බුදු දහමට නිගා දෙන,හොර ගෙඩියෝ....

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බුදු දහමට නිගා දෙන,හොර ගෙඩියෝ....

    බුදු දහමට නිගා දෙන, බික්ෂුත්වය වනසන, බික්ෂු නාමයෙන් පෙනී සිටින හොර ගෙඩියෝ....

    මාගේ මහනුවර, නාවලපිටිය ප්‍රදේශයේ වෙසෙන හිතවතෙකු මා හට තැපැල් මාර්ගයෙන් පොතක් තෑගී කොට ඒවා තිබුණි. ඔහු බුදු ධහම පිළිබද මන දැනුමක් ඇති නිවුණු ගති ඇති පුද්ගලයෙකි.

    පොතේ නම: තෙවැනි ඇසින් දුටු අනාගත ලෝකය, තාක්ෂනය, සහ මිනිසා.
    පොත ලියා ඇති කතෘ: යටල සුමේධ හිමි.
    වෙසෙන පන්සල : ශ්‍රී විජයබා පිරිවෙන් විහාරය, අඹගමුව.

    මෙම බික්ෂුව (පොතේ කතෘ) තමන්ට අනාගතය, අතීතය වර්තමානය, (තුන කල) දක්නා විශේෂ බලයක් ඇති බව පවසා ඇත. අනේ සාදු කොච්චර දෙයක්ද?

    මේ බලවත් මානසික හැකියාවක් ඇති බික්ෂුව, ගැනු ළමයෙක පන්සලට යන විට අසබ්‍ය කතාවක් කීමට ද අමතක කරන්නේ නැතිලු.

    ඉහත සදහන් පොතේ, ඉතාම පිළිකුල් කල යුතු බුදු දහමට පටහැනි අදික මිත්‍යවන්ගේ සපිරි කරුණු වලින් සමන් විත් වෙයි.

    මෙම පොත ප්‍රශ්න හා පිළිතුරු සැපයීමේ ආකාරයකට රචනා කර ඇත. අඩංගු දේවල් කිහිපයක් මෙසේ සදහන් කරනු කැමැත්තෙමි.

    **ස්වාමිනි කලක් යද්ධි ශ්‍රී ලංකාවේ බිහ්ෂුන්ට කුමක් සිදුවේද?**
    ලාංකීය බික්ෂුවට රියදුරු බලපත්‍ර ලැබෙනවා. පිරිවෙන්වල කාන්තාවන් උගන්වනවා. බොහෝ බික්ෂුන් විවාහ වෙනවා. බොහෝ අය පැවිදිව සිටින්නේ ටික කාලයයි. ආගමික වතාවත්වලට පමණක් චිවරය දරනවා.මහායාන ක්‍රම වියපත වෙනවා.

    **ස්වාමිනි අනාගත මිනිසා නිවන් දකීද? **
    අනාගත විද්‍යා වේදීන් විද්‍යා ඇසින් පරමාණු විනිවිද දැක ලෝකෝත්තර ශක්තියේ චායාවන් අති සුක්ෂම දර්ශක මගින් දකිනවා. දැනටමත් ඔවුන් (විද්‍යා වේදීන්) අනුමාන වශයෙන් නිවන දැක තිබෙනවා.

    ** ස්වාමිනි දෙව්ලොවක් යනු කුමක්ද? දිවය ලෝක පිහිට තිබෙන්නේ කොහෙද?**
    රුප ,වේදනා, ..... යන කොටස් පහෙන් නිර්මිත පුරුෂයා එක ලොවක්, ස්ත්‍රිය එක ලොවක්, මේ ස්ත්‍රී පුරුෂ දෙන්නා එක් වීමෙන් දෙලොවක් අති වෙනවා. මේ ලෝක දෙකේ එකතුව තම දෙව්ලොව වන්නේ. දැනුම බුද්දිය, .... සමන්විත සිත මොළ අති ස්ත්‍රී පුරුෂයන්ගේ එක් වීමෙන් මෙලොවම දෙව්සැප ලබා ගන්න පුළුවන්.

    ***********************

    ඉහත සදහන් කලේ ඉතා ස්වල්පයක් පමණි. මෙවැනි මිත්ය සංකල්ප වලින් ගහන පොත රචනා කර අති චිවරධරියගේ තත්වය ඔබට හිත ගත හැකිය. බෞද්ධ බික්ෂුවක් ලෙස පෙනී සිට. තමාට නැති උසස් බල ඉර්ධි ඇතයි පවසමින්, ගමේ ගොඩේ මිනිසුන් රවටමින්, කුණුහරප ඇදබාමින් බෞද්ධ දර්ශනය, බුද්ධ ශාශනය විනාසයට ගෙන යන මෙවැන්නන් හට කුමක් කල යුතුද?

    බුදු දහම රැක ගැනීමට මෙවැන්නන් ශාස්හනයෙන් නෙරප දැමිය යුතු නොවේද?

    අන්තගාමී මුස්ලිමයා රට ආක්‍රමණය කරද්දී, මෙවැනි දුශ්ශීල, ධර්මය විකුර්ති කරන, චීවරධාරීන් අනෙක් පසින් ධර්මය වනසා දමයි.

    මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ වෙනවා පමණක් නොව, පිරිසිදු බුද්ධ ධර්මය වනසන්නවුන් වෙනුවෙන් නැගී සිටිය යුතු නොවේද?



    527756_230963660353886_1938128829_n.jpg
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    potha aragenama kiavala balanna one muge mental thathweh kochchara barapathalada kiala itapasse thamai thiranaya keranna one Angodata katha keranavada neththam apima beheth denavada kiala...
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    බුදුදහම සම්පූර්නයෙන්ම විකෘති කරලනෙ.:frown:
    කොහොම වුනත් ඔහොම පොතක් තියෙනවද කියල හොයල බලන්න ඕනෙ.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙය පලකල මගේ මිතුරාට ඇතිවූ වේදනාව මටත් දැනේ .. එතනින් එහා යමක්ද මට දැනේ ..එනම් හරි ආකාරව බෞද්ඬ අද්යාපනය නොලබන බික්ශුව වුවද මිත්යා මත පතුරවමින් සැරිසරන බවයි....
    මේ කතාව මම මෙතන කියන්නේ පූර්ණ වගකීමකිනි....