බුදු දහම ගැන ප්‍රශ්නයක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ මුළු විශ්වයේම සත්‍ය ඒක එච්චර මිහිරි දෙයක් නම් නෙමේ ගොඩක් දෙනෙක් පළවෙනි පාර ඇහුවම පිළිගන්න මැලි වෙනවා නමුත් උන්වහන්සේව විශ්වාස කරලා මාර්ගය වැ ඩුවොත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවං එකට තමා ශ්‍රද්ධාව ඕන නැතුව පව් පින් වලට නෙමේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ අවබෝධයක් නැතුව විශ්වාස කරන එකද ???
    එහෙම බැලුවම මුස්ලිම් ආගමේත් ඕකම නේ කරන්න කියන්නේ. අල්ලා විශ්වාස කරන අය තමයි දෙයියෝ ලගට යන්නේ.
    නිවැරදි අවබෝධය තියෙන්න ඕන නැද්ද ?? බුදුන් කිව්වා කියලා කියන හැම දේම ඒ විදියටම විශ්වාස කරන්නේ නැත්නම් එතන ශ්‍රද්ධාව නෑ ඔය උබ දාල තියන ලින්ක් එකේ විදියට. :rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ කියන්නේ අවබෝධයක් නැතුව විශ්වාස කරන එකද ???
    එහෙම බැලුවම මුස්ලිම් ආගමේත් ඕකම නේ කරන්න කියන්නේ. අල්ලා විශ්වාස කරන අය තමයි දෙයියෝ ලගට යන්නේ.
    නිවැරදි අවබෝධය තියෙන්න ඕන නැද්ද ?? බුදුන් කිව්වා කියලා කියන හැම දේම ඒ විදියටම විශ්වාස කරන්නේ නැත්නම් එතන ශ්‍රද්ධාව නෑ ඔය උබ දාල තියන ලින්ක් එකේ විදියට. :rofl:
    ඉතිං ඒක නෙමෙයිද ශ්‍රද්ධාව කියන්නෙ.

    අල්ල අදහන අයට අල්ල කෙරෙහි ශ්‍රද්ධාව තියෙනව...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් ඉතින්. ඔය කියන විදියට තියෙන්න ඕනේ භක්තිය වගේ දෙයක් නේ...
    මෙහෙමනෙ මචෝ....

    ඔයා මට ගාණක් උගන්නනව,
    මම ඔයාගෙන් ඉගෙනගන්න කලින් ඔයා ගැන මට විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඔයා මට හරි දේ උගන්නනව කියල,
    ඔයාව විශ්වාස නිසා මම හොඳට ගාණ හදනහැටි අහගන්නව.
    ඊටපස්සෙ ඔයාගෙන් තියරි එක දැනගත්තම මම මගේ අවබෝධයෙන් ගාණ හදනව...

    ගාණ හදන්න ඉගෙනගන්න හොර ගුරුවරු විශ්වාස කරගෙන ඒ අය ලඟට ගිහින් වරද්දගත්තට කරන්න දෙයක් නෑ... ගාණ හදාගෙන යනකොට තමුන්ට වැටහෙන්න ඕනෙ ගුරා කොලිෆයිඩ්ද නැද්ද කියල.....

    මට වැටහෙන විදිහනං මේකයි.. මීට වඩා දෙයක් මට මේ ගැන තේරුම් කරන්න දන්නෙ නෑ....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,924
    113
    Mother Earth
    ගහ වටේ කැරකිල්ල හැදෙනකන් වටේට ගිහින් වතුර දාන එක වැඩක් නෑ. ධාතු වලට වැඳලා ඇති වැඩකුත් නෑ. බුදු හාමුදුරුවො ජීවත්වෙන්න ඕන තමුන්ගෙ හිතේ. ඒත් අපි අන්ධ භකිතිය නිසා අතරමන් වෙලා. අනික බුදුහාමුදුරුවො 28ක් ඉන්නෙ කොහොමද ? :unsure:

    මම ඉස්සර පොඩි කාලේ පන්සල් ගියහම හෙන ඳඟයි. මම කරන්නෙ බෝධිය නාවන්න වතුර කළයකට වතුර පුරවලා බෝධිය වටේ කඟවේනා වගේ 3න් පාරක් දුවනවා. කොහොම හරි වැඩේට මට යන්නෙ තප්පර ගාණයි. :rofl:
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
    ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති (මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයකින් යුක්තව සිටියි.)

    ‘අවෙච්චප්පසාද’ කියලා කියන්නේ මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්, ඒ බනින පැත්තට යනවා. ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප්‍රශංසා කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප්‍රශංසා කරනවා. ඒකට ‘අවෙච්චප්පසාද’ කියන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට ‘පරඬැල’ කියලා වචනයක් පාවිච්චි කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

    හමාගෙන යන පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ‍්‍රද්ධාවත් ඒ වගේ කියලා.

    බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්‍රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ‍්‍රද්ධාවට උපමාව.

    ඔබට මතකද ඒ ගැන රතන සූත්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ‍්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.

    බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා… එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.

    https://mahamevnawa.lk/gauthama_sasune_01/
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න කෙනෙක් උත්තර දෙන්න. මුලින්ම කියන්න ඕනෙ මමත් විශ්වාස කරන්නෙ නියම බුදුදහම කියල කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු මාර්ගයේ යන එක මිසක් බෝධි පුජා දෙන එකවත්, කටින පින්කම් තියෙන එකවත් වගේ දේවල්වත් නෙමෙයි. හැබැයි ඒ දේවල් කරා කියලා ඒවාට අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකුත්ම නොකරන කෙනෙක්ට වඩා ඒක ගොඩක් වටිනවා. අනික බුදු දහම රැකිලා තියෙන්න ඔය දේවලුත් උදව් වෙනවා.

    දැන් ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියනවනෙ බුදු හාමුදුරුවෝ ගැන එක මොහොතකට හරි ඇතිවෙන ශ්‍රද්ධාව මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට ඔය ශ්‍රද්ධාවමනේ ඇතිවෙන්නෙ අපි බුදුන් වදිද්දී, චෛත්‍යය වන්දනාමාන කරද්දී, බෝධි පුජා තියද්දි, ධාතු වන්දනාමාන කරද්දි එහෙම. එතකොට ඔය හැමදෙයක්ම කරන්නෙ ඔය වෙලාවට බුදු හාමුදුරුවො අරමුණු කරගෙනනෙ. බුදු හාමුදුරුවො ගැන පිරිසිදු හැගීමක් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇතිවෙනවනේ මිනිස්සුන්ගේ හිතේ ඔය වෙලාවට. එකත් ලොකු පිනක් කියලනෙ කියන්නෙ. මට හිතෙන්නෙ ඒක මෛත්‍රිය නිසා ඇතිවෙන එකක් කියලා. මොකද අනිත් ආගම් වල මිනිස්සුත් තමන්ගේ දෙවියන්ව අදහනවනේ. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ දෙවියන් ගැන අපි බුදු හාමුදුරුවො ගැන හිතනවා වගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවනෙ. ඉතින් ඒවටත් මොකක්හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනෙනෙ කර්මය අනුව. එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද
    ශ්‍රද්ධාව කියන්නෙ මෛත්‍රියට නෙමෙයි බං..
    ශ්‍රද්ධාව කියන්නෙ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන හිතේ ඇතිකරගන්න අචල විශ්වාසය කියල හඳුන්වන්න පුළුවන්..
    බුදු කෙනෙක් කල්ප අසන්ක්‍ය ගණනක් පාරමිතා පුරල ධර්මාවබෝධය ලබාගන්න එකට අමතරව ඒ බුදුහාමුදුරුවන්ගෙ පාරමිතා ශක්තිය මේ ලෝක ධාතුවෙ ශක්තියක් විදියට යම් කාලයක් පුරාවට පවතිනව.. ඉතිං ඒ වගේ පරම පුජනීය කෙනෙක් ගැන අවංක ශ්‍රද්ධාවක් ඇතිවෙන කෙනෙක්ට ලොකු පිනක් රැස්වෙනව.. ඒ විතරක් නෙමෙයි එතකොට ඒ බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය අහන්න පිළිපදින්න මේ කෙනාගෙ හිත ඉබේම සකස් වෙනව..
    ඒකයි ප්‍රතිපත්ති පූජා වගේම ආමිස පූජාත් කරන ඒක ධර්මාවබෝධයට අවශ්‍යයි කියල දේශනාවල තියෙන්නෙ..
    කවදාවත් නූතන විද්‍යාවෙන් බුද්ධ දේශනා ඇත්තද බොරුද කියල හිතන්න යන්න එපා.. බුද්ධ ධර්මය තුලින්ම සත්‍යය අවබෝධ කරගන්න උත්සාහ කරන්න.. මොකද බුද්ධ ධර්මය අර්ථකථනය කරන්න තරම් නූතන විද්‍යාව දියුණු නෑ සහ අපේ පෘතග්ජන මනස දියුණු නෑ.. ඒකයි බුද්ධ දේශනා වල තියන සමහර කරුණු ගැන අපිට සැක හිතෙන්නෙ.. :):)