බුදුන්ගේ අනුගාමිකයින් මෙන්ම මා හිතවත් බොහෝ මිත්‍ර පිරිස් අරබයා ජෝතිර් වේදය පිළිබද වැඩි නැබුරුවක් මෙන්ම ඒ පිළිබද දැඩි විස්වාසයකින් සිටින බව මා ඉමහත් සේ දන්නා කරුණකි.එමෙන්ම ඒ සදහා විශාල වශයෙන් මුදල්ද වියපැහැදම් කල පිරිස්ද බොහෝය.එය කරන කොට ගනිමින් මෙවැනි ලිපියක් එලකිරියට එක් කිරීමට උත්සුක වූ බව කිව යුතුය.
ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නොමනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ. බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහි ඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.
ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය. “නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ ති” අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය. මෙහි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත. එසේ බුද්ධ දේශනාව තිබියදී ත්, අප හා තර්ක කරමින් ජ්‍යෝතිෂ්‍ය නිවැරදි ය, බුදුදහම සමග ගැලපේය ආදී ලෙසින් කියන පිරිසක් ද සිටින බව කිව යුතු ය.මෙය තවදුරටත්පැහැදිලි වීමට උදාහරණයක් ඉදිරිපත් කරමි. අපි මේ විදියට හිතමු. ලග්න 12ක් තියෙනවා. පත්තරවල දවස ගානේ ලග්න ඵලාඵල දමනවා. ලෝකයේ ඉන්න හැම මනුස්සයම ඔය ලග්න 1/12 ට අයිති වෙනවා. එක ලග්නයක් ගනිමු. දැන් ලෝකයේ මිනිස්සු බිලියන 7න් අඩුම ගානේ මිලියන 500ක් වත් ඔය ලග්නයේ ඇති. කියන දේවල් ඔය මිලියන 500ට ම සාධාරණ වෙනවා ද? කියලා හිතලා බලන්න. ඔය දවස බොහොම සුබයි කියලා තියෙනවා කියලා හිතමු. ඔය දවසට මිලියන 500 ලක්ෂ කීයක් මැරෙනවා ද? ලක්ෂ කීයක් ලෙඩවෙනවාද? එහෙම වෙන්නේ දවස සුබ නිසා ද? නැත්නම් තමන් ගේ කර්මය අනුව ද? හිතලා බලන්න. බොහෝ විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් “ඔබ වෙනදට වඩා මහන්සි වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක වෙනවා” කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න. සත්වයා කර්මය ම ඇසුරුකොට කර්මය ම ආහාරකොට ඇති බව ත් බුද්ධ දේශනාවේ සඳහන්. ඊට අමතර ව උතු, බීජ ආදී නියාමයන් බලපාන බවත් දේශනා කර ඇත. ඊට ත් අමතර ව ඔය කියන ජෝතිෂ්‍යය, අත්ලේ රේකා, තාරකා මිනිස්සුන් ගේ කර්මයට බලපාන බව සඳහන් වෙන්නේ කොතන ද..? ඔබ මේ පිළිබද දක්වන්නා වූ අදහස කවරේද?

Last edited: