බුදු දහම අනාත්ම දහමක් ලෙස හදුන්වන්නේ ඇයි?

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8

    කවුරැහරි මිත්‍රයෙක් මට කියල දෙනවද බුදු දහම අනාත්ම දහමක් ලෙස හදුන්වන්නේ ඇයි කියල?

    මට මෙය පැටලිලි සහිතයි මොකද මෙතන කියන්නෙ ආත්ම සංකල්පය බැහැර කිරීමක්ද (ඒ කියන්නෙ ආත්මයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමක් ද) , නැතිනම් වෙන එකක්ද?

    දන්නකෙටනක් ඉන්නවනමි පහදල දෙන්න.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    කවුරැහරි මිත්‍රයෙක් මට කියල දෙනවද බුදු දහම අනාත්ම දහමක් ලෙස හදුන්වන්නේ ඇයි කියල?

    මට මෙය පැටලිලි සහිතයි මොකද මෙතන කියන්නෙ ආත්ම සංකල්පය බැහැර කිරීමක්ද (ඒ කියන්නෙ ආත්මයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමක් ද) , නැතිනම් වෙන එකක්ද?

    දන්නකෙටනක් ඉන්නවනමි පහදල දෙන්න.

    ආත්මයක් තියෙනවා කිව්වත් දෘෂ්ටියක් එසේම ආත්මයක් නැහැ කිව්වත් දෘෂ්ටියක්... බුදුපියාණන්වහන්සේ ඔය අන්ත දෙකම අත්හරින්න කිව්වේ .. හේතුවට අනුව ඵලය බලන්න කිව්වේ..

    බුදුදහම කියන්නේ හේතු-ඵල දහමක්.

    “යේ ධම්මා හේතුප්ප භවා - තේසං හේතු තථාගතෝ ආහ
    තේසංච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ ”

    සරල අදහස:
    හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි
     
    • Like
    Reactions: anuradha2009

    ස්තූතී මිත්‍රයා
     
    Aug 27, 2011
    1
    0
    0
    ආත්මයක් ඇත නැත යනු අන්ත දෙකකි බුදු හිමි දේශණා කලේ මේ අන්ත දෙකට නොවැටි පහසු වූ මෙම මද්‍යම ප්‍රති පදාවෙන් දහම් දකින්නයි , අන්ත සෙවීම සොයා පරික්ෂා කිරීම කල හැකි දෙයක්ද?

    මද්‍යය මොකක්ද මෙයත් යම් ගැටලුවකි - ලී කැබැල්ලක් ගන්න එහි දිග මැන හරි මැදින් අල්ලන්න....
    බලන්න ඔබ මැදින්ද අල්ලගෙන ඉන්නෙ කියල ...
    නෑ මැද තමයි එහෙත් උඩිනුයි යටිනුයි නොවේද?
    ටිකක් ලීය රහින්න ඔය විදිහට ටිකින් ටික ඔබ මැදට ලං වෙයි එහෙත් ඔබට මැද ඇල්ලිය හැකි යමක් පෙනෙන්න තියද ?
    බලන්න මැද ඇල්ලිය හැකිද?
    බුදු හිමිගෙ මද්‍යයත් ඕක තමයි නො ඇලෙන නොගැටෙන මිදී යන ඔන්න ඔය මද්‍යම ප්‍රති පදාවෙන් තමයි මේ නිවන් අවබෝධ කරන්නෙ,

    ආත්ම වශයෙන් ගැනීමට මමය මාගේය කියා ගැනීමට හරයක් තියද යන්න බුදු දහමට අනුව බැලීම සුදුසු වන අතර ආත්මයක් ඇත්ද නැද්ද යන්න පරීක්ෂා කරනවට වඩා.
    මෙම ආත්මයි කියල ගන්නෙ ඉතා හරවත් යමක් කියන දල අදහසිනි මෙහි යම් අර්ථයක් ඇත ඒ නමුදු ඉතා සාරවත් හරවත් වටින කියන අදහසින් මිදීම හෙවත් ආක්ම වශයෙන් ගැනීමට බැඳීමට හරයක් නැතිය යන අදහසින් ගෙන අතහැරී මිදී යන මද්‍යම ප්‍රතිපදාවෙන් ගන්න දහමක් බව මෙය වටහ ගන්න......

    අද මෙම දහම යටගොස් ඇති අතර මෙම සංකල්ප නිවැරදි කල ගත යුතු වේ ඒ අප කියනවට නොව තමුන් සිතා බලාමය,

    තව දුරටත් මෙය දැනගැනීම දහම දැක නිවන් අවබෝධයට ඔබට අවැසිනම් ඔබට සැදැහැ සිතින් උදවු කිරීමට කැමැත්තෙමි.....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "ආත්මය" යනුවෙන් ලෝකයා විසින් අදහස් කරන්නේ හේතුන්ගේ සංයෝගයකින් තොරව තමාගේ අදහසේ හැටියට,තමාගේ බලයෙන්ම ,තමාගේ කැමැත්තේ හැටියට, පැවැත්විය හැකි සිරුර තුල ඇති යම් කිසි ශක්ති විශේෂයක් ලෙසයි.

    බුදු දහමට අනුව සෑම සංස්කාරයක්ම උපදිනුයේ හේතුන්ගේ සංයෝගයකිනි. උපන් පසු මොහොතකුදු නොදිරා නොබිඳි තිබිය හැකි ශක්තියක් කිසිම සංස්කාරයකට නැත.
    මෙය බුදු දහමේ කියවෙන අනාත්ම ලක්ෂණයයි..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඕබතුමා කියන විදිහට මේ ශරිරයේ මේ මරණයෙන් (සන්යොග සියල්ල වියොජ්නය විමෙන් පසු) කිසිම දෙයක් නැ කියලා නෙ?

    එහෙනම් මිලග බවයක් බිලිබද ප්‍රශ්නයක් ඕබ තුමාට නැ නෙද? කල හොද පස්සෙන් එනවා කියන්නෙ කොහොමද දන්නෙ නැ නෙ?

    දැන් ඕබතුමා හිතන්නෙ මිලග ප්‍රතිසන්දිය ලබන්නෙ කවරකුද? ඕබම නම් උබ ස්තු යම් දෙයක් මරනයෙන් මතුද පවතිනවා කියන එක, ඕබ නොවෙ වෙනත් කෙනෙකු නම් , කෙනෙකුට කියන්න පුලුවන් ප්‍රශ්නයක් නැ නෙ මම වෙමෙයි නෙ වෙන කෙනෙක් නෙ ඉල්ග බවයෙ උපත ලබැන්නෙ කියලා

    මෙ අන්ත දෙක අතර මැදි තත්වයක් තියෙන්න පුලුවන් කමක් නැ එය තාර්කික නැ එක නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො දෙපැත්තටම නැති පිලිතුරක් දුන්නෙ

    ඕබද නොවේ, ඕබ හැර වෙනකෙනෙකුද නොවේ කියා

    මේ දෙපැත්තටම නැති බවේ ලොකු ගැටලුකාරි තත්වයක් තියෙනවා මා එ ගැන පසුව කතා කරන්නම්
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ආත්මයක් ඇත නැත යනු අන්ත දෙකකි බුදු හිමි දේශණා කලේ මේ අන්ත දෙකට නොවැටි පහසු වූ මෙම මද්‍යම ප්‍රති පදාවෙන් දහම් දකින්නයි , අන්ත සෙවීම සොයා පරික්ෂා කිරීම කල හැකි දෙයක්ද?

    මද්‍යය මොකක්ද මෙයත් යම් ගැටලුවකි - ලී කැබැල්ලක් ගන්න එහි දිග මැන හරි මැදින් අල්ලන්න....
    බලන්න ඔබ මැදින්ද අල්ලගෙන ඉන්නෙ කියල ...
    නෑ මැද තමයි එහෙත් උඩිනුයි යටිනුයි නොවේද?
    ටිකක් ලීය රහින්න ඔය විදිහට ටිකින් ටික ඔබ මැදට ලං වෙයි එහෙත් ඔබට මැද ඇල්ලිය හැකි යමක් පෙනෙන්න තියද ?
    බලන්න මැද ඇල්ලිය හැකිද?
    බුදු හිමිගෙ මද්‍යයත් ඕක තමයි නො ඇලෙන නොගැටෙන මිදී යන ඔන්න ඔය මද්‍යම ප්‍රති පදාවෙන් තමයි මේ නිවන් අවබෝධ කරන්නෙ,

    ආත්ම වශයෙන් ගැනීමට මමය මාගේය කියා ගැනීමට හරයක් තියද යන්න බුදු දහමට අනුව බැලීම සුදුසු වන අතර ආත්මයක් ඇත්ද නැද්ද යන්න පරීක්ෂා කරනවට වඩා.
    මෙම ආත්මයි කියල ගන්නෙ ඉතා හරවත් යමක් කියන දල අදහසිනි මෙහි යම් අර්ථයක් ඇත ඒ නමුදු ඉතා සාරවත් හරවත් වටින කියන අදහසින් මිදීම හෙවත් ආක්ම වශයෙන් ගැනීමට බැඳීමට හරයක් නැතිය යන අදහසින් ගෙන අතහැරී මිදී යන මද්‍යම ප්‍රතිපදාවෙන් ගන්න දහමක් බව මෙය වටහ ගන්න......

    අද මෙම දහම යටගොස් ඇති අතර මෙම සංකල්ප නිවැරදි කල ගත යුතු වේ ඒ අප කියනවට නොව තමුන් සිතා බලාමය,

    තව දුරටත් මෙය දැනගැනීම දහම දැක නිවන් අවබෝධයට ඔබට අවැසිනම් ඔබට සැදැහැ සිතින් උදවු කිරීමට කැමැත්තෙමි.....

    ඉතාම ලස්සන හොද පැහැදිලිකිරීමක් .
    බොහොම පින් .!!!!!
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේ දෙපැත්තටම නැති බවේ ලොකු ගැටලුකාරි තත්වයක් තියෙනවා මා එ ගැන පසුව කතා කරන්නම්

    puluvan nam katha nokara hitapan loku deyak:P
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඕබතුමා කියන විදිහට මේ ශරිරයේ මේ මරණයෙන් (සන්යොග සියල්ල වියොජ්නය විමෙන් පසු) කිසිම දෙයක් නැ කියලා නෙ?

    එහෙනම් මිලග බවයක් බිලිබද ප්‍රශ්නයක් ඕබ තුමාට නැ නෙද? කල හොද පස්සෙන් එනවා කියන්නෙ කොහොමද දන්නෙ නැ නෙ?

    දැන් ඕබතුමා හිතන්නෙ මිලග ප්‍රතිසන්දිය ලබන්නෙ කවරකුද? ඕබම නම් උබ ස්තු යම් දෙයක් මරනයෙන් මතුද පවතිනවා කියන එක, ඕබ නොවෙ වෙනත් කෙනෙකු නම් , කෙනෙකුට කියන්න පුලුවන් ප්‍රශ්නයක් නැ නෙ මම වෙමෙයි නෙ වෙන කෙනෙක් නෙ ඉල්ග බවයෙ උපත ලබැන්නෙ කියලා

    මෙ අන්ත දෙක අතර මැදි තත්වයක් තියෙන්න පුලුවන් කමක් නැ එය තාර්කික නැ එක නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො දෙපැත්තටම නැති පිලිතුරක් දුන්නෙ

    ඕබද නොවේ, ඕබ හැර වෙනකෙනෙකුද නොවේ කියා

    මේ දෙපැත්තටම නැති බවේ ලොකු ගැටලුකාරි තත්වයක් තියෙනවා මා එ ගැන පසුව කතා කරන්නම්

    Y2K,,,කර ගත්තු කර්ම ටික ඇති නේද? Y2k මරණයෙන් පස්සෙ යන්නෙ කොහේද කියල මම එක thread එකක කියල දුන්නනේ...පුලුවන් තරම් කට පරිස්සම් කරගන්න එක උඹට හොඳයි...

    මිය යන අවස්ථාවේ සිත කරගන්නා ලද කුසල, අකුසල කර්මයක් අරමුණු කරගෙන පවතී..එය ප්‍රතිසන්ධි චිත්තයයි. ඒ ප්‍රතිසන්ධි චිත්තයට අදාල වූ වස්තුවක් ඇසුරු කරගෙන(මිනිස් ලොව උපදින්නේ නම් "කලල රූපය" වැනි ) එතැන් පටන් සිත් පරම්පරාව ඇතිවේ...

    එම කලලය රූපය(මා පිය දෙපලගේ ශුක්‍ර ශ්‍රෝණිත ධාතුව) මතු හට ගන්නා ශරීරයට බීජය වෙයි. මෙය මිය ගිය තැනත්තාගේ ශරීරයෙන් ආ දෙයක් නොව වෙනත් ස්ත්‍රියකගේ ගැබ තුල ඇති දෙයකි.

    නමුත් ප්‍රතිසන්ධි චිත්තය මියගිය තැනත්තාගේ සිත් පරම්පරාවට අයිති දෙයකි.

    එබැවින් අලුත උපදින ලදරුවාගේ හැඩරුව මාපියන්ගේ පරිදි වන නමුත් ඔහුගේ සිත පැමිණියේ කලින් සිටි භවයෙනි..එබැවින් කරන ලද කර්මයන් නිවන් දකිනා තෙක් ඔහු උරුම කොට පවතී..
    .

    මිසදුටුවන්ට කොහේද මේ වගේ ධර්මයන් තේරෙන්නෙ...ඇයි ඉතින් පල්ලි වල උඩ පනින එකයි,අත් උස්සගෙන කෑ ගහන එකයි...විතරනේ...

    අහෝ Y2K නොදිටි මොක් පුර...
    :oo:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K,,,කර ගත්තු කර්ම ටික ඇති නේද? Y2k මරණයෙන් පස්සෙ යන්නෙ කොහේද කියල මම එක thread එකක කියල දුන්නනේ...පුලුවන් තරම් කට පරිස්සම් කරගන්න එක උඹට හොඳයි...

    According to Buddha you can not Guanteed even though you have done some merits no one can assure that you won't go to hell :rolleyes:

    මිය යන අවස්ථාවේ සිත කරගන්නා ලද කුසල, අකුසල කර්මයක් අරමුණු කරගෙන පවතී..එය ප්‍රතිසන්ධි චිත්තයයි. ඒ ප්‍රතිසන්ධි චිත්තයට අදාල වූ වස්තුවක් ඇසුරු කරගෙන(මිනිස් ලොව උපදින්නේ නම් "කලල රූපය" වැනි ) එතැන් පටන් සිත් පරම්පරාව ඇතිවේ...

    That is also unfair , impractical but when you say evything is uncatain ...mmm yeah this can be true :D

    එම කලලය රූපය(මා පිය දෙපලගේ ශුක්‍ර ශ්‍රෝණිත ධාතුව) මතු හට ගන්නා ශරීරයට බීජය වෙයි. මෙය මිය ගිය තැනත්තාගේ ශරීරයෙන් ආ දෙයක් නොව වෙනත් ස්ත්‍රියකගේ ගැබ තුල ඇති දෙයකි.

    නමුත් ප්‍රතිසන්ධි චිත්තය මියගිය තැනත්තාගේ සිත් පරම්පරාවට අයිති දෙයකි. there you go .... is there something going on & on ...??? :confused:

    එබැවින් අලුත උපදින ලදරුවාගේ හැඩරුව මාපියන්ගේ පරිදි වන නමුත් ඔහුගේ සිත පැමිණියේ කලින් සිටි භවයෙනි..එබැවින් කරන ලද කර්මයන් නිවන් දකිනා තෙක් ඔහු උරුම කොට පවතී..
    .

    No there are some external factors also ..... :baffled:

    මිසදුටුවන්ට කොහේද මේ වගේ ධර්මයන් තේරෙන්නෙ...ඇයි ඉතින් පල්ලි වල උඩ පනින එකයි,අත් උස්සගෙන කෑ ගහන එකයි...විතරනේ...

    Wait till that great day , you will feel so sorry baby ... :yes:

    අහෝ Y2K නොදිටි මොක් පුර...
    :oo:

    Jesus said "I am the truth, the way and the life"

    So even though you said all those filthy things I am sure 100% sure about my GOD (your GOD as well)

    God bless you