බුදු හාමුදුරුවෝ දේශනා කරේ මුළු විශ්වයේම සත්‍ය ඒක එච්චර මිහිරි දෙයක් නම් නෙමේ ගොඩක් දෙනෙක් පළවෙනි පාර ඇහුවම පිළිගන්න මැලි වෙනවා නමුත් උන්වහන්සේව විශ්වාස කරලා මාර්ගය වැ ඩුවොත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවං එකට තමා ශ්‍රද්ධාව ඕන නැතුව පව් පින් වලට නෙමේ.
ඒ කියන්නේ අවබෝධයක් නැතුව විශ්වාස කරන එකද ???

ඉතිං ඒක නෙමෙයිද ශ්‍රද්ධාව කියන්නෙ.ඒ කියන්නේ අවබෝධයක් නැතුව විශ්වාස කරන එකද ???
එහෙම බැලුවම මුස්ලිම් ආගමේත් ඕකම නේ කරන්න කියන්නේ. අල්ලා විශ්වාස කරන අය තමයි දෙයියෝ ලගට යන්නේ.
නිවැරදි අවබෝධය තියෙන්න ඕන නැද්ද ?? බුදුන් කිව්වා කියලා කියන හැම දේම ඒ විදියටම විශ්වාස කරන්නේ නැත්නම් එතන ශ්‍රද්ධාව නෑ ඔය උබ දාල තියන ලින්ක් එකේ විදියට.![]()
ඒකද තියෙන්න ඕනේ ?ඉතිං ඒක නෙමෙයිද ශ්‍රද්ධාව කියන්නෙ.
අල්ල අදහන අයට අල්ල කෙරෙහි ශ්‍රද්ධාව තියෙනව...
අවබෝධයයි, ශ්රද්ධාවයි කියන්නෙ දෙකක්නෙ.ඒකද තියෙන්න ඕනේ ?
නිවැරදි අවබෝධය නෙවෙයි ද ?
ඔව් ඉතින්. ඔය කියන විදියට තියෙන්න ඕනේ භක්තිය වගේ දෙයක් නේ...අවබෝධයයි, ශ්රද්ධාවයි කියන්නෙ දෙකක්නෙ.
මෙහෙමනෙ මචෝ....ඔව් ඉතින්. ඔය කියන විදියට තියෙන්න ඕනේ භක්තිය වගේ දෙයක් නේ...

ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති (මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයකින් යුක්තව සිටියි.)සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
ශ්‍රද්ධාව කියන්නෙ මෛත්‍රියට නෙමෙයි බං..මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න කෙනෙක් උත්තර දෙන්න. මුලින්ම කියන්න ඕනෙ මමත් විශ්වාස කරන්නෙ නියම බුදුදහම කියල කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු මාර්ගයේ යන එක මිසක් බෝධි පුජා දෙන එකවත්, කටින පින්කම් තියෙන එකවත් වගේ දේවල්වත් නෙමෙයි. හැබැයි ඒ දේවල් කරා කියලා ඒවාට අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකුත්ම නොකරන කෙනෙක්ට වඩා ඒක ගොඩක් වටිනවා. අනික බුදු දහම රැකිලා තියෙන්න ඔය දේවලුත් උදව් වෙනවා.
දැන් ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියනවනෙ බුදු හාමුදුරුවෝ ගැන එක මොහොතකට හරි ඇතිවෙන ශ්‍රද්ධාව මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට ඔය ශ්‍රද්ධාවමනේ ඇතිවෙන්නෙ අපි බුදුන් වදිද්දී, චෛත්‍යය වන්දනාමාන කරද්දී, බෝධි පුජා තියද්දි, ධාතු වන්දනාමාන කරද්දි එහෙම. එතකොට ඔය හැමදෙයක්ම කරන්නෙ ඔය වෙලාවට බුදු හාමුදුරුවො අරමුණු කරගෙනනෙ. බුදු හාමුදුරුවො ගැන පිරිසිදු හැගීමක් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇතිවෙනවනේ මිනිස්සුන්ගේ හිතේ ඔය වෙලාවට. එකත් ලොකු පිනක් කියලනෙ කියන්නෙ. මට හිතෙන්නෙ ඒක මෛත්‍රිය නිසා ඇතිවෙන එකක් කියලා. මොකද අනිත් ආගම් වල මිනිස්සුත් තමන්ගේ දෙවියන්ව අදහනවනේ. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ දෙවියන් ගැන අපි බුදු හාමුදුරුවො ගැන හිතනවා වගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවනෙ. ඉතින් ඒවටත් මොකක්හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනෙනෙ කර්මය අනුව. එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද

