රහත් වුණොත් ගිහියෙක් ජීවත් වෙන්නේ දවස් 7යš
සෝවාන් වුණොත් ගිහියෙක් උපදින්නේ ආත්ම 7යි රහත් වුණොත් ගිහියෙක් ජීවත් වෙන්නේ දවස් 7යි
අටවක සඳ බැසගෙන යන දවසක හවස අපි පැල්මඬුල්ලට ගියේ ගොඩක් තෙහෙට්ටු වෙලා... මට කුට්ටපිටිය පන්සලේ සුමනරංසි හාමුදුරුවන්ව හඳුන්වලා දුන්නු පැල්මඬුල්ලේ මගේ හිතවතා අසනීප වෙලා එදා... උන්නාන්සේ එක්ක කතාවට එදා යන්න වුණේ මට තනියම... වෙනදා වගේම ඒ සොබාදහමේ අරුමෝසම් පාරේ අපේ වාහනේ ගමනේ...
මේ පාර නම් අන්තිම සවුත්තුයි නේද අනුරාධ මහත්තයා...
මොනවා කියනවද පියරත්න... මීට වැඩිය අමාරු පාරක ගියා මතකද අපි සිරිපාදේ සීරිස් එක ලියද්දි... වාහනේ අගලකට ගියේ... දෙවියෝ ඇවිත් වගේ හෙලට නොගිහින් කන්ද පැත්තට ඇලවෙච්ච හැටි...
රාමසාමි මහත්තයාලගේ ගෙදරින් කෑවේ... කොහේද ඒ... මුක්කුවත්ත...
මාරයි නේද පියරත්න... සිරිපාදේ කියන්නේ රහස් පිරිච්ච ගුප්ත තැනක්...
මතක සයුරක ගිලෙන්න ගිය මගේ හිත එක පාරටම තිගැස්සිලා ඇහැරුණේ වේගයෙන් ඉස්සරහට ආව තේ දලු පටවගත්ත ලොරියක් හින්දා... අසීරුවෙන් වාහන දෙක එහෙට මෙහෙට කර ගත්ත අපි පන්සලට ගියා...
ඉතින් හාමුදුරුවනේ...
ඔව් එදා අපි කතා කළේ භික්ෂුවකගේ කාමුක සිතුවිලි ගැන...
ඇත්තටම හාමුදුරුවනේ අර සිල් පදෙන් රැකෙන බව කියන්නේ ස්ත්‍රී පාර්ශ්වයත් සමඟ කෙරෙන ලිංගික බැඳීමක්නේ...
ඔව්...
එතකොට හාමුදුරුවනේ ස්ත්‍රීන් හැර සමලිංගිකයන් සමඟ කාමයෙහි හැසිරීම...
වැරැද්දක් තියෙනවානේ... ඇයි නැත්තේ... මහත්තයා අහන ප්‍රශ්නේ මට තේරෙනවා... ඕනෑම ස්ත්‍රීන් හෝ පුරුෂයන් පමණක් ඉන්න තැනක ඒක ස්වාභාවිකව වෙනවා... ඒ වගේ මේ දේ ගැන බුදු දහමේ විතරයි සඳහන් වෙන්නේ... ඒක හැබැයි පාරාජිකාවක් නෙවෙයි... හැබැයි ඒක සංඝාධිශේෂයක්... ඒ කියන්නේ තමන්ගේ වැරැද්ද ගැන මාන්නතක් පුරලා නැවත පිරිසුදු භික්ෂුවක් වෙන්න පුළුවන්...
ඒ කියන්නේ හාමුදුරුවනේ බුදු දහමේ හරය රකින භික්ෂුවකගේ පළමුවැනි බැරියර් එක කාම මිථ්‍යාචාරය...
නෑ... නෑ... පළමුවැනි එක මිනිසෙක් මැරීම... මනුෂ්‍ය ඝාතනයයි පළමුවැනි එක... මනුසය විද්දං... ඒකේ චූල ශීලය තමයි පාණාතිපාතා කියන්නේ... පර පණ නැසීම... දෙවැනි එක අඨාටදිදාන... අන්සතු දෙයක් ගැනීම... තුන්වැනි එක තමයි කාම මිථ්‍යාචාරය... මෛථුන්‍ය ධම්ම... ඒකටම කියන නමක්... හතරවැනි එක තමයි උත්තර මනුස්සත් ධර්ම... බොරු කීම...
අපේ හාමුදුරුවනේ පළමුවැනි සිල් පදෙත්, දෙවැනි එකත්, හතරවැනි එකත් නවත්ත ගන්න පුළුවන් ශරීරයක් විදියට... ඒ වුණාට තුන්වැනි එක අමාරුයි නේද... මං අහන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන්...
අන්න ඒක තමයි මහත්තයෝ කියන්නේ... කමටහන් වැඩීම... සිත පාලනය කර ගැනීම... සිතෙන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ... අමාරුයි... තෙවැනි සිල් පදය නොකඩමි කියලා කියනකොට... ඔය පොත් වගයක් තියෙනවා ටිකක් පරණ... පිච්ච මල එහෙම කියලා... ඒ හාමුදුරුවෝ හැම දෙයක්ම කළා... හොරකම් කළා... බොරු කිව්වා... ඒ හැම දේම කරන්න වුණේ තුන්වැනි සිල් පදය බින්ද හින්දා... අන්තිමට ඇල්ලකින් පැනලා මැරුණා... ඒ කියන්නේ පළමුවැනි සිල් පදයත් ඉවරයි... තමන්ගේ පණ තමන්ම නැති කර ගැනීම...
ඒකත් අර වගේම අවැඩක්...
තමන්ගේ පණ තමන්ම නැති කර ගන්නවා කියන්නේ ආයිත් මිනිස් ආත්මයක් නෑ කියන එක... කොහොමටවත් නෑ...
පැවිදි වෙලා ඉන්න කෙනෙක්ටද හාමුදුරුවනේ...
නෑ... ගිහියෙක්ට වුණත් එහෙමයි... තමන්ගේ පණ තමන් නැති කර ගන්නවා කියන්නේ නැවත කවදාවත් මිනිස් ආත්මයක් නෑ කියන එක...
හාමුදුරුවනේ එතකොට අර අපි මුලින් කතා කළ සංගායනාවකට එකතු වුණෙත් සංඝයා වහන්සේ රාශියක්... ඒ අය අතරේ ඔය සිල් පද හතරම රැක ගත්ත සිල්වත් හිමිවරු ඉන්නවද...
මහත්තයා හිතන්නේ සිල්වත් හාමුදුරුවරු ගැනනේ... ඒ වුණාට අදත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා මහත්තයා විශ්වාස කරන්නේ නැද්ද...
මං හිතනවා ඉන්නවා ඇති කියලා...
අන්න ඒ වගේ සිල්වත් හාමුදුරුවරුත් ඉන්නවා... අනන්තව ඉන්නවා... අදටත් ඉන්නවා... පුදුම ශික්ෂණයක් තියෙන මහ නාහිමිවරු ඉන්නවා... තරුණ භික්ෂුන් ඉන්නවා... පුංචි සාමණේර හිමිවරු ඉන්නවා... අල්පේච්ච ජීවිතේ ගෙවන හොඳ හිමිවරු ඉන්නවා...
ශික්ෂාවක් එහෙම නැත්නම් නීතියක් පනවලා කරන්න පුළුවන්ද භික්ෂුවක්ව යහපත් අරමුණකට...
බෑ... බෑ... බුදුහාමුදුරුවෝ නීති පනවලා නෑ... විනය ශික්ෂා තියෙනවා... මේක කළොත් මෙන්න මේක සිද්ධ වෙනවා... තමන්මයි තමන්ගේ දුක හදාගන්නේ... බුදු කෙනෙක්ටවත් තව කෙනෙක්ව රහත් කරවන්න බෑ... පාර, මාර්ගය කියලා දෙන්න විතරයි පුළුවන්... දැන් හමුදාවක නම් අණක් තියෙනවා... ඉහළ තනතුරු දරන නිලධාරීන්ට පහළ තනතුරු දරන අය ගරු කරන්න ඕනේ...
එතකොට බුදු දහමේ...
මේකෙ තියෙන්නේ වැඳ වැටීමක්... මට ඕනේ නම් මහ නාහිමියන්ට වඳින්නෙ නැතිව ඉන්න පුළුවන්... උන්නාන්සේ මට කියන්නේ නෑ වඳින්න කියලා... නමුත් අපට භික්ෂු ජීවිතයකදී සාමණේර කාලේ ඉඳලා පුරුදු පුහුණු වෙන ශික්ෂණයක් තියෙනවා... තමන්ට වඩා වැඩි මහලු හාමුදුරු නමක් දැක්කත් නිකම්ම ඔළුව පාත් වෙන එක ඉබේ වෙන දෙයක්... ඒකේ ඇතුළේ තියෙන්නේ සුහදත්වය... සුවපත් වේවා කියන්නේ...
රහතන් වහන්සේ නමකටත් එහෙමද...
ඔව්... අපි හිතමු ඊයේ රහත් වුණා කියලා හාමුදුරු නමක්... ඒත් උන්වහන්සේ ඊට වැඩිය වැඩිමහලු හාමුදුරුවන්ට ඉස්සරහ දෙන්න ඕනේ... ඒකට කියන්නේ පටිපාටිය කියලා... දැන් බලන්න සංඝරක්ඛිත හාමුදුරුවන්ගේ කතාව... ලොකු හාමුදුරුවෝ එක්ක පිණ්ඩපාතෙට වඩින ගමන් කල්පනා කර කර යනවා... උන්නාන්සේට හිතෙනවා දැන් ඇති මේ සිවුරේ හිටියා... දැන් මේක අත් ඇරලා යන්න ඕනේ... එහෙම ගිහින් ගෑනු කෙනෙක් ගන්නවා... දරුවෙක් හදනවා... ඊට පස්සේ කරත්තයක් ගන්නවා... ඒකෙ දැන් මං යනවා නැඟලා... එහෙම යනකොට බිරියට දරුවාව අල්ලගන්න බැරුව දරුවා වැටෙනවා කරත්තේ පල්ලට... එතකොට මං කෙවිටෙන් ගහනවා මෙන්න මෙහෙම කියලා පාත්තරෙන් ගහනවා ඉස්සරහ යන ලොකු හාමුදුරුවන්ට... හිත... කොච්චර ඉක්මනට මනුස්සයාව රාග සිතිවිලිවලින් පිරෙව්වද...
සිතිවිලි කියන්නේ හරි ඉක්මන්...
ඇයි අර තව කතාවක් තියෙන්නේ... පොඩි හාමුදුරුවෝ රහත් වෙලා... ලොකු හාමුදුරුවෝ දන්නේ නෑ... මේ දෙන්න බුදුහාමුදුරුවෝ දකින්න එද්දි ගඟක් ළඟ ගෑනු කෙනෙක් ගඟෙන් එගොඩ වෙන්න බැරුව ඉන්නවා... පොඩි හාමුදුරුවෝ මේ ගෑනු කෙනාව කර තියාගෙන එගොඩට ගේනවා... ලොකු හාමුදුරුවෝ පුපුර පුපුර ගිහින් බුදුහාමුදුරුවන්ට මේ වෙච්ච දේ ගැන කියනවා... බුදු හාමුදුරුවෝ ඒ ගැන අර පොඩි රහත් හිමියන්ගෙන් අහනවා... පොඩි උන්නාන්සේ කියනවා "මං නම් බුදු හාමුදුරුවනේ ඒ ගෑනු කෙනා එතැන තියලා ආවේ, ඒත් මගේ ගුරු හාමුදුරුවෝ ඒ ගෑනු කෙනා තවමත් කරේ තියාගෙන ඉන්නේ" කියලා... දැක්කද සිතිවිලි...
එතකොට හාමුදුරුවන් පිරිත් කියද්දි අර බඩ දරු අම්මගේ බඩට අත තියන්නේ...
අංගුලිමාල රහත් වෙලා උන්නේ... පිරිත හත් පාරක් කියද්දි දරුවා ලැබෙනවා... ඒක මෙත් සිතින්ම කරන දෙයක්... හරියට කියනවා කොස් ඇටයක් හිඹිල්ලෙන් පන්නනවා වගේ කියලා.
අපේ හාමුදුරුවනේ මේ සමාජෙත් සෝවාන් වෙච්ච හාමුදුරුවරු ඉන්නවාද...
ඉන්නවා... හාමුදුරුවරු විතරක් නෙවෙයි ගිහියොත් ඉන්නවා... සෝවාන් වෙලා පවුල් ජීවිත ගත කරන්න පුළුවන්... හැබැයි තව ආත්ම හතයි උපදින්නේ... රහත් වෙලා ගිහියකුට ඉන්න පුළුවන් දවස් හතයි... මහණ නොවුණොත් ඉන්න පුළුවන් උපරිම දවස් හතයි... එහෙම නොවුණොත් අනිවාර්යයෙන්ම පිරිනිවන් පානවා.
කොයි විදියටද...
කොහොම හරි... එක්කෝ සතෙක් ඇනලා පාගලා... අනතුරක් වෙලා... ගහක් ගලක් කඩා වැටිලා... මොන ක්‍රමයෙන් හරි... අරහත් වෙච්ච කෙනෙක් දන්නවා දවස් හතයි ආයුෂ කියලා... මහණ වුණොත් හැර නැත්නම් පිරිනිවන්පානවාමයි...
කාලය ගලාගෙන යනවා දැනුණේ නෑ අපට... ඇඟපතේ තිබුණ තෙහෙට්ටුවත් කොහේ ගියාද නෑ... පැවිදි ජීවිතයේ හුදකලාව අතරේ අපේ මේ රැඳීමත් ගංගොඩ සුමනරංසි හිමියන්ට වෙහෙස ගෙන දෙන්නක්... ඒත් අපේ පාඨකයන්ට මේ කතිකාව වටින හින්ද උන්වහන්සේගේ වටින කාලය අපි සොරා ගත්තේ නිවී සැනසිල්ලෙන්... ඉතිං ලබන සතිය වෙනකම් ඉඳිමු... ඕනෑම මනුස්සයකුගේ ශරීරයේ පිහිටන විවිධ ලකුණුවල ඉහළම තැන වෙච්ච දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැනයි මේ විශේෂාංග ලිපි පෙළේ ප්‍රවේශය වුණේ... ඒ ගැන දැනගන්න තව ටිකක් ඉවසන්න ඕන...
අනූ එදිරිසිංහ
http://mawbima.lk/1-79872-news-detail.html

Last edited: