බුදු දහම අභියස තවම ළදරුවෙකුවැනි විද්‍යාව

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    බුදු දහම අභියස තවම ළදරුවෙකුවැනි විද්‍යාව

    බුදු දහම විද්‍යාව සමග සසදමින් බුදු දහම විද්‍යාත්මකව ඔපුපු කිරීමට, බුදු දහම විද්‍යාත්මකයයි කීමට බොහො දෙනෙක් වර්තමානයේ නිරර්ථක උත්සහයක නිරතවී සිටී. මෙම ලිපියෙන් කරුණු ගෙනහැර දක්වන්නේ බුදු දහම හමුවේ ළදරුවෙකු වැනි විද්‍යාව කොතරම් ප්‍රාථමිකද යන්න ඔප්පුකර පෙන්වීමටයි.

    7.jpg



    බුදුදහම යනු සම්මා සමුබුද්ධත්වයට පත්වූ බුදුරජානන් වහන්සේ නමක් විසින්ම පමනක් සර්වඥතාඥාණය මගින් කාලත්‍රයේ කිසිදු බාදකයක් නොමැතිව අවබෝද ඥාණයෙන්ම දේශනා කරන දහමකි. එම නිසාම කාලයේ සැඩපහරට හසුවී වෙනස්වන කරුණු බුදුදහම තුල දැකිය නොහැක. බුදුරජානන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලද යම් කරුණක් වේද එය අතීතයටද, වර්තමානයටද, අනාගතයටද එකසේම වලංගුය.
    විද්‍යාව යනු යම්දෙයක් හෝ යම් ක්‍රියාවක් දැනට ඇති කරුණු හා සාක්ෂී මත පිහිටමින් පැහැදිලි කරගැනීම සදහා මිනිසුන් විසින් සම්මුති වශයෙන් ඇතිකරගන්නාලද විෂයකි. විද්‍යාව යම් දෙයක් කී පමනින් පිලිනොගනී. විචාරාත්මකව විමසීමකින් පසු වඩාත් සාධාරණව දැකිය හැකි සත්‍ය පමනක් පිලිගනී. එයට විද්‍යාත්මක ක්‍රමය යයි කියනු ලබන අතර විද්‍යාත්මක ක්‍රමය පිලිවලින් සම්පූර්ණ විය යුතු කරුණු 3ක් ඔස්සේ ගලායයි.


    1. පරීක්ෂණය ———> 2. නිරීක්ෂණය ———> 3. නිගමනය


    විද්‍යාව නිතරම වෙනස්වේ. එබැවින් ඊයේ කියුකරුණ අදටද, අද කියන කරුණ හෙටටද වෙනස් විය හැකිබැවින් නොවෙනස් වන බුදුදහම හමුවේ විද්‍යාව තුල ඇත්තේම වෙනස්වන අනිත්‍ය ස්වභාවයකි.
    මෙතැන් පටන් විමසාබලමු විද්‍යාවෙන් පරීක්ෂණ කර කාලය වැය කරමින් පිරිසක් එකතුවී මහත් ආයාසයකින් සොයාගත් විද්‍යා කරුණු සර්වඥතාඥාණයෙන් එයටත් වඩා සරලකර මෙන්ම ගැබුරින් බුදුරජානන් වහන්සේ විසින් විස්තර කර ඇති ආකාරය.


    විද්‍යාත්මකව
    විද්‍යාවට අනුව ලෝකයේ සෑම භෞතික දෙයක්ම නිර්මාණය වන්නේ පදාර්ථයෙනි. පදාර්ථයට ස්වභවයේ පැවතිය හැකි ආකාර තුනකි. ඒවානම්

    1.ඝන (යකඩ, ගල්, ලී) 2.ද්‍රව (ජලය, තෙල්, රසදිය) 3.වායු (ඔක්සිජන්, හයිඩ්‍රජන්, මීතේන්) යන අවස්තාය.

    මෙම සෑම පදාර්ථයකම ශක්තියක් ලෙස උෂ්නත්වයක් ඇති අතර සමහර ද්‍රව්‍ය උෂ්නත්වය වෙනස්වීම මගින් තමන් සිටින පදාර්ථයේ අවස්තාව වෙනස්කරගනී.
    උදා:- 1. ජලය උෂ්නත්වය අඩුවන විට ඝන තත්වය හෙවත් හිම/අයිස් කැට බවට පත්වීම.
    2. ඝන ලෙස ඇති පැරපින් ඉටි උෂ්නත්වය වැඩිකරන විට ද්‍රව ඉටි බවට පත්වීම.
    ඒවාගේම පදාර්තය සම්බන්දව කතාකරන විට විද්‍යාවට අමිල මෙහෙයක් කල ලොරෙන්ට් ලැවොසියර් විද්‍යාඥයා ගේ ඉදිරිපත් කිරීමක්ද එක්නොකරම බැරිය. ස්කන්ධ සංස්තිනියමය ලෙස හදුන්වන ඔහුගේ විද්‍යා ලොව වෙනස්කලා යැයි කියන නියමයෙන් කියවෙන දෙය විමසා බලමු.
    පදාර්ථය මැවීමක් හෝ විනාෂකිරීමක් සිදුකල නොහැකි බව කී මෙම විද්‍යාඥයා ඉදිරිපත්කල ස්කන්ධ සංස්තිනියමය වූයේ සංවෘත පද්ධතියක්තුල සිදුකරන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයකවල ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ප්‍රතිඵල වල ස්කන්ධයට සමාන බවය.


    බුදුදහමට අනුව

    බුද්ධ දේශනාවට අනුව මේ ලෝකය ඇතුලුව මුලු විෂ්වයම නිර්මානය වන්නේ සතර මහා භූතයන් හෙවත් සතර මහා ධාතු වලිනි. (සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සමාදපෙත්තබ්බ සූත්‍රය කියවා වැඩිදුර කරුණු දැනගත හැක.)


    මහා භූතයන් /සතර මහා ධාතු.

    1. පඨවි 2 ආපෝ 3 තේජෝ 4 වායෝ
    බුදු රජානන් වහන්සේ දේශනාකල මෙම සතර මහා ධාතු(භූතයන්) ගැන සවිස්තරව විමසා බලමු


    පඨවි ධාතුව: තද ගතිය, රළු ගතිය, මොලොක් ගතිය, මෘදු ගතිය යන සෑම දෙයක්ම පඨවි ධාතුවලෙස හදුන්වයි.
    ආපෝ ධාතුව: තෙත ගතිය, වැගිරෙන ගතිය, ගලායන ගතිය ඇලෙන ගතිය යන සෑම දෙයක්ම ආපෝ ධාතුවලෙස හදුන්වයි.
    තේජෝ ධාතුව: උණුසුම් ගතිය, සිසිල් ගතිය තේජෝ ධාතුවලෙස හදුන්වයි.
    වායෝ ධාතුව: හමායන ගතිය, පිම්බෙන ගතිය, සැලෙන ගතිය, ලෙලෙන ගතිය වායෝ ධාතුවලෙස හදුන්වයි.


    මෙම සතර මහා ධාතු තනි තනිවම නොපවතින අතර විෂ්වය තුල ඇති ඕනෑම දෙයක් නිර්මාණය වීමේදී අඩු වැඩි වෂයෙන් මෙම සතර මහා ධාතු එකතුවීඇත. මමද ඔබද අනිත් මිනිසුන්ද, අලි, කොටි, ගස්, ගල්, ගංගා, ඇල දොල, වලාකුලු, වර්ෂාව, ඉර, හද, තරු, ගින්දර, සීතල උනුසුම සහ විශ්වය තුල ඇති ඕනෑම දෙයක් තුල අන්තර්ගත වන්නේ මෙම සතර මහා ධාතු එකතුවකි.
    විද්‍යාවට අනුව ඇත්තේ පදාර්ථයට අවස්තා තුනකි. a.සරලවම කියනවානම් නිස්චිත ස්කන්ධයක් සහ හැඩයක් ඇති දේවල් අපි ඝන කියල හදුන්වනව. b.නිස්චිත ස්කන්ධයක් ඇතත් නිස්චිත හැඩයක් නැති අඩංගු බාජනයේ හැඩයට අනුව හැඩය වෙනස්වන දේවල් ද්‍රව කියල හදුන්වනව.
    එම විද්‍යාත්මක සම්මුතිය නැති මෙම පදාර්ථයේ අවස්තා අයිති a ටද b ටද කියල ඔබට වර්ග කරන්න පුලුවන්ද?


    ග්‍රීස් ජෙලි සහ මැටි ඝන ලෙස සැලකුවද විද්‍යාවේ කියන නිස්චිත හැඩය යන ගුණය මේවාගේ දැකිය නොහැක. බුදු දහමට අනුව මේවාතුල ඇත්තේ ඉහත ධාතු සියල්ලේම එකතුවක් වන අතර පඨවි ධාතුව තරමක් වැඩිය.





    රසදිය ද්‍රවයක් වුවද පෘෂ්ටික ආතතිය නිසා නිතරම ගෝලා කාර නිස්චිත හැඩයක් ඇතිකරගනී. අඩංගු බාජනයේ හැඩය ලබා ගන්නවායන විද්‍යාත්මක කරුනේ සුලු ප්‍රමානයකට කිසි සේත්ම වලංගු වන්නේ නැත.





    විද්‍යාවට අනුව ජලය යනු ද්‍රවයකි. එහෙත් බුදු දහමට අනුව ජලය යනු සතර මහා ධාතු වල එකතුවකි. අපි ජල අනුවක් විස්තර කර බලමු විද්‍යාවද බුදු දහමද එයට නියම අර්ථකතණයක් ලබා දෙන්නෙ කියන වග

    විද්‍යාවට අනුව ජල අනුවක් යනු H2O ලෙස හැදින්වේ.
    i1.jpg

    ජල අණුව මූල ද්‍රව්‍ය වලට වෙන්කල විට හයිඩ්රිජන් පරමානු2ක්ද (2H) ඔක්සිජන් පරමානුවක්ද (O) ලෙස වෙන්කල හැක. හයිඩ්රිජන් සහ ඔක්සිජන් ස්වභාවිකව පවතින්නේ වායුලෙසය. මෙය බුදු දහමට අනුව වායෝ ධාතුව වැඩිපුර ඇති සතරමහා ධාතු එකතුවක් ලෙස හැදින්විය හැක. (වායුයක් තුලද සතර මහා ධාතු ඇති ආකාරය පසුව ලිපියකින් විස්තර කරදෙන්නම්) මෙසේ ස්වභාවිකව පවතින ඔක්සිජන් සහ හයිඩ්රිජන් වායු එකිනෙකට කොපමන ආසන්න වුවද ජලය සෑදෙන්නේ නැත. විද්‍යාවට අනුව හයිඩ්රිජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාකරවිය යුතුය. මෙම ප්‍රතික්‍රියාව සදහා හයිඩ්රිජන් සහ ඔක්සිජන් වලට තාපය සපයමින් උෂ්නත්වය වැඩිකිරීමට සිදුවේ.
    එය සිදුකරන ආකාරය නැරබීමට.

    http://www.youtube.com/watch?v=UV8KbQyF228


    බුදු දහමට අනුවනම් සිදු වන්නේ තේජෝ ධාතුව වැඩි වීමක් හෙවත් වායෝ ධාතුව සමග තේජෝ ධාතුව වැඩිවශයේන් එක් වීමකි. මෙහිදී තාපය හෙවත් තේජෝ ධාතුව වැඩි වශයෙන් පිටකරමින් සිදුවන ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස ජලය නිර්මාණය වේ. එවිට විද්‍යාත්මකව හදුනා ගැනීමේ පහසුව සදහා අපි ජලය ද්‍රවයක් ලෙස හැදින්වුවද ඒ තුල සැබෑ ලෙස අන්තර්ගත වන්නේ වායු දෙකක් නිසා අපට ජලය තුල වාතයේ ගතිය හෙවත් වායෝ ධාතුව ඇති බවට අනිවාර්යෙන්ම පිලිගැනීමට සිදුවේ. මෙම ජල අනුවේ පරමානු අතර ඉලෙක්ට්‍රෝණ බැදී පවතින්නේ තේජෝ ධාතුව නිසාය. එය අමුතුවෙන් කිව යුතු නැත්තේ තාපය රසායනික ප්‍රතික්‍රීයාවක සීඝ්‍රතාවය කෙරෙහිද බන්ධන බිදීමටද බන්ධන සෑදීමටද සෘජුවම බලපාන එක් සාධකයක් බව රසායන විද්‍යාව දන්නා ඔනෑම නෙනෙකු දන්නා කාරනයක් වන බැවිනි.
    6.jpg

