මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න කෙනෙක් උත්තර දෙන්න. මුලින්ම කියන්න ඕනෙ මමත් විශ්වාස කරන්නෙ නියම බුදුදහම කියල කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු මාර්ගයේ යන එක මිසක් බෝධි පුජා දෙන එකවත්, කටින පින්කම් තියෙන එකවත් වගේ දේවල්වත් නෙමෙයි. හැබැයි ඒ දේවල් කරා කියලා ඒවාට අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකුත්ම නොකරන කෙනෙක්ට වඩා ඒක ගොඩක් වටිනවා. අනික බුදු දහම රැකිලා තියෙන්න ඔය දේවලුත් උදව් වෙනවා.
දැන් ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියනවනෙ බුදු හාමුදුරුවෝ ගැන එක මොහොතකට හරි ඇතිවෙන ශ්‍රද්ධාව මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට ඔය ශ්‍රද්ධාවමනේ ඇතිවෙන්නෙ අපි බුදුන් වදිද්දී, චෛත්‍යය වන්දනාමාන කරද්දී, බෝධි පුජා තියද්දි, ධාතු වන්දනාමාන කරද්දි එහෙම. එතකොට ඔය හැමදෙයක්ම කරන්නෙ ඔය වෙලාවට බුදු හාමුදුරුවො අරමුණු කරගෙනනෙ. බුදු හාමුදුරුවො ගැන පිරිසිදු හැගීමක් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇතිවෙනවනේ මිනිස්සුන්ගේ හිතේ ඔය වෙලාවට. එකත් ලොකු පිනක් කියලනෙ කියන්නෙ. මට හිතෙන්නෙ ඒක මෛත්‍රිය නිසා ඇතිවෙන එකක් කියලා. මොකද අනිත් ආගම් වල මිනිස්සුත් තමන්ගේ දෙවියන්ව අදහනවනේ. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ දෙවියන් ගැන අපි බුදු හාමුදුරුවො ගැන හිතනවා වගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවනෙ. ඉතින් ඒවටත් මොකක්හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනෙනෙ කර්මය අනුව. එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද

Last edited: