බුදු සිවුරට අති තිබ්බොත්...

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බුදු සිවුරට අති තිබ්බොත්...

    බුදු සිවුරට අති තිබ්බොත්...

    වසර දෙදහස් ගණනක් තිස්සේ පර සතුරු උවදුරු මැදින් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් අද දක්වා රැකගෙන ආවේ කහ සිවුරේ බලයයි. ලංකා ඉතිහාසයේ එක්‌ යුගයක බෞද්ධ භික්‍ෂුව රජු තරමටම බලවත් විය. ඇතැම් විට රජුටත් වඩා බලවත් විය. අපේ සංස්‌කෘතියේ හර පද්ධතිය ආරක්‍ෂා කෙරුණේ භික්ෂූන් වහන්සේට හිමිව තිබූ මේ බලය නිසාය. පන්සියවසක පරදේශක්කාර යකඩ සපත්තුවට පවා පාගා දැමිය නොහැකි වූ ඒ අභිමානවත් භික්ෂු පරපුර දිවි හිමියෙන්ම ලංකා භුමියත්, සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරවීම තම යුතුකම කරගත්තෝය. බුද්ධ ශාසනය රැකෙන්නේ සිංහල ජාතිය රැකුණොත් පමණය. සිංහල ජාතිය රැකෙන්නේ ශාසනයේත් ජාතියේත් ජීවමාණ යදම වූ භික්ෂූන් වහන්සේ රැකුණොත් පමණකි. එහෙයින් කිසිදු හේතුවත් මත මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ ලේ සෙලවීමක් ගැන සිතන්නට පවා සිංහල බෞද්ධයින් අකමැති වෙති. එහෙත් අවාසනාවකට භික්ෂූ ඝාතනයන් දෙකක් දෙකක් ගැන අසන්නට ලැබුණේ ඉතාම කෙටි කාලයක් තුළදීයි. නමුත් කවර හේතුවක් මත හෝ ඒ පාපිශ්ඨ ක්‍රියාවන්ට සම්බන්ධ වූ චූදිතයන්ට ගැලවීමක් ලැබී නැත. කෝට්ටේ භික්ෂු ඝාතකයින් ජීවිතාන්නතය දක්වා සිරගෙට නියමව ඇත. මොරටුවේ හිමිනම ඝාතනය කර පැය කිහිපයක් යන්නට මත්තෙන් ඝාතකයින් දෙදෙනෙකුට මෙළොව හැරයන්නට සිදු විය. අවසානයේ හිමිවන සතර රියනවත් ඔවුන්ට හිමි නොවනු ඇත. මේ ධර්මද්වීපය තුළදී භික්ෂූන් වහන්සේ නමකට අත තබා වැඩිකල් යහතින් වසන්නට කිසිවෙකුට ඉඩක් නැති බව ඉතිහාසය යළි යළිත් සපත කර සිටී. යම් කවර කරුණක් අරබයා හෝ බුද්ධ චීවරය දරන භික්ෂූන් වහන්සේ නමකට අත තැබුවොත්, නීතියෙන් හෝ අවනීතියෙන් වේවා, සොබාදහමෙන් වේවා, ඔවුන්ට දඩුවම් ලැබෙන බව නම් ඒකාන්තය. සිංහල බෞද්ධයෙකු වේවා. බලලෝභී දේස්පාලකයකු වේවා. අන්‍යාගමික, අන්‍ය ජාතිකයකු වේවා. දකුණු තායිලන්තය, බංග්ලාදේශය, මියන්මාරය තුළින් ලංකාවේ අනාගත සිහින දිකින අන්තවාදී කණ්ඩායමක් හෝ වේවා බුද්ධ චීවරයට අත තැබුවොත් මේ කාටත් හිමිවන්නේ ඒ ඉරණමයි.






    sorrry.com
     
    • Like
    Reactions: dj ice cold