    ද්‍රව තත්වයේ ඇති ජලයට තාපය සැපයුවහොත් එය ජල වාෂ්ප බවට පත්වන බව සැවොම දනී. එම ද්‍රව තත්වයේ ඇති ජලයෙහිම තාපය යම්විදිහකින් අඩු කලහොත් එය ඝන තත්වයට පත්වේ. බුදු දහමට අනුව විග්‍රහ කලහොත් මෙහිදී සිදුවන්නේ ජලය නැමති ආපෝ තේජෝ වායෝ පඨවි තවත් තේජෝ ධාතු සමග එකවී වායෝ ගතිය වැඩිකරගෙන ජල වාෂ්ප හෙවත් වායු ගතියකට පත්වීමකි.( තව තවත් තේජෝ ධාතුව හෙවත් තාපය සපයමින් ගියහොත් ඉතා ඉහල උෂ්නත්වයකදී නැවත ජලය ඔක්සිජන් හා හයිඩිරිජන් බවට වෙන්කල හැකිය.) අනෙත් පැත්තට ද්‍රව තත්වයේ ඇති ජලයයෙන් තේජෝ ධාතුව යම් විදිහකින් වෙනස්කරමින් සිසිල්කල විට ජලයේ පඨවි ගතිය වැඩිවී අයිස් හෝ හිම තත්වයට පත්වුනද ඒ තුලද සතර මහා ධාතු හැර අමුතු දෙයක් නැත. පෙර තිබූ ඔක්සිජන් හා හයිඩ්රිජන් යන වායෝ ධාතුද ඒවාට ප්‍රතික්‍රයාවේදී ලබාගත් තේජෝ ධාතුවද ද්‍රව වූ විට තිබුනු ආපෝ ධාතුවද නැවත තේජෝ ධාතුව මගින් ඇතිකල සිසිල්වීම තුලින් වැඩිවුනු පඨවි ධාතුවදනිසා ඇතිවන රලු තද ස්වභාවය හිම හෝ අයිස් කියා අපි හදුන්වනුලබනව. විද්‍යාවට අනුවනම් සාමාන්‍ය තත්වයේ ඇති ද්‍රව වශයෙන් පවතින ජලය පදාර්ථය යටතේ ද්‍රවය අවස්තාවය. නමුත් බුදු දහමට අනුව මෙය සතර මහා ධාතු එකතුවකි. කෝ එහෙනම් ජලයේ මේ කියන පඨවි ධාතුව? ඕක ජලයේ කොහෙද තියෙන්නේ? මදක් සිතා බැලුවානම් ඔබට මෙවන් ගැටලු ඇතිවිය හැක. එවැනි ගැටලුවක් ඇති වුනානම් පලමුව මෙම වීඩියෝව නරබීමෙන් ජලයටද පඨවි හෙවත් තද ගතියක්, රලු ගතියක් ඇතිබව ප්‍රත්‍යක්ෂකරගත හැක.



    http://www.youtube.com/watch?v=MsI8QwKjq60

    ජලයේ ඇති පඨවි ගතිය විද්‍යාවේදී හදුන්වන්නේ පෘෂ්ටික ආතතිය ලෙසය. එනම් ද්‍රවයක බාහිර බලයකට එරෙහිව ප්‍රතිරොධයක්ලෙස පෘෂ්ඨයෙහි ඇතිවන්නාවූ තද රලු ස්වභාවයය. ජලය පිරි ඇති බාජනයකට ඔබේ අත්ල දිගහැර ගසා බලන්න. එවිට ඔබට දැනෙන තද බව රලු බව ජලයට ලැබෙන්නෙ පඨවි ධාතුවෙන්. මෙය එක් උදාහරනයක් විස්තර කිරීමක් පමනයි.
    විද්‍යාව කියල කියන්නෙ මසැසින් දැකල දකින්න බැරි දේවල් උපකරණ බාවිතයෙන් හරි දකින්න හදන විෂයක්. එතනදි අහැට පෙනෙන ස්පර්ෂ කල හැකි දැනෙන භෞතික දේවල් පදාර්ථ කියල හදුන්වල එසේ භෞතික නොවන දේවල් ෂක්ති කියල හදුන්වනව. විද්‍යා වීෂයෙ ඉගෙනීමේ පහසුව සදහා එසේ කලත් පදාර්ථයයි උනුසුම සිසිලස කියන තාප ෂක්තියයි එකිනෙක වෙන්කල නොහැකි ලෙස තදින් බැදිල තියෙන්නෙ.
    නමුත් බුදු වරයෙක්ට එවැනි උපකරණ අවැසි නොවන්නේ සියලුම ලෝක විෂයන් සර්වඥතා ඥාණයෙන්ම අවබොද වන නිසයි. මසැසට අමතරව මනස තුල ඥාණයනම් තුන්වන ඇසද පහල වූ විට ඒ හා සමවන්නට කිසිදු විද්‍යාවකට සම වන්න බැරි එනිසයි.
    විද්‍යාවෙන් කියන පරිදි ලෝකයේ ඕනෑම දෙයක භෞතිකව පවතින්නේ ඉහත අවස්තා තුනෙන් පමනි( ප්ලස්මා අවස්ථාව හැර) නමුත් බුදු දහමට අනුව සෑම විටම සියලුම දේ පවතින්නේ සතර මහා ධාතු එකතු වීමෙනි
    ඔබේ දිව ගැන මදක් සිතා බලන්න. එය අපට දකින විටම සිතෙන්නේ ඝනයක් කියාය. නමුත් බලන්න දිවට නොයෙකුත් හැඩයන් බවට පත්විමට ඇති හැකියාව. දිව යම් කුඩා බාජනයකට දමා දිවේ හැඩය එම බාජනයෙහි හැඩය ලබාගන්නා ආකාරය ගැන සිතාබලන්න.





    පහන් දැල්ලක් දෙස බලන්න. සුලං නැති විට එයට නිස්චිත හැඩයක් ඇත. අතින් ඇල්ලිය නොහැකි වුවද සුලග මගින් හැඩයේ වෙනස් කම් කලහැකි නිසා භෞතික ලක්ෂනද ඇතිබව අනිවාර්යෙන්ම පිලිගත යුතුය. බුදු දහමට අනුවනම් පහන් දැල්ල යනු සතර මහා ධාතු වල එකතුවක් වුවද විද්‍යාවට අනුව එය ඝනයක්ද? ද්‍රවයක්ද? වායුවක්ද කියා ඔබට කිවහැකිද?
    විද්‍යාව ලෙස සොයාගන්නා බොහෝ කරුණු බුද්ධ දේෂනයම වෙනත් විෂයක් හරහා ප්‍රකාෂකිරීමක් පමනි


    උදාහරණ ලෙස ගතහොත් ලෝව පලමුව ආහාර දහනය වීම මගින් සිරුරු තුළ ශක්තිය නිපදවෙන බව මුලින්ම පැහැදිලිකල විද්‍යාඥයාද ඉහත කතාකල ලැවෝසියර්මය.
    එහෙත් ඊට බොහෝ කලකට පෙර බුදු රජානන් වහන්සේ දේශනා කර වදාලා සතර සතිපට්ඨානය තුල ඇති ධාතු මනසිකාර භාවනාවේදී අපි ආහාර ලෙස ගන්නා කෑම බීම ශරීරය තුලදී ජීර්ණ වන්නේ තේජෝ ධාතුවෙන් යනවග.
    අපේ ඇස සංවේදී පඨවි සහ ආපෝ ධාතු වලින් නිර්මාණය වන රූපවලටය. අපගේ ඇසට සෑම වේලාවකම තේජෝ (උනුසුම සිසිලස) වායෝ (හමායන ගතිය) යන ධාතු ගෝචර නැත. එහෙත් සර්පයන්ට තේජෝ සහ වායෝ ධාතු ඉතා හොදින් දැකිය හැක.





    ඉහත කරුණ සමග අවස්තා සම්බන්ධයක් ගොඩනගමින්ම මෙම ලිපිය මෙසේ අවසන් කිරීමට සිතුනි. සමහර දේවල් අපට හොදින් ප්‍රත්‍යක්ෂවම දැකිය හැක. එම නිසා ඒවා ඇති බව අපට 100%ක්ම විශ්වාසය. ඒවාගේම සමහර දේවල් අපට දැකිය නොහැකි නිසාම අපට එවැන්නක් නැතයැකි කීමට නොහැක. නමුත් ලෝතුරා බුදුවරයෙකු සියලුම දේවල් දේෂනා කරන්නේ අවබෝධයෙන්මය. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්මය. එම නිසා ඇති දේ ඇති සැටියෙන්ම දැකීමෙන් පසුවම දේෂනා කරන බුදුවරයෙකුගේ ධර්මය ඉදිරියේ යම් දෙයක ඇති සැටි සොය සොය ගොස් දැනට දැකිය හැකි දේවල් මත පමනක් කරුණු කියන අද කියූ දෙය හෙට වෙනස්වන විද්‍යාව කෙතරම් අසරණද?


    ලෝකයේ සත්‍ය දෙකක් තිබිය නොහැක. නමුත් එකම සත්‍යක් කරා ගමන්කලහැකි සරල සහ අසීරු මාර්ග දෙකක් තිබිය හැක.


    තවත් බොහෝ දේ වෙනස් විදිහකට නොදුටු පැත්තකින් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු සිතැතිව මෙම ලිපිය අවසන් කරමි


    (කරුණු උපුටා ගන්නේනම් http://nodutupettha.wordpress.com උපුටා ගැනීමක් ලෙස සදහන් කිරීමට කාරුණික වන්න)
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :D මාර සිද්දිය නෙ , මෙක ලියපු එකාව නාසා එකෙ වැඩට ගන්න ඔනි....lol
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    :D මාර සිද්දිය නෙ , මෙක ලියපු එකාව නාසා එකෙ වැඩට ගන්න ඔනි....lol

    ඇයි උබ එහෙම කියන්නේ ? පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො විවෘතව මේකේ හරය.
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    hodai ... mama godak tan wala dakala nam tiyanawa widdawen hoyaganna ewa buduhamuduruwo kalinma deshana karala tiyanawa. wishwaya gana adahasa hodama example eka.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි උබ එහෙම කියන්නේ ? පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො විවෘතව මේකේ හරය.

    විද්යාව එකක් ආගමික විස්වාසය කියන්නෙ තව එකක් , ලොකෙ අගම් හැම එකම විද්යාවත් එක්ක හරි ගෙම ... මහත්තයො මැලෙරියාව හැදිල මැරෙන මිනිස්සුගෙ ජිවිත බෙර ගන්න පුලුවන් බෙහෙත් හොයගන්නෙ ඔයා ඔය කියන ලදරු එක, මාර ඇඩ්වාන්ස් දියුනු ආගමට එ මැරෙන මිනිස්සු වෙනුවෙන් කරන්න පුලුවන් මැරුනට පස්සෙ ජිවිතයක් තියනවා , එක හොද වෙන්නනම් ඔයා හොදින් ඉන්න ඔනි කියල උගන්වන්නයි , ඔය ආගමික විස්වාස දෙශපලනිකව සමාජයට යහපතක් ...


    ඔය ලදරු තත්වෙ තියනවය කියන එක නැත්තම් ඔයා ඔය කියන මාර ඇඩ්වාන්ස් දර්ශනය ඔයට ඉගෙන ගන්න හම්බු වෙයිද කියලවත් ශුවර් නැහැ.අඩු ගානෙ එක ශෙයර් කරන්නෙවත් කොහොමද ? .... ඔච්cචර දියුනු කියන ආගම් වල උගන්වන සිතෙ බලයෙන් මනස දියුනු කරල ටෙලිපති ක්‍රමයට පනිවිඩ යවන්න ඔයාටත් බැහැ නෙද ?ලදරු තත්වෙ තියන එක සිතෙ බලයෙන් හදන්න ඔනි එක හදල එකෙන් පනිවිඩ යවන එක හොය ගත්ත, මන් හිතන්නෙ පනිවිඩ යවන්න හොදම ක්‍රමය විදිහට ටෙලිෆොන් එකක් ඉන්ටනෙට් පාවිච්චි කරනව ඇරෙන්න මම හිතන්නෙ නැහැ ඔය උනත් ටෙලි පති ක්‍රමෙට පනිවිඩ යවන්න සිත දියුනු කරයි කියන්ල ...ඔයා සමහර විට සිත දියුනු කරයි ලදරු තත්වෙ එකෙන් ප්‍රයොගිකව අත්දැකපු නිර්මනය වැඩිදියුනු කරන්න .. ආගම් වල හැම දෙම හරිත් නැහැ හැම දෙම වැරදිත් නැහැ ...ආගමික විස්වාස 100% හරි කියල හිතගෙන යතර්තයෙදි තමන්ට හැම පත්තෙන්ම උදවු වෙන දර්ශනයන්ට දැනුමට බනින මිනිස්සු දැක්කම හිනා යනව ,
    සමහරවිට මරනින් මතු ජිවිත ඇති ,සමහර විට එක හුදෙක් විස්වාසයක් විතරක් වෙන්නත් ඇති , සමහර විට මෙ ජිවය කියල තියන ශක්ති ප්‍රබවය කැරකි කැරකි විශ්වයෙ සැරිසරනව වෙන්න ඇති , සමහර විට එ ශක්ති ප්‍රබවය පවතින්න පුලුවන් සාදක ඉවර උනාම ඉවර වෙනවත් ඇති ,හරියට තරුවක් අවශ්ය සාදක පවතිනකම් ගිනි ගනිමින් තිබිල ඉවර උනාම නිවිල යනව වගෙ ... ස්මහරු හිතෙ තියන් ඉන්න විස්වාසෙ 100% හරිය කියල හිතගෙන යතර්තයෙදි ජිවතෙට වැදගත් වෙන දැනුමට හිනවෙනවලු ....

    හැබයි එ අතින් මුස්ලිම් උන් තමයි මෙක වැඩියම කරන්නෙ , එවගෙ එකෙක්ට කවුදො කෙනෙක් ඩිල තිබුන උත්තරයක් මෙතෙන්ට කොපි කරන්නම් ,

    විස්වාස කරන්නෙකුගේ හිතේ දෙවියෙක්ට ඕනෙම දෙයක් කරන්න පුලුවන්.
    .
    .
    ඒත් යථාර්තයේදී
    අඩුම දෙවියන්ට හායි කියන්නවත් බෑ...
     
    • Like
    Reactions: counter dr

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    විද්යාව එකක් ආගමික විස්වාසය කියන්නෙ තව එකක් , ලොකෙ අගම් හැම එකම විද්යාවත් එක්ක හරි ගෙම ... මහත්තයො මැලෙරියාව හැදිල මැරෙන මිනිස්සුගෙ ජිවිත බෙර ගන්න පුලුවන් බෙහෙත් හොයගන්නෙ ඔයා ඔය කියන ලදරු එක, මාර ඇඩ්වාන්ස් දියුනු ආගමට එ මැරෙන මිනිස්සු වෙනුවෙන් කරන්න පුලුවන් මැරුනට පස්සෙ ජිවිතයක් තියනවා , එක හොද වෙන්නනම් ඔයා හොදින් ඉන්න ඔනි කියල උගන්වන්නයි , ඔය ආගමික විස්වාස දෙශපලනිකව සමාජයට යහපතක් ...


    ඔය ලදරු තත්වෙ තියනවය කියන එක නැත්තම් ඔයා ඔය කියන මාර ඇඩ්වාන්ස් දර්ශනය ඔයට ඉගෙන ගන්න හම්බු වෙයිද කියලවත් ශුවර් නැහැ.අඩු ගානෙ එක ශෙයර් කරන්නෙවත් කොහොමද ? .... ඔච්cචර දියුනු කියන ආගම් වල උගන්වන සිතෙ බලයෙන් මනස දියුනු කරල ටෙලිපති ක්‍රමයට පනිවිඩ යවන්න ඔයාටත් බැහැ නෙද ?ලදරු තත්වෙ තියන එක සිතෙ බලයෙන් හදන්න ඔනි එක හදල එකෙන් පනිවිඩ යවන එක හොය ගත්ත, මන් හිතන්නෙ පනිවිඩ යවන්න හොදම ක්‍රමය විදිහට ටෙලිෆොන් එකක් ඉන්ටනෙට් පාවිච්චි කරනව ඇරෙන්න මම හිතන්නෙ නැහැ ඔය උනත් ටෙලි පති ක්‍රමෙට පනිවිඩ යවන්න සිත දියුනු කරයි කියන්ල ...ඔයා සමහර විට සිත දියුනු කරයි ලදරු තත්වෙ එකෙන් ප්‍රයොගිකව අත්දැකපු නිර්මනය වැඩිදියුනු කරන්න .. ආගම් වල හැම දෙම හරිත් නැහැ හැම දෙම වැරදිත් නැහැ ...ආගමික විස්වාස 100% හරි කියල හිතගෙන යතර්තයෙදි තමන්ට හැම පත්තෙන්ම උදවු වෙන දර්ශනයන්ට දැනුමට බනින මිනිස්සු දැක්කම හිනා යනව ,
    සමහරවිට මරනින් මතු ජිවිත ඇති ,සමහර විට එක හුදෙක් විස්වාසයක් විතරක් වෙන්නත් ඇති , සමහර විට මෙ ජිවය කියල තියන ශක්ති ප්‍රබවය කැරකි කැරකි විශ්වයෙ සැරිසරනව වෙන්න ඇති , සමහර විට එ ශක්ති ප්‍රබවය පවතින්න පුලුවන් සාදක ඉවර උනාම ඉවර වෙනවත් ඇති ,හරියට තරුවක් අවශ්ය සාදක පවතිනකම් ගිනි ගනිමින් තිබිල ඉවර උනාම නිවිල යනව වගෙ ... ස්මහරු හිතෙ තියන් ඉන්න විස්වාසෙ 100% හරිය කියල හිතගෙන යතර්තයෙදි ජිවතෙට වැදගත් වෙන දැනුමට හිනවෙනවලු ....

    හැබයි එ අතින් මුස්ලිම් උන් තමයි මෙක වැඩියම කරන්නෙ , එවගෙ එකෙක්ට කවුදො කෙනෙක් ඩිල තිබුන උත්තරයක් මෙතෙන්ට කොපි කරන්නම් ,

    විස්වාස කරන්නෙකුගේ හිතේ දෙවියෙක්ට ඕනෙම දෙයක් කරන්න පුලුවන්.
    .
    .
    ඒත් යථාර්තයේදී
    අඩුම දෙවියන්ට හායි කියන්නවත් බෑ...

    මේකයි මන් ගැන මට ප්‍රකාශ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත. මොකද ඔබ ඔය කි මානසික බලය පිළිබද ළදරුවන් සමග කතා කොට පලක් නොවේ. ඒක ඔයාට පැහැදිලි කරන්න යනවා කියන්නේ අන්ද්යාට අලියෙක් ගැන කියනවා වගේ. මොකද මන් මනසින් අත්දකින යම් දෙයක් ඇත්ද එම දේ පෙන්විය නොහැක. හරි මන් කිසිවක් පිළිගන්නේ ප්‍රතක්ෂ කරලා , කෙසේද
    යත් සමථ හා විද්ර්ශාවයි. මෙව්වා කියද්දී සමහර විට විහුළුවක් වෙයි ඔබ වැනි පුද්ගලයන්ට නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි මේ සියල්ල ඔබටත් මටත් සමථ විදර්ශනා භාවනාවෙන් අත්පත් කල හැක. එය යම් තාක් දුරට මා ප්‍රගුණ කරනවා. මන් මේ කතා කරන්නේ හුදු පුහු විශ්වාසයකින් නොවේ , ප්‍රත්‍යක්ෂ වයි. අනිත් කාරණය බුදු දහමේ පිහිට කියන්නේ වෙදනාව යන කාරණය අභිබවා යාමකි. ඉතින් යම් කායික හෝ මානසික ලෙඩක්(පිඩාවක්) වේද, එය විදර්ශනාව තුලුන් අභිබවා යා හැක. මට ඔබ වැනි පදනම් විරහිත ප්‍රකාශ කරන පුද්ගලින් සමග වාද කිරීම මගේ කාලය නාස්ති කිරීමකි. මේ මනස කියන්නේ ඔබ හිතන තරන් පටු දෙයක් නොවේ, ඔබ මෛත්‍රී සමාධිය තුලදී ඔබේ යම් පිඩාවක් වුවත් සංසිදෙන තැනට සිත සකස් කර ගත හැක. නැවතත් කියනවා, මෙය පුහු විශ්වාසයක් නොවේ. අනික ඔබ හතර වන ධ්‍යානය දක්වා හිත දියුණු කලොත් ඔබේ ගිය බවය ඔබට දර්ශනය වන තැනට හිත ප්‍රබල වේ. ඉතින් telephone ekakin telephone එකකට කතා කළ හැකි නම් එලෙස හතර වන ධ්‍යානය දක්වා හිත දියුණු කළ කෙනෙකුට ටෙලිපති යැවිය හැක්කේ එම ධ්‍යාන තලය දියුණු කළ හැකි කෙනෙකුට පමණි. එවිට ඔය දෙවියෝ භූතයෝ මනසින් දකින එක සාමාන්‍ය දෙයක් වෙයි.ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ඔය කතා කරන්නේ ඔබ දුටු, අසු හෝ ඔබේ රාමුව තුළ අත් දැකිය හැකි දේ පමණි. නමුත් ඔබත් සමථ විදර්ශනා දියුණු කළ විට මේ මා ප්‍රකාශ කළ සියලු දේ සමග එකග වේ. මොකද එවිට ඔබ එය අත්දකින නිසාවෙනි. ඉතින් මට , මා නොදුටු පදනමක් රහිත ප්‍රකාශ කරන පුද්ගයන් සමග තර්ක කිරීම පලක් නොවේ ගැටීමද පලක් නොවේ ඔබේ ඔය විශ්වාසය ඔබ තියාගන්න මට සමාජය හැදීමේ කිසිම අවශ්‍යතාවක් නැත. මොකද මෙයයි ලෝකය කියලා මන් දකින නිසා.


    (මන් දන්නවා මෙව්වා කියද්දී සාමාන්‍ය ලෝකය හිනාවෙනවා, ඉතින් එයයි ලෝකය. එයයි ස්වාභාවය එහෙම නොවුනොත් තමයි මට පුදුම)

    නමෝ බුද්ධාය __/\__
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකයි මන් ගැන මට ප්‍රකාශ කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත. මොකද ඔබ ඔය කි මානසික බලය පිළිබද ළදරුවන් සමග කතා කොට පලක් නොවේ. ඒක ඔයාට පැහැදිලි කරන්න යනවා කියන්නේ අන්ද්යාට අලියෙක් ගැන කියනවා වගේ. මොකද මන් මනසින් අත්දකින යම් දෙයක් ඇත්ද එම දේ පෙන්විය නොහැක. හරි මන් කිසිවක් පිළිගන්නේ ප්‍රතක්ෂ කරලා , කෙසේද
    යත් සමථ හා විද්ර්ශාවයි. මෙව්වා කියද්දී සමහර විට විහුළුවක් වෙයි ඔබ වැනි පුද්ගලයන්ට නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි මේ සියල්ල ඔබටත් මටත් සමථ විදර්ශනා භාවනාවෙන් අත්පත් කල හැක. එය යම් තාක් දුරට මා ප්‍රගුණ කරනවා. මන් මේ කතා කරන්නේ හුදු පුහු විශ්වාසයකින් නොවේ , ප්‍රත්‍යක්ෂ වයි. අනිත් කාරණය බුදු දහමේ පිහිට කියන්නේ වෙදනාව යන කාරණය අභිබවා යාමකි. ඉතින් යම් කායික හෝ මානසික ලෙඩක්(පිඩාවක්) වේද, එය විදර්ශනාව තුලුන් අභිබවා යා හැක. මට ඔබ වැනි පදනම් විරහිත ප්‍රකාශ කරන පුද්ගලින් සමග වාද කිරීම මගේ කාලය නාස්ති කිරීමකි. මේ මනස කියන්නේ ඔබ හිතන තරන් පටු දෙයක් නොවේ, ඔබ මෛත්‍රී සමාධිය තුලදී ඔබේ යම් පිඩාවක් වුවත් සංසිදෙන තැනට සිත සකස් කර ගත හැක. නැවතත් කියනවා, මෙය පුහු විශ්වාසයක් නොවේ. අනික ඔබ හතර වන ධ්‍යානය දක්වා හිත දියුණු කලොත් ඔබේ ගිය බවය ඔබට දර්ශනය වන තැනට හිත ප්‍රබල වේ. ඉතින් telephone ekakin telephone එකකට කතා කළ හැකි නම් එලෙස හතර වන ධ්‍යානය දක්වා හිත දියුණු කළ කෙනෙකුට ටෙලිපති යැවිය හැක්කේ එම ධ්‍යාන තලය දියුණු කළ හැකි කෙනෙකුට පමණි. එවිට ඔය දෙවියෝ භූතයෝ මනසින් දකින එක සාමාන්‍ය දෙයක් වෙයි.ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ඔය කතා කරන්නේ ඔබ දුටු, අසු හෝ ඔබේ රාමුව තුළ අත් දැකිය හැකි දේ පමණි. නමුත් ඔබත් සමථ විදර්ශනා දියුණු කළ විට මේ මා ප්‍රකාශ කළ සියලු දේ සමග එකග වේ. මොකද එවිට ඔබ එය අත්දකින නිසාවෙනි. ඉතින් මට , මා නොදුටු පදනමක් රහිත ප්‍රකාශ කරන පුද්ගයන් සමග තර්ක කිරීම පලක් නොවේ ගැටීමද පලක් නොවේ ඔබේ ඔය විශ්වාසය ඔබ තියාගන්න මට සමාජය හැදීමේ කිසිම අවශ්‍යතාවක් නැත. මොකද මෙයයි ලෝකය කියලා මන් දකින නිසා.


    (මන් දන්නවා මෙව්වා කියද්දී සාමාන්‍ය ලෝකය හිනාවෙනවා, ඉතින් එයයි ලෝකය. එයයි ස්වාභාවය එහෙම නොවුනොත් තමයි මට පුදුම)

    නමෝ බුද්ධාය __/\__

    පෙන හැටියට ඔබතුම තර්ක කරනවට කැමති නැහැ වගෙ ... අකමැත්තක් ඇතොත් තර්ක කිරිමට අවශ්ය නැත, ගැටිමට අවශ්යතාවක් නැත , විද්යාව බොරු වැඩක් නැහැ වගෙ කතාවක් කියපු නිසයි මෙහෙම කිව්වෙ :)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    හතර වන ධ්‍යානය දක්වා හිත දියුණු කළ කෙනෙකුට ටෙලිපති යැවිය හැක්කේ එම ධ්‍යාන තලය දියුණු කළ හැකි කෙනෙකුට පමණි. :sorry:


    මචං..... ඒක නං වැරදි කතාවක්..... ටෙලිපති කරන්න 4 වෙනි දැහැනටම සිත පත් කරන්න ඕනි නෑ.... පලවෙනි දැහැන උනත් ප්‍රමාණවත්....දැහැන් වලින් කරන්නෙ ශරීඍයේ ශූක්ෂම ස්නායු මණ්ඩලයේ ගමන් කරණ ශක්තියට බාධා පැමිනවීම නවත්වන එක.... සිත දැහැන්ගත කරල ඒ ඒ හැකියාවන් පුරුදු කලාම ටික කලකින් දැහැන් නැතුවම සිතට ඒ හැකියාව එනව......:shocked:

    අනික සිකතින් තව සිතකට පණිවිට යවන්න ඒ පණිවිඩය ලබන කෙනො ධ්‍යානලාභියෙක් වෙන්න ඕනිත් නෑ.... මේ එවන පණිවිඩය ගැන මෙලෝ දෙයක් නොදන්න සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් ඒ පණිවිඩය දැනෙනවා.....:cool:

    දැහැන් අවශ්‍ය වෙන්නෙ සිත පුරුදු කරන්න විතරයි..... ස්නායු චක්‍ර මණ්ඩල අවධි උනාම ඒවා සාමාන්‍ය හැකියා බවට පත් වෙනව...... :yes:

    අනික ඔය යුරෝපෙ ටෙලිපති ගැන ගොඩක් පර්යේෂන කරනවා....ටෙලිපති සාර්ථක වෙලත් තියෙනවා....උන් මොකෝ ධ්‍යාන කරලෑ ඕව කරන්නෙ....
     

    khanti_sukha

    Member
    Dec 1, 2013
    10
    2
    0
    මැලෙරියාව හැදිල මැරෙන මිනිස්සුගෙ ජිවිත බෙර ගන්න පුලුවන් බෙහෙත් හොයගන්නෙ ඔයා ඔය කියන ලදරු එක

    පොඩි දෙයක් ලියන්න හිතුන උඩින් ලියල තියෙන ටික කියෙව්වම.මැලේරියාව වගේ රෝග වලට බෙහෙත් හොයාගත්ත වුනාට බෙහෙත් නැති ලෙඩ තවම තියෙනවා. ඒවා හොයාගත්තත් වෙන හේතුවකට හරි මිනිස්සු කවද හරි මැරෙනවා. මැරුණට පස්සේ මොනවා වුනත් කමක් නැහැ කියල හිතමුකෝ. ඒත් ජීවත් වෙන අයට මොකද වෙන්නේ? වෙන මුකුත් හිතන්නේ නැතිව තමාට හිතවත් එක්කෙනෙක් හරි කීපදෙනෙක් හරි ගන්න. ඒ අය මරුනොතින් ජීවත් වෙන ඔබට දුක දැනෙන්නේ නැද්ද? අන්න ඒ දුකට බෙහෙතක් විද්‍යාවෙන් තාම හොයාගෙන නැහැ. අනෙක ජීවත්වෙනකන් එන ප්‍රශ්න වලට බොහෝ අයට හිතෙට දුක දැනෙනවා.ඒ දුක් විදින හැමෝටම මානසික පීඩනය/අවපීඩනය වැනි රෝග වලට දෙන බෙහෙත් නොබී විද්‍යානුකූලව සතුටින් ඉන්න විදිහක් තියෙනවද? විද්‍යාව කොච්චර දියුණු වුනත් දුක කියන එක පස්සෙන් එනවා. ඒ හැමෝටම බෙහෙත් නොබී දුක් නොවී ඉන්න විදිහක් තියෙනවද?

    සත්වයින් මූලික අවශ්‍යතා ඉටුකරනවා ඇරුනම හැමදේම කරන්නේ හිතේ සතුට වෙනුවෙන්. විද්‍යාවෙන් මොන එන්නත නිපදුවත් පහත ආකාරයේ දුක් වලට
    සත්වයින් හිතින් විදවනවා.



    තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ‍සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛා අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" යනුවෙන් ද්වාදසාකාර (12) වේ. [/SIZE]

    1. ජාති
    2. ජරා
    3. මරණ
    4. සෝක
    5. පරිදේව
    6. කායික
    7. මානසික
    8. උපායාස
    9. අප්‍රිය සම්ප්‍රයෝගය
    10. ප්‍රිය විප්‍රයෝගය
    11. කැමති දේ නොලැබීම
    12. පඤ්ච උපාදානස්කන්ධය


    ජාති දුක

    එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,
    දුක්ඛ දුක්ඛය

    අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා
    විපරිණාම දුක්ඛය

    කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන
    සංඛාර දුක්ඛය

    සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා
    පටිච්ඡින්න දුක්ඛය

    අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක
    පරියාය දුක්ඛය

    ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක
    නිප්පරියාය දුක්ඛය

    දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ
    මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.

      • ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.
      • ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
      • ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
      • විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක
      • වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම
      • ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක
      • පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක

    • . ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක
    උදා- ඇස් නොපෙනීම කන් නොඇසීම




    • .මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ
      • ආයුක්ඛය
      • කම්මක්ඛය
      • උපච්ඡේදන
    යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.

    • සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
    • පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
    • දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
    • දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
    • උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
    • අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
    • ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
    • කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
    • පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.

    අන්න ඒ වෙනුවෙන් ප්‍රායෝගික විසදුමක් බුදු දහමේ තියෙනවා.



    1. දුක (දුක්ඛ)
    2. දුකට හේතුව (සමුදය)
    3. දුක නැති කිරීම (නිරෝධ)
    4. දුක නැති කිරීමේ මාර්ගය (මාර්ග)
    ඒ මාර්ගේ නියම විදිහට ගමන් කරලා දුකින් මිදුන අය ඉදල තියෙනවා.

    විද්‍යාවෙන් හොයාගත්ත මොනම දෙයක්වත් නැතුව ඒ අයට හිතේ සතුටින් හිටපු අය

    ඉදලා තියෙනවා.


    theratherigatha5.jpg


    thera%2Btheri%2Bgatha%2521%2B6%2B.jpg

    අනෙක මොන භෞතික දේ තිබුනත් සතුටක් නැතිනම් මොකටද?



    මේ තියෙන්නේ හිතේ දුකට සිය දිවි නසා ගත්ත ධනවතුන් ගැන ලිපියක් ,



    The following men were all successful businessmen who committed suicide. The millions in their bank accounts did nothing to ease their suffering…
    10. Jonathan Wraith

    Thirty-five-year-old Jonathan Wraith — a young British millionaire by virtue of selling his and his father’s portable cabin business for £30 million ($46 million) — was by all accounts a happy and well-adjusted young man. However, in 2009 he picked up his shotgun and shot himself, leaving no suicide note. No clear reason could be found for Wraith’s action, but there has been some speculation that he was extremely worried about his father David’s recent stroke. It seems that this may have proven too much for the young man to take.
    9. Eli M. Black

    Eli M. Black, whose death was immortalized on screen in the Coen Brothers comedy The Hudsucker Proxy, was a Jewish-American businessman and millionaire controller of the United Brands Company. An astute and forward thinking capitalist, Black’s career included stints with Lehman Brothers and then the American Seal-Kap Company, which he renamed AMK. The early ’70s saw AMK merge with United Fruit Company. With that, Black’s fate was sealed. His downfall was rooted in the discovery of his $2.5 million bribe offered to the President of Honduras, to reduce export taxes on bananas. Taking matters into his own hands before the scandal broke, Black climbed the 44 floors of his office building and leapt out onto crowded Park Avenue to the horror of onlookers below.
    8. Huibert Boumeester

    At 49, father-of-two Huibert Boumeester took his own life after becoming seriously depressed in the fallout of the £50 billion ($77 billion) takeover of ABN Amro by the Royal Bank of Scotland. The Dutch millionaire banker’s body was discovered in a woodland area several miles away from his home in London. A suicide note to his wife Frederique that was found on his body read that he could not “go on.” The coroner confirmed that Mr. Boumeester had ended his life while depressed, explaining: “He drove to a very isolated location in woodland, sat down and used the shotgun to end his own life.”
    7. Christopher Foster



    In August 2008, Christopher Foster, a 50-year-old British businessman, murdered his wife and daughter before burning down his house and killing himself. The businessman shot his wife Jillian and daughter Kirstie, prior to succumbing to smoke inhalation. Foster, wealthy by virtue of his company’s work creating oil rig insulation technology, was nevertheless beset by financial concerns. Despite being a millionaire residing in a five-bedroom country mansion, he was living beyond his means, with debts of £4 million ($6.2 million). It seems that, tragically, these financial worries may well have pushed him over the edge.
    6. John Lawrenson

    John Lawrenson was a successful businessman who lived in a £1.2 million ($1.8 million) mansion (the Old Rectory, above). He was healthy and seemingly happy, and had earned the right to enjoy the profits from a lucrative life in the publishing world. This all would have been fine, except for one thing: his beloved wife Caroline was dying of cancer. The devoted couple, married for 47 years, poisoned themselves with a substance bought via mail order from Mexico. A suicide note found near their bodies confirms the truth: Mr. Lawrenson could not bear the thought of living alone and decided to take the matter into his own hands.
    5. Wayne Pai



    Wayne Pai was a successful Taiwanese businessman, and founder and chairman of the securities broker the Polaris Group. In the wake of rumors of insider trading, the nevertheless well respected Pai was found dead in July 2008. His wife and members of Polaris’ staff flew to the outlying island of Penghu to assist police with their inquiries. Pai’s suicide came at a time when allegations were being made that a former president of National Chiao Tung University had been receiving regular payments from Polaris. Pai’s body was found floating in waters surrounding the outlying island.
    4. Paul Castle

    Paul Castle — a self-styled businessman and property tycoon who had met the Queen of England and played polo with Prince Charles — killed himself in 2010. The 54-year-old threw himself in front of a London Underground train, leaving no chance of survival. The businessman, described as a “workaholic,” had seen several property deals go awry over the last year of his life and had also lost capital in a gas and oil surveying company. Castle, who suffered from chronic heart problems and tumors, had been married three times and was due to be wedded for a fourth time, to his girlfriend Natalie Theo.
    3. Peter Smedley

    Peter Smedley was an enormously successful millionaire hotelier and businessman with a tinned food empire that provided him with a sizable income. He and his wife Christine — who had been married for 33 years — enjoyed a luxurious lifestyle befitting of their riches. However, Mr. Smedley was also an extremely ill man, suffering from motor neurone disease. He ended his life by his own volition, at an assisted dying organization, the Dignitas clinic, in Switzerland. In a further twist to the story, Mr. Smedley’s death was filmed by the BBC, with segments televised as part of documentary about assisted suicides.
    2. Howard Worthington

    In an alarming case of destructive emotion, self-proclaimed “lord of the manor” millionaire Howard Worthington shot himself with one of his prized shotguns just moments after shooting his lover Julie Rees. The 52-year-old English former businessman, who made his fortune in the steel industry, had been ordered to stay away from his £1.3 million ($2 million) country home after threatening her with a gun a few weeks prior. While Rees recovered, Worthington did not. Verdict: suicide.
    1. ReiJane Huai

    Long Island resident and computer software high flyer ReiJane Huai killed himself with a single shot in September 2011. The former president and CEO of FalconStor, a data storage company, had resigned suddenly in 2010 following a lawsuit filed against him. The millionaire committed suicide on the front lawn of the $2.5 million home he shared with his wife, ShuWen. The Taiwanese-born Huai — who had traveled to the USA to study in 1984 — had several adult children living in the US and was described as a “visionary and leader” by a FalconStor spokesman.



    වාද කරන්න නෙමෙයි ලිව්වේ. ප්‍රශ්නයක් තියෙනවනම් ඇහුවට කමක් නැහැ. ඒත් ආයේ එළකිරි එන්න වෙන්නේ මාසෙකින් වෙන්නත් පුළුවන්. ඒ නිසා උත්තර දෙන්න කල් යයි



    ආශ්‍රිත ලිපි





    http://www.businesspundit.com/10-millionaire-businessmen-who-committed-suicide/

    http://www.huffingtonpost.com/2013/07/23/millionaires_n_3639050.html

    http://www.theguardian.com/uk/2002/dec/17/martinwainwright

    http://www.theguardian.com/uk/2002/dec/17/martinwainwright

    http://si.wikipedia.org/wiki/දුක්ඛ

    http://si.wikipedia.org/wiki/චතුරාර්ය_සත්‍යය

     
    Last edited: