බුදු දහම සජීවී, ඒත් අපි?

hpalpola

Well-known member
  • බුදු දහම සජීවී, ඒත් අපි?

    බුදු දහමේ එක් ගුණයක් වන්නේ එහි ඇති අකාලික ගුණයයි. ඕනෑම කලක දී ධර්මයෙන් ඵල ලබා ගත හැක. නමුත් ඒ සඳහා ධර්මයට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතු වේ. එසේ නොවන්නට එහි ඇති රසය විඳිය නොහැක. බුදුරජාණන්වහන්සේ තමුන්ගේ ගුරු තනතුරේ පිහිටුවා ගත්තේ ධර්මයය. ධර්මය එතරම් උතුම් වේ.

    පළමු ධර්ම දේශනාවේදී බුදුරජාණන්වහන්සේ මිනිසා විඳිනා දුක සහ ඒ දුකට හේතුව, දුක නැති කළ හැකි ආකාරය, ඊට මාර්ගය විස්තර කළ සේක. ඒ අනුව දුකට හේතුව බුදුරජාණන්වහන්සේට අනුව තණ්හාව වේ. තණ්හාව නැති කිරීම ගැන ත්‍රිපිටකයේ ඕනෑ තරම් දේශනා ඇත. සැපක් විඳීමට අවශ්‍ය නම් තණ්හාව ක්ෂය කළ යුතු බව ඒ සියල්ලේම සාරාංශය වේ. ඒ තුළදී අපට හමුවන ප්‍රසිද්ධ ගාථාවක් ඇත.

    තණ්හාය ජායතී ශෝකෝ
    තණ්හාය ජායතී භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි ශෝකෝ කුතෝ බයං

    තණ්හාව ශෝකය ඇති කරයි. තණ්හාව බිය ඇති කරයි. තණ්හාව නැති තැන ශෝකය ද බිය ද නැත.

    ඔබම මේ ගාථාව කෙතරම් නම් අසන්නට ඇත් ද? එහෙත් මදක් හැරී බලන්න. ඔබට ශෝකය දැනුන බිය දැනුන අවසන් අවස්ථාව මතක් කර ගන්න. ඒ කුමන අවස්ථාවකදී ද? ඔබෙන් ම අසා ගන්න. හිතන්න, ඒ අවස්ථාවලදී මේ ගාථාව ඔබගේ මතකයට පැමිණුනා ද කියා. එසේ මතක් වූවා නම් අවස්ථා කීපයකට වඩා ඔබට ශෝකය, බිය මේ ජීවිතයේදී නම් ඇති වන්නේ නැත. එසේ වන්නේ නම් බුද්ධ ධර්මය අසත්‍යයකි. මේ ගාථාව සිහිපත් වන ඔබට ආර්යාෂ්ටාංගික මාර්ගය ද ඒ සමඟ සිහි වේ. එය එසේ නොවන්නේ නම් එය ධර්මයේ අඩුපාඩුවක් නොව ඔබගේ අඩුපාඩුවකි.

    හිතන්න. ධර්මය ඇසීමට හෝ කියැවීමට පමණක් නොවේ. එය අසා හිත්හි දරාගෙන ඒ අනුව කටයුතු කිරීමටත් ය. එසේ නොවන්නට ධර්මයේ ඇති අකාලික ගුණය විඳීමට නොහැක. නමුත් අත නොසොලවා කෑම බලාපොරොත්තු වන බහුතරයක් දෙනා ධර්මය ඇසීම කියැවීම පමණක් කිරීමෙන් අකාලික ගුණය විඳීමට යෑම නිසාවෙන් ධර්මයට අපහාස ද සිදු කරන අයුරු දක්නට ලැබේ. බුදු දහම සජීවී, ඒත් අපි කියා සටහන ඇරඹුවේ එහෙයිනි.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සිරි ලංකාව

