බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,073
    2,388
    113
    22
    https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life%2C_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life%2C_Trongsa_dzong.jpg

    මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.

    දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)

    ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ

    මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)

    මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්

    ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.

    චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipe...pg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,288
    3,877
    113
    සංසාරය බියකරුයි කියන එක තමන්ට අදාල නෑ කියල එකක් නෙමෙයි
    එක තමන්ගෙන්ම එන එකක්
    උදාහරණයක් විදිහට ගත්තොත්
    හිතන්න කාගෙ හරි ආදරය කරන කෙනෙක් මැරෙනවා
    අපි එයා ගාවට ගිහිල්ල කියනවා ගණන් ගන්න එපා
    හැමෝම මැරෙනවා
    ඕක සාමාන්‍යය දෙයක්
    ඒ කතාව පිටින් බැලුවහම ඇත්ත වෙන්න පුලුවන්
    ඒත් අර වේදනාව විඳින මනුස්සයට ඒක අදාලම නැහැ
    එ වේදනාව බොරුවකුත් නෙමෙයි
    සංසාරය බියකරුයි කියන්නෙත් අන්න ඒවගේ එකක්
    ඒක පිටින් ඉඳල බලල කියන කතාවකට වඩා
    තමන්ගේ අත්දැකීමක්
    එක එක්කෙනාට එක එක විදිහට ඒක ඇති වෙන්න පුලුවන්
    බුදු හාමුදුරුවො බණ කියන්නෙ ඒක ඇති වෙච්ච අයට
    ඒක ඇති වුනේ නැත්නම් බුදු බණ වලින් කිසි තේරුමක් නැහැ
    එක නිසා අපිට අනුමාන කරන්න වෙනවා ඔය බියකරුය කියන හැඟීම හෝ දුකය කියන හැඟීම හැම කෙනෙකුටම ජීවිතේ කොයිම වෙලේක හරි ඇති වෙන්න පුලුවන් එකක් කියල
     
    සසර බියකරුයි කියන එක ඇත්ත. ඒත් කවදාවත් ඒක දුකක් කියල අත්දකින්න බෑනේ සාමන්‍ය අයට :(

    @lovethebomb @asliyanage @S_M_S
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,742
    1,524
    113
    oya dan duk widinawane,a oyata pera bawaya mathaka nisa newene,habai pera bawaya hethuwak unane ipadeemata,ipadeema nisane duk widinne, labana bawayedi oyata me bawaya mathaka na thamai,habai eth a bawayedi duk widinawane oya wagema hithagena,ekata hethu wenne oyane,niwana kiyanne sadakalika saepa widinna puluwan mind state /practise ekak,ekata practise karanna one mind eka ,oyata ehema dukak naththam meka oneth na,mkada awashyathwayak nathuwa budda darmayen wadak na
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,288
    3,877
    113
    සසර බියකරුයි කියන එක ඇත්ත. ඒත් කවදාවත් ඒක දුකක් කියල අත්දකින්න බෑනේ සාමන්‍ය අයට :(

    @lovethebomb @asliyanage @S_M_S
    බියකරුයි කියන්නෙ දුකයි කියන එකට තමා
    පටාචාරාට දරුවො දෙන්න නැති වුනහම එයාට එන feeling එක තියෙන්නෙ
    අන්න එක තමයි බියකරුය/දුකයි කියන්නෙ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,073
    2,388
    113
    22
    මගේ අවුලක් ද දන්නෙ නැ. ඒත් මට මේක තේරෙන්නේ නැහැ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් ජීවිත ගැන මතකය නැති එක සහ අනාගතේ ඉපදෙන තැන නොදන්න එක තමා ප්‍රශ්ණෙ

    මේ ජිවීතේ හොඳ තැනක හැම සැප සම්පතක්ම තියෙනව වෙන්ඩ පුලුවන් නමුත් අද කාලෙ දුක් විඳින සත්තු මිනිස්සු දිහා බලල තමන්ගෙ සිත ඒ තැනකට ගියානම් ඒ දුක දැනෙන්නෙ තමන්ට කියල තේරුම් ගත්තොත් සමහරවිට යාන්තම් තේරෙයි.

    බුදු කෙනෙක් සහ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මනුස්සයෙක් වෙලා ඉපදෙන එක ඉතාමත් දුර්ලභයි ඒකයි ඒ අවස්තාවෙ සසර දුකින් මිදෙන්ඩ (නිවන) උත්සහා කරන්ඩ කියන්නෙ (එහෙම අවශ්‍ය නැත්නම් සසරෙ දිගටම යන්ඩ පුලුවන් තාත්ත කියනව වගේ)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    මගේ අවුලක් ද දන්නෙ නැ. ඒත් මට මේක තේරෙන්නේ නැහැ
    Oka wenne marunata passe aye ipadenawa kiyala hitana nisa.marenakan ekama manussayrk hitiya kiyana illusion eka hinda.giya athme mataka nane kiyala hitanawa.me hema tapparema marila ipadenawa.hitak ipadenawa marenawa.eka hitak allagena next hithata yanawa.oka dekkama karanne boruwak kiyala terenawa.etakota tama wenne mokadda terenne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කලින් ජීවිත ගැන මතකය නැති එක සහ අනාගතේ ඉපදෙන තැන නොදන්න එක තමා ප්‍රශ්ණෙ

    මේ ජිවීතේ හොඳ තැනක හැම සැප සම්පතක්ම තියෙනව වෙන්ඩ පුලුවන් නමුත් අද කාලෙ දුක් විඳින සත්තු මිනිස්සු දිහා බලල තමන්ගෙ සිත ඒ තැනකට ගියානම් ඒ දුක දැනෙන්නෙ තමන්ට කියල තේරුම් ගත්තොත් සමහරවිට යාන්තම් තේරෙයි.

    බුදු කෙනෙක් සහ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මනුස්සයෙක් වෙලා ඉපදෙන එක ඉතාමත් දුර්ලභයි ඒකයි ඒ අවස්තාවෙ සසර දුකින් මිදෙන්ඩ (නිවන) උත්සහා කරන්ඩ කියන්නෙ (එහෙම අවශ්‍ය නැත්නම් සසරෙ දිගටම යන්ඩ පුලුවන් තාත්ත කියනව වගේ)

    menna meka thamay mamath danna aawe
     
    Otana scene eka api me awurudu 70k jivath wena ekama manussayek kiyala hitagena.me hema tapparema marenawa ipadenawa.hithak upadinawa marenawa.etakota ekama sathek newe me inne.oka dakinne netuwa ara 70k inna ekama jivithayak allagena next eke aye upadinawa kiyala weradiyata terum aragena
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,073
    2,388
    113
    22
    menna meka thamay mamath danna aawe
    සසර දුකක් කියල මට තේරෙනවා. එත් මට හිතෙන්නේ බුදු දහමේ මූලික අරමුණ මේ භවයේ ඇති දුක නැති කිරීම කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    සසර දුකක් කියල මට තේරෙනවා. එත් මට හිතෙන්නේ බුදු දහමේ මූලික අරමුණ මේ භවයේ ඇති දුක නැති කිරීම කියල.
    Buduhamduruwo kivve duka kiyala okata newe.api gf ne kiyala adana dukata newe duka kivve. pancha upadanaskanda dukka.rupayak dakkidima skhanda 5k mawenawa.rupaya dakina ekamai dukak kiyala kivve.
     
    • Like
    Reactions: elakiriaddict

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Otana scene eka api me awurudu 70k jivath wena ekama manussayek kiyala hitagena.me hema tapparema marenawa ipadenawa.hithak upadinawa marenawa.etakota ekama sathek newe me inne.oka dakinne netuwa ara 70k inna ekama jivithayak allagena next eke aye upadinawa kiyala weradiyata terum aragena
    ඒක හරි..10000+ frame රේට් speed එකක් තියෙන ‍ෆිල්ම් එකක් වගේ සසර කියන්නෙ, රූප හිතාගන්ඩ බැරි වේගයෙන් ඉපදිල පැවතිල නැතිවෙනව, ස්තීරව පවතින කිසිම සත්වයෙක් හෝ දෙයක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තේරෙන සිංහලෙන් සරලව බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙන්න මේකයි..
    බුද්ධ ධර්මය කියන්නෙ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය..
    එක වතාවට තියෙන්නෙ එක අරමුණක් විතරයි.. ඒ අරමුණත් හටගන්නෙ මේ දැන් හේතු ඵල විදිහට.. හැම වෙලාවෙම තියෙන්නෙ හේතු ඵල විදිහට හටගත් තනි අරමුණක් විතරයි.. ඒ අරමුණ ඒ මොහොතේ ඉතිරි නැතිව නැති වෙලා යනවා.. හැම වෙලාවෙම තියෙන්නෙ ඔය හටගෙන ඉතිරි නැතිව නැති වෙන ක්‍රියාවලිය විතරයි..
    හේතු ඵල විදිහට හටගන්න අරමුණ කලින් ඉතිරි නැතිව නැති වුන අරමුණ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.. නැති වෙන එක ඉතිරි නැතිව නැති වෙලා ඉවරයි.. අලුතෙන් ආයෙත් අරමුණ හටගන්නෙ හේතු ඵල විදිහට..
    කොයි වෙලාවට බැලුවත් තියෙන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගත් අතීතය කියලා මුකුත් නැති තනි අරමුණක් විතරයි.. ඒකෙ යමක් දෙයක් කෙනෙක් කියලා මුකුත් ඇත්තෙ නැහැ.. යමක් දෙයක් කෙනෙක් පණවන්න නම් අතීතය අවශ්‍යයි.. ඒත් අරමුණ ඉතිරි නැතිව නැති වෙලා යන නිසා කිසිම වෙලාවක අතීතය කියලා එකක් ඉතුරු වෙන්නෙ නැහැ..
    හේතු ඵල විදිහට මේ දැන් හටගන්න අරමුණේ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ලඟ හීන ප්‍රනීත බාහිර අභ්‍යන්තර කියන කිසිවක් පැණවෙන්නේ නැහැ..
    මේ කිව්ව එකේ තමන්ට හිතන්න වත් බලන්න වත් මුකුත් ඇත්තෙ නැහැ.. තියෙන්නෙ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් කියලා නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගන්නෙත් තමයි නෙමෙයි..
    මේක හිතන්න බලන්න යනවා කියන්නෙ මේකට පිටින් තමන් ඉන්නවා කියන එක.. එහෙම එකක් නැති නිසා මේක හිතන්න බලන්න බැහැ.. මේ ස්වභාවය ධර්මය විදිහට ඇහෙද්දි නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගත්තු තැන මම කියන දෘෂ්ටිය අවසන්..
    නුවණ අධික අයට මේක කෙටියෙන් කිව්වම තේරුම් ගන්න පුළුවන්..
    දැකීම ඇසීම දැනීම දැනගැනීම මාත්‍රයක් පමණයි.. දැකීමෙදි ඇසීමෙදි දැනීමෙදි දැනගැනීමෙදි ඔබ අභ්‍යන්තර හිටියෙත් නැහැ , බාහිර හිටියෙත් නැහැ , ඒ අතර මැද හිටියෙත් නැහැ කියලා එදා බුදු රජාණන් වහන්සේ දාරුචීරිය තාපසතුමාට දේශනා කළේ මේ කිව්ව හේතු ඵල දහමම තමයි.. මේ තමයි පටිච්ච සමුප්පාදය..
    දැකීම ඇසිම කියන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගන්න තනි අරමුණ.. ඒ අරමුණ ඇතුලේ හෝ පිටත වත් ඒ අතර මැද වත් කෙනෙක් හිටියේ නැහැ කියලා මේ කියන්නෙ..මේ ස්වභාවය නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන..
    කවුරු නිවන් දැක්කත් දකින්නෙ මේ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් අහලා නුවණින් තේරුම් අරන් අවබෝධ වීමෙන් විතරයි..
    නුවණ අඩු අය මේක දීර්ඝ වශයෙන් විස්තර කරලා ප්‍රශ්න කරමින් සාකච්ඡා කරන්න ඕන.. එතකොට තමයි නුවණ දියුණු වෙලා අවබෝධ වෙන්නෙ.. නුවණ අඩු අයට නුවණ දියුණු වෙන්නෙ මේ ක්‍රමයෙන් විතරයි..
    මේ හේතු ඵල දහම දකින්න පුළුවන් කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් ඇසීමෙන් විතරයි.. අහනවා කියන්නෙ ඇහෙන එක හිතන බලන එක නෙමෙයි.. ඇහෙන එක හිතන්න බලන්න නොයා ඒ කියන්නෙ මොකක්ද කියලා විතරක් හරියට අහන එකටයි ඇසීම කියන්නෙ.. එතකොට ඒ ස්වභාවය නුවණට ගෝචර වෙනවා.. තව විදිහට කිව්වොත් ඒ ඇහෙන ධර්මය බවට තමාව පත් වෙනවා..
    බුදු දහමෙ නිවන් මගට පැමිණීම කියන්නෙ මේ හේතු ඵල දහම නුවණින් දැකීමටමයි.. මේක නුවණින් දැකපු කෙනා නිවන් මගට ආවා වෙනවා.. එයාට නිවන් මග වැඩෙනවා..
    ඒත් අද සමාජෙ ගිහි පැවිදි බහුතරය දෙනා නිවන් මගක් වඩලා නිවන් දකින්න යනවා.. නුවණ මදි නිසා එහෙම ඒවා කරන් ගියත් ඒ එකකින් වත් බුදු රජාණන් වහන්සේ දේශනා කරපු නිවන දකින්න බැහැ..
    බුදු දහමෙ නිවන් මග තියෙන්නෙ හේතු ඵල දහම එක්ක.. ඒ හේතු ඵල දහම නැතුව ත්‍රිපිටකය බලාගෙන මොන නිවන් මගක් වැඩුවත් ත්‍රිපිටකයේ තියෙන ඒවා කොච්චර හිතුවත් කළත් වැඩක් වෙන්නෙ නැහැ..
    හේතු ඵල දහමෙන් පිට බුදු දහමක් හෝ බුදුන් දේශනා කරපු නිවන් මගක් ඇත්තෙ නැහැ . ඒ බව තේරුම් ගන්න ඕන..

    ~copied~
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    ඒක හරි..10000+ frame රේට් speed එකක් තියෙන ‍ෆිල්ම් එකක් වගේ සසර කියන්නෙ, රූප හිතාගන්ඩ බැරි වේගයෙන් ඉපදිල පැවතිල නැතිවෙනව, ස්තීරව පවතින කිසිම සත්වයෙක් හෝ දෙයක් නෑ.
    Oka tama case eka api hitan innawa 70 years man kiyala ekenek hitiya onna next eke aye ipadenawa kiyala.ehema ekak ne metana.hema tapparma marila ipadena wenas wena ekak tiyenne
     
    • Like
    Reactions: kinkon