බුදු දහම අනුව සියළු ජීවීන්ගේ එකතුව නියතයක්ද?

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් දන්න කෙනෙක් මේ ප්‍රශ්නවල උත්තර හෝ ඔබේ මතය කියන්නකෝ...

    1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?


    3) කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    Hope this may help a little,it means birth at any place is possible


    In the Maha-Saccaka Sutta of the Majjhima Nikaya of the Pali Canon, Gautama Buddha said:

    When the mind was thus concentrated, purified, bright, unblemished, rid of defilement, pliant, malleable, steady, & attained to imperturbability, I directed it to the knowledge of the passing away & reappearance of beings. I saw — by means of the divine eye, purified & surpassing the human — beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma: 'These beings — who were endowed with bad conduct of body, speech, & mind, who reviled the noble ones, held wrong views and undertook actions under the influence of wrong views — with the break-up of the body, after death, have re-appeared in the plane of deprivation, the bad destination, the lower realms, in hell. But these beings — who were endowed with good conduct of body, speech & mind, who did not revile the noble ones, who held right views and undertook actions under the influence of right views — with the break-up of the body, after death, have re-appeared in the good destinations, in the heavenly world.' Thus — by means of the divine eye, purified & surpassing the human — I saw beings passing away & re-appearing, and I discerned how they are inferior & superior, beautiful & ugly, fortunate & unfortunate in accordance with their kamma.[3]
    In the Itivuttaka edition of the Khuddaka Nikaya and in the Māpuññabhāyi Sutta of the Anguttara Nikaya, the Buddha told about his past lives:

    Whenever the eon contracted I reached the "Plane of Streaming Radiance", and when the eon expanded I arose in an empty divine mansion. And there I was Brahma, the great Brahma, the unvanquished victor, the all-seeing, the all-powerful. Thirty-six times I was Sakka, ruler of the devas. And many hundreds of times I was a wheel-turning monarch, righteous, a king of righteousness, conqueror of the four regions of the earth, maintaining stability in the land, in possession of the seven treasures.[4][5]
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    එහෙම වෙන්න ඕනි නේද?
    නිවන් යන අය ඔය ගාණෙන් අඩු වෙන්න ඕනි
    ආත්ම ඇති වෙන්නෙ කොහොමද කියල මම දන්නෙ නෑ . ඕපපාතිකවද දන්නෙ නෑ ehemanam unlimitesd supply
    ආත්ම මෙ ලෝකෙන් වෙන ලෝක වලට යනවද /ඒ වගෙන් මේ ලෝකෙට එනවද කියලත් හරියට දන්නෙ නෑ- එහෙම එන්න යන්න පුලුවන් වෙන්න ඕනි
    වතුර බින්දුවකත් ඇමීබාවො මිලියන ගාණක් ඉන්නවනම් මේ ලෝකෙ / විශ්වයෙ කොච්චර ජීවින් ඇත්ද

    ඔක්කොම මගෙ පුදගලික අදහස් විතරයි. මේ විශ්වයෙ උපත / කෙළවරක් ගැන හොයන්න එපා කීවලුනෙ. මේවත් ඒ වගේම උත්තර නැති ප්‍රශ්ණ වෙන්න ඇති

    සර්වබලධාරි දෙවියන් / මහ බඹුන් / අල්ලාහ් වහන්සේ විසින් මේ ලෝකය මවන ලදී උන් වහන්සේගේ ක්‍රියා ඉගැන්වීම් ප්‍රශ්ණ නොකරව කියලා කට වහගෙන ඉමු
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,818
    113
    තෝරාගන්නා ලද කාල රාමුවක එක් ක්ෂණයක කාලයක් ඇතුලත හැමදේම නියතයක්. ජීවීන් ප්‍රමාණය විතරක් නෙවෙයි.

    ක්ෂණයක කාලයක් - කාලය ගෙවිලත් නෑ නොගෙවිලත් නෑ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    සසර ගමන කෙලවර කරගත්ත අය අඩු වෙනවා නේ . නියත නෑ . මාර ප්‍රශ්න උබලට එන්නේ :baffled:
    අලුතෙන්ම collection එකට එකතු වෙන්නේ නැද්ද දන්නේ නැහැ ?
    එහෙම නොවුනත් දැන් ඉන්න සෙට් එක ඇතිවෙන්න හේතුව මොකද්ද ?
    අලුතෙන්ම එකෙක් බිහිවෙනවනම් මොකෙක් වෙලාද බිහිවෙන්නේ මොකද මිනිහ neutral නේ .
    පිනුත් නැහැ පව්ත් නැහැ .
     
    • Like
    Reactions: LANKAT and dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    අලුතෙන්ම collection එකට එකතු වෙන්නේ නැද්ද දන්නේ නැහැ ?
    එහෙම නොවුනත් දැන් ඉන්න සෙට් එක ඇතිවෙන්න හේතුව මොකද්ද ?
    අලුතෙන්ම එකෙක් බිහිවෙනවනම් මොකෙක් වෙලාද බිහිවෙන්නේ මොකද මිනිහ neutral නේ .
    පිනුත් නැහැ පව්ත් නැහැ .
    DdpoZZHU0AAe3QD.jpg_large.jpg


    nasadiyasooktam.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බුදුහාමුදුරුවො නම් කියල තියෙන්නෙ ආත්මයක් කියලා එකක් නෑ කියල.
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    මේ ලෝකයේ ශක්තීන් නම් නියතයි.ඒවා විවිධ ආකාරයෙන් පැවතියත් විනාශ වෙන්නෙ නැ .
     
    • Like
    Reactions: LANKAT

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    1) ඕක දැනගත්තා කියල තියන වැඩේ මොකක්ද
    2) ඕකෙන් උඹට සත්‍යාවබෝධ වෙන්න ලැබෙන උදව්ව මොකද්ද ?
    3) ලැබිච්චි මනුස්ස භවය නිකං ගෙවිලා යනව නේද ?
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    oka ahanna wenne buduhamdruwangenma thama
    මේ කතාව නම් ඇත්ත. ඔය දේවල් ගැන දන්නෙ බුදු කෙනෙක්ම පමණයි. ඔය දේවල් නිවන් මාර්ගයේ යන්න අදාල නැති නිසා තමයි බුදු හාමුදුරුවෝ ඕවා මිනිස්සුන්ට දේශනා කරේ නැත්තෙත්.

    මම අහලා තියෙන විදිහට මට හිතෙන දේ කියන්නම්. ඒකෙ හරි වැරැද්ද ගැන මම නොදනී :P

    1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    එකතුව නියතයක් කියලා කියන්න බෑ හරියටම මොකද මම සමහර ධර්ම දේශනා වල අහලා තියෙනවා මේ ලෝකේ මැරෙන මිනිස්සු වෙන සක්වලවල් වල උපදිනවා කියලා. උදා: කල්ප අවසානයේ මහා බ්රහ්මයත් ඇතුළුව ඊට පහලින් තියෙන සියලුම ලෝක විනාස වෙනවා (මට මතක විදිහට මහා බ්රහ්මයේ ඉඳන්. වැරදි නම් නිවැරදි කරන්න) මහාබ්‍රහ්මය, බ්‍රහ්මපුරෝහිතය, බ්‍රහ්මපාරිසජ්ජය, දිව්‍ය ලෝක 6, මිනිස් ලොව, ප්‍රේත, අසුර, තිරිසන්, නිරය කියන මේ හැම ලෝකෙකම ඉන්න සත්වයෝ කල්ප අවසානයේදී තමන් ඉන්න ලෝකෙන් චුත වෙලා ආභස්සර බ්‍රහ්ම ලෝකේ ගිහින් උපදිනවා. නැවත ජිවින්ට ජිවත්වීමට සුදුසු පරිසරයක් සකස් වෙනකන්ම ඔවුන් ආභස්සර බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්නවා. ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් වුනත් ඔය වෙලාවේදී ආභස්සර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ වුනාට ධර්මයේ සදහන් වෙනවා මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා අපායට වැටුන කෙනෙක් නම් ඒ සත්වයා ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැතුව වෙනත් සක්වලක තියෙන නිරයකට වටෙනවලු. ඔය එක සිද්දියක් විටරනෙ. ඔය වගේ තව කොච්චර ඇතිද.

    2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?

    අපි මේ ඉන්න සක්වලට කියන්නෙ මගුල් සක්වල කියලනේ. ධර්මයේ සඳහන් වෙන විදිහට නම් බුදු කෙනෙක් පහල වෙන්නෙ මේ අපි ඉන්න පෘථිවියේ විතරයි. අපිට ඉතින් හරියටම කියන්න බෑ ඕවගේ ඇත්ත නැත්ත. මොකද අපි ධර්මය ඉගෙනගන්නේ ත්‍රිපිටකයෙන්නෙ. මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ සක්වලවල්
    ප්‍රමාණයක් තියෙනවනෙ. මේක මගුල් සක්වල කියලා අපි ගත්තොත් එහෙම ඔය අනිත් සක්වලවල් වල ඉන්න සත්වයොන්ටත් ගොඩක් පින් කරන්න ඕනේ ඇති මේ මගුල් සක්වලේ ඉපදෙන්න. එහෙම බැලුවොත් මේ ඔයා කියලා තියෙන එකත් එක හේතුවක් වෙනවා පෘථිවියේ ජනගහනය වැඩිවෙන්න. ඒක එක හේතුවක් විතරයි. තව දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර, තිරිසන්, නිරය කියන මේ ලෝක වල ආයු කාලය ගෙවලා ඉවර වෙලා නැවත මේ පෘථිවියේ භවය සකස් වෙන්න පුළුවන් ඒ ඒ සත්වයාගේ කර්මය පලදීම අනුව. එතකොට ඒ දේවලුත් හේතුවක් වෙනවා පෘථිවියේ ජනගහනය වැඩි වෙන්න. තව දෙයක් කියන්න ඕනේ ඔය කර්ම විෂය කියන්නෙත් බුදුන්ට අයිති දෙයක්. ඒ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට තියා සැරියුත් මුගලන් රහතන් වහන්සේලටවත් බෑ කර්මය, කර්ම පල දීම ගැන සියලුම දේ කියන්න. එකත් හරියට ලෝකයේ ආරම්භය අවසානය, විෂවයේ කෙලවර වගේ කෙළවරක් නැති දෙයක්.

    3)
    කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?

    බෑ. අපේ මේ විඥ්ඥාණය වුනත් කොහෙන් පටන්ගත්තද කියලා කියන්න බෑ. මන් උඩින් කියල තියෙනවා වගේ එකෙත් ආරම්භයක් නෑ. මේ දේවලුත් දකින්න පුළුවන් බුදු කෙනෙක්ට පමණයි.

    මේ උඩ maxtalker කියල තියෙනවා වගේ මේ දේවල් ගැන හෙව්වා කියලා, මේ දේවල් ගැන දැනගත්තා කියලා එකෙන් අපිට ඇති වැඩක් නෑ. කරන්න ඕනේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය වටහාගෙන ඒ පාරේ යන එක. බුද්ධ විෂය, ඉඬි විෂය , කම්ම විෂය හා ලෝක විෂයය කියන මේ හතරට සතර අචින්ත්‍ය ධර්මයන් කියලා කියනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් මේ දේවල් ගැන හිතුවා කියලා ඔය දේවල් තේරුම් ගන්න බෑ. අන්තිමට පිස්සෙක් වෙලා තමයි නතර වෙන්න වෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,986
    113
    Oka pattama deyak bn

    Mulu universe ekama vibration ekak.sound ekak.athmayak ne.but individual kiyala experiance ekak tiyenawa.eka illusion ekak.mude reli wage.rellai mudai ekai.but rella wenama udata enawa aye mudata yanawa.athmeth e wage.rella hithana man wenama ekenek kiyala.but mudama thama :(