    මේක තමයි හොදම උදාහරනෙ අහගෙන විතරක් ඉදල මදි ඒව ක්‍රියාවට නංවන්න ඕනෙ කියන දේට
    ඇහුවොත් ඇති පලෝ කරන්නෙ බෞද්ධ ධර්සනේ
    ඒත් හිතේ කුහකකම ඊර්සියාව බලුකම බේරෙනව. පන්සලේ සිල් ගන්න ගිය ආච්චිගෙ මූණෙ තියෙන මූසලකම බලන්න. ඒ මූසලකම වෛරය ඒ කෙනාගෙ ගෙදර සේරටම තියෙනව.
    කිසිම වැඩක් කරන්න කැමති නෑ. නිකන් ඉදල කන්න හරිම ආසයි. මේ රටට කවදාකවත් ආධ්‍යාත්මික වසයෙන් හෝ භෞතික වසයෙන් ආය දියුණු වෙන්නේ නෑ.
    පන්සලේ හාමුදුරුවන්ගෙ ඉදල තියෙන්නේ වෛරය
    රට ආගම රැකගන්න තමයි හාමුදුරුවන්ගෙ කතාව...... සියල්ල අනිත්‍ය මේ ලෝකේ රට ආගම ජාතිය විතරක් ඉතුරු වෙන්නෙ කොහොමද? සත්‍ය බෞද්ධ ධර්ශනයනං නැති වෙන්නෙ නෑ. ඇත්ත නැති කරන්න බෑනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    තණ්හාය ජායතී ශෝකෝ මේ බණ පදය නාකි මයිනා උගේ අවුරුදු 77ක ජීවිත කාලේ කීපාරක් නම් අහලාඇද්ද? මහා ලොකු හිංගල බවුද්ද නායකයා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආගම ජාතිය ලෝකෙට පෙන්නන උන් තමයි ලෝක තක්කඩි.
    හොඳම උදාහරණය මහින්ද
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදු දහම සජීවී, ඒත් අපි?

    බුදු දහමේ එක් ගුණයක් වන්නේ එහි ඇති අකාලික ගුණයයි. ඕනෑම කලක දී ධර්මයෙන් ඵල ලබා ගත හැක. නමුත් ඒ සඳහා ධර්මයට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතු වේ. එසේ නොවන්නට එහි ඇති රසය විඳිය නොහැක. බුදුරජාණන්වහන්සේ තමුන්ගේ ගුරු තනතුරේ පිහිටුවා ගත්තේ ධර්මයය. ධර්මය එතරම් උතුම් වේ.

    පළමු ධර්ම දේශනාවේදී බුදුරජාණන්වහන්සේ මිනිසා විඳිනා දුක සහ ඒ දුකට හේතුව, දුක නැති කළ හැකි ආකාරය, ඊට මාර්ගය විස්තර කළ සේක. ඒ අනුව දුකට හේතුව බුදුරජාණන්වහන්සේට අනුව තණ්හාව වේ. තණ්හාව නැති කිරීම ගැන ත්‍රිපිටකයේ ඕනෑ තරම් දේශනා ඇත. සැපක් විඳීමට අවශ්‍ය නම් තණ්හාව ක්ෂය කළ යුතු බව ඒ සියල්ලේම සාරාංශය වේ. ඒ තුළදී අපට හමුවන ප්‍රසිද්ධ ගාථාවක් ඇත.

    තණ්හාය ජායතී ශෝකෝ
    තණ්හාය ජායතී භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි ශෝකෝ කුතෝ බයං

    තණ්හාව ශෝකය ඇති කරයි. තණ්හාව බිය ඇති කරයි. තණ්හාව නැති තැන ශෝකය ද බිය ද නැත.

    ඔබම මේ ගාථාව කෙතරම් නම් අසන්නට ඇත් ද? එහෙත් මදක් හැරී බලන්න. ඔබට ශෝකය දැනුන බිය දැනුන අවසන් අවස්ථාව මතක් කර ගන්න. ඒ කුමන අවස්ථාවකදී ද? ඔබෙන් ම අසා ගන්න. හිතන්න, ඒ අවස්ථාවලදී මේ ගාථාව ඔබගේ මතකයට පැමිණුනා ද කියා. එසේ මතක් වූවා නම් අවස්ථා කීපයකට වඩා ඔබට ශෝකය, බිය මේ ජීවිතයේදී නම් ඇති වන්නේ නැත. එසේ වන්නේ නම් බුද්ධ ධර්මය අසත්‍යයකි. මේ ගාථාව සිහිපත් වන ඔබට ආර්යාෂ්ටාංගික මාර්ගය ද ඒ සමඟ සිහි වේ. එය එසේ නොවන්නේ නම් එය ධර්මයේ අඩුපාඩුවක් නොව ඔබගේ අඩුපාඩුවකි.

    හිතන්න. ධර්මය ඇසීමට හෝ කියැවීමට පමණක් නොවේ. එය අසා හිත්හි දරාගෙන ඒ අනුව කටයුතු කිරීමටත් ය. එසේ නොවන්නට ධර්මයේ ඇති අකාලික ගුණය විඳීමට නොහැක. නමුත් අත නොසොලවා කෑම බලාපොරොත්තු වන බහුතරයක් දෙනා ධර්මය ඇසීම කියැවීම පමණක් කිරීමෙන් අකාලික ගුණය විඳීමට යෑම නිසාවෙන් ධර්මයට අපහාස ද සිදු කරන අයුරු දක්නට ලැබේ. බුදු දහම සජීවී, ඒත් අපි කියා සටහන ඇරඹුවේ එහෙයිනි.

    ඇත්ත🙏

    යමෙක් බුදුන් කී "දුක" දැක ඇති නම් ඔහු දුකට හේතුව වන "තණ්හාව" පිරිසිඳ දැකලා තියෙන්න ඕනෙ. නමුත් අපි හැසිරෙන්නෙ එහෙම නෙමෙයිනෙ. ඔන්න අපිට දැන් දුකක් එනවා, මම හිතන්නෙ ඒක, පරිසරය නිසා ඇතිවුන දුකක්, පාලකයො නිසා ඇති වුන දුකක්, සමාජය නිසා ඇතිවුන දුකක්, දරුවො නිසා ඇතිවුන දුකක්, දෙමව්පියො නිසා ඇතිවුන දුකක් යනාදී විදිහට. ඉහත කාරණා ගිහි ජීවිතයෙදි යම් දුරකට සත්‍ය උනාට ආර්යවිනයේදි දුකේ මූලිකම හේතුව "තණ්හාවයි" කියලා බුදුන් කියනවා.

    උදාහරණයක් ගත්තොත් උඩ එස්ටී ඒශියාට, සමහරවිට "ලෝකෙට පෙන්නන ආගම් කාරයෝ" තමා එයාගෙ දුකට හේතුව කියලා හිතෙනවා ඇති. නමුත් බුදුන්ට අනුව ඇත්තටම දුක තිබිලා තියෙන්නෙ ඔහු තුලමයි, ඔහු තුල ක්ෂය නොවූ, නැවත නැවත භවය සකස් කරන ඒ ඒ තැන තැන පැනැ පැන සතුටුවන තණ්හාව තුලිනුයි දුක් හට ගෙන තිබෙන්නෙ. සමහරවිට "ලෝකෙට පෙන්නන ආගම්කාරයෝ" ලොකෙන් තුරන් කරොත් දුක නැතිවෙයි කියලා එස්ටී ඒශියා හිතනවා ඇති. ඉතින් ඒ දෙක තමා එස්ටීඒශියා හොයාගත්ත දුක්ඛ සමුදය සත්‍යය සහ දුක්ඛ නිරෝධ සත්‍ය. එස්ටී ඒශියාගෙ මාර්ග සත්‍ය ගැන මම කියන්න අවශ්‍ය නැහැනෙ. ඉතින් ඒ මතයේම පැලපදියම් උනොත්, එස්ටී ඒශියාට ඔය ගාථාව තේරුම්ගන්නවත් බැහැ.

    නමුත් බුද්ධ වචනය පිලිගන්න, බුදුන් දේශනා කරන චතුරාර්‍ය සත්‍ය ශ්‍රද්ධාවෙන් පිලිගන්න, ඉහත ගාථාව අහලා ඒක ඇත්ත වෙන්න ඇති කියලා හිතන අපිටත් ඇයි දුක සහ භය ඇතිවෙන්නෙ. ආන්න එතනදි තමා මමත් දරාගැනීම දකින්නෙ. ධර්මය දරාගන්න නම් ධර්මය ප්‍රගුණ කරන්න ඕනෙ. බුදුන් කියපු දුක ඇතුලත් චතුරාර්‍ය සත්‍ය පිරිසිඳ දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නම ඕනෙ. ඉගෙන ගැනීම තුලින් යම් අදහසක් ලැබුනත් (ජානාතී) අවබෝධය (පජානාතී) ලැබෙන්නෙ ප්‍රගුණ කිරීමෙන්. මාර්ගය දැනගැනීම එකක් මාර්ගයේ ගමන් කිරිම තවත් එකක්.

    හැමදාම වගේම ප්‍රයෝජනවත් ලිපියක් 🙏
     
    Last edited: