බුදු සර්............. අපිට සමාවෙන්න සර්......................

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    බුදු සර්............. අපිට සමාවෙන්න සර්......................

    Sorry sir... අපිට ලැජ්ජා නැහැ...

    sarath+fonseka+1.png.jpg


    වේලි වේලි හිටිය අපිට කොස් ඇට බාවන්ට හොඳ පූසෙක් නැතිව හිටිය වෙලේ... සෑර් දෙයියෙක් වගේ පහළ උනා... පහළ උනාට වඩා පහළ කර ගත්තා කිව්වොත් හරි... ඒකට මල් තියලා වඳින්ට ඕන අපේ මංගල සෑර්ට... මංගල සෑර් ටිරාන් සෑර් එක්ක සැට් වෙලා ලොකු සෑර්ව හිටිය තැනින් එළියට ඇදලා අරං කොන්ඩේ කපලා ඇඳන් හිටිය ඇඳුං ගලවලා මංගල සෑර්ලට ඕන ඕන විදියට කපලා මහපු ඇඳුමත් ඇඳන් අපි ඉස්සරහා දෙයියෙක් වගේ පෙනී හිටියා... දේවාලෙට අරක් අරං ඉන්න අර වල් ඌරු තඩි.. බුරුසු රැවුල්... කාලකණ්නි..හොර දෙටු..(තව වචන එනවා අප්පා ඒකට බයින්න තියේනං අපිට වෙන කිසිම ජොලියක් නැති උනාට කමක් නැහැ සෑර්..) ලොකු දෙයියා පන්නලා අපේ තාලේ දෙයියෙක් දේවාලේ මහ පුටුවේ වාඩි කරවන්නයි අපිට ඕන වෙලා හිටියේ... ඒත් අපිට ඒ වෙනකොට හිටියේ අල්ප දයන්න වගේ හැලපේනිස් දෙයියෙක් ඉතරයි... ඒ දෙයියා පිස්සු නටනවා ඇර දේවාලේ පැත්ත පළාතේ යන්නවත් හිතන දෙයියෙක් නෙවෙයි‍. ඒත් ඉතිං අපි ඒ හැලපේනිස් දෙයියට හරි මනාපයි.. මොකද ඒකා දේවාලෙට රිංගගත්තොත් හරියට අපි රිංගුවා වගේ තමා සෑර්...

    ඉතිං අපි බැළුවේ සෑර්ව ඉස්සරහට දාලා දැන් ඉන්න අර වල් දෙයියව එලෝලා... එයින් පස්සේ සෑර්ටත් මොනවා හරි බාල්දියක් ඉහේ නවලා අපේ පරණ පුරුදු හැලපේනිස් දෙයියවම පුටුවට නග්ගන්න තමා... ඒ දවස්වලනං අපි ඕවා කියන්න ගියේ නැහැ සෑර්... ඒත් දැන්නං කිව්වට කමක් නැහැ..මොකද සෑර්ටම උනත් දැන් තේරෙනවා ඇතිනේ අපි සෑර්ව කරට ගත්තේ සෑර්ට ඇති ආදරේකට නෙවෙයි කියලා... මොනවා කරන්නද සෑර් අපිව වරදවලා තේරුං ගත්තට... සෑර්ට බලය දෙන්න අපිට පිස්සුද සෑර්.. අපි බැළුවේ සෑර්ව මෝරා කරලා අපේ හැලපේනිස්ට තැනක් අරං දෙන්න බලන්න... අර ගංකබර නාකි රතු අංකල්ටයි ගෝලයෝ රොත්තටයිත් එහෙමම තමා උවමනාව තිබුනේ.. උන්ට වැලේ වැල් නැතිව යන වෙලේ සෑර්ව ඉස්සරහට දාලා ගැලවෙන්න යන වස්තරේ යන්තං බේරගන්න මිස සෑර්ට දේවාලේ පුටුව දීලා සෑර් ලවා ඉල්ලා‍ගෙන වළඳන්න උන් කොහොමටවත් හිතං හිටියේ නැහැ...

    කොහොම හරි ඒ හැම දේම දැන් අතීතෙට ගිහින් සෑර්... අපි සෑර්ව දැන් බිම තියලා තියෙන්නේ.. මොකද සෑර් හිර ගෙදර නිවාඩුව අහවර කොරලා ආවයින් පස්සේ අපේ කරේ නැතිව සෑර්ට ඕන විදියේ ගමනක් දුවන්න හැදුවනේ.. අපි හිතං හිටියේ සෑර් ඇවිත් අපේ හැලපේනිස්ට වැඳලා පක්ෂ සාමාජිකත්වය අරං ඔය පක්ෂයේ වැඩ ටික කරං කාලා බීලා පාඩුවේ ඉන්න ගමන් අර ලොකු එකාට බැණ බැණ හිටී කියලා.. කෝ ඒක එහෙම උනේ නැහැනේ.. සෑර්ට ඕන උනානේ අපේ හැලපේනිස් ලොක්කට වඩා ඉහළින් යන්න... ඒවට එන්න දෙන්න බැහැනේ සෑර්...

    ඉතිං දැන් මං මේක ලියන්න ගත්තේ වෙන කෙංගෙඩියකට නෙවෙයි... හොරෙංවත් ඇවිත් සෑර්ට සොරි කියලා යන්න.. ඉස්සරනං අපිත් සෑර්ගේ ගුණ වයලා ලිව්වා කිව්වා තමා සෑර්.. ඒත් දැන් නං ඒවා කරන්න බැහැ..රට්ටු අපිට හිනා වෙයි.. ඒ හින්දා අපිත් සෑර්ව අඳුරන්නේ නැති ගානට ඔය අනං මනං ටිකක් ලියනවා..සෑර් ඒකට හිත අමනාප කරගන්න එපා... අපිත් ෂේප් එකේ ඉන්න එපෑ සෑර්... නැතුව අපිට ඇහැකිද අපිට වැරදුනා..එහෙමත් නැත්තං අපි වැරදි මිනිහට මුක්කු ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියලා පීචං වෙන්න... අනේ බැහැ සෑර්..අපිට බැහැ ඒම කරන්න... ඒ හින්දා අපි දැන් ලියන්නං අපි සෑර්ව දන්නේවත් නැති ගානට.. ඕනන සෑර්ට වැරදුනේ මේ මේ හින්දයි කියලත් ලියන්නං මල් හතට... මොකද අපේ අතින් පයින් යනවෑ සෑර්..නේද..?

    ඒත් සෑර් අවංකවම ගත්තොත් අපි දන්නවා අපිම තමා සෑර්ව අමාරුවේ දැම්මේ... අපේ තියෙන අවලං කොමට... අද ආරංචියක් ආවා සෑර්ගේ නෝනෙත් ඔන්න ඔහේ කොහේද යනවා කියලා.. වෙන්ට ඇති සෑර්.. ඊයේ හවහා නෝනෙටත් තේරෙන්න නැතෑ දැන් තත්වේ හරියටම කොහොමද කියලා.. තව දුරටත් මෙහෙ ඉදන් පීචං වෙනවට වඩා දරුවන්ගේ වැඩක් බලං ඉන්නවා සැපයිනේ සෑර්... ඒ හින්දා ඒ ඇත්තිට වරදක් කියන්න බැහැ... සෑරුත් ඔන්න ඔහේ සෑර්ගේ අතක් බලා ගන්න සෑර්... හැබැයි සෑර් වැරදිලාවත් අර මහ එකා ගාවටනං යන්න හිතන්න එපා.. ඕං නොකිව්වා කියන්න එපා..එහෙම උනොත්නං අපි සෑර් කියලා බලන්නේ නැහැ..අපි අන්දපු සරමයි බැනියමයි අපිම ගලෝනවා සෑර්ගේ ඔළුවෙන්... කලින් සෑර් ඇඳන් හිටිය අර ගාම්භීර ඇඳුම සෑර්ටත් නොදැනී ගලෝපු අපිට ඔව්වත් වැඩද සෑර්... අනික අර පජාති මාරයා වගේ ලොකු එකාට කඩේ යන උන් අපේ රෙදි ගලවයි සෑර් එහෙම උනොත්.. ඌ බලං ඉන්නේ එහෙම එකක් වෙනකල් අපේ රීරි මාංසේ කන්න... ඌටනං ආතල් ගන්න දෙන්න තියන්න එපා සෑර්... ඒ හින්දා ඒ වැරැද්ද විතරක් නොකර වෙන ඕනම දෙයක් කරං පාඩුවේ ඉන්ට සෑර්... අපිත් එක්ක අමනාප වෙන්ට එපා.. මේ අපේ හැටි... ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න ලැජ්ජා හින්දයි මෙහෙම ෂේප් එකේ ආවේ... සොරි සෑර්...

    මෙයට මැරිලා උපන්න සෑර්ට කඩේ යමින් ලිපි ලිව්ව එකෙක්...

    This is a old post from below blogspot. But it was nicely written with humor.

    copyright
    http://ctkumara.blogspot.ca/2012/10/sorry-sir.html
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    ලැජ්ජ නැති අනෝමා බැල්ලි නැග්ගාලු stage එකට. කොහොමද සෝමවන්සගෙයි, අනෝමා බැල්ලිගෙයි කිචි කිචිය.


    4418588641_b003d9361e_z.jpg
     
    • Like
    Reactions: RePost බුවා