බුදු දහම අනුව සියළු ජීවීන්ගේ එකතුව නියතයක්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිවැරදි පිළිතුර ....ඔව් ඒ වටයෙන් ඔබ ජයගන්නවා
    සිරාවටද කිව්වෙ නැත්තං කෝචෝක් එකක්ද? :rolleyes:

    දැන් බලපන්කො ඔය ප්‍රශ්නෙ එන්නේ ආත්ම ගාන නියතයක් කියල හිතපුවාමනේ. ඒක නිසා ආත්මය කියල එක නැති කලාම ඔය ප්‍රශ්ණ ඔක්කොම ඉවරනෙ. අනික බුදුහාමුදුරුවො ඇත්තටම එහෙම කියල තියනවනෙ :lol:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය දේවල් වලට බෞද්ධ දර්ශණයෙන් පිළිතුරු ලැබෙන්නේ නෑ බන්. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ඔය දේවල් පිළිබදව දේශනා කරලා නැහැ. සමහර සූත්‍රවල පොඩි පොඩි කරුණු හම්බ වුණත් ඒ දේවල් වලින් නිවැරදි නිගමනයකට එන්නත් බෑ. ඔය වගේ දේවල් ගැන වැඩිපුරම සදහන් වෙන්නේ අට්ඨකතා වල. නමුත් ඒ දේවල් බුද්ධ දේශනා හැටියට ගන්න බෑ.

    බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයෙදි ඇට්ටේරියා ගසකින් කොළ ටිකක් කඩලා උපමාවට අරන් දේශනා කරනවා, උන්වහන්සේ දේශනා කරන ලද දේවල් අතේ තියෙන ඇට්ටේරියා කොළ ටික වගේ කියලා. දේශනා නොකරන ලද ටික අට්ටේරියා වනය වගේ කියලා.(සිංසපා සූත්‍රය) උන්වහන්සේ දේශනා කළේ නිර්වාණගාමිතයට අවශ්‍ය දේවල් පමණයි. අනෙක් දේවල් පිළිබද උන්වහන්සේ දේශනා කිරීමට උත්සහගෙන නෑ. අනෙක ලෝක විෂය පිළිබද සිතීමට තරම් බුද්ධියක් මනුෂ්‍යාට නැති බව සදහන් වෙනවා.(අචින්තෙය්‍ය සූත්‍රය) ඉතින් මම හිතන විදිහට ඔය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවත් චූළමාලුඞ්ක්‍ය පුත්ත හාමුදුරුවන්ට දේශනා කළ ටිකම තමයි අහගන්න වෙන්නේ.(චූළමාලුඞ්ක්‍ය සූත්‍රය)

    බුදුරජාණන් වහන්සේ "ලෝක ධාතු" කියන වචනය භාවිතා කරලා තිබ්බට ඒ මොනවද කියලා හරියටම දේශනා කරලා නෑ.(ලෝක තල 31 එකට අමතර දේවල්) ඒ මොනවද කියලා විස්තර කරලා තියෙන්නේ පසු කාලීන අටුවාචාරී හාමුදුරුවරු. ඒ අටුවා වල තමයි සදහන් වෙන්නේ මනුෂ්‍ය ලෝකයට මේච්චර පහලින් අහවල් නරකාදිය පිහිටලා තියෙනවා කියලා. යොදුන් මෙච්චරක් උඩින් දිව්‍ය ලෝකය පිහිටලා තියෙනවා කියලා. අට්ඨකතා ආචාර්‍ය්වරු කියපු කතා සැක සහිතයි. මොකද හදේ හාවා ඇන්ද කතා, පාලිය ලෝකේ මුල් භාෂාව, තිරිසන් සත්තුත් කතා කරන්නේ පාලි භාෂාව වගේ අට්ඨකතාවරු කිව්ව ගොඩක් කතා අද වෙනකොට බොරු වෙලා ඉවරයි. ඉතින් බාහිර කතා පිළිබද අටුවාවල තොරතුරු වුණත් විශ්වාසනීයත්වයෙන් තොර නිසා ඔය දේවල් ගැන හිතලා වැඩක් නෑ. ඊට හොදයි ධර්ම කාරණාවක් පිළිබද සාකච්ඡා කරන එක.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    ඕකට උත්තරේ මට මතක විදියට මිලින්ද ප්‍රශ්නයේ තියෙනවා. මිලින්ද රජතුමා නාගසේන මහ රහතන් වහසේගෙන් අහනවා අපි ඉපදෙන්නේ අලුතින්ද කියලා. උත්තරේ නම් මට මතක නෑ. මිලින්ද ප්‍රශ්නය කියෙව්වනම් දැනගන්න පුලුවන්.

    ප ලි මේක බලන්න. දැන් අහු වුනේ

     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මචන් දන්න කෙනෙක් මේ ප්‍රශ්නවල උත්තර හෝ ඔබේ මතය කියන්නකෝ...

    1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?


    3) කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?
    Puluwan, Erozan kiyanne ehema athi una amuthuma athmayak.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ai bn kohewath deshana karala nadda buduhamuduruwo me gana?

    මට තේරෙන විදියට නම් බුදු කෙනෙක් පහල වෙන්නේ නිවනට යන මාර්ගය කියලා දෙන්න.

    ඒ මාර්ගයට අදාල නැති දේවල් කතා කරන එක ඵලක් නෑ කියලා අපිට වඩා බුදු කෙනෙකුට තේරෙනවා ඇති.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවටද කිව්වෙ නැත්තං කෝචෝක් එකක්ද? :rolleyes:

    දැන් බලපන්කො ඔය ප්‍රශ්නෙ එන්නේ ආත්ම ගාන නියතයක් කියල හිතපුවාමනේ. ඒක නිසා ආත්මය කියල එක නැති කලාම ඔය ප්‍රශ්ණ ඔක්කොම ඉවරනෙ. අනික බුදුහාමුදුරුවො ඇත්තටම එහෙම කියල තියනවනෙ :lol:

    නෑ නෑ සිරාවට කිව්වේ ....

    A/L කාලේ එන ප්‍රශ්න ඕව
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    20201101_180849.jpg
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    මගෙත් අදහස බුදුන් කෙනෙක් ලොව පහලවෙන්නේ ලෝක සත්වයාට නිවණ ශාක්ෂාත් කරවන්න. එම නිසා ඔය දේවල් එච්චර උලුප්පා දක්වන්න නැතුව ඇති කියලා
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    Palaweni prasneteta uttare widiyata issara kaleka doramadalawa ta apu pitiduwe siridamma hamuduruwo (samantha badra kiyala pissu kelinna ganna godak kalekata kalin me kiyanne) kiwwa mokak hari suthreka budu hamuduruwo kiyala tiyenawa kiyala me wishwaye inna jiwin gaana niyathayak kiyala. eka eka chakrawaata, grahaloka athare maruwen maruwata e jiwin mari mari upadina eka thama wenne kiwwa. ithin me jiwin gana ananthayak withara wenawalu. kawuru hari budu wela hari rahath wela hari aye ipadena eka nawattuna kiyamuko. Eth ananthayen ekak adu unama uttare ananthaya nisa gana hari lu.

    meke atta natta man danne na ban. habai e kaale hatiyata mata nan meka logical uttarayak wage penuna. ethana hitapu wena kawuruth e uttareta waraddak kiwweth na itin.mathoka his muduninma piligatta itin.
     
    Last edited:
    • Like
    Reactions: LANKAT and Dr.Amdan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    This is not exactly the answer to the questions raised.... but will provide an insight. :P

    A group of hyper-intelligent pan-dimensional beings demand to learn the Answer to the Ultimate Question of Life, The Universe, and Everything from the supercomputer Deep Thought, specially built for this purpose.
    It takes Deep Thought 7 1⁄2 million years to compute and check the answer, which turns out to be 42. Deep Thought points out that the answer seems meaningless because the beings who instructed it never knew what the question was.

    PS: But later on the well known theoretical physicist Richard Feynman found that the answer is not really 42 as Deep Thought had calculated, but it's really is 1/137 and called it “one of the greatest damn mysteries of physics: a magic number that comes to us with no understanding”.

    Interesting.. Can you post a thread about this..
     
    • Dislike
    • Like
    Reactions: FalconX and LANKAT

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    මෙ සංවාදයෙදී දුටුව කරුනු අනුව
    අපි බුදුන් සරන ගිය කෙනෙක් නම්
    බුදුන්වහන්සේ අපිට කරන්ට කියා යමක් ඇත්නම් එය කලයුතුයි
    බුදුන්වහන්සේ අපිට කරන්ට එපා කියා යමක් ඇත්නම් එය නොකලයුතුයි
    දැන් මේ කතාකරනේ නොකලයුති කී දෙයකය මෙය කතා කීරිමෙන් අපට නිස්චිත නිගමනයකට කිසි දවසක එන්නටබැහැ මොකද නිවරදිම පිලිතුර දන්නේ බුදුන්වහන්සේ පමනය
    මෙවැනි ප්‍රස්න ඔස්සේ යෑමෙන් අපි නිවනට යන මර්ගයෙන් බැහැර වියහැක
    නිවන අරමුනු නොකරගත් අයට දනුම සදහා කතා කරකර සිටින්ටනම් සුදුසුය
    බුදුන්වහන්සේ මෙසේ දේසනාකර ඇත
    මහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,922
    113
    reality එකේ ඈත්ත ස්වාභාවය දන්නෙ නැති නිස මතුවෙන ප්‍රශ්නයක් කියල මට හිතෙන්නෙ.
    එ කියන්නෙ තේරුමක් නැති ප්‍රශ්නයක්
    ඕකට දෙන උත්තර හරියට අන්ධයො අලියව අතගාල අලිය කොයි වගේද කියල කිව්ව වගේ ඒව