බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    2600 සම්බුදධ ජයත්තිය සමරන මෙම වකවානුවේ මමත් හිතුවා අලුත් දෙයක් කරන්න... එක තමා "බුද්ධාගමේ උන්නතිය උදෙසා කටයුතු කල අන්‍යාගමිකයෝ" නමින් ත්‍රේඩ් එකක් පටන් අරන් ඔවුන්ගේ කෙටි විස්තරයක් පල කරන්න... ඡායාරූපයක්ද සහිතව.....

    උපතින් වෙනත් ආගමක සිට බුද්ධාගමේ උන්නතිය උදෙසා කටයුතු කලවුන් මෙහිදි අදහස් වෙයි.

    ඔබගේද දායකත්වය බලාපොරොත්තු වෙමි....
    බුදු සරණයි... !


    **බොහෝ දෙනාගේ අදහස් මත අන්තර්ගතය යම් පමනින් වෙනස් කරන ලදි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධනුක පීරිස් සහෝදරයට පින් ආගම් භේද නැති කරන හුයක් ඇමිණිම වෙනුවෙන්......

    sanddun, more>> සහ DjHiran සහෝදරයන්ට පින් නියම මහත්වරු විදියට අනොන්‍ය මත ගරු කරමින් කරපු අදහස් දැක්වීමට...මම දැකලා තියෙනවා මේකෙ විවාද කොහොමද කියලා........ඒ අතින් නුඹලා ශ්‍රේෂ්ඨයි මිත්‍රවරුනි..........
     
    • Like
    Reactions: danukapeiris

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Niyama wadak..... ++REP


    Graphic1.jpg
     

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    :yes: වචන ගැන යම අනවබෝධයකින් යතුරුලියනයේදී කළ සුළු වැරැද්දක් ඒක. මම කිව්වෙ නිවැරදිව දැම්ම නම් වඩා හොඳයි කියල විතරයි. ඒක එතැනින් ඉවරයි. Practical වෙන්න ඕනෙ නිසා තමයි වැරැද්ද ගැන දීර්ඝව විස්තර නොකර පෙන්නා දීමක් විතරක් කළේ ( ඒ මිත්‍රයා කරුණු ඇසූ නිසා විතරයි වැඩි දුර පැහැදිලි කළේ ). ඒ ජාතිවාදී කමකට හෝ ආගම්වාදී කමකට නොවෙයි. බුදු දහමත් බුද්ධාගමත් පටලාගත්තම සියල්ල practical වෙන්නෙ නැහැ. ඒක තව එක් වැරැද්දක් විතරයි ! ඒත් කොයිම විදියකින් හරි:confused: උඹේ සිත් රිදුන නම් ඉතින් සමා වෙන්න.
    Sorry i was just trying to prove a point..No offence taken :)
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ධනුක පීරිස් සහෝදරයට පින් ආගම් භේද නැති කරන හුයක් ඇමිණිම වෙනුවෙන්......

    sanddun, more>> සහ DjHiran සහෝදරයන්ට පින් නියම මහත්වරු විදියට අනොන්‍ය මත ගරු කරමින් කරපු අදහස් දැක්වීමට...මම දැකලා තියෙනවා මේකෙ විවාද කොහොමද කියලා........ඒ අතින් නුඹලා ශ්‍රේෂ්ඨයි මිත්‍රවරුනි..........

    thanks machan...
    (nice ID too... :lol::lol: )
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    යම්කිසි දෙයක් පෝෂණය වෙනවා කියන්නේ එකේ සංයුතිය හා හැඩතල වෙනස් වෙනව කියන එක .
    බොහෝ විට විශාල වෙනව. බුදුදහමට මේ ගොල්ලන්ගෙන් අලුත් මොනවත් එකතු උනේ නැහැනේ
    එහෙම එකතු වෙන්න හැකියාවකුත් නැහැ.


    නයි කයිද රෝස් පාන් කිව්වලු!

    බුදුදහමට විවිධාකාරයේ අර්ත දැක්වීම්, අටුවා සහ විවිධ සූත්‍ර ගැන කතිකා ආරම්භ කල හැම දෙනෙක්ම බුදු දහම පෝෂණය කල අය. ඒ වගේම සංස්කෘතික අතින් බෞද්ධ ගීතිකා, පන්සල්, විහාර, චිත්‍ර ආදිය නිර්මාණය කල අයත් බුදු දහම පෝෂණය කල අය. බුදුදහම පෝෂණය තමා හරි යෙදුම. බුදු දහම නෙවෙයි ඕනෑම දහමක් පවතින්නේ ඒකට එකඟ, ඒක පිලිගන්න "මිනිස්සු" ඉන්නකන්. ඒ නිසා "මිනිස්සුන්ගෙ" සංස්කෘතියට බුදු දහම බද්ධ කිරීම, මිනිස්සු තුල බුදු
    දහම ප්‍රචලිත වීම තමයි බුදු දහම පෝෂනය කියන්නේ. මිනිස්සුන්ගෙන් පරිබාහිරව පොත් රාක්ක වල බුදු දහම පවතින්නේ නැහැ.

    නාගර්ජුන ගේ අර්ත දැක්වීම , බුද්ධඝෝෂගේ කතිකාවත, මේව තමා අලුතින් කල විවරණයන්!
     
    • Like
    Reactions: danukapeiris

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම පුංචි කතාවක් කියන්නම්... විද්‍යාඥයො ක්වන්ටම් යාන්ත්‍රිකයට එක් එක් විවරණ ඉදිරිපත් කරන්නෙ ඔවුන්ට එහි ගණිතමය වශයෙන් ලැබෙන ප්‍රතිඵල තේරුම් ගන්න හෝ ඔවුන්ගෙම ආගණනයේ වැරදී ඇති තැනක් හොයාගන්න අපොහොසත් නිසා. ඒ කියන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකයෙ ප්‍රතිඵල නිරවුල්ව ඉදිරිපත් කරගන්න ඔවුන්ටම තවමත් නොහැකි වෙලා නිසා. වෙනත් වචන වලින් කියනව නම් "ඔවුන්ට තවමත් ක්වන්ටම් යාන්ත්‍රිකය දිරවන්නෙ නැති නිසා".

    බුදු දහමට අලුතින් විවරණ ( interpretations ) ඕනෙ වෙන්නෙ බුදු රදුන් බුදු දහම ලෝකයට නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණා නම් නෙ. බුදු දහම හුදු භක්තිය නිසා පිලිගන්න නම් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. එහෙම පිලිගත් පලියට බුදු දහමෙ හරය අවබෝධ වෙන්නෙ නැහැ. සිත ධ්‍යානගත කරල වත් නැති නම් බුදු දහමෙ ප්‍රායෝගිකත්වය ගැන ඔබට අබමල් රේණුවක තරම් වත් වැටහීමක් තියෙන්න විදියක් නැහැ. මම දන්න තරමින් බුදු දහම කියන්නෙ පොත පතින් ඉගන ගන්න අවශ්‍ය "විෂයක්" නොවෙයි. අද වෙලා තියන්නෙ නිර්වාණය ගැන කිව්වම ඒක ස්වර්ගය නැත්නම් දිව්‍ය ලෝකෙ වගේ එකක් කියල හිතාගන්නවා. නැත්නම් බුදු දහම කියන්නෙ පන්සිල්, දසසිල් වගේ දේවල් කියල හිතාගන්නවා. නැත්නම් පින් එක් රැස් කිරීම කියල හිතාගන්නවා. බුදු දහම අවබෝධ කිරීම කියන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමය කිව්වම අර බුද්ධ ධර්මය පෙළ පොතේ තියන පාඩම අවබෝධ කරගත්තම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වුණා කියල හිතාගන්නවා. අපේ මිනිස්සු කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ගැන පෙළ පොතෙන් ඉගන ගත්තම අරිහත් කියල හිතාගන්නවා, නැත්නම් මාර්ගඵල කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට ලඟා වෙන්න බැරි තැන් කියල හිතාගන්නවා. එහෙම කරල බුදු දහම විකෘති ස්වරූප වලින් ලෝකයට ඉදිරිපත් කළාම ඒකෙන් බුදු දහම පෝෂණය වෙලා කියල හිතාගන්නවා. බුදු දහම ගැන දැනුම කොයි තරම් තිබුණත් වැඩක් නැහැ මිත්‍රයා ඒ දහම අවබෝධ කරල නැත්නම්. ඒ කියන්නෙ අඩුම තරමින් පළමු වන මාර්ග ඵල සමාපත්තිය ලබා නැත්නම්. මම මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිතයි මම බුදු දහම විකෘති කරන්න හදන රාක්ෂයෙක් කියලා. ඒක අද අපේ බොහෝ දෙනගෙ මනස් හැඩ ගස්සලා තියන හැටි. බුදු දහම කියන්නෙ නිවනට යන පාර කියන එක දැන් නිකන් "බණ" කතාවක් වෙලා. නිවන කිව්වම "සාදු සාදු සාදු...." කියල දොහොත් මුදුන් දීල වඳින පිරිසක් ඉන්නෙ. ඔවුන්ගෙ මනස් හැඩගස්සලා තියන්නෙ බුදු දහම ප්‍රායෝගික දහමක් කියන කාරණේ ඉස්මතු නොවන විදියට. ඔවුන් දකින්නෙ ලෞඛික ආගමක් විතරයි. දහම අවබෝධ කරගන්නෙ නැහැ. ඒත් බුදු දහම තවමත් යටපත් වෙලා නැහැ. ලෝකය අවබෝධ කරන්න මෛත්‍රී බුදුන් පහළ වන තුරු බලා ඉන්න අය කී දෙනෙක් නම් ඉන්නවා ඇති ද.... කය කියන්නෙ මොකක් ද, සිත කියන්නෙ මොකක් ද, විඳීම ඇති වන්නෙ කොහොමද,... මේව තමා තුලින්ම දැක ගන්න පුළුවන් ප්‍රයෝගය තමයි බුදු දහම කියන්නෙ. ඒ බව මොවුන් දන්නෙ නැහැ. කෙනෙක් තමන් ධර්මාචාර්ය නම් "ෆීල්ඩ් එකේ පොරක්" කියල හිතාගන්නවා. ඒත් සෝතාපන්න මාර්ග ඵලය අවබෝධ කරලත් නැහැ. එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් බව දන්නෙත් නැහැ. පොතේ දැනුමෙන් බුද්ධ දර්ශනය අවබෝධ කරන්න බැහැ මිත්‍රයා, එහෙම පුළුවන් කියල හ්තාගෙන ඉන්නව නම් ඒක විහිළුවක්. සමහරු කියනවා බුදු රදුන් ජීවමානව නැති නිසා දැන් කාටවත් මාර්ග ඵල අවබෝධ කරන්න බැහැ ලු. මම "බුදු දහම තවමත් යටපත් වෙලා නැහැ, ඵල ලබාගන්න මාර්ගය තවමත් තියනවා" කියල කී සැරයක් මේ එළකිරියේ කියා ඇත් ද... ඒත් අද වෙනකල් ඒ ගැන උනන්දු වෙලා මගෙන් වැඩි දුර තොරතුරු ඉල්ලුවේ එකම එක මිත්‍රයෙක් විතරයි. බුදු දහමෙ පිටින් ඇති පොත්තට රැවටිලා දැනුමට හිර වෙලා තර්ක විතර්ක කළාට වැඩක් නැහැ. තවත් අතරමං වූවෙක් විතරයි ඔහු. අනෙක් අයට වඩා දැනුම තියන නිසා තමන්ගෙ දැනුම පෙන්නලා කීයක් හරි ( කීර්තිය ) උපයාගන්න හදන කෙනෙක් ඔහු. සැබෑ දහම් අවබෝධය ලබා ඇති හෝ ඒ මාර්ගයට පිළිපන් කෙනෙක්ට පමණයි ඔහුගෙ නිරුවත පෙනෙන්නෙ.