2- නසෝ රජ්ජති සද්දේසු (සද්ද කෙරෙහි ඇලෙන්නේ නැතුව) සද්දං සුත්වා පචිසතෝ (සද්ද අසනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ සද්දං (සද්දයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)
3- නසෝ රජ්ජති ඝන්දේසු (ගඳ සුවඳ කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඝානං ගහත්වා පචිසතෝ (ගඳ සුවඳ විඳිනවිට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ ඝානං (ගන්ධයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)
4- නසෝ රජ්ජති රසේසු (රසය කෙරෙහි ඇලෙන්නේ නැතුව) රසං භොත්වා පචිසතෝ (රසය විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස සේවතෝ රසං (රසයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)
5- නසෝ රජ්ජති ඵස්සේසු (ස්පර්ශය කෙරෙහි ඇලෙන්නේ නැතුව) ඵස්සං ඵුස්සා පචිසතෝ (පහස විඳින විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඵුස්සතෝ ඵස්සං (ස්පර්ශයේ යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)
6- නසෝ රජ්ජති ධම්මේසු (අරමුණු කෙරෙහි ඇලෙන්නේ නැතුව) ධම්මං ඥත්වා පචිසතෝ (අරමුණු මෙනෙහිකරන විට සිහිය පිහිටුවාගන) විරත්ත චිත්තෝ වේදේති (නොඇලුණු සිතින් විඳින විට) තංස නාජ්ජෝසාය තිට්ඨති (සිත බැසගන්නේ නැහැ) යථාස්ස ඥායතෝ ධම්මං (අරමුණුවල යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) සේවතෝ චාපි වේදනං (වේදනාවෙත් යථා ස්වභාවය, අනිත්‍ය බව දකින විට) ඛීයති, නෝ පචීයති (කර්ම ගෙවී යනවා, රැස්වෙන්නේ නැහැ) ඒවං සෝ චරතී සතෝ (මේ විදියට සිහියෙන් කල් ගෙවද්දී) ඒවං අපචිනතෝ දුක්ඛං (මේ විදියට දුක බැහැර කරන විට) සන්තිකේ නිබ්බාණන්ති උච්චති (නිවණට ලං උනා වෙනවා)
මේ ටිකේ 2 - 5 පේලි ටික හදන්න උනේ මට. අපේ හාමුදුරුවෝ කිව්වේ 1,6 දෙක විතරයි. ඉතින් දාපු පාලි වචනවල අවුලක් තියේද දන්නේ නැහැ! තේරුම නම් හරියටම හරි!!
දැන් මේ ටිකේ තියනවද මොකුත් මහා බරපතල කතාවක්? මෙතන බැලූ බැල්මටම පෙනෙනවානේ තිබුණු නොදැනුවත් කමක්, අවිද්‍යාව තමයි මේ සේරම පටලැවිල්ලට එකම හේතුව කියල. බැලුවම තියෙන්නේ එකම පාරක කෙළවරවල් දෙකක්! පැත්තක, නොදැනුවත් කමක් හන්ද හැදිච්ච අවුලක්! අනික් පැත්ත, ඒ නොදැනුවත්කම සම්පූර්ණයෙන්ම දුරුවී ගිය දවසට ලැබෙන නිදහස් වීමක්! ඉතින් ඕක සිතියම්, මාර්ග සලකුණු වගේ ඒවා බලාගෙන, ආයේ ඔය GPS වල assistance එක එහෙමත් ලබාගෙන යන්න ඕනේ පාරක්, මාර්ගයක් කියලද හිතන් හිටියේ? මේක එහෙම එකක් නෙවෙයි නේ...! ඉතින් කෙනෙක්, තමන් ලොකු බුද්ධිමතෙක්ය කියල හිතාගෙන, මේ මාර්ගයේ ගියත් ප්‍රතිඵල ලැබෙන එක sure නැහැයි කිව්වොත් කොච්චර මොට්ට කතාවක්ද? ඇත්තටම මොකද්ද දන්නවද මේ වෙලා තියෙන අවුල? හරියට කරන්න ඕනේ දේ හිතාගන්න බැරුව, කෙරෙන්න ඕනේ දේ වෙනුවට වෙන වෙන මනස්ගාත කියව කියව, කර කර ඉඳලයි මේ තියන අවුල මදිවට තව අවුල් හදාගන තියෙන්නේ.
අපි මේ මුළු කතාව පුරාම, එක එක විදියට හරව හරවා, කරකව කවා බැලුවේ, මේ ජීවිතය කියල සලකපු එකේ වැඩ කෑල්ලනේ... බුදුහාමුදුරුවෝ කිව්වේ මේකෙන් ගැලවෙන්න නම් සිත, විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කලයුතුයි කියලයි. මේ සේරම අනිත්‍ය වූ සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච 'කයක' ක්‍රියාකාරීත්වයක් විතරයි, මෙතන 'මම' කියල, ආත්මයක් කියල, නිත්‍ය දෙයක් නැහැය කියල පැහැදිලි උනා නම්, දැනටත් ඔයාල ගොඩ යාමේ මාර්ගයෙහි ස්ථාවර වෙලා ඉවරයි!! එක එක්කෙනා කියන කතාවල් අහන්න, ගණන් ගන්න යන්න එපා! මේ ඇත්තටම සරල දෙයක්! හරියට අගමුල හොයාගෙන, වෙන්න ඕනේ මොකද්ද, කරන්න ඕනේ කොහොමද කියන කරුණු ගලපගන්න තමයි ගොඩක්ම අමාරු! ඒ අමාරු ටික හරිනේ... දැන් ඉතුරු, මේ සේරම හොඳට හිතට කාවදින්න නොයෙක් විදියට හිතල හිතල, විදර්ශනා කරලා අවබෝධය සම්පූර්ණ කරගැනීමයි!