බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුද&#354

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුද&#354

මට අපූරු කතාවක් හම්බ උනා...ටිකක් අමුතු කතාවක් වගෙ දැනුන හින්දා කියවලා බැලුවා. ඔයාලත් කියවලා බලන්න...මේක උපුටා ගත්තෙ මෙන්න මෙතනින්

http://mihisara.net/achchaaru/


අකෝන් නිසා මේ දවස් වල මාර කලබල. අපේ බ්ලොග් කට්ටියත් හෝ ගාල ලියනව. ඔය අස්සෙ ඉතින් මටත් මේ ගැන ලියන්න හිතුන. ඊට කලින් මම ගියා අපේ මංත්‍රී හාමුදුරු කෙනෙක්ගෙන් මේ ගැන අදහස් දැන ගන්න. යනකොට හාමුදුරුවෝ දවල් දානෙ වලඳලා බුලත් විකක් හප හප ඉන්නව.
“ආ මේ අපේ හීරලු ලමයනෙ. කාලෙකින් මේ පැත්තෙ. මම හිතන්නෙ අව්රුදු 3 කින් විතර මේ එන්නෙ නේද ?”
“එහෙයි අපෙ හාමුදුරුවනේ. කැම්පස් යනවනෙ.”
මම ඉතින් හාමුදුරුවන්ට පහුගිය අවුරුදු තුනක ෆ්ලෑෂ් බැක් එක දුන්න. සමන් කොලුවත් ඇවිත් පැත්තකින් ඇන තියාගෙන අහන් ඉන්නව. කතාව මම හිමින් සැරේ අකොන් දිහාට හැරෙව්ව.
“ඔය ඔලුව TV එකට ගහල මදි ලමයො. ඕකුන්ව රටෙන්ම පන්නන්න ඕනෙ.”
“ඒ මොකද හාමුදුරුවනේ ?”
“ඇයි දැක්කෙ නැද්ද අර සින්දුව. ඔය වගේ සක්කිලින්ව ගෙන්නන එකම මදිද ? බුදු හාමුදුරුවන්ගේ පිලිමෙ ඉස්සරහ අර චින්චි මානවිකාවක් නටවන්නෙ. ඕකුන්ට ඔය කලා මදි.”
මගේ හිතට මම කියවපු දේවල් ගලාගෙන එනව. …….
නහී වේරේන වේරානි……. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා……වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ……..යමෙක් කියතකින් තම අත්පා කපා දමද්දී උව ඉවසීම නැතිකර ගත්තොත් ඔහු ධර්මය සැබෑ ලෙස පිලිපදින්නෙක් නොවේ………
අනේ දෙයියනේ මේ මංත්‍රී හාමුදුරුවෝ කියන එක බුද්ධාගමනම් මම මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නෙ නිඝන්ඨාගම වෙන්න ඇති. අපරාදේ මගේ මහන්සිය.
හාමුදුරුවෝ දිගටම කියවනවා.
“බුදු හාමුදුරුවන්ගේ පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පව්ද හාමුදුරුවනේ ?” සමන් කොලුවටත් ප්‍රශ්නයක්.
“නැත්නම්. ඒක කොච්චර අගෞරවයක්ද ?”
සමන් කොලුවා හිමින්ම නැගිටල යන්න ගියා. ටික වෙලාවකින් විහාර ගේ පැත්තෙන් බිත්තියක් කඩනවා වගේ සද්දයක් එනව. අපි දුවගෙන ගියා මොකද්ද වෙන්නෙ කියල බලන්න.
හත් ඉලව්වයි. සමන් කොලුව ගල් ඉන්නක් අරගෙන විහාර ගෙයි පිලිම බිඳිනව.
“තොට අමු කැවිලද බූරුවෝ… මොනාද මේ කරන්නෙ ?”
“ඇයි හාමුදුරුවොනෙ කිව්වෙ බුදු හාමුදුරුවෝ ඉස්සරහ ගැඅණු නටන එක පව් කියල”
“ඉතින් ?”
“බලන්න අපෙ හාමුදුරුවනේ මේ මාර දූතිකාවෝ තුන්දෙනා බුදු ගේ ඇතුලෙ මම හිතන්නෙ දැන් අවුරුදු 30 -40 තිස්සෙ නටනව. කොච්චර පව්ද ඒ නිසා මම හිතුව මේක කඩල දාන්න. ”
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපේ අයත් හොයන්නෙ බලන්නෙ නැතිව හැගීම් වලට වහල් වෙලා වැඩ කරනවා නෙ..ඒකනෙ අවුල...
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
දැන් බලනකොට එකෝන් එනවාට විරුද්ද වෙව්ව එකෙක්වත් නැ දැන්ද බුද්ධාගම මතක් උනේ
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මංත්‍රී හාමුදුරුවො සමන් කොලුවට වෙඩිතියයිද දන්නෙ නැහැ :P
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අනේ පව්!!! අවුරුදු 2500 කටත් වඩා පැරණි බුදු දහමත්, දහම ගැන හරි හැටි අවබෝධයක් නැති අපේ මේ හාමුදුරුවරුත් නිසා වන විනාශය.