මේ කතන්දරේ ප්‍රචාරය කරන්නයි මට ඕනේ! මගේ නම, මගේ ගැන සැලකීමෙන් නම් කිසිම වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ "ඇසි පිය හෙලන මොහොතකට වත් මම නම් සංසාරය වර්ණනා කරන්නේ නැහැ, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට" කියලයි. ඒක අපිට එක පාරටම තේරෙන්නේනැහැනේ! "මොකද්ද ඒ කෙහෙල්මල් කතාව" කියලනේ හිතෙන්නේ. ඇත්තටම මේක තේරෙන්න නම් ඒ ගැන ඉගෙනගන්න/හොයන්න ඕනේ,හොයන්න/ඉගෙනගන්න නම් ඒ ගැන තේරෙන්න ඕනේ! තව විදියකට කිව්වොත් කෙනෙක් හික්මෙන්න/නිහතමානි වෙන්න ජීවිතය අවබෝධ වෙන්න ඕනේ, ජීවිතය අවබෝධ කරන්න නම් හික්මෙන්න/නිහතමානි වෙන්න ඕනේ! නිකම් හරියට කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ කොනක්/පොටක් හොයාගන්න බැරි දෙයක්!
ගොඩාක් වැදගත් දෙයක් තියනවා කරන්න. ඒක කෙරෙන තැනට කෙනෙක් යොමු වෙන්න නම් ඒ ගැන ඉස්සෙල්ල තේරෙන්න ඕනේ. හරියටම කියනවා නම් බණ අහන්න ඕනේ! අපි කාලයක් තිස්සේ අහපු බණකතා වගේ ඒවා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම අහන්න ඕනේ! ආවට ගියාටත් නෙවෙයි,බොහොම උවමනාවෙන්ම අහන්න ඕනේ! ඔය කරුණ කෙරෙන්නේ නැහැ නේද ලේසියෙන්? බණ අහනවට වඩා වැදගත් වැඩ කොච්චරක් නම් තියෙනවද අපිට, නැද්ද? ඕවට කොහෙද වෙලාවක් තියෙනේ. හුඟක් අය හිතන්නේ බණට දහමට යොමුවෙන්න තියෙන්නේ වෙන මොකවත් කර කියාගන්න බැරි කාලේ ආවම කියල නේ. ඉතින් ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමට කාලය ඉවර වෙනවා, යමක් කරගන්න තිබුණු/ලැබුණු අවස්ථාවත් ගිලිහෙනවා.
සාමාන්‍ය ක්‍රමයට ගිහිල්ල වැඩක් වෙන්න, කවද කොහොම හරි කෙළවරක් දකින්න යොමුවෙන්න නම්, එතකම් ආරක්ෂාවෙන්න පින්, කුසල් ගොඩක් ඕනෙවෙනවා. ඒක මේ ලෝකේ හැටි! ඒ ගැන දැනගන්නත් බුදුහාමුදුරුවෝ කියපු දේවල් අහන්න දැනගන්න ලැබෙන්න ඕනේ. එහෙම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න, අහල තේරුම් ගන්න ලැබෙන්න නම් එකටත් පින් තියෙන්න ඕනේ!! ආයිත් කිකිලිද බිත්තරේද වගේ එකක්! හරිනේ ඉතින්... මේක ලේසියෙන් කරන්න බැරි, හරිම දුෂ්කර, දුර්ලභ දෙයක්! සම්පූර්ණ ඇත්ත!! එත් කලින් ඔය කරන්න ඕනේ දේවල් ඔක්කොම කරලා ඉවරකරපු, තව හැකියාවලුත් ගොඩක් තියන කෙනෙකුට, මොනවා හරි වෙනසක් කරන්න බැරිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා මොනවා හරි කරන්න පුළුවන්මයි! කියල. ප්‍රධානම දේ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය, ධර්ම මාර්ගය සම්පූර්ණ කල කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
මම ටිකක් අමුතු කෙනෙක්! මුල් කාලේ නම් මම ගොඩක් වෙලාවට හිටියේ ලෙඩින්. මට ගෙදර එච්චර ඇල්ලුවෙත් නැහැ. මුලින්ම හිතුනේ අපායට ඇවිල්ල ඉන්නවා පව් ටික ගෙවල යන්න කියල වගේ හැඟීමක්. මට නිකම් කුඩම්මාගේ සැලකිලි වගේ කියලයි මට තේරුනේ. දැනටත් එහෙමයි, එත් මට දැන් සේරම පැහැදිලියි... කිසි upset එකක් නැහැ දැන්. මම හුඟක් වෙලාවට තනියෙන් අයිනක් අල්ලන් කල්පනා කර කර ඉන්න කෙනෙක්. forecast එකක් තිබුන incisive technical minded කෙනෙක්, පින්වත් කෙනෙක් කියල එහෙම නම්. එත් මුලදිනම් හරි මැට්ට! technical දේවල් වලටම තමයි interest එක තිබුනේ නම්. කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගැන neutral! පස්සේ electronics වලට ඇදිල ගියා. හිතාගන්න බැරි development එකක්! මට මුල අල්ලලා දීපු අයත් පස්සේ මගෙන් අහගන්න ගනනට ආව. අලුත් අලුත් designing වගේ දේවලුත් කලා. බැහැ කියල කියපු repairs වගේ ඒවත් කරලා තියනවා. තාත්ත බැනපු හැටිත් මතකයි "මුට මේ කෙහෙල්මල් අල්ල ගත්තම කන්න බොන්න ඕනෙත් නැහැ..." කියල එහෙම.
ගොඩාක්ම (සමාජ සම්මත විදියට නම්) ඉහලටම යන්න ලැබෙන විදියට කරුණුත් යෙදුන. ඒපාරේ ගියානම් ලෝකේ leading engineer කෙනෙක් වෙලා සල්ලි/දේපල ඇතිපදමට, පරම්පරා ගණනකට ඇතිවෙන්න හම්බකරන්න තිබුන කියල දැන් හොඳට තේරෙනවා. එත් වෙලාවට ඒක miss උනා... නැත්නම් හරි අපරාදේ! පස්සේ computer field එකට set උනා. දැන් කරන්නෙත් ඒවම තමයි. කතාකරන්න දෙයක් නැහැ ඒගැනත්! ඊළඟට microprocessor based designs, robotics වගේ දේවලුත් ඉගෙනගත්ත. හරි interesting ඒත් වැඩිය එලෙව්වේ නැහැ සල්ලි ප්‍රශ්න හන්ද. කොහොම හරි අන්තිමට තමයි තේරුනේ මේ එහෙට මෙහෙට යැවුනේ, අවශ්‍ය knowledge එක build-up වෙන්න. අන්තිමට තමයි ඉගෙන ගන්න ලැබුනේ ඉගෙනගන්න ඕනේම දෙය! ඒ අපේ හමුදුරුවොන්ට, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ට පින්සිද්ධවෙන්න! දැන් වැඩකරන තැන තමයි ධර්මය ලබන්න internet පහසුකම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සේරම ලැබුණු තැන. දැන් ඉතින් නිවන් අවබෝධ කරලත් ඉවරයි! හුඟ දෙනෙක් පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත ඒකයි.
මම කැමතියි මේ මාතෘකාව ගැන කතාකරන්න. මේ ලෝකේ වෙන කිසිම වැදගත් දෙයක් තියනවා කියල මට පෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ, "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සියක් තියෙන්න ඕනේ 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස්වෙන්න" කියලයි. ඒකත් බුදුහාමුදුරුවොන්ට ඇති පල ප්‍රයෝජනයක් හන්ද නෙවෙයි, මේ ඉන්න තරමක් දෙවි-මිනිසුන්ටම හිත සුව පිණිස! 'සක්ඛාය දිට්ඨිය' කියන්නේ කනදෙයක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ. මේවා දැනගන්න කවුද බණ අහන්නේ? ඒත් මේ ජීවිත කාලෙදිත් මුණ ගැහිච්ච, ජීවිතේට ගොඩක් උපකාර වෙච්ච, ලොකු පිරිසකුත් ඉන්නවා හොඳ බුද්ධිමත්, හිතන්න පුළුවන් කම තියන. එයාල එක්කෝ වෙන වෙන 'තොවිල්' වලට අහුවෙලා ගොනාට ඇඳගෙන, හුඟදෙනෙක් මේදේවල් ගැන මොකුත්ම දන්නේ නැහැ! එයාල reaserch & development වගේ ලොකු ලොකු වැඩ karanawa අලුත් අලුත් දේවල් කරන්න/හොයන්න.
හොයන්නේ දන්නේ නැති හන්දනේ! දන්නවා නම් අමුතුවෙන් හොය හොයා ඉන්න ඕනේ නැහැනේ! හුඟක් සාමාන්‍ය මිනිස්සු කවුරුවත් නොදන්නවා උනාට දන්න කෙනෙක් ඉන්නවා. එයා සේරම දන්නවා!! එක්කෙනෙක් නෙවෙයි මේ පහුගිය කල්ප 91 ඇතුලේ ඒ වගේ අය 7 දෙනෙක් මේ ලෝකයට කාලෙන් කාලෙට පහලවෙලා සේරම කියල දීලත් තියෙනවා. ඉස්සරහට තව එක්කෙනෙක් එන බවත් කියල තියනවා, හැබැයි තව කල්ප කීයකින්ද කියන්න දන්නේ නැහැ. අපි මේ වෙනකොටත් කල්ප කීයක් පරක්කුවෙලද?කල්පය කියන්නෙත් ප්‍රමාණයක් මෙච්චරයි කියල පෙන්වන්න බැරි තරම් ඉතා දීර්ඝ කාලයක්. බුදුහාමුදුරුවෝ උදාහරණ ගොඩක් පෙන්වල තියනවා ඒ ගැන. ඒත් අපි මේ මහා ලොකුවට කරන දේවල් වල වටිනාකම සාමාන්‍ය මනුස්සයෙකුට වැදගත් වෙන්නේ අවුරුදු 50-60 වගේ පොඩිකාලෙකට විතරයි. අවුරුදු 500-600 විතර යනකොට ගොඩක් ඒවා අභාවයටම ගිහිල්ල. අවුරුදු 5000-6000 යනකොට කතාකරන්න දෙයක් වත් නැහැ!