බුදු දහම අභියස තවම ළදරුවෙකුවැනි විද්‍යාව
බුදු දහම විද්‍යාව සමග සසදමින් බුදු දහම විද්‍යාත්මකව ඔපුපු කිරීමට, බුදු දහම විද්යාත්මකයයි කීමට බොහො දෙනෙක් වර්තමානයේ නිරර්ථක උත්සහයක නිරතවී සිටී. මෙම ලිපියෙන් කරුණු ගෙනහැර දක්වන්නේ බුදු දහම හමුවේ ළදරුවෙකු වැනි විද්‍යාව කොතරම් ප්‍රාථමිකද යන්න ඔප්පුකර පෙන්වීමටයි.
බුදුදහම යනු සම්මා සමුබුද්ධත්වයට පත්වූ බුදුරජානන් වහන්සේ නමක් විසින්ම පමනක් සර්වඥතාඥාණය මගින් කාලත්‍රයේ කිසිදු බාදකයක් නොමැතිව අවබෝද ඥාණයෙන්ම දේශනා කරන දහමකි. එම නිසාම කාලයේ සැඩපහරට හසුවී වෙනස්වන කරුණු බුදුදහම තුල දැකිය නොහැක. බුදුරජානන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලද යම් කරුණක් වේද එය අතීතයටද, වර්තමානයටද, අනාගතයටද එකසේම වලංගුය.
විද්‍යාව යනු යම්දෙයක් හෝ යම් ක්‍රියාවක් දැනට ඇති කරුණු හා සාක්ෂී මත පිහිටමින් පැහැදිලි කරගැනීම සදහා මිනිසුන් විසින් සම්මුති වශයෙන් ඇතිකරගන්නාලද විෂයකි. විද්‍යාව යම් දෙයක් කී පමනින් පිලිනොගනී. විචාරාත්මකව විමසීමකින් පසු වඩාත් සාධාරණව දැකිය හැකි සත්‍ය පමනක් පිලිගනී. එයට විද්‍යාත්මක ක්‍රමය යයි කියනු ලබන අතර විද්‍යාත්මක ක්‍රමය පිලිවලින් සම්පූර්ණ විය යුතු කරුණු 3ක් ඔස්සේ ගලායයි.
1. පරීක්ෂණය ———> 2. නිරීක්ෂණය ———> 3. නිගමනය
විද්‍යාව නිතරම වෙනස්වේ. එබැවින් ඊයේ කියුකරුණ අදටද, අද කියන කරුණ හෙටටද වෙනස් විය හැකිබැවින් නොවෙනස් වන බුදුදහම හමුවේ විද්‍යාව තුල ඇත්තේම වෙනස්වන අනිත්‍ය ස්වභාවයකි.
මෙතැන් පටන් විමසාබලමු විද්‍යාවෙන් පරීක්ෂණ කර කාලය වැය කරමින් පිරිසක් එකතුවී මහත් ආයාසයකින් සොයාගත් විද්‍යා කරුණු සර්වඥතාඥාණයෙන් එයටත් වඩා සරලකර මෙන්ම ගැබුරින් බුදුරජානන් වහන්සේ විසින් විස්තර කර ඇති ආකාරය.
විද්‍යාත්මකව
විද්‍යාවට අනුව ලෝකයේ සෑම භෞතික දෙයක්ම නිර්මාණය වන්නේ පදාර්ථයෙනි. පදාර්ථයට ස්වභවයේ පැවතිය හැකි ආකාර තුනකි. ඒවානම්
1.ඝන (යකඩ, ගල්, ලී) 2.ද්‍රව (ජලය, තෙල්, රසදිය) 3.වායු (ඔක්සිජන්, හයිඩ්රජන්, මීතේන්) යන අවස්තාය.
මෙම සෑම පදාර්ථයකම ශක්තියක් ලෙස උෂ්නත්වයක් ඇති අතර සමහර ද්‍රව්‍ය උෂ්නත්වය වෙනස්වීම මගින් තමන් සිටින පදාර්ථයේ අවස්තාව වෙනස්කරගනී.
උදා:- 1. ජලය උෂ්නත්වය අඩුවන විට ඝන තත්වය හෙවත් හිම/අයිස් කැට බවට පත්වීම.
2. ඝන ලෙස ඇති පැරපින් ඉටි උෂ්නත්වය වැඩිකරන විට ද්‍රව ඉටි බවට පත්වීම.
ඒවාගේම පදාර්තය සම්බන්දව කතාකරන විට විද්‍යාවට අමිල මෙහෙයක් කල ලොරෙන්ට් ලැවොසියර් විද්‍යාඥයා ගේ ඉදිරිපත් කිරීමක්ද එක්නොකරම බැරිය. ස්කන්ධ සංස්තිනියමය ලෙස හදුන්වන ඔහුගේ විද්‍යා ලොව වෙනස්කලා යැයි කියන නියමයෙන් කියවෙන දෙය විමසා බලමු.
පදාර්ථය මැවීමක් හෝ විනාෂකිරීමක් සිදුකල නොහැකි බව කී මෙම විද්‍යාඥයා ඉදිරිපත්කල ස්කන්ධ සංස්තිනියමය වූයේ සංවෘත පද්ධතියක්තුල සිදුකරන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයකවල ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ප්‍රතිඵල වල ස්කන්ධයට සමාන බවය.
බුදුදහමට අනුව
බුද්ධ දේශනාවට අනුව මේ ලෝකය ඇතුලුව මුලු විෂ්වයම නිර්මානය වන්නේ සතර මහා භූතයන් හෙවත් සතර මහා ධාතු වලිනි. (සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සමාදපෙත්තබ්බ සූත්‍රය කියවා වැඩිදුර කරුණු දැනගත හැක.)
මහා භූතයන් /සතර මහා ධාතු.
1. පඨවි 2 ආපෝ 3 තේජෝ 4 වායෝ
බුදු රජානන් වහන්සේ දේශනාකල මෙම සතර මහා ධාතු(භූතයන්) ගැන සවිස්තරව විමසා බලමු
පඨවි ධාතුව: තද ගතිය, රළු ගතිය, මොලොක් ගතිය, මෘදු ගතිය යන සෑම දෙයක්ම පඨවි ධාතුවලෙස හදුන්වයි.
ආපෝ ධාතුව: තෙත ගතිය, වැගිරෙන ගතිය, ගලායන ගතිය ඇලෙන ගතිය යන සෑම දෙයක්ම ආපෝ ධාතුවලෙස හදුන්වයි.
තේජෝ ධාතුව: උණුසුම් ගතිය, සිසිල් ගතිය තේජෝ ධාතුවලෙස හදුන්වයි.
වායෝ ධාතුව: හමායන ගතිය, පිම්බෙන ගතිය, සැලෙන ගතිය, ලෙලෙන ගතිය වායෝ ධාතුවලෙස හදුන්වයි.
මෙම සතර මහා ධාතු තනි තනිවම නොපවතින අතර විෂ්වය තුල ඇති ඕනෑම දෙයක් නිර්මාණය වීමේදී අඩු වැඩි වෂයෙන් මෙම සතර මහා ධාතු එකතුවීඇත. මමද ඔබද අනිත් මිනිසුන්ද, අලි, කොටි, ගස්, ගල්, ගංගා, ඇල දොල, වලාකුලු, වර්ෂාව, ඉර, හද, තරු, ගින්දර, සීතල උනුසුම සහ විශ්වය තුල ඇති ඕනෑම දෙයක් තුල අන්තර්ගත වන්නේ මෙම සතර මහා ධාතු එකතුවකි.
විද්‍යාවට අනුව ඇත්තේ පදාර්ථයට අවස්තා තුනකි. a.සරලවම කියනවානම් නිස්චිත ස්කන්ධයක් සහ හැඩයක් ඇති දේවල් අපි ඝන කියල හදුන්වනව. b.නිස්චිත ස්කන්ධයක් ඇතත් නිස්චිත හැඩයක් නැති අඩංගු බාජනයේ හැඩයට අනුව හැඩය වෙනස්වන දේවල් ද්‍රව කියල හදුන්වනව.
එම විද්‍යාත්මක සම්මුතිය නැති මෙම පදාර්ථයේ අවස්තා අයිති a ටද b ටද කියල ඔබට වර්ග කරන්න පුලුවන්ද?
ග්‍රීස් ජෙලි සහ මැටි ඝන ලෙස සැලකුවද විද්‍යාවේ කියන නිස්චිත හැඩය යන ගුණය මේවාගේ දැකිය නොහැක. බුදු දහමට අනුව මේවාතුල ඇත්තේ ඉහත ධාතු සියල්ලේම එකතුවක් වන අතර පඨවි ධාතුව තරමක් වැඩිය.
රසදිය ද්‍රවයක් වුවද පෘෂ්ටික ආතතිය නිසා නිතරම ගෝලා කාර නිස්චිත හැඩයක් ඇතිකරගනී. අඩංගු බාජනයේ හැඩය ලබා ගන්නවායන විද්‍යාත්මක කරුනේ සුලු ප්‍රමානයකට කිසි සේත්ම වලංගු වන්නේ නැත.
විද්‍යාවට අනුව ජලය යනු ද්‍රවයකි. එහෙත් බුදු දහමට අනුව ජලය යනු සතර මහා ධාතු වල එකතුවකි. අපි ජල අනුවක් විස්තර කර බලමු විද්‍යාවද බුදු දහමද එයට නියම අර්ථකතණයක් ලබා දෙන්නෙ කියන වග
විද්‍යාවට අනුව ජල අනුවක් යනු H2O ලෙස හැදින්වේ.
ජල අණුව මූල ද්‍රව්‍ය වලට වෙන්කල විට හයිඩ්රිජන් පරමානු2ක්ද (2H) ඔක්සිජන් පරමානුවක්ද (O) ලෙස වෙන්කල හැක. හයිඩ්රිජන් සහ ඔක්සිජන් ස්වභාවිකව පවතින්නේ වායුලෙසය. මෙය බුදු දහමට අනුව වායෝ ධාතුව වැඩිපුර ඇති සතරමහා ධාතු එකතුවක් ලෙස හැදින්විය හැක. (වායුයක් තුලද සතර මහා ධාතු ඇති ආකාරය පසුව ලිපියකින් විස්තර කරදෙන්නම්) මෙසේ ස්වභාවිකව පවතින ඔක්සිජන් සහ හයිඩ්රිජන් වායු එකිනෙකට කොපමන ආසන්න වුවද ජලය සෑදෙන්නේ නැත. විද්‍යාවට අනුව හයිඩ්රිජන් සහ ඔක්සිජන් ප්රතික්රියාකරවිය යුතුය. මෙම ප්‍රතික්‍රියාව සදහා හයිඩ්රිජන් සහ ඔක්සිජන් වලට තාපය සපයමින් උෂ්නත්වය වැඩිකිරීමට සිදුවේ.
එය සිදුකරන ආකාරය නැරබීමට.
http://www.youtube.com/watch?v=UV8KbQyF228
බුදු දහමට අනුවනම් සිදු වන්නේ තේජෝ ධාතුව වැඩි වීමක් හෙවත් වායෝ ධාතුව සමග තේජෝ ධාතුව වැඩිවශයේන් එක් වීමකි. මෙහිදී තාපය හෙවත් තේජෝ ධාතුව වැඩි වශයෙන් පිටකරමින් සිදුවන ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස ජලය නිර්මාණය වේ. එවිට විද්‍යාත්මකව හදුනා ගැනීමේ පහසුව සදහා අපි ජලය ද්‍රවයක් ලෙස හැදින්වුවද ඒ තුල සැබෑ ලෙස අන්තර්ගත වන්නේ වායු දෙකක් නිසා අපට ජලය තුල වාතයේ ගතිය හෙවත් වායෝ ධාතුව ඇති බවට අනිවාර්යෙන්ම පිලිගැනීමට සිදුවේ. මෙම ජල අනුවේ පරමානු අතර ඉලෙක්ට්‍රෝණ බැදී පවතින්නේ තේජෝ ධාතුව නිසාය. එය අමුතුවෙන් කිව යුතු නැත්තේ තාපය රසායනික ප්රතික්රීයාවක සීඝ්‍රතාවය කෙරෙහිද බන්ධන බිදීමටද බන්ධන සෑදීමටද සෘජුවම බලපාන එක් සාධකයක් බව රසායන විද්‍යාව දන්නා ඔනෑම නෙනෙකු දන්නා කාරනයක් වන බැවිනි.
ද්‍රව තත්වයේ ඇති ජලයට තාපය සැපයුවහොත් එය ජල වාෂ්ප බවට පත්වන බව සැවොම දනී. එම ද්‍රව තත්වයේ ඇති ජලයෙහිම තාපය යම්විදිහකින් අඩු කලහොත් එය ඝන තත්වයට පත්වේ. බුදු දහමට අනුව විග්රහ කලහොත් මෙහිදී සිදුවන්නේ ජලය නැමති ආපෝ තේජෝ වායෝ පඨවි තවත් තේජෝ ධාතු සමග එකවී වායෝ ගතිය වැඩිකරගෙන ජල වාෂ්ප හෙවත් වායු ගතියකට පත්වීමකි.( තව තවත් තේජෝ ධාතුව හෙවත් තාපය සපයමින් ගියහොත් ඉතා ඉහල උෂ්නත්වයකදී නැවත ජලය ඔක්සිජන් හා හයිඩිරිජන් බවට වෙන්කල හැකිය.) අනෙත් පැත්තට ද්‍රව තත්වයේ ඇති ජලයයෙන් තේජෝ ධාතුව යම් විදිහකින් වෙනස්කරමින් සිසිල්කල විට ජලයේ පඨවි ගතිය වැඩිවී අයිස් හෝ හිම තත්වයට පත්වුනද ඒ තුලද සතර මහා ධාතු හැර අමුතු දෙයක් නැත. පෙර තිබූ ඔක්සිජන් හා හයිඩ්රිජන් යන වායෝ ධාතුද ඒවාට ප්රතික්රයාවේදී ලබාගත් තේජෝ ධාතුවද ද්‍රව වූ විට තිබුනු ආපෝ ධාතුවද නැවත තේජෝ ධාතුව මගින් ඇතිකල සිසිල්වීම තුලින් වැඩිවුනු පඨවි ධාතුවදනිසා ඇතිවන රලු තද ස්වභාවය හිම හෝ අයිස් කියා අපි හදුන්වනුලබනව. විද්‍යාවට අනුවනම් සාමාන්‍ය තත්වයේ ඇති ද්‍රව වශයෙන් පවතින ජලය පදාර්ථය යටතේ ද්‍රවය අවස්තාවය. නමුත් බුදු දහමට අනුව මෙය සතර මහා ධාතු එකතුවකි. කෝ එහෙනම් ජලයේ මේ කියන පඨවි ධාතුව? ඕක ජලයේ කොහෙද තියෙන්නේ? මදක් සිතා බැලුවානම් ඔබට මෙවන් ගැටලු ඇතිවිය හැක. එවැනි ගැටලුවක් ඇති වුනානම් පලමුව මෙම වීඩියෝව නරබීමෙන් ජලයටද පඨවි හෙවත් තද ගතියක්, රලු ගතියක් ඇතිබව ප්‍රත්‍යක්ෂකරගත හැක.
http://www.youtube.com/watch?v=MsI8QwKjq60
ජලයේ ඇති පඨවි ගතිය විද්‍යාවේදී හදුන්වන්නේ පෘෂ්ටික ආතතිය ලෙසය. එනම් ද්‍රවයක බාහිර බලයකට එරෙහිව ප්රතිරොධයක්ලෙස පෘෂ්ඨයෙහි ඇතිවන්නාවූ තද රලු ස්වභාවයය. ජලය පිරි ඇති බාජනයකට ඔබේ අත්ල දිගහැර ගසා බලන්න. එවිට ඔබට දැනෙන තද බව රලු බව ජලයට ලැබෙන්නෙ පඨවි ධාතුවෙන්. මෙය එක් උදාහරනයක් විස්තර කිරීමක් පමනයි.
විද්‍යාව කියල කියන්නෙ මසැසින් දැකල දකින්න බැරි දේවල් උපකරණ බාවිතයෙන් හරි දකින්න හදන විෂයක්. එතනදි අහැට පෙනෙන ස්පර්ෂ කල හැකි දැනෙන භෞතික දේවල් පදාර්ථ කියල හදුන්වල එසේ භෞතික නොවන දේවල් ෂක්ති කියල හදුන්වනව. විද්‍යා වීෂයෙ ඉගෙනීමේ පහසුව සදහා එසේ කලත් පදාර්ථයයි උනුසුම සිසිලස කියන තාප ෂක්තියයි එකිනෙක වෙන්කල නොහැකි ලෙස තදින් බැදිල තියෙන්නෙ.
නමුත් බුදු වරයෙක්ට එවැනි උපකරණ අවැසි නොවන්නේ සියලුම ලෝක විෂයන් සර්වඥතා ඥාණයෙන්ම අවබොද වන නිසයි. මසැසට අමතරව මනස තුල ඥාණයනම් තුන්වන ඇසද පහල වූ විට ඒ හා සමවන්නට කිසිදු විද්‍යාවකට සම වන්න බැරි එනිසයි.
විද්‍යාවෙන් කියන පරිදි ලෝකයේ ඕනෑම දෙයක භෞතිකව පවතින්නේ ඉහත අවස්තා තුනෙන් පමනි( ප්ලස්මා අවස්ථාව හැර) නමුත් බුදු දහමට අනුව සෑම විටම සියලුම දේ පවතින්නේ සතර මහා ධාතු එකතු වීමෙනි
ඔබේ දිව ගැන මදක් සිතා බලන්න. එය අපට දකින විටම සිතෙන්නේ ඝනයක් කියාය. නමුත් බලන්න දිවට නොයෙකුත් හැඩයන් බවට පත්විමට ඇති හැකියාව. දිව යම් කුඩා බාජනයකට දමා දිවේ හැඩය එම බාජනයෙහි හැඩය ලබාගන්නා ආකාරය ගැන සිතාබලන්න.
පහන් දැල්ලක් දෙස බලන්න. සුලං නැති විට එයට නිස්චිත හැඩයක් ඇත. අතින් ඇල්ලිය නොහැකි වුවද සුලග මගින් හැඩයේ වෙනස් කම් කලහැකි නිසා භෞතික ලක්ෂනද ඇතිබව අනිවාර්යෙන්ම පිලිගත යුතුය. බුදු දහමට අනුවනම් පහන් දැල්ල යනු සතර මහා ධාතු වල එකතුවක් වුවද විද්‍යාවට අනුව එය ඝනයක්ද? ද්‍රවයක්ද? වායුවක්ද කියා ඔබට කිවහැකිද?
විද්‍යාව ලෙස සොයාගන්නා බොහෝ කරුණු බුද්ධ දේෂනයම වෙනත් විෂයක් හරහා ප්රකාෂකිරීමක් පමනි
උදාහරණ ලෙස ගතහොත් ලෝව පලමුව ආහාර දහනය වීම මගින් සිරුරු තුළ ශක්තිය නිපදවෙන බව මුලින්ම පැහැදිලිකල විද්‍යාඥයාද ඉහත කතාකල ලැවෝසියර්මය.
එහෙත් ඊට බොහෝ කලකට පෙර බුදු රජානන් වහන්සේ දේශනා කර වදාලා සතර සතිපට්ඨානය තුල ඇති ධාතු මනසිකාර භාවනාවේදී අපි ආහාර ලෙස ගන්නා කෑම බීම ශරීරය තුලදී ජීර්ණ වන්නේ තේජෝ ධාතුවෙන් යනවග.
අපේ ඇස සංවේදී පඨවි සහ ආපෝ ධාතු වලින් නිර්මාණය වන රූපවලටය. අපගේ ඇසට සෑම වේලාවකම තේජෝ (උනුසුම සිසිලස) වායෝ (හමායන ගතිය) යන ධාතු ගෝචර නැත. එහෙත් සර්පයන්ට තේජෝ සහ වායෝ ධාතු ඉතා හොදින් දැකිය හැක.
ඉහත කරුණ සමග අවස්තා සම්බන්ධයක් ගොඩනගමින්ම මෙම ලිපිය මෙසේ අවසන් කිරීමට සිතුනි. සමහර දේවල් අපට හොදින් ප්රත්යක්ෂවම දැකිය හැක. එම නිසා ඒවා ඇති බව අපට 100%ක්ම විශ්වාසය. ඒවාගේම සමහර දේවල් අපට දැකිය නොහැකි නිසාම අපට එවැන්නක් නැතයැකි කීමට නොහැක. නමුත් ලෝතුරා බුදුවරයෙකු සියලුම දේවල් දේෂනා කරන්නේ අවබෝධයෙන්මය. ප්රත්යක්ෂ ඥාණයෙන්මය. එම නිසා ඇති දේ ඇති සැටියෙන්ම දැකීමෙන් පසුවම දේෂනා කරන බුදුවරයෙකුගේ ධර්මය ඉදිරියේ යම් දෙයක ඇති සැටි සොය සොය ගොස් දැනට දැකිය හැකි දේවල් මත පමනක් කරුණු කියන අද කියූ දෙය හෙට වෙනස්වන විද්‍යාව කෙතරම් අසරණද?
ලෝකයේ සත්‍ය දෙකක් තිබිය නොහැක. නමුත් එකම සත්‍යක් කරා ගමන්කලහැකි සරල සහ අසීරු මාර්ග දෙකක් තිබිය හැක.
තවත් බොහෝ දේ වෙනස් විදිහකට නොදුටු පැත්තකින් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු සිතැතිව මෙම ලිපිය අවසන් කරමි
(කරුණු උපුටා ගන්නේනම් http://nodutupettha.wordpress.com උපුටා ගැනීමක් ලෙස සදහන් කිරීමට කාරුණික වන්න)

Last edited:
මාර සිද්දිය නෙ , මෙක ලියපු එකාව නාසා එකෙ වැඩට ගන්න ඔනි....lol