ස
ජාතරූපස්ස කෙවලො;
ද්විත්තාව නාලමෙකස්ස,
ඉති විද්වා සමඤ්චරෙ.
“රනින්, රිදියෙන් කරපු තනි පර්වතයක් තියෙනවා නම්, ඒ පර්වතය වගේ දෙගුණයක් විශාල පර්වතයක් වුනත් තනි පුද්ගලයකුගේ හිතට සෑහෙන්නෙ නෑ.
‘‘යො දුක්ඛමද්දක්ඛි යතොනිදානං,
කාමෙසු සො ජන්තු කථං නමෙය්ය;
උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ,
තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ’’ති.
යම් කෙනෙක් මේ කාමයන් හේතු කරගෙන, දුක හටගන්න බව අවබෝධ කළා නම්, ඒ කෙනා ආයෙත් පංච කාම සුවයට නැමෙන්නෙ කොහොමද? ලෝකයේ කාම සුවයට නැමෙන්නෙ කොහොමද? ලෝකයේ තියෙන මේ පංච කාම සැප කෙලෙස් බව අවබෝධ කරගත්ත කෙනා, ඒවා දුරුකිරීම පිණිසමයි හික්මෙන්නෙ.”
මේ සිද්ධිය සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ රජ්ජ සූත්‍රයේ. ඇත්තටම කිව්වොත් දේශපාලනය කියන්නෙම කාම ගොහොරුවක් කියන එකයි උන්වහන්සේ වදාලේ. එහෙම කාම ගොහොරුවක ගිලිච්ච මිනිහෙක්ගෙන් කවදාවත් ධර්මයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ධර්මයට මුවා වෙලා කැමරාවට පෙන්වන බෞද්ධකම් හිත් ඇතුලේ නෑ ඔය කාගෙවත් ළඟ. එහෙම ධාර්මිකකම් පිටේ ඇඳගෙන සුදු ඇඳගෙන මල් වට්ටි අරගෙන පන්සල් ගානේ යන්නේ කල වැරදි වල බේරුමටයි, රටේ බහුතර වෙච්ච සිංහල බෞද්ධ පිරිස ආකර්ශනය කර ගන්න අවශ්‍ය හිවල් ප්‍රතිපත්තියක් විදියටයි විතරයි. ඒ නිසා කිසිම දේශපාලකයෙක්ට තව දුරටත් පිරිසිඳු බුදු සසුනට මුවා වෙන්න ඉඩ දෙන්න එපා. එය සම්බුදුසසුනේ චිරස්ථිතිය කැමති ගිහි ඔබගේත් පැවිදි අපගේත් පරම වගකීමක් විදියට දැන්වත් වටහා ගමු.
මම වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